Belle (2021) Sinhala Subtitles බයිස්කෝප් වාසී ඇනිමේ රසිකයින්ට සුභ දවසක් වේවා එහෙනම්! 2025 වසරට කරන පළවෙනි උපසිරසිය තමයි අද මේ විදිහට වෙබ් අඩවියෙ පළවෙන්නෙ. ඒ වගේම මේ උපසිරසිය මට ටිකක් විශේෂයි. ඒ ඇයිද කියල පසුව කියන්නම්. දැන් මේ ගෙනාපු ඇනිමේ එකේ විස්තරය දිහාට හැරෙමුකො… මුලින්ම අහන්න ඕනෙ ඔයාගෙන්, “ඔයා…

බයිස්කෝප් වාසී ඇනිමේ රසිකයින්ට සුභ දවසක් වේවා එහෙනම්! 2025 වසරට කරන පළවෙනි උපසිරසිය තමයි අද මේ විදිහට වෙබ් අඩවියෙ පළවෙන්නෙ. ඒ වගේම මේ උපසිරසිය මට ටිකක් විශේෂයි. ඒ ඇයිද කියල පසුව කියන්නම්. දැන් මේ ගෙනාපු ඇනිමේ එකේ විස්තරය දිහාට හැරෙමුකො…
මුලින්ම අහන්න ඕනෙ ඔයාගෙන්, “ඔයා කැමතිද ඩිස්නි වර්ෂන් ඇනිමේ එකක් බලන්න?” මොකද මේ ගෙනල්ලා තියෙන ඇනිමේ එක බැලුවට පස්සෙ, ඔයාට ඩිස්නි මූවි එකක් බැලුවා වගේ හැඟීමක් දැනෙයි නිසැකවම…
මේ තමයි 2021 වසරෙදි තිරගත උනු Belle. චිත්‍රපටියෙ සම්පූර්ණ නමම කිව්වොත්; Belle – The Dragon and The Freckled Princess වෙනවා. Drama, Music කියන තේමාවන් යටතෙ Fantasy, Sci Fi කියන ශානරවලට තමා Belle වැටෙන්නෙ. ඒ වගේම මේක Studio Chizu වෙතින් එළි දක්වන්නක්. ඇනිමේ වෙනුවෙන්ම විශේෂීකරණය වෙලා තියෙන MAL නොහොත් MyAnimeList දර්ශකය තුළින් 7.48ක අගයක් Belle හට ලැබිලා තියෙනවා. ඉතින් බොහොම කෙටියෙන් චිත්‍රපටිය ගැන තොරතුරු ටිකක් කියනවනම් මේ ටික තමා තියෙන්නෙ.
Virtual Reality කියන සංකල්පය මේ වෙනකොට යථාර්ථයක් වෙමින් පවතින දෙයක්නෙ. නුදුරු අනාගතයෙ දවසක සුවිසල් Virtual Reality යක ආශ්වාදය අපිටත් විඳගන්න අවස්ථාවක් ලැබෙයි. ඉතින් මේ කතාවත් Virtual Reality එකක් හා ගලාගෙන යන එකක්.
U කියන්නෙ ඒ විදිහට අන්තර්ජාලය තුළ නිර්මාණය උනු දැවැන්ත අතාත්වික ලෝකයක්. මේකට ඔයාගෙ ඡායාරූපයක් ඇතුළු කළාට පස්සෙ විශේෂිත ඩිවයිසයක් හරහා, ඔයාගෙ ජෛවීය දත්ත පදනම් කරගෙන ඔයාටම අනන්‍ය උනු ඇවටාර් එකක් නිර්මාණය කරනවා. ඒක තමයි AS විදිහට හඳුන්වන්නෙ. ඉතින් මේ AS හරහා ඔයාට පුලුවන් U තුළ කැමති දෙයක් කරන්න.
ඉතින් මේ විදිහට U තුළට එන නවකයෙක් “බෙල්” විදිහට හරි ඉක්මනින් කා අතරත් ජනප්‍රිය වෙනවා. ඒ මොකද ඇය හරි අපූරුවට සින්දු කියන නිසා… මේ නිසා U තුළ සැරිසරන කවුරුත් කැමතියි ඇයගෙ ගීත අහන්න. හැබැයි මේ සුන්දර වටපිටාව U තුළ තියෙන්නෙ “මකරා” කරළියට එනකන් විතරයි. බොහොම ප්‍රචණ්ඩ AS එකක් විදිහට මේ මකරා U කණපිට ගහපු කෙනෙක්… හැබැයි කිසිම දෙයක් පිට ඔපයෙන් මනින්න හොඳ නෑනෙ. අපිට නොපෙනෙන සැඟවුණු කතාවක් හැමදේකම පිටිපස්සෙ තියෙනවා. ඒක මේ මකරටත් අදාලයි. ඉතින් ඒක— හොඳා. ඒක මොකක්ද කියල මේ ඇනිමේ එක බලලම හොයාගන්නකො.
ඉතින් කලින් කිව්වනෙ මේ උපසිරසිය විශේෂයි කියල. ඔව්, මේ තමයි බයිස්කෝප් වෙබ් අඩවියට ලබාදෙන 100වෙනි උපසිරසි පරිවර්තනය. 2022 වසරෙ ඉදලා වසර තුනකට ආසන්න කාලයක් උපසිරසි ලබාදීලා තමයි දෙවෙනි කඩයිම මෙහෙම සම්පූර්ණ කරන්නෙ. ඉතින් බයිස්කෝප් ඇඩ්මින්වරුන්ට මුලින්ම ස්තූති කරනවා. ඒ වගේම වචනෙකින් හරි ශක්තියක් උනු හැමෝටමත් මේ වෙලාවෙ ස්තූති කරනවා.
හොඳයි එහෙනම් අද ගෙනාපු මේ ඇනිමේ එකක් බලලා ඉන්න. ඉදිරියට තව තව උපසිරසි දෙන්න හිතාගෙන ඉන්නවා. ඒවත් ක්‍රමිකව හෙළිකරන්නම්කො. එහෙනම් දැනට සමුගන්නවා. හමුවෙමු Vinland Saga Season 2 සමඟින්… ⚔️
Belle (2021) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
541 downloadsDownload Belle-2021.zip46 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Look Back (2024) Sinhala SubtitlesSubtitles by
පවිත් විජේසූරිය
Subtitles
4 comments
Kavindu Nethmina
Buddhika laKMal
200වෙනි උපසිරැසියට සුබපැතුම් පවිත් සහෝ.........
කිසිම ලාබයක් නැතිව ඔයාගේ පෞද්ගලික වෙලාව යොදවලා සබ් 200 ක් දෙනවා කියන්නේ ඉතිං ගේමක්ම තමයි....
මේ සබටත් තෑන්ක්ස් මචං........Anonymous
good luck.
Ishan Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
Sub Ekata Thanks bro..100 sub ekata congratulations