හැලෝ යාලුවනේ, මේක මගේ තුන්වෙනි සබ් නිර්මාණය, පලවෙනි එක දුන්නාට පස්සේ සබ් කරන වැඩේ දිගටම කරන්න ඕනේ කියලා පොඩි හැඟීමක් මට පහල වුනා, ඒ මොකද, මගේ පලවෙනි සබ් එකට ලැබුණු ප්‍රතිචාර නිසා. එදා ඒ මගේ පලවෙනි වැඩේ නිසාද මන්දා, ඔයාලා මට පොඩි අඩුපාඩුවක් වත් තිබ්බා කියලා බැන්නේ නැහැ, ඉතින් දැන් දෙන සබ් එකේ අඩු පා…
හැලෝ යාලුවනේ, මේක මගේ තුන්වෙනි සබ් නිර්මාණය, පලවෙනි එක දුන්නාට පස්සේ සබ් කරන වැඩේ දිගටම කරන්න ඕනේ කියලා පොඩි හැඟීමක් මට පහල වුනා, ඒ මොකද, මගේ පලවෙනි සබ් එකට ලැබුණු ප්‍රතිචාර නිසා. එදා ඒ මගේ පලවෙනි වැඩේ නිසාද මන්දා, ඔයාලා මට පොඩි අඩුපාඩුවක් වත් තිබ්බා කියලා බැන්නේ නැහැ, ඉතින් දැන් දෙන සබ් එකේ අඩු පාඩු තියෙනවා නම්, කරුණාකරලා කියන්න මට. මොකද, ඉදිරියේදී ඒකම මට ලොකු ප්‍රශ්නයක් වෙයිද දන්නෙත් නැහැනේ, ඒකයි.
මෙය තිරගත් වීමට ආරම්භ කර ඇත්තේ, 2015 මාර්තු 13 වනදාය. මෙහි අධ්‍යක්ෂණය කර ඇත්තේ, අලුත් අධ්‍යක්ෂකවරයෙක් වන A. G. Amid විසින්ය. පලවෙනි වැඩේ නම් අති සාර්ථකයි කිව්වොත් නිවැරදි, නියමෙටම චිත්‍රපයට කරලා තියෙනවා. මෙහි Imdb අගය 7.6 ක් අරගෙන තියෙනවා, තේරෙනවා ඇතිනේ සුපිරි චිත්‍රපටයක් කියලා. මෙහි රංගනයෙන් දායක වන්නේ ඔබලාට හුරුපුරුදු නළු නිලියන් නෙවෙයි, ප්‍රධාන නළු නිලි දේපල වන්නේ, Veera Bahu (Arjun Parthiban) සහ Regina Cassandra (Michelle D’Mello) විසිනි. සහයක නළුවන් වන්නේ, Ajai Prasath (Devaraaj Sarathy),Darbuka Siva (Austin D’Costa/Deepan), Ilavarasu (Sethu Madhavan) සහ Aadukalam Naren (Dharmaraj) විසිනි. මෙහි දුෂ්ටයාට රඟපාන්නේ,Pattiyal K. Shekar (Kanchi Azhagappan)
මෙහි කතාව වන්නේ, අර්ජුන්, දේවරාජ් (දේවා),දීපන් කියන්නේ යාළුවන් තුන්දෙනෙක්. ඉතින් මොහුන්ගේ රැකියාව වන්නේ, අන් අයව රවටා මුදල් වංචා කිරීමයි.සේදු කියන මිනිහා තමයි මොහුන් තුන් දෙනාට රවට්ටන්න ඕනේ අයව සෙට් කරන්නේ. දේවාට ඕනේ පොඩි පොඩි වැඩ කරලා ජීවිතය ගෙන යන්නේ නැතිව, එක පාරටම ලොකු වැඩක් කරලා සෙට්ල් වෙන්න. නමුත් අර්ජුනට ඕනේ පොඩි පොඩි වැඩ කරන්න. ඉතින් මෙතන ධර්මරාජ් කියන්නේ, ෆිනෑන්ස් සමාගමක් ආරම්භ කර, ජනතාව රවට්ටා එම මුදල් වංචා කරපු එකෙක්, ඇත්තටම මොහු මේ වංචාවට සම්බන්දද? ඉතින් මේ සේදූ කියන මිනිහා ගාවට ධරමරාජ් එනවා කෙනෙකුගේ ආභරණ කඩයක් මංකොල්ල කන්න උදව් ඉල්ලගෙන. ඉන්පසු මොහු මේක අර්ජුනට කියනවා, අර්ජුන් කැමති නැහැ මේ වගේ ලොකු වැඩ කරන්න, ඔහුට ඕනේ පොඩි පොඩි වැඩ කරලා ජීවිතය ගැට ගහගන්න විතරයි. ඉතින් අර්ජුන් හිතනවා ධර්මරාජ් කියන්නේ වංචාකාර මිනිහෙක් සහ මේක ලොකු වැඩක් නිසා මේ වැඩේට ඔහු මුලින් කැමති වෙන්නේ නැහැ. ඉන්පසු මොහුගේ යාලුව වන දේවා මාර්ගයෙන් මොහුට බොරු තොරතුරක් දීලා, ලක්ෂ දහයක් මංකොල්ල කන්න බලනවා, අර්ජුනගේ පෙම්වතියට පොඩි සල්ලි ප්‍රශ්නයක් තියෙන නිසා මේ වැඩේට මොහු කැමති වෙනවා. ඇත්තටම ඔහු සල්ලිද මංකොල්ල කන්න යන්නේ? ඒ වැඩේ කරාට පස්සේ මොහුට මොනවා වෙයිද? කියලා දැන ගන්න ඕනේම නම්, චිත්‍රපටය නරබන්නම වෙනවා.
705 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
9F523F8CCA9C5F9031AFB77ECC650452D36EBA06 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
6,428 downloadsDownload Rajathandhiram-2015.zip55 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/IMAG01901.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිඳු සංදීප (BrsRavindu)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු සංදීප
Subtitles
42 comments
nipun
thisal
tnxxxxxxxxxxxxxxx bn super
Darshana
Thanq mchn
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි සහෝ.
අද දවසට ඔයාගේ 2වැනි එක නේ මේක.
සුපිරියි.
දිගටම ඔහොම යමු.
ෆිලුම නම් සුපිරියි.
මං ආපූ කාලේ බැලුවා. නොබලප අය අනිවා බලන්න. සුපිරි කුතුහලය සපිරි කතාවක්.
නිළිය නම් නවක නෑ කියලා තමා මං හිතන්නේ
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!!
ජයෙන් ජයම වේවා!!!Ravindu Sandeepa
මගේ ඊළඟ සබ නම් පොඩ්ඩක් පරක්කු වෙයි සහෝ... මොකද ඒ ෆිලුම පොඩ්ඩක් පරණ චිත්‍රපටයක්, ඒකයි ටිකක් හිමින් කරන්නේ. අලුතෙන් එන ඒවා නම් අනිවා, නිදි මරාගෙන හරි දවසින් දෙකකින් වගේ ඉවර කරනවා.
kavindugayashan
Chinnadana Nee Kosam (2014) meka hugak hoda film akak mekata puluwanam sub akak denna tnx
sanju
kolla kohomada mcn film eka camera copy da nedda kiyala hoyaganne baganna issella
Nicol Vishan
සුපිරිම වැඩක්. iඑළකිරි
Kulanjana Maduranga
maru ne dn sub denne nikan gindara wagene.ela ela.thanks RAVINDU saho..sub ekata..digatama me vidiyata sub denn shakthiya labewa.jaya wewa......
ලස්සන boy
ftta bro..............
ලස්සන boy
Tnx Mchn fttama thma..............
තාරක නුවන් දිල්හාර
මේකා කනේ පාරවල් දෙන්න වගේනේ සබ් දෙන්නේ.
උදේ එකක්, දැන් තව එකක්
සුපිරිම වැඩක්
දිගටම ඔහොම යමු.
ෆිලුම නම් සුපිරියි.
මම කලින්ම බාගෙන හිටියේ.
සිරාජ් මල්ලි කිව්වා වගේ නිළිය නම් නවක නෑ කියලා තමා මාත් හිතන්නේ.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි…
දිගටම සබ් කොටන්න ශක්තිය හා කාලය ලැබේවා.
කෝකටත් ජොබ් එක පරිස්සම් කර ගනින්
ජයෙන් ජයම වේවා!!!නලින්
ස්තුතියි රවිදු සහෝ!
ජය වේවා~
එල්.සී. දමැල්
නියමයි නියමයි රවිඳු සහෝ...
ස්තූතියි...
ජය...ආදරය හීනයක්
අලුත් දෙමළ/තෙලිඟු ෆිල්ම්නම් අතාරින්නෑ සහෝ...
බොහොමත්ම ස්තූතියි සබ් එකට :)indika
ස්තූතියි… :)
samee
Niyamai macho. Ohomama yaman. Aluthma ewwa aragena emu. Subapathum.
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DkanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Ranga Heshan
නියමයි සහෝ…….
උපසිරසට ස්තූතියි… රංග හේෂාන්kavi
thanks sub ekata jaya wewa !!!!1
Yenu
බොහොම ස්තුතියි උපසිරසියට ....................
පොඩි මෑන්
Saho oya niyamaine :) Sabatath oyage Mahansiyatath patta thanks.
Tamilma denna :P :Pnirosh akalanka
thankzzzx mcn sub ekata
කැලුම් ගුණසේකර
බොහොම ස්තුතියි උපසිරසියට
sheron
sadun ayya den sub danne neda????
SaDuN dAnUsHkA
ලගදිම බලාපොරොත්තු වන්න
sheron
nero la ge sub awe nedda ayya lagadi
රොයිලි
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thanushka
Thanks!!!
Shammi
Ravindu ayiya, Pattama lassana tamil film ekak tinwa ''Amara kavyam'' kiyala. Puluwan nam eke sub ekath dannako.
Ravindu Sandeepa
හරි ඒකටත් සබ් එකක් ළඟදීම හදලා දාන්නම්.
Amalka
thanks subtitle ekata
අදිත ප්‍රවීන්
බොහොම ස්තුතියි සබට !
තවත් එකක් ඉක්මනට දෙමු .“චූටී මල්ලි”
bluwaaa pttama ptta
tnxlusantha
godak isiuti...........ela...
lusantha
thanks saho
DoN
නියම Story එකක් තමා මේකත්... මේක බලද්දි gappiya ම තමා මතක් වෙන්නෙ... gappiya ගේ action තමා මුටත් තියෙන්නේ.. හැමෝම බලන්න.. Sub & Film එකට ස්තුතිය....
chamika
thanks bro
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයMenu
බොහොම ස්තුතියි උපසිරසියට :)
LakshanD
ස්තූතියි බ්රද ❤️
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Rajathandhiram (2015) | රාජ්‍යෙපාය [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/Rajathandhiram-2015.jpg)

thankz mchn