Watch Trailer

Salaam Bombay! (1988) | සලාම් බොම්බේ [සිංහල උපසිරැසි සමඟ]

හින්දි කිව්වම ඔබට මැවෙන්නේ…හින්දි ගීත, ලිප්ස්ටික් මේකප් වලින් පිරිච්ච ලස්සන කෙල්ලන්, බෝල සබන් කොල්ලන්, තාලෙට පය තබමින් සහය වෙන නැට්ටුක් කාරියන්. නේක විධ වර්ණයන්ගෙන් සමන්විත පරිගණක ආලවට්ටම් අතලොස්සක්, කෘතිම පසුබිමක් වැනි දේවල්. හැබැයි මම ගෙනාපු මේ සලරැවට එහෙව් දේ නොතිබීම එතරම්ම කණගාටුවට කරැණක් නෙමෙය…

Salaam Bombay! (1988)
හින්දි කිව්වම ඔබට මැවෙන්නේ…හින්දි ගීත, ලිප්ස්ටික් මේකප් වලින් පිරිච්ච ලස්සන කෙල්ලන්, බෝල සබන් කොල්ලන්, තාලෙට පය තබමින් සහය වෙන නැට්ටුක් කාරියන්. නේක විධ වර්ණයන්ගෙන් සමන්විත පරිගණක ආලවට්ටම් අතලොස්සක්, කෘතිම පසුබිමක් වැනි දේවල්. හැබැයි මම ගෙනාපු මේ සලරැවට එහෙව් දේ නොතිබීම එතරම්ම කණගාටුවට කරැණක් නෙමෙයි. ඒ නිසා. බිය නොවන්න .මම ඔබව ගෙනියන්න හදන්නේ. 1988 ටය. ඒ හරියටම මම ඉපදෙන්න ඉස්සෙල්ලා තිබ්බ අවුරැද්ද. හොඳම කතාව තමයි… අද මගේ උපන්දිනය. නොවැම්බර් 26.

ඒනිසා මම පරිවර්තනය කරපු සිනමාවත් මගේ 1987 අවුරැද්දට ටිකක් පස්සේ ආපු එකක්. මගේ උපන්දිනය දා බයිස්කෝප් යාලුවන්ට මම මේ දෙන්න හදන්නේ. ලොවක් දිනපු හින්දි චිත්‍රපටියක්. මගේ මතකයේ හැටියට මේ චිත්‍රපටිය ලංකාවේ මෙතෙක් කල් විකාශනය නොවුනු එකක්.

මේ ලෝකේ හැමදාම ඉස්සරහට ගියත් මේ දේශය කොතරම් සංවර්ධනය වුනත් මංමාවත් වල ඉන්න බස් වල හිඟමනේ යෙදෙන දහසක් අධ්‍යාපනය නොලබන ළමුන් වෙනුවෙන් කතා කරන්නට කිසිම දේශපාලුවෙක් වර්තමානයේ ඉදිරිපත් නොවීම කණගාටුවට කරැණක්. කලාතුරකින් ඉදිරිපත් වන එහෙව් මහත්මා දේශපාලකයන්ගේ ඇස් ඇරේවා. අද දින එකම ප්‍රාර්ථනය එයයි.එම ප්‍රාර්ථනයත් සමඟින් මම ඔබට අද ගෙන එන්නේ අමෙරිකා ඔස්කාර් සම්මාන ලත් හොඳම විදේශීය චිත්‍රපටියක්. මෙම චිත්‍රපටිය දැනට සම්මාන රාශියකටත් හිමිකම් කියන බවත් කියන්න අවශ්‍යමය.

මේකේ ඉන්න ලමයින්ට මේකප් නැත. ලස්සන ඇදුම් ආයිත්තම්ද නැත.බොනිකර තරැ චිත්‍රපටිය පුරාවටම දක්නට නැත. ඇත්තේ අව්‍යාජ්‍යත්වය, මානුෂීයත්වය, දුක, සතුට මැද දෝලනය එක්තරා ආදර කථාන්දරයක් කිව්වොතින් නිවැරදිය.එය එතරම්ම නිවැරදි නැත. එයද විටෙක ප්‍රශ්නාර්ථයකි. එය තීරණය කිරීම මවිසින් ඔබ ට භාර කිරීමට කැමැත්තෙමි.

ක්‍රිෂ්ණා යනු අහිංසක දරැවෙකි. ක්‍රිෂ්ණාගේ මව ඔහුව නිවසින් පිටමං කරන්නේ, රැ.500 ක් සොයා ගෙන වරෙන් යැයි කියමින්. ඉන් පසු දිග හැරෙන කථාන්දරය,ක්‍රිෂ්ණාගේ වටා සිදුවනු ඔබට දැකිය හැකිය. මෙවන් යථාර්ථවාදී ජීවිත 1988 නොව අදටත් ජීවත් වනවා අපට දැකිය හැක. ගෝලීය වශයෙන් අදටත් මෙම චිත්‍රපටිය වලංගු බව සමහරක් විචාරකයින්ගේ මතයයි.හයක් හතරක් නොදත් ළමුන් හට මත්‍ද්‍රව්‍ය ලබා දී මත්ද්‍රව්‍ය ව්‍යාප්ත කිරීමේ අරමුණ ඇති ව ක්‍රියා කරන සලාම් බොම්බේ හි බාබා වැනි චරිත අදටත් මේ දේශයේ මෙන්ම ලෝකයේද දැකිය හැක. එතුලින් අපිට නොකියා කියන ලද කතාන්දරය ඔබ හැමෝටම බලන්න ආරාධනා කරමි.

ඔබ මට චෝදනා කරන්න ට පුලුවන් කාරණා කීපයක් ඇතැයි මම විශ්වාස කරමි. කම්මැලිකම, කුතුහලය, ඇක්ෂන්, හොරර් ගණයට මෙය අයත් නැති වීම, රිමික්ස් රොක් සින්දු අන්තර්ගතයේ නොමැති වීම, වීරයන්, දුෂ්ටයන් ගේ පිරිවර, අවි ආයුධ, මෙතුලින් දක්නට නැතිවීම, විශේෂයෙන් සඳහන් කල යුතු කාරණයක්. මෙහි ඇත්තේ මේ අට්ටෝත්තර සමාජයේ ගැවසෙන කුහක මිනිසුන්ගේ යටිකූට්ටු දර්ශනයක්ය. එහෙයින් මෙම චිත්‍රපටියේ එන කිසිදු චරිතයක් සුදු නැත. කලුද නැත. ඇත්තේ මිශ්‍රණයකි.

ලක්ෂ ගණන් ගිනි කෙලි සංදර්ශන, විනෝදාස්වාදය සඳහා වෙන්වෙන මිලියන ගණන් මුදල් ආකර යොදා, උපන්දින සාද, නේ ක විධ උත්සව පවත්වද්දී, ඒ කිසිදු දෙයක් නොමැතිව ජීවිතය ජීවත් කරන්න දඟලන මිනිසුන්ගේ අඳෝනාව ඔබ හටත් දැනිය යුතුමය.

හදවතින්ම නරඹන්න…නෙතඟට කදුලක් සහිතව ඔබේ කාලය ඔබම ගත කරනවා නොතේරේවි….

කුසට හරි හැටි අහරක් නොලැබෙන…අධ්‍යාපයේ වරම් අහිමි වුනු…පැල්පත් වල, මුඩුක්කුවල තවමත් ජීවිතය සමග සටන් කරන ළමා ලෝකය අහිමි වුනු සියලු ලාංකීය අනාථ, අසරණ දරැවන් වෙනුවෙන් සෑම පුරවැසියකුගේම, සෑම දේශපාලකයන්ගේම ඇස් ඇරවීම උදෙසා.. මෙකී සිනමාව පරිවර්තනය කළ වගත් අවසානයේ සිහිපත් කරමි.

Salaam Bombay! (1988) on IMDb

 

 

705 MB කොපිය මෙතනින් බාගන්න 538b88af9760855e3a278bde420509cf14f2e6d3 1.5 GB කොපිය මෙතනින් බාගන්න fa34fab3f8ec8e7855dea6ebf4305cde36e52e5a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,229 downloadsDownload Salaam-Bombay-1988.zip75 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/sameera.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර ධනංජය විජේරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles by

සමීර ධනංජය

Subtitles

1,229 downloadsDownload Subtitles75 KB

44 comments

  1. shann

    happy b day අනිවා බලනව

  2. ganidu

    තෑන්ක්ස් වේවා!!!

  3. udara

    happy b day kollo

  4. lk

    bohoma pin watina niramanayak ae wagema suba pathum!!!!

  5. amilatk

    jayen jaya!!!

  6. mihin ලංකා

    පට්ට පතුරු හොදේ සුභ උපන්දිනයක් සහෝට

  7. f_live

    ජය වේවා !!!!

  8. zumo man

    elazzzz thnxzzzz

  9. DANUKA!

    wish u happy birth day sameera

  10. Hasitha prasad

    oya thiyenne upandine samaranna krame ela

  11. ccnp

    Thanks

  12. #ChalinduDeshan (කිනා)

    සුභ උපන් දිනයක් සමීර සහෝ..
    මෙන්න මේ වගේ චිත්‍රපටි තමා දෙන්න ඕන.
    පරණ උනත් අගයක් තියෙන ඒවා.
    නියමයි එල එල
    ස්තූතියි මචං
    ජයවේවා!

  13. jana

    patta balanna one machan

  14. ranga

    WISH U HAPPY B, DAY :p

  15. yasas

    ela machan wadagath

  16. mudiya / මුදියා

    උපන් දිනේ දවසෙ මේ වගේ ලස්සනම ලස්සන කතාවක් ගෙනල්ල ඔයා අපිට ‍ලොකු උපන් දින තෑග්ගක් තමයි සමීර දීල තියෙන්නෙ.
    කතාව කියෙව්වම හිතෙනව කොච්චර ලස්සන ෆිල්ම් එකක්ද කියල.
    සුභම සුභ උපන් දිනයක් වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව.
    ජයවේවා.බොහෝ........................................................................................ම ස්තූතියි...!

  17. ශාන් විමුක්ති [ විමා]

    සුබ උපන් දිනයක් සමීර සහෝ
    උපන් දිනේ දවසේ බොහොම අර්ථවත් වැඩක් තමා කරලා තියෙන්නේ
    උපසිරසට බොහොම ස්තුතියි සහෝදරයා
    ජය!

  18. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    මුලින්ම ඔන්න සුභ උපන්දිනයක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා...
    ඔයා කියල තියෙන විදියටනම් අනිවා ෆිල්ම් එක බලනවා..
    මේ වගේ ෆිල්ම් එකක් අතාරිනවා කියන එකත් මහා මෝඩකමක් වෙන්න පුලුවන්..
    අනිවා බලනව කොල්ලෝ
    නානා පටේකර් නේද ඉන්නේ...
    මම ආසම කරන නළුවෙක්..
    එහෙනම් ජය වේවා..

  19. “චූටී මල්ලි”

    ඔබට සුභ උපන්දිනක් සමීර
    ලස්සන කතාවක් බලන්න ඔනි
    සබට තුති
    ඔබට ජය.................

  20. Sisira Hegoda

    Thanks

  21. චතුරංග සුරාජ් පෙරේරා

    THANKS FOR SUBTITLES AND WISH YOU VERY HAPPY BIRTHDAY WITH BRIGHT FUTURE !!!

    CHEERS !! :D

  22. isuru

    අනිවා බලනව. බොහොම ස්තුතියි සබ් වලට ජයවේවා!

  23. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සුබ උපන්දිනයකුත් ප්‍රාර්ථනා කරනවා. ජය෴෴ :P :P

  24. vernie

    සුභ උපන්දිනයක්

  25. ARA

    හදවතින්ම නරඹන්න…

  26. DDSameera

    Thanks for your comments..and your greatest WISHES..love you all !! so much !!!

  27. gihan

    සුභ උපන්දිනයක් වේවා!සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  28. නිරෝෂ්

    එල..නියම ෆිල්ම් එකක්..ස්තුතියි

  29. kumar

    ලස්සන සිනමා සිත්තම් අපට ගෙනෙන මේ චුටි කොලු පැටියට සුබ උපන් දිනයක් වේවා

  30. දිමුතු තරංග ඉලුක්කුඹුර

    ඔබට සුබම සුබ උපන් දිනයකට ආසිරි පතන ගමන් මෙවැනි වටිනා චිත්‍රපටයකට උපසිරසි දීම ගැන හදපිරි ප්‍රණාමය පුද කරමි,ජයවේවා.

  31. තුෂාර දිසානායක

    විකල්ප ධාරාවේ සිනමාත්මක භාවිතාවය පිළිබඳව ලබාදිය හැකි ඉහලම උදාහරණයක් මෙන්ම ලොව මෙතෙක් බිහිවූ සර්වකාලීන වටිනාකමක් සහිත සිනමාපට අතරේ ඉහලින්ම වැජඹෙන සිනමා සිත්තමක්.
    බොහොම ස්තුතියි උපසිරසියට. ඒ වගේම සුභ උපන්දිනයක් පතනවා......!!!!

  32. DDSameera

    හැමෝටම ස්තූතියි.....හුගක් .....මට සුබ පැතුම් එක් කලාට......බයිස්කෝප් යාලු...යෙහෙලියනි...සැමදා මම ඔබට තුති එක් කරමි.

  33. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa....pinsiduweewa..wasanaweewa..

  34. Nandana

    Thank U Sameera.

  35. Thsitha Kumara

    සමීර,
    මෙවැනි නිර්මාණ සදාතනිකයි. මිනිස් සමාජය තුළ පවතින විෂම තත්වයන් පෙන්වා මීට වඩා යහපත් තැනක් බවට සමාජය පත් කිරීමට මෙවැනි නිර්මාණ වලින් වන දායකත්වය විශිෂ්ටයි.ඔබ මෙ සිංහල උප සිරැසි ගැන්වීමෙන් අර්ථාන්විතව සිංහල රසිකයන්ට මෙය නැරඹීමට දොරටුවක් විවර කළා. ඔබට බෙහෙවින් ස්තුතියි.

    1. DDSameera

      Thanks my fans !! thanks for your greatest comment

  36. duleepa

    saho...mage upandineth nov 26..khoma unath pahu wela hari suba upandinayak wewa..jaya wewa..!!!

  37. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  38. Samee

    පට්ට film එක. ස්තූති කරන්ඩ වචන නැ.... සමීර සහෝ ට ගොඩක් පින්......

  39. rasika

    thnkzzzzzzzzzzzz

  40. P.K

    Thanx for the sub saho...

  41. wiki

    Thanks

  42. akila13

    thanx bro

  43. Chanmatara

    Thanx සහෝදර best work