Watch Trailer

Ramayana: The Epic (2010) with Sinhala Subtitles | මහා වීර කාව්‍ය ත්‍රිමාණ සිත්තමක් ලෙස.. [සිංහල උපසිරසි සමඟ]

සම්පූර්ණ ඉන්දියානු නිෂ්පාදනයක් ලෙස 2010 ඔක්තෝබර් මස 15 වැනිදා එළිදැක්වුණු මෙම චිත්‍රපටියට මම සබ දාන්න කාලයක් බලන් හිටපු එකක්. මේ චිත්‍රපටිය මං මුළින්ම දැක්කෙත් අවුරුදු පහකට විතර කළින්. ඒ දැකලත් බලන්න හම්බ වුණෙත් අවුරුදු තුනකට විතර පස්සේ. කොහොම හරි සබ් ෆයිල් තිබුණට කරගන්න විදියක් නැතුව තමයි හිටියේ..…

සම්පූර්ණ ඉන්දියානු නිෂ්පාදනයක් ලෙස 2010 ඔක්තෝබර් මස 15 වැනිදා එළිදැක්වුණු මෙම චිත්‍රපටියට මම සබ දාන්න කාලයක් බලන් හිටපු එකක්. මේ චිත්‍රපටිය මං මුළින්ම දැක්කෙත් අවුරුදු පහකට විතර කළින්. ඒ දැකලත් බලන්න හම්බ වුණෙත් අවුරුදු තුනකට විතර පස්සේ. කොහොම හරි සබ් ෆයිල් තිබුණට කරගන්න විදියක් නැතුව තමයි හිටියේ..පස්සේ ඊයෙ පෙරේදා මතක් වෙලා බැලුවා කව්රුහරි මේ චිත්‍රපටියට සබ දාලාද කියලා. දාලා නැති හින්දා මට පුදුමත් හිතුණා…පස්සේ දනිපනි ගාලා අසංක සහෝට කියලා චිත්‍රපටිය වෙන් කරගත්තා…

හොඳයි…චිත්‍රපටිය ගැන කියනවනම් මෙය IMDb හි 6.1/10 ක අගයක් ලබා ගෙන තිබෙනවා. ආදායම ඉන්දීය රුපියල් කෝටි 1.45 ක්. එමෙන්ම මෙහි අධ්‍යක්ෂණයෙන් Chetan Desai ත්, රචනයෙන් Riturraj Tripathii ත් සහ හඞ කවීම් ශිල්පීන් ලෙස Juhi Chawla – Sita ලෙසත්, Manoj Bajpayee – Rama ලෙසත්, Ashutosh Rana – Ravana ලෙසත්, Mukesh Rishi – Hanuman ලෙසත් එක්වී තිබෙනවා. මෙහි බෙදා හැරීම Warner Bros. India සමාගම විසින් සිදු කොට තිබෙනවා. මෙහි සජීවිකරණය ගැනත් විශේෂයෙන් සඳහන් කළ යුතුයි. Maya මෘදුකාංගය යොදාගෙන තමයි මෙහි Animation සිදු කර තිබෙන්නේ. චිත්‍රපටිය නිෂ්පාදනය වූයේ වසර 7 කට පෙර වුවත්, බටහිර චිත්‍රපටියකට නොදෙවෙනි ලෙස නිර්මාණය කොට තිබෙනවා (හැබැයි පොඩි දුකකුත් තියෙනවා, අපේ රටේ තාමත් මෙවැනි චිත්‍රපටියක් නිෂ්පාදනය නොවුණ එක ගැන). එමෙන්ම මෙහි චරිත නිර්මාණය ගැනත් යමක් කිව යුතුමයි. ඒ ඒ චරිතයේ ඇඳුම් පැළඳුම්, ආභරණ, මුහුණේ හැඟීම්, හැසිරීම් ආදිය මනාව නිරූපණය කර තිබෙනවා (සමහර සිද්ධි දුටුවම “අම්මට සිරි“ කියලත් නොසිතුණාම නොවේ.

හරි..රාමායණය කථාව ගැන ගොඩක් දෙනා දන්න හන්දා මං වැඩි විස්තර කියන්න යන්නේ නෑ. ඒ වුණත් රාමායණය ගැන මට හිතෙන දෙයක් කියන්න හිතුණා. ඇත්තටම රාමායණයේදී, අපේ රාවණ රජු, දුෂ්ට චරිතය වුවත්, රාවණගේ ඉතිහාසය සළකා බලද්දී නම්, රාවණ කියන්නේ ධෛර්යසම්පන්න, බලවත් දේවත්වයෙන් අදහපු රජ කෙනෙක්. එමෙන්ම විශිෂ්ට ග්‍රන්ථ රචකයෙක්, වෛද්‍යවරයෙක්. තව දෙයක් රාවණ යනු අති බලසම්පන්න පුද්ගලයෙක්. රාම කියන්නේ සාමාන්‍ය මිනිසෙක්. සමහර මූලාශු වල නම් සඳහන් වන්නේ රාම රාවණ යුද්ධයේදී, න්‍යෂ්ටික අවි,(ලේසර් අවි පවා!) භාවිතා වූ බවයි. එහෙව් එකේ රාවණ පැරදුණා කියන එක ගැන පොඩ්ඩක් හිතන්නත් වෙනවා (රාවණ මිය ගොස් නෑ, නිද්‍රාවකට පත් වූ බවත්, ඔහු යම් දිනෙක අවදිවන බවත් මත තියෙනවා). ඒ වගේම රාවණා සිටි කාලයත්, රාම සිටි කාලයත් අතර ගැළපීමකුත් නෑ කියලත් සඳහන් වෙනවා. මෙය හුදෙක්ම සෘෂි වාල්මිකිගේ කාව්‍ය සඳහා අතිශයෝක්තියෙන් යොදා ගැනීමක් බවයි පේන්නේ!!

ඉතින්…මං ඔයාල හැමෝටම ආරාධනා කරනවා චිත්‍රපටිය බලන්න, බලලා ඔයාලගේ අදහසුත් දක්වන්න කියලා.

ඒවගේම බයිස්කෝප් අඩවියටත්, අසංක සහෝටත් ස්තූතියි.

Ramayana: The Epic (2010) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා ගැලපේ.

5,570 downloadsDownload Ramayana-The-Epic-2010.zip35 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/HiranthaSilva2-e1485205886189.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරන්ත සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-12-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

හිරන්ත සිල්වා

Subtitles

5,570 downloadsDownload Subtitles35 KB

25 comments

  1. Gathsara Umesh Kumara

    Bohomm sthuthiy shoo

    1. Nuwan

      Machn Me Film Eke Link Eka Danawada?

  2. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල දමිල ඉංග්‍රීසි හින්දි චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  3. C. R. ජයලත්

    ෴ ෴ නියමයි සහෝ. ජය වේවා ෴ ෴

  4. පැතුම් ඉෂාර

    ෴සබට තෑන්ක්ස් බ්රො෴

  5. සචින් කෙවින්

    °°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
    °°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා....°°°°°°°
    Good Luck. Keep Subtitling :-)
    Elzzzzzzzzzzzz..

  6. අසිත

    elama saho thanks

  7. ඉෂාන් මදුෂ

    නියමයි.බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  8. Prabuddha Kulatunga

    Thanks bro! :D :D

  9. Sanindu Lakkitha

    ::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::
    ::::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::

  10. kanthaDLA

    නියමයි අක්කේ ඔන්න ගත්තා

  11. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Dhananjaya Bandara

      sub ekata tnx, eth mata torrent file ekak baganna nane. okkoma block karala
      plz mata udau karanna

  13. ඉසුරු

    thanks

  14. shasith sandaruwan

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
    දිගටම සබ් දෙමු ආ.... :P
    ඔබට ජය!

  15. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  16. kavi

    Thanks weewaa godaak.

    1. සඳරුවන්

      සම්පූර්ණ රාමායණය දමිළ එකට subtitles හදලා දෙන්න පුළුවන්ද..මේක ගොඩක් කාලෙකට කලින් tv එකේ ගියපු එකක්.3Hr විතර තියෙනවා film එක.පුළුවන්නම් ලොකු දෙයක්..thanks..

  17. Dilanki

    ela ela thankzzzz...jayawewa.

  18. Dhananjaya Bandara

    sub ekata tnx aaaaaaaaaaaaaa
    meke torrent file eka baganna ba
    danna kauruhari innawanam mat udau karanna. link ekak hari ewanna

  19. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  20. DG

    bohoma sthuthi saho....

  21. madhusankha

    Thanks bro......

  22. Anonymous

    Ramayana the legend of Prince Rama ekatat sub ekak dannako