Raaz (2002) Sinhala Subtitle මේ වතාවේ මං සිංහල උපසිරැසි ගැන්වූයේ 2002 වසරේ ඉහළ වාණිජ සාර්ථකත්වයක් හිමි කරගත් අද්භූත, ප්‍රේමාන්විත, අබිරහස් යන වර්ගීකරණ තුනටම අයත්වන හින්දි චිත්‍රපටයක් වුණු Raaz (2002) සිනමා නිර්මාණයටයි. මේක මං පොඩි කාලේ මගේ ප්‍රියතම හින්දි සිනමා නිර්මාණය වුණා. මේකට කළින් බයිස්කෝප් අ…

Raaz (2002) Sinhala Subtitle
මේ වතාවේ මං සිංහල උපසිරැසි ගැන්වූයේ 2002 වසරේ ඉහළ වාණිජ සාර්ථකත්වයක් හිමි කරගත් අද්භූත, ප්‍රේමාන්විත, අබිරහස් යන වර්ගීකරණ තුනටම අයත්වන හින්දි චිත්‍රපටයක් වුණු Raaz (2002) සිනමා නිර්මාණයටයි. මේක මං පොඩි කාලේ මගේ ප්‍රියතම හින්දි සිනමා නිර්මාණය වුණා. මේකට කළින් බයිස්කෝප් අඩවියෙන් සිංහල උපසිරැසි ලබාදී තිබුණත්, ඒ දීලා තිබුණේ DVD Rip පිටපතකටයි. මේ වනවිට මෙහි Webrip පිටපත් අන්තර්ජාලයට නිකුත් කෙරී තියෙන නිසා Web Rip පිටපතට සුදුසු සිංහල උපසිරසියක් නිකුත් කරන්නට අප තීරණය කළා. Raaz චිත්‍රපටය වික්‍රම් භාත්ගේ අධ්‍යක්ෂණයක්. 2002 පෙබරවාරි 01 වැනිදා නිකුත් වුණු Raaz (2002) සිනමාපටය IMDb දර්ශකයේ 6.6/10ක අගයක් ගන්නට සමත් වුණා. ඉන්දියානු රුපියල් කෝටි 5ක නිෂ්පාදන වියදමින් නිෂ්පාදන කෙරුණු Raaz (2002) සිනමාපටය සමස්තයක් ලෙස ඉන්දියානු රුපියල් කෝටි 37ක් උපයන්නට සමත් වුණේ බොක්ස් ඔෆිස් බ්ලොක්බස්ටර් චිත්‍රපටයක් ලෙසින් ඉතිහාසයට එක් වෙමින්. මේක 2002 තුන්වැනියට වැඩිම ආදායමක් ලද සිනමාපටය වන අතර රාස් චිත්‍රපට මාලාවේ වැඩිම ආදායම ලද චිත්‍රපටය වෙනවා. 2002 වැඩිම ආදායම ලැබුව චිත්‍රපටය දන්නවනේ? ඒ තමයි සංජය ලීලා බන්සාලිගේ Devdas. දෙක සංජය ගුප්තාගේ Kaanthe චිත්‍රපටයයි.
මේකේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ඩිනෝ මොරියා, බිපාෂා බාසු සහ මාලිනී ෂර්මා විසින්. ඒ වගේම අශුතෝෂ් රානා, ශෘති උල්ෆත් සහ විශ්වජිත් ප්‍රධාන් සහයක චරිත නිරූපණය කරනවා. මෙහි බිපාෂා බාසුගේ රංගනය බෙහෙවින් පැසසුමට ලක් වුණු අතර 48 වැනි Filmfare සම්මාන උළලේදී ඇයට හොඳම නිළිය වෙනුවෙන් සම්මානයකට නිර්දේශ වෙන්නට සමත් වෙනවා. නදීම්-ශ්‍රාවන් දෙදෙනා විසින් නිර්මාණය කළ මියුරු සංගීතය වෙනුවෙන් Filmfare සම්මාන කිහිපයකට නිර්දේශ වුණා. මෙහි කතාව ඇමෙරිකානු චිත්‍රපටයක් වන What Lies Beneath (2000) අනුසාරයෙන් ගොඩනඟා තිබුණත්, ඇමෙරිකානු විනොදාස්වාදන අඩවියක් වන Collider (https://collider.com/bollywood-remakes-that-are-better-than-the-original/#raaz-2002) විසින් නම් කළේ Raaz (2002) මුල් නිර්මාණයට වඩා හොඳින් නිර්මාණය කර තිබෙන බවයි. Raaz කෙතරම් උන්මාදයක් වී ද යත් එය දමිළ බසින් හඬ කවා Ragasiyam නමිනුත්, තෙළිඟු බසින් හඬ කවා Rahasyam නමින්ද නිකුත් කෙරුණා. එපමණක් නොවේ Ginihila (2003) නමින් මෙහි මාලදිවයින් ප්‍රතිනිර්මාණයක්ද නිර්මාණය වුණා.
What Lies Beneath (2000), Ragasiyam (2002), Rahasyam (2002) සහ Ginihila (2003) සිනමාපටවල පෝස්ටර පිළිවෙලින්
Raaz චිත්‍රපටයේ රූගත කිරීම් සිදුකෙරුණේ ඌටි ප්‍රදේශයේ සුන්දර දර්ශන තල වලයි. 1844 දක්වා දිව යන අතීතයක් තියෙන Heritage Fernhills Royal Palace මන්දිරය, Pine Forest නම් සුන්දර වනාන්තරය සහ The Lawrence School පාසලත් මෙයට ඇතුළත්. එක්තරා සුප්‍රකට කටකතාවකට අනුව, කැලය අද්දර පිහිටි ආදිත්‍ය-සංජනා යුවළගේ නිවෙස ලෙස යොදාගත් Heritage Fernhills Royal Palace මන්දිරය ඇත්තටම හොල්මන් අවතාර තියෙන තැනක්! මේ සිනමාපටය රූගත කරන අතරත් සරෝජ් ඛාන්, වගේම බිපාෂා බාසුත් විවිධ අද්භූත අත්දැකීම් වලට මුහුණ දුන් බව සඳහන් වෙනවා. විශේෂයෙන්ම රාත්‍රීයේ කැලය තුල සිදු කළ රූගත කිරීම් වලදී සහ ඇතැම්විට සිය කාමරය තුලදී බිපාෂාට සත්‍ය වශයෙන්ම කිසියම් ගුප්ත අද්භූත බලවේගයක් තමා අසළ ඇති බවක් දැනුණු බව ඇය පසුව මාධ්‍යයට කියා තිබුණා. මේ කාරණා ඇහුවාම හිතෙන්නේ එයාගේ රඟපෑමේ එයාට දැනුණු ඇත්තම භයත් අඩංගු වෙලා තියෙනවා වෙන්න පුළුවන් කියල. ඒ ගැන මුහුණුපොතේ සමූහයක පළ කෙරුණු විස්තරයක් මං පහතින් සඳහන් කරන්නම්. (ලියපු කෙනා දැක්කොත් කමෙන්ට් කරන්න මොකද කර්තෘ අඥාතයි!) වැඩිදුර මේ ගැන කැමති කෙනෙක්ට අන්තර්ජාලයෙන් කරුණු හොයාගන්න පුළුවන්.
උපුටා ගැනීම
“වර්ශ 1844 දී ඉදිකරන ලද මේ “ෆර්න් හිල් හෝටලය” මයිසූර්හී මහාරාජා ගිම්හාන ඍතුවේ ලැගුම් ගැනීමට භාවිතා කර තිබේ. පසු කලෙක මෙය ඌටී හී සුප්‍රසිද්ධ හෝටලයක් ලෙසින් මහජනතාව අතර ප්‍රසිද්ධ වීමත් සමග වික්‍රම් බාත් ගේ ඇස ගැටෙන්නට විය.ඒ සමගින් ෆර්න් හිල් ඔහුගේ නවතම හොල්මන් චිත්‍රපටය වූ රාස් නිශ්පාදනය සදහා යොදා ගනී. එලෙස ෆර්න් හිල් හෝටලය ආදිත්‍ය හා සංජනා ගේ ආදරය දලු ලා වැඩුනු ඔවුන්ගේ සුන්දර මතකයන් රැසක් සපිරුණු ෆාර්ම් හවුස් එක ලෙසින් තිරයේ පෙන්වා දෙන ලදී.
මෙලෙස රූගත කිරීම් ඇරැඹෙන රාස් හී රූපගත කිරීම් අතරතුර විවිධාකාර අද්භූතජනක සිදුවීම් හා හොල්මන් කිරීම් ආදිය සිදුවීම් නිසා වරෙක ෆර්න් හිල් වසා දැමීමට ද ඔවුන් කටයුතුකර ඇත.
රාස් චිත්‍රපටය හා සම්බන්ධ සම්මුඛ සාකච්ඡා හමුවේ වැඩිදුර විස්තර පවසන බිපාශා බාසු ඈ හා සරෝජ් ඛාන් ප්‍රමුඛ ඇගේ නර්තන සහායිකාවන් මුහුණ දුන් අද්භූත සිදුවීම් හා විවිධාකාර ශබ්ද ගැන පවසා තිබේ.තවද ඉහල මාලයේ විවිධ ගෘහ භාණ්ඩ එහා මෙහා ඇද යන ශබ්ද, මහ රෑ දුරකථන නාද වීම් හා, රූගත කිරීම් වලින් හෙම්බත් වූ ඔවුන් මේ පිලිබදව හෝටලේ කලමනාකරුට දැන්වුවද, ඔහු විසින් ඔවුන්ව රැගෙන ගොස් මෙහි උඩු මහලක් නොමැති බව හා බිම් මහල පමණක් එහි ඇති බවටත්, තවද එහි භාණ්ඩ නොමැති බවට තහවුරු කර ඇත.” උපුටාගැනීම අවසන්.
The Lawrence School පාසැල, Pine Forest වනාන්තරය, Heritage Fernhills Royal Palace මන්දිරයේ ඇතුළත සහ එහි පිටත දර්ශන පිළිවෙලින්
කෙසේ වෙතත් මේ වන විට රාස් චිත්‍රපට මාලාවේ චිත්‍රපට හතරක් නිකුත් වී තිබෙනවා. 2009 ජනවාරි 23 වැනිදා Raaz: The Mystery Continues නමින් මේ චිත්‍රපටයට අනුබන්ධයක් (Sequel) ලෙසින් චිත්‍රපටයක් නිකුත් කෙරුණා. ඒ වගේම 2012 වසරේ Raaz 3 නමින් තුන්වැනි චිත්‍රපටයකුත් නිකුත් කෙරුණා. හතරවැනි චිත්‍රපටය Raaz Reboot නමින් 2016 සැප්තැම්බර් 16 නිකුත් කෙරුණා. සමස්තයක් ලෙස මේ චිත්‍රපට මාලාව විසින් ඉන්දියානු රුපියල් කෝටි 79ක නිෂ්පාදන පිරිවැයකට එදිරිව කෝටි 212ක සමස්ත ආදායමක් උපයා තිබෙනවා. මේවායෙන් පළමු, තෙවැනි සහ සිව්වැනි සිනමාපට අධ්‍යක්ෂණය කළේ වික්‍රම් භාත් වන අතර දෙවැනි සිනමාපටය මෝහිත් සූරී විසින් අධ්‍යක්ෂණය කර තිබෙනවා. මේ සියල්ල මහේෂ් භාත් සහා වික්‍රම් භාත් විසින් Vishesh Films ලේබලය යටතේ නිෂ්පාදනය කොට තිබෙනවා.
Raaz (2002) චිත්‍රපටයට රංගනයෙන් දායක වන නළු නිළියන්
- Dino Morea ආදිත්‍ය ධන්රාජ් ලෙසින්
- Bipasha Basu සංජනා ධන්රාජ් ලෙසින්
- Malini Sharma මාලිනී මලික් ලෙසින්
- Ashutosh Rana මහාචාර්ය අග්නි ස්වරූප් ලෙසින්
- Shruti Ulfat ප්‍රියා, සංජනාගේ යෙහෙළිය ලෙසින්
- Vishwajeet Pradhan අජය, ප්‍රියාගේ සැමියා ලෙසින්
- Mink Brar නීශා, රෝහිත්ගේ පෙම්වතිය ලෙසින්
- Ali Asgar රෝහිත්, නිශාගේ පෙම්වතා ලෙසින්
- Masood Akhtar රොබට්, ආදිත්‍යගේ සේවකයා ලෙසින්
- Pratima Kazmi රොබට්ගේ බිරිඳ ලෙසින්
- Anang Desai ධනරාජ් මහතා, ආදිත්‍යගේ පියා ලෙසින්
- Neha Bam ධනරාජ් මහත්මිය, ආදිත්‍යගේ මාව ලෙසින්
- Murli Sharma පොලිස් විමර්ෂක ලෙසින්
- Yusuf Hussain වෛද්‍යවරයා ලෙසින්
අපි දැන් මේකේ කතාවට යොමුවෙමු. ඌටි කියන ගම්මානයේ සුන්දර වනාන්තරයක් අසළ එක්තරා විද්‍යාලයක තරුණ තරුණියන් පිරිසක් පැමිණෙන්නේ විනෝද චාරිකාවකටයි. එතැන ගැහැණු ළමයින්ගෙන් කෙනෙක් වන නිශා වනාන්තරය තුළදී කිසියම් අද්භූත බලයක ප්‍රහාරයට ලක්වී ඇය විසින් එම ආවේශයෙන් මෙහෙයවනු ලැබී ඇයගේ පෙම්වතා වන රෝහිත්ට පහර දෙනවා. ඔවුන් දෙදෙනාව රෝහලට ඇතුළත් කෙරෙනවා. සිදුවුණු දේ පොලිසියටත් හිතාගන්න බැහැ. එතැනට එනවා මහාචාර්ය අග්නි ස්වරූප් කියලා ගුප්ත විද්‍යාව ගැන පර්යේෂණ කරන කෙනෙක්. ඔහු වටහා ගන්නවා මේක කිසියම් අද්භූත බලවේගයක ක්‍රියාවක් බව. නිශා ආවේශයෙන් පසුව වෙනස් හඬකින් කෑගසමින් කියා සිටින්නේ තමා අවදි වුණු බවත් තමන් කිසිවෙක් අත් නොහරින බවත්. අනතුරුව ඇය මියයනවා. මේ තරුණ කණ්ඩායම කැලය තුළට යාමෙන් එම අද්භූත ආත්මය අවදි වී ඇති බවත් සිය අරමුණ ඉටු කරගන්නා තෙක් එම ආත්මය නැවතිය නොහැකි බවත් ඔහු කියනවා.
මේ අතරේ මුම්බායි වල ජීවත්වෙන විවාහක යුවළක් වන ආදිත්‍ය ධන්රාජ් සහ සංජනා, ඔවුන් විසින් පවත්වනු ලැබූ ව්‍යාපාරික සාදයක් අතරතුර බහින් බස් වීමක් ඇතිකරගන්නවා. මෙහිදී කෝපයෙන් සාදය හැර යන සංජනා අතරමඟදී අනතුරකට මුහුණ දෙනවා. ඒ ඇයගේ කණට කිසිවෙක් විසින් ඇයගේ නම කියනු ඇසීම නිසා බියට පත් වීමෙන් වාහනය පාලනය් කරගත නොහැකි වුණු නිසා. ඇයගේ සුවවීම අතරතුර සංජනා සිය සැමියාගෙන් දික්කසාදය ඉල්ලා සිටිනවා. තමන්ගේ වරද තේරුම් ගන්නා ආදිත්‍ය ඇයට යෝජනා කරනවා ලොව ඕනෑම තැනකට සංචාරයක් යාමට. සංජනා කැමති වෙන්නේ ඔවුන් දෙදෙනා මුලින්ම හමුවුණු ඌටි ගම්මානය වෙතට යන්නයි. ඔවුන් නවතින්නේ නිශා ප්‍රහාරයට ලක් වුණු වනාන්තරය අසළ තිබෙන බංගලාවකටයි.
කාලයත් එක්ක සංජනාට විවිධාකාර අද්භූත අත්දැකීම් වලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ වගේම වනාන්තරය තුලින් කාන්තාවකගේ විලාපයක හඬක්ද ඇසෙනවා. එහෙත් ආදිත්‍යට මේ කිසිවක් අත්දකින්න ලැබෙන්නේ නැහැ. සංජනා ලබාගන්නා නිදිපෙති නිසා ඇයට මෙවැනි විවිධ දේ ඇහෙන දැනෙන බව ඔහු කියනවා. කෙසේ වෙතත් මේ බංගලාවේ සේවය කළ රොබට් නම් සේවකයා අතුරුදන්ව ඇති බව සංජනා දැනගන්නවා. මේ ගැන හොයන ඇය දැනගන්නේ ආදිත්‍ය මේ අතුරුදන් වීම ගැන දැනුම්වත් නමුත් තමන්ට ඒ ගැන නොපැවසූ බවයි. මේ නිසා ඔවුන් අතර යළි සිත් අමනාපකම් ඇතිවෙනවා. ඒ වගේම අතුරුදන් වීමට පෙර රොබට්ටත් වනාන්තරය තුලින් මේ විලාපය ඇසී තිබුණා, එහෙත් ඔහුගේ බිරිඳට එය ඇසී තිබුණේ නැහැ ආදිත්‍යට මෙන්. මෙහි කිසියම් ගුප්ත රහසක් ඇති බවත්, තම සැමියා එය දැන දැනම තමන්ගෙන් සඟවන බවත් ඇය සැක කරනවා. සංජනාගේ මිතුරියක වන ප්‍රියාගේ ආධාරයෙන් සංජනා මහාචාර්ය අග්නි ස්වරූප් හමුවී ඔහුගේ උපකාරය ලබා ගන්නවා. ආදිත්‍ය සඟවන සංජනාගේ ජීවිතයේ හොල්මන් කරන අද්භූත රහස කුමක්ද? මහාචාර්ය ස්වරූප්ගේ ආධාරය ඇතිව මේ රහස අනාවරණය කරගන්නට සංජනාට හැකි වෙයිද? ඒ අද්භූත ආත්මයේ අරමුණ මොකක්ද? අග්නි ස්වරූප් ඇතුළු කණ්ඩායමට මේ බිහිසුණු ආත්මය මෙල්ල කරන්නට හැකියාව ලැබෙයිද?
එහෙමනම් මේ අද්භූත රසය වෑහෙන සුන්දර චිත්‍රපටය බලලා මේ දේවල් දැනගන්න!
මං මේ උපසිරැසි ගැන්වූ චිත්‍රපටයට ගැළපෙන පිටපතක් ඔබට බයිස්කෝප් ඩවුන්ලෝඩ් වෙබ් අඩවියෙන් ලබාගන්නට හැකිවෙයි.
මේක මගේ එකසිය හතළිස් පස් වැනි සිංහල උපසිරැසියයි. එහෙම නම් තවත් සිංහල උපසිරැසියකින් ඔබ හමුවට එනතුරු ආයුබෝවන්!
දිගටම බයිස්කෝප් අඩවියත් එක්කම රැඳි සිටින්න!
ඔබට තෙරුවන් සරණයි!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRIP/DVDRIP පිටපත සඳහා අදාළ වේ
20,940 downloadsDownload Raaz-2002.zip161 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චන්දිම ප්‍රසාද්” සොයුරාට සහ “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
SUB-MAKER RATING BY ADMINS
![]()
Subtitles by
චන්දිම ප්‍රසාද්
Subtitles
43 comments
dilshan
dilshan
ah!ada dawasata 2 watawatah man 1 wela wagei
නිපුන්
Fatta
චතුර මදුසංක
නියමයි සහෝ,
මම මේක 5 වතාවක් විතර බලල තියෙනවා.
ඒ දවස් වල් මේකට පිස්සු හැදිලා හිටියේ.
මේකෙ මම ආසම සින්දු ටිකක් තියෙනවා.
එල එල.දිගටම සම් දෙමු.
එහෙනම් බොහෝම ස්තුතියි
:0 :) :)සචිත්‍ර දර්ශන
මම ඒකාලෙ බලපු ආසම ෆිල්ම් එකක්.
සබ් එකට තුති
jayani
ස්තූතියි.. දිගටම කරගෙන යන්න.. Good Luck
Kulanjana Maduranga
1st sub 1ta suba pathum CHANDIMA saho.subata thanks saho. good work.digatama sub denna.jaya wewa......
thiliya
tnx saho....puluwannam DAAR 1993 hindi movie subtitles dennako.... Obata jayenjaya.... :)
දර්ශන හර්ෂ කුමාර
ela sපළවෙනි අබට ජය සහෝ...දිගටම දෙමු :)
Tharindu Perera
fattama film eka.....ayeth balanava oyage sub eka ekkama....thankss sahoo sub ekatahh.....palamu vadeta jaya....
“චූටී මල්ලි”
කලින් බැලුවා
සබට තුති
ඔබට ජය....Asheka
thanks
චමී
අනේ අම්මපා.. බොහොම ස්තුතියි සහෝ මේ කරපු වැඩේට නම්. මම බලාපු පොල්කිරිම හොරර් මූවි එක මේක. මේක බලලා මට නම් ඇඩුනා. දුකට නෙවෙයි. බයට. අම්මෝ.. දැනුත් ඇහෙනවා ඇහෙනවා වගේ අර කෙල්ලගෙ අඳෝනාව.. එකට නම් දැනටත් බයයි. මේ වගේ බයවෙන එකක් නම් හොලිවුඩ් නිර්මාණයකින්වත් දැනිලා නෑතෝ..
Thisara Neo
නියමයි සහෝ.......
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ....... :)
ජයවේවා....
උපසිරැසියට තුති....... :) :)Gihan
ela ela thanx.
වරුණ රංගජිත්
එල සහෝ ෆිල්ම් 1 තිබුණ සබ් තිපුණෙ නෑ දැන් දැන් සබත් එක්කම ආයි බැලුවැහැකි ජය .......... දිගටම සබ් දෙමු.........
නලින්
ස්තුතියි වේවා සහෝ
පළමු උත්සහායට මගෙන් සුභ පැතුම්
ජය වේවා!
ලක්ෂාන්
නියමයි නියමයි.පළවෙනි එකම සුපිරිඑකක් කරලාතියෙන්නෙ.සබ් නැති නිසා මේක බලන්නැතුව හිටියෙ.ඔන්න මාත් බෑවා.දිගටම ඔහොම යමු සහෝ
Sanjaya
Man Kalin blala Thiyey..at ayeth balanna Ona.. Thanks Saho...
Sandun
Thanqqqqqqqqqq..........
chandima
නියමයි සහෝ සුපිරි මුවි එකක් සුභපැතුම් පලමුවෙනි වැඩේට... මම ආශාවෙන් බලන්න හිටිය එකක් ඔබට ජය...
ama
thnx saho!!!!!!
දිමුතු තරංග ඉලුක්කුඹුර
පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්, ඒ වගේම මේ මූවි කලෙක්සන් එක සම්පුර්ණ කල එකත් සුපිරි වැඩක් සහෝ, මොකද ලොකු අඩුවක් ඔයා සම්පූර්ණ කලේ, දිගටම සබ දෙන්න,ජයවේවා.
akila
meka wada karanne nane.kotu watenawa.poddak udaw karannako.
jack
නියමයි සහෝ.
රොයිලි
බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
NIRA..
Kalin balala thiyenawa. eth aye balanna asawen hitiye. maruma thama. hindi cinema eken awa supirima horror movie 1 ekenma meka witharai..! sub dunnata pin.! jayawewa.!!!
maheshka
supper machan......... me film eke kochra baluwt epa wenne naha. mata sinhala sub eke dunnata godak thanks. good luck. twa old films denna. tc. bye
යසිරු මල්ලවආරච්චි
පලවෙනි උපසිරසියට සුබ පැතුම් සහෝ.. දිගටම කරමු.. ජය වේවා!!
gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
para
patta film 1
gossip kolla
greatttt work bro..
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍Akila
patta machan jaya wewwww !!!!!
mxcgihan
එල එල.. අම්මෝ ආයෙත් බලන්න ඔනෙ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති පට්ට ෆිල්ම් එකක්. Thanks.......
A U Jayawardana
බොහෝම ස්තුතියි
SUREsh
බොහෝම ස්තුතියි
sanjaya
බොහෝම ස්තුතියි
Amalka
බොහෝම ස්තූතියි උපසිරැසියට පොඩි කොපියක් හොයාගෙන තියන්නෙ ඒත් කොලිටි මදි එකෙ කොහොම උනත් මේක නම් අනිවා බලනව තැන්ක්ස්
nuwan
hum thum hare hein ෆිල්ම් එකට සබ් දෙන්නකෝ සහෝ. සුපිරිම ෆිල්ම් එකක් සින්දු ටිකත් ලස්සනයි
taj
Ma film eke Link eka dennko Aluth Link eka aye update karnna puluwan nam
taj
Chandima ayye Youtube eke HD copy ekak tynawa ekata me sub eka update karnna puluwanda aluthen?
Chaminda Lakruwan
පුලුවන්නම් මේ ෆිල්ම් එක blurry වලට අප්ඩේට් කරන්නකෝ.
Yta eke me film eka tiyenawa
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ela.pattaine.man meka kalin balala tiyenawa.onna ayeth balanna banawa