Watch Trailer

Public Enemies (2009) Sinhala Subtitles | දුෂ්ටයෙක්ද? නැත්නම් වීරයෙක්ද? [සිංහල උපසිරැසි සමග]

ආයූබෝවේවා බයිස්කෝප් රසික රසිකාවියනි. හැමෝම පරිස්සමින් ඉන්නවා නේද ? අපේ රටේ වගේම මුලු ලෝකේම තීරණාත්මක වෙලාවක තම තමන් පරිස්සමින් වෙලා අවදානම පහව යනකන් ගෙදරටම වෙලා ඉන්න. ඒ වගේම මේ වසංගත තත්වයෙන් මුලු ලෝකේම සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතිං මේ පාර මම ගෙනාවේ සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය උන චිත්‍…

ආයූබෝවේවා බයිස්කෝප් රසික රසිකාවියනි. හැමෝම පරිස්සමින් ඉන්නවා නේද ? අපේ රටේ වගේම මුලු ලෝකේම තීරණාත්මක වෙලාවක තම තමන් පරිස්සමින් වෙලා අවදානම පහව යනකන් ගෙදරටම වෙලා ඉන්න. ඒ වගේම මේ වසංගත තත්වයෙන් මුලු ලෝකේම සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතිං මේ පාර මම ගෙනාවේ සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය උන චිත්‍රපටියක්. මේකට අපේ බයිස්කෝප් සයිට් එකේ සහෝදරයෙක් ලිපියක් දාලා තිබුනත් උපසිරැසියක් තිබුනේ නෑ. මේ වගේ විශිෂ්ට සිනමාපටයකට උපසිරැසිය නැති එක ලොකු අඩුවක් නිසා මම හිතුවා මේකට උපසිරැසිය කරන්න. ෆිලුම බලන්න කලින් පොඩි හැදින්වීමේ ලිපියක් තියෙනවා වෙලාව තියෙනවනම් කියවලා බලන්න. හැබැයි චිත්‍රපටිය පොඩ්ඩක් ස්පොයිල් වෙන්නත් පුලුවන් ඒ නිසා ෆිලුම බලලා මේක කියෙව්වත් කමක් නෑ.

ජෝන් ඩිලින්ජර්

මහා අවපාත යුගයේ එක්සත් ජනපදයේ ඇමරිකානු මැර කල්ලියක නායකයා වු ජෝන් හර්බට් ඩිලින්ජර් බැංකු 24ක් සහ පොලිස් ස්ථාන හතරක් කොල්ලකෑමේ චෝදනාවට ලක්වූවෙකි. නැගෙනහිර ඉන්දියානාපොලිස් බන්ධනාගාරයෙන් දෙවරක්ම පැන යාමට සමත් වු හෙතෙම බන්ධනාගාරයේදී හමුවි පසු කලක ගජමිතුරන් වු හැරී පියර්පොයින්ට්, හෝමර් වැන් මීටර්, එඩී ග්‍රීන්, ජෝන් “රෙඩ් ” හැමිල්ටන්, රසල් ක්ලාක් , ලෙස්ටර් ජෝශප් ගිල්ස් (බේබ් ෆේස් නෙල්සන් )හා චාල්ස් මැක්ලි යන අයවලුන් සමග කුප්‍රකට “ඩිලින්ජර් කල්ලිය (Dillinger Gang)” ලෙස සමස්ථ ඇමරිකාවම ත්‍රස්ත කරමින් බැංකු මංකොල්ලකෑම්හි නිරත විය. ඔහු කිසි දිනක දුප්පතුන්ගෙන් මංකොල්ල නොකෑම නිසා එකල මාධ්‍ය විසින් ඔහුගේ නිර්භීතකම හා වර්ණවත් පෞරුෂය අතිශයෝතියෙන් වර්ණනා කර ඔහු රොබින් හුඩ් චරිතයක් ලෙස හුවා දැක්වීම නිසා ජනතාවද ඔහුව අගය කරන්නට පෙළඹුනි.

1934 වනවිට ජෝන් ඩිලින්ජර් ඇමරිකාවට අත්‍යාවශම පුද්ගලයන්ගේ ලැයිස්තුවට ඇතුලත් වු අතර චිකාගෝ පොලීසියේ Dillinger Squad (ඩිලින්ජර් කණ්ඩායම ) ලෙස ඩිලින්ජර් අල්ලාගැනීමට වෙනම කාර්‍යාංශයක් ආරම්භකරන ලදී. මෙම කල්ලිය අත්ඩංගුවට ගත්තත් බන්ධනාගාරවලින් පැනයාමට ඩිලින්ජර් සතු දක්ෂතාවය නිසා මොවුන් සෑම අවස්ථාවකම නීතියේ රැහැනින් පලායාමට සමත් විය. කඩවසම් පුද්ගලයෙකු වු ඩිලින්ජර් හට කාන්තා ආකර්ශනයද නොමදව හිමි විය. 1933 ඩිලින්ජර්ට එවලින් බිලී ෆ්රිශට් නම් කාන්තාවක් හමුවු අතර ඔවුන් දෙදෙනාගේ සම්බන්ධය ඩිලින්ජර් මියයන තුරුම පැවතුනි.

ජෝන් ඩිලින්ජර්

එවකට විමර්ශන කාර්‍යාංශයේ (වර්තමානයේ FBI – ෆෙඩරල් විමර්ශන කාර්‍යාංශය ) අධ්‍යක්ෂවරයා වු එඩ්ගාර් හූවර් විසින් ජෝන් ඩිලින්ජර් අත්අඩංගුවට ගැනීම සදහා මෙල්වින් පර්විස් නම් තරුණ නිළධාරියා පත් කරන ලදී. 1934 ජූලි මාසය වනවිට ජෝන් ඩිලින්ජර් හැරුනු කොට ඩිලින්ජර් කල්ලියේ සියල්ලම පාහේ අත් අඩංගුවට ගෙන හෝ මියගොස් සිටි අතර ජෝන් ඩිලින්ජර් මේ වන විට මංකොල්ලකෑම් නවතා රහසිගතව සැගවි සිටියේය. මෙල්වින් ඇතුලු පිරිස ඩිලින්ජර් කොටු කර ගැනීමට සිනමාශාලා, රේඩියෝ, පුවත්පත් දැන්වීම යොදාගනිමින් සහය පැතුවත් ඒ දැරූ සියලු ප්‍රයත්නයින් අසාර්ථක වූයේ සාමාන්‍ය ජනතාවට ඩිලින්ජර් කෙරෙහි තිබු අසීමිත ආදරය සහ ගෞරවයත් එමෙන්ම ඩිලින්ජර්ගේ බුද්ධිය සහජ හැකියාව නිසාත්‍ය. ඩිලින්ජර් කෙතරම් නිර්භීත පුද්ගලයෙකු යත් වරක් ඔහු චිකාගෝ පොලීසියේ තමන්ව අල්ලාගැනීමට පත්කල කාර්‍යාංශය වෙත වෙස්වලාගෙන ගොස් නැවත ඒමට පවා සමත් විය. මෙල්වින් පර්විස් මෙලෙස අසාර්ථක වෙද්දි ඔහුගේ අවධානය යොමු උනේ ඩිලින්ජර්ගේ දීර්ඝ කාලීන මිතුරියක් වු ඇනා සේජ් නම් ගණිකා නිවාස හිමිකාරිනිය වෙතයි. එවකට ඩිලින්ජර් කල්ලිය වෙත ගණිකාවන් සැපයු ඇය ජෝන් ඩිලින්ජර් සමග ඉතා ළගින් ඇසුරු කලාය. රුමේනියානු සංක්‍රමනිකයෙකු වන ඇය තම ග්‍රහණයට ගත් පර්විස් නිතීයෙන් සමාව දීමට පොරොන්දු කරගෙන ඇයගෙන් ඩිලින්ජර් පිළිබඳව පාපොච්චාරනයක් ලබාගැනිමටද හෙතෙම සමත් විය.

FBI නියෝජිත මෙල්වින් පර්විස්

 

බයෝග්‍රාප් සිනමාශාලාව 1934දී

1934 ජූලී 22, ජෝන් ඩිලින්ජර්, ඇනා සේජ් සහ එවකට ඔහුගේ පෙම්වතිය වු පොලී හැමිල්ටන් සමග බයෝග්‍රාප් සිනමාශාලාවට පැමිණි අතර ඇනාගේ පෙර දැනුම් දීමකට අනුව පර්විස් ඇතුලු නිළදාරින් පිරිසක්ද සිනමාශාලාව පිටත රැඳී සිටියේය. රාත්‍රී 10:40ට පමණ ඩිලින්ජර් කණ්ඩායමේ විශේෂ නියෝජිතයන් විසින් ජෝන් ඩිලින්ජර්ව බයෝග්‍රාප් සිනමාශාලාව ඉදිරිපිටදි වෙඩි තබා ඝාතනය කරන ලදී. මියයන විට යන්තම් 31 හැවිදිරි වු හෙතෙම ඇමරිකාවේ අත්‍යාවශම අපරාධකරුවා බවට පත් වී සිටියේය. ඩිලින්ජර්ගේ අභාවය කණ වැකුන සාමාන්‍ය ජනයා විසින් බයෝග්‍රාප් සිනමාශාලාව අවට පදික වේදීකාවේ සහ මාර්ගයේ තිබූ ඩිලින්ජර්ගේ රුධිරයෙන් තම අත්ලේන්සු සහ ගැහැණු තම යට සායවල් වලින් රුධිරය පොගවාගෙන මතකසටහන් ලෙස ඒවා ළග තබාගැනීමට ක්‍රියා කල බව වාර්තා වෙනවා.

ඩිලින්ජර්ගේ මෘත දේහය පරීක්ෂා කරන FBI නිළධාරීන් 

වොෂිංටන් ඩී සී හි අපරාධ කෞතුකාගාරයේ තබා ඇති ජෝන් ඩිලින්ජර්ගේ වෙස් මුහුන

ඇතැමුන් මෙම මළ සිරුර ජෝන් ඩිලින්ජර්ගේ නොව වෙනත් අයෙකු බව පැවසුවත් FBI පරීක්ෂකයන් විසින් එම මළසිරුර ඩිලින්ජර්ගේ බවට සහතික කරන ලදී. ඩිලින්ජර්ගේ දේහය කුක් කවුන්ටි මෘත ශරීරාගාරයේ මහජන ප්‍රදර්ශනය සඳහා තබා තිබූ අතර ඇස්තමේන්තු ගත කිරීමට අනුව දින 1 ½ තුල 15,000කට අධික ජන සංඛ්‍යාවක් ඩිලින්ජර්ගේ දේහය නැරඹීමට පැමිණ ඇත. ඩිලින්ජර්ගේ මුහුණට වෙඩි වැදි තිබු නිසා වෙනම වෙස් මුහුණු 4ක්ද ඔහු වෙනුවෙන් සාදා තිබි ඇත. ඩිලින්ජර්ගේ දේහය තැන්පත් කර ඇත්තේ ඉන්දියානාපොලිස් හි ක්‍රවුන් හිල් සුසාන භූමීයේය. සිහිවටන ලෙස ඩිලින්ජර්ගේ අස්ථි කැබලි සොරකම් කිරීමට ඇතැම් පිරිස් ක්‍රියා කිරීම නිසා කිහිපවරක්ම ඔහුගේ සොහොන ප්‍රතිස්ථාපනය කිරීමට සිදුවී ඇත.

ජෝන් ඩිලින්ජර්ගේ සොහොන් කොත

පොදු ජනතාවගේ වීරයෙකුත් නීතීයේ සතුරෙකුත් වූ ජෝන් ඩිලින්ජර්ගේ චරිතාපදානය ඇසුරෙන් 1935 දී Public Hero No.1 ලෙස චිත්‍රපටයක් නිකුත් වු අතර 1945 දී පලමු වරට ඩිලින්ජර්ගේ චරිතය ඇතුලත් චිත්‍රපටය ලෙස Dillinger (1945) නිකුත් වු අතර මෙහි ජෝන් ඩිලින්ජර්ගේ චරිතය Lawrence Tierney විසින් නිරූපනය කරන ලදී. ඩොලර් 150,000 ක වියදමිකින් නිර්මාණය වු මෙය ඩොලර් මිලියන 4ක Box Office වාර්තාවකටද හිමිකම් කියන ලදී. 1973 දී Dillinger (1973) ලෙස නැවත චිත්‍රපටයක් නිර්මාණය වූ අතර එහි ජෝන් ඩිලින්ජර්ගේ ලෙස Warren Oates රඟ දක්වන ලදී. ආදායම් අතින් එම චිත්‍රපටයද අති සාර්ථක වී ඇත. 1991 වසරේදී රූපවාහිනී චිත්‍රපටයක් ලෙස නැවතත් Dillinger (1991) නම් සින්මාපටය ප්‍රතිනිර්මාණය විය. මෙහි ඩිලින්ජර්ගේ චරිතය නිරූපනය කර ඇත්තේ Mark Harmon නම් රංගන ශිල්පියායි. මෙලෙස ජෝන් ඩිලින්ජර්ගේ චරිතය ඇසුරින් චරිතාපදාන කෘති කිහිපයක් හා සිනමාපට කිහිපයක් වරින් වර නිශ්පාදනය වී ඇත.

Public Enemies (2009)

ඩිලින්ජර් චරිතය ඇසුරින් 2009දි නිර්මාණය උන මෙම චිත්‍රපටයේ කුප්‍රකට බැංකු මංකොල්ලකරු ජෝන් ඩිලින්ජර්ගේ චරිතය නිරූපණය කරන්නේ හොලිවුඩයේ එදා මෙදා තුර බිහිවු සුපිරි රංගන ශිල්පියෙකු වන Johanny Depp විසින්ය. මෙහි අධ්‍යක්ෂනය Michael Mann විසින් සිදුකර ඇති අතර දෙවැනි ප්‍රධාන චරිතය වන FBI නියෝජිත මෙල්වින් පර්විස්ගේ චරිතය නිරූපණය කරන්නේ ඉතිහාසයේ හොඳම බැට් මෑන් චරිතය රඟ දැක්වු ප්‍රතිභාපූර්න රංගන ශිල්පි Christian Bale විසිනි. IMDb දර්ශකයේ 7.0ක ඉහල අගයක් ලබා ගැනීමට සමත් උන මෙම නිර්මාණය Biography, Crime, Drama යන කාණ්ඩ වලට වර්ගීකරණය වෙනවා. එමෙන්ම මෙම සලරුව 2009දී ඩිලින්ජර් ජිවත් වු නගරය වන චිකාගෝහි පලමු ප්‍රදර්ශනය ආරම්භ කර මුලු ආදායම ලෙස ඩොලර් මිලියන $214.1ක බොක්ස් ඔෆිස් ආදායමක්ද උපයාගැනීමට සමත් වෙලා තියෙනවා.

සැබෑ ජෝන් ඩිලින්ජර් සහ ජොනී ඩෙප් 

මෙහි ජෝන් ඩිලින්ජර් ලෙස ජොනී ඩෙප්ගේ රංගනය අතිවිශිෂ්ට බවට විචාරකයන්ගේ පැසසුමට ලක්වු අතර ඩිලින්ජර්ගේ කූට බුද්ධිය, උපායශිලිබව, නිර්භීතකම මේ රංගනය තුලින් මොනවට පෙන්නුම කරන බව අපිට බලා ගන්න පුලුවන්. ඒ වගේම ක්‍රිස්ටියන් බේල් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ලැබෙන ඕන චරිතයකට උපරිම සාධාරණය කරන විශිෂ්ට චරිතාංග නලුවෙක්. අනිත් චරිත සඳහා යොදාගෙන තියෙන්නෙත් ජනප්‍රිය නළු, නිලියන් පිරිසක් තමයි. ලිපියත් දිග වැඩි උන නිසා තවත් මුකුත් කියන්නේ නෑ එහෙනම් තවත් පරක්කු වෙන්නේ නැතුව මේ විශිෂ්ට සිනමාපටය රසවිඳින ගමන් ගෙදරට වෙලා පරිස්සමින් ඉන්න. උපසිරසිය ගන්න ගමන් කොමෙන්ටුවක් දාගෙන ගියාට තරහ වෙන්නේ නෑ. ඒ වගේම මේ ෆිලුම උපසිරැසි ගැන්වීමට අවසර දුන් අපේ හසා අයියටත් ස්තූතිවන්ත වෙනවා. තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු. මම දනුවා.

මේ සියලු කරදර, රෝගපීඩා දුරු වී අප මව්බිමත්, මුලු ලෝකයත් සුවපත් වේවා !!!

#STAY HOME SAFE

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

10,082 downloadsDownload Public-Enemies-2009.zip50 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

යුරාන් ධනුක

Subtitles

10,082 downloadsDownload Subtitles50 KB

101 comments

  1. Rotiya

    හ්ම්.........
    බාමිදෝ.....නොබාමිදෝ..........
    දෙලොවක් අතර..
    එල වගේ නන් පේනව.
    ඔන්න ඔහෙ බානව.හික්z

  2. Danuka

    ela!
    mekanam maarama sira!!!
    thanx wewa!!!
    kattaiya the invicible balanna!!
    eka mara patta!!!!
    hamotama jaya!!

  3. HANDY

    bala balanawa hoda ati,gura danne hoda moviene!!!!!!!!!

  4. chamila

    දවසක් දෙකක් පරක්කු කරලා බානවා..... :P මේක පට්ට ස්ලෝ ඇති දැන්.... :(

  5. Uraj Deemantha

    බාන්න නම් බැරියෑ...... :D බලන්නනේ වෙලාවක් නැත්තේ.... :(

  6. shiwantha

    e;a thanx machan :)

  7. කපිල

    දැන් බානවා හවස තමයි බලන්න වෙන්නේ.....

  8. Mark

    can watch, but have to wait for days to download
    :-S

  9. Suvin

    Johny Depp ne.... aith dekak naa! siraama athi! mamath meka me baana gaman.....

  10. රොයිලි

    ඔන්න එහෙනම් මාත් බාන්න දැම්මා. ස්තූතියි කිව්වා ගෝලයෝ....

    @ Uraj Deemantha,

    මචං මට ඔයාගේ මේල් ඇඩ්‍රස් එක දෙනවද? මම ratatouille එක GOM Player එකේ බලන විදියට හදලා එවන්නම්. ;)

  11. උදිත ඉසුරංග

    බාමි බාමි අනේ හින්දි ටිකකුත් දාන්න මේව බලලා බය වුනාම බලන්න

  12. maneesh

    hoda movie ekak lu..baalama balanna one....

  13. Uraj Deemantha

    @ රොයිලි :-

    urajdrlk (at) elakiri (dot) com or urajdrlk (at) yahoo (dot) com

    Thanks macho.... :)

  14. උෂාන්

    තාම බාන්න පුලුවන් මේකත් බානව :P

  15. ගෝලයා

    අදනම් මම හැමෝටම පොදුවේ reply එකක් දාන්නේ. කතාව එළ ලු. මොකද, තාම මමත් මේක බානවා. බලලා මමත් ගුණ දොස් විචාරන්නම් කෝ.

    @උදිත ඉසුරංග : හෙට මරු ප්‍රේම කතාවක් දෙන්නේ. එන සුමානෙ හින්දි එකක් දෙනවා, අනිවා. :D

  16. maneesh

    The.Hurt.Locker.2008.Sinhala.Subs.DvDRip.XviD-FileHunter me subs wada karanne na ne......321player eketh na...windows media 11 eketh na......

  17. maneesh

    K M player eketh wada karanne na....
    eka subs dunna eka asaaratakai...
    ikmanat wisadumak denna...

  18. රොයිලි

    @ maneesh,

    ඔව් මචං මටත් ඕක වුනා. පොඩි දෙයක් කරගන්න ඕනා ඕකට.

    බාන සබ් ෆයිල් එකේ නම The.Hurt.Locker.2008.DvDRip.XviD-FileHunter විදියට වෙනස් කර ගන්න.

    මොකද ඒකේ sinhala.sub කියන කෑල්ල නිසා ඒකේ නමයි ෆිල්ම් එකේ නමයි වෙනස් වෙනවා. මම බලන්නේ Jet Audio එකේ. මම ඔහොම කරගෙනයි බැලුවේ.

    1. Lakruwankarunarathne

      Public enemy ake sub aka denawada

  19. ashan

    බාමි බාමි...ස්තූතියි....

  20. maneesh

    niyamai roily bro...dan nam subs windows media 11 eketh wada...ela...thanx...

  21. පොතේ ගුරා

    මේක නම් එළම ෆිල්ම් එකක්..හැමෝම අනිවා බලන්න ඕන!

  22. ඉද්දා

    Johny Depp හරි එහෙනම් මම බෑවා...

  23. vudara

    Sinhala subtitles nadddoooooooo???? :O

  24. පියුමල් රුවන්දිත

    @ maneesh

    මචෝ, සබ් ෆයිල් ෆයිල් එක නම මේ විදිහට වෙනස් කරන්න
    The.Hurt.Locker.2008.DvDRip.XviD-FileHunter

    නැත්නම්,

    සබ් ෆයිල් ෆයිල් එක The KM player ඇදලා දාන්න එතකොට වැඩ කරනවා.

  25. RANUSHKA

    MEKA WADAKERANNA GOLAYO

    1. ගෝලයා

      සබැඳුම යාවත්කාල කලා..

  26. Danuka

    pissu hadana film 1k
    ela kiyanna kiyala wadak naha....!

  27. විකියා

    ela mamath dwn denawa....

  28. Buddhika

    බලමු,බලමු ෆිල්ම් එක හොද වගේ

  29. PCW

    tamil movies dannako english balala epa wela

  30. chanaka

    banawa
    banawa

    banawaaaaaaaaaaa

  31. dj sandarujay

    sinhala subs nathi eka nam chater......

  32. රාම් රාජ්

    ස්තූතියි.

  33. sisitha

    පොඩි වැරදීමක් නිවැරදි කරන්න ඕනේ....මේ ලිපියේ තියෙනවා the aviator අධ්‍යක්ෂණය කලේ Michael Mann කියලා ඒක වැරදි.....ඔහු කලේ නිෂ්පාදනය..........මේක අධ්‍යක්ෂණය කලේ.....ෆිල්ම් 1ක් අධ්‍යක්ෂණය කරපු සැනින් ඔස්කාර් දොරටුව අබියස ඉන්න Martin Scorsese වැරද්දක් එහෙම කිව්වා නෙවේ

  34. sisitha

    පොඩි වැරදීමක් නිවැරදි කරන්න ඕනේ....මේ ලිපියේ තියෙනවා the aviator අධ්‍යක්ෂණය කලේ Michael Mann කියලා ඒක වැරදි.....ඔහු කලේ නිෂ්පාදනය..........මේක අධ්‍යක්ෂණය කලේ.....ෆිල්ම් 1ක් අධ්‍යක්ෂණය කරපු සැනින් ඔස්කාර් දොරටුව අබියස ඉන්න Martin Scorses වැරද්දක් එහෙම කිව්වා නෙවේ

  35. dilan

    meka dakke danuy.man asama naluwo 2kma innawa Johnny Depp ha Christian Bale mekata sub danne naddaaaaaaaaaaaaa

  36. dananjaya

    meke sinhala sub eka dendaaaaaaaaaaa ane plzzzzzzzzzz

  37. Gossip NEWS Lanka

    patta....

  38. Naween

    විස්තරේට තෑන්ක්ස්.පුලුවන්නම් කවුරුහරි මේකට සබ් දෙන්න. බොහොම පිං හොදේ.බුදු සරණයි...

  39. Ranga

    plz upload sinhala sub

  40. Anil

    සිංහල සබ් එක දෙන්න :)

  41. nisal

    ko mchnla meke sinhala sub

  42. nisal

    sub dendooooooooooooooooo

  43. Haritha Dayanga

    මෙකට සබ් දෙන්නකො

    1. jack

      R

  44. Vidura

    sinhala sub ? :\

  45. devinda

    ko sub aka

  46. Sasitha Asaranga (DSA)

    sub please??? :(

  47. tharindu gunarathna

    sub plz

  48. jack

    Sub dapallako

  49. Nadeera97

    Meken. Dan dennako saho

  50. Shaaz

    Sub daannedda

Load more comments