ඇනිමේශන් වලට ප්‍රසිද්ධ PIXAR ආයතනය මඟින් නිපදවනු ලැබූ ඔස්කාර් සම්මානයක් ඇතුලු තවත් සම්මාන 43 ක් දිනා IMDB වර්ගගත කිරීම් අනුව 8.2/10 දිනා ලෝකයේ හොඳම චිත්‍රපටි අතර 172 ස්ථානයේ දැනට පසුවෙන ලස්සන චිත්‍රපටියක් සිංහල උපසිරැසි එක්ක බැලුවොත් කොහොමද? ඔන්න එහෙනම් ටික කාලයක නිහැඩියාවකින් පසුව උපසිරැසි දෙන්න ග…

ඇනිමේශන් වලට ප්‍රසිද්ධ PIXAR ආයතනය මඟින් නිපදවනු ලැබූ ඔස්කාර් සම්මානයක් ඇතුලු තවත් සම්මාන 43 ක් දිනා IMDB වර්ගගත කිරීම් අනුව 8.2/10 දිනා ලෝකයේ හොඳම චිත්‍රපටි අතර 172 ස්ථානයේ දැනට පසුවෙන ලස්සන චිත්‍රපටියක් සිංහල උපසිරැසි එක්ක බැලුවොත් කොහොමද?
ඔන්න එහෙනම් ටික කාලයක නිහැඩියාවකින් පසුව උපසිරැසි දෙන්න ගත්තා නැවතත්. සමහරක් විට මේක කට්ටිය බලලා තියෙන්නත් පුලුවන්. ඒත් නැවතත් බලන්න කියලා මම ආරාධනය කරනවා මම හැමෝටම. කෙටියෙන්ම කියනවනම් මේක කතාව යන්නේ මීයෙක් හා තරුණයෙක් වටා. මේ මීයා එසේ මෙසේ මීයෙක් නෙවෙයි උයන්න දන්න මීයෙක්.
ප්‍රංශයේ ප්‍රසිද්ධ අවන්හලක් වන ගුස්ටෝ ගේ අවන්හලේ, මුලුතැන්ගෙයේ සිදුවෙන සිදුවීම් වටා තමයි මෙම කතාව ගෙතිලා තියෙන්නේ. වැඩි විස්තර අවශ්‍ය නෑ උපසිරැසි ත් තියෙන එකේ බලලම කියන්නකෝ කතාව කොහොමද කියලා.
ඒ වගේම මම කට්ටියට ආරාධනා කරනවා උපසිරැසි දැම්මනම් හොඳයි කියලා හිතන තමුන් කැමති ෆිල්ම් තියෙනවනම් මට දැනුම් දෙන්න කියලා. මම උපරිම උත්සහය දරන්නම් ඒ ඉල්ලීම් ඉටු කරන්න. ඒ වගේම අඩුපාඩු පෙන්නල දෙන්න කියලත් ඉල්ලනවා මම දැනට උපසිරැසි දාල තියෙන ෆිල්ම් වල.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2009/03/10
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
122 comments
chamila
Wolveriŋe™
මැක්සා ෆිල්ම් එක හැබැයි එක පාරක් බැලුවා කියලා නෑ බාගන්න දැම්මා
මට මතක විදියට මේකේ ගේම් එකකුත් අවා, ඒක මම මගේ එකේන් දෙන්නම් :)SirAj
thxxxxx
Ramesh
Elakiri ohama yang.
Uraj Deemantha
ඔන්න දවස් ගානකට පස්සේ මමත් ආවා මේ පැත්තේ..... :)
මමත් මේක බැලුවා..... :D හැබැයි හොද copy එකක් නෙවෙයි බැලුවේ..... :( ඒ නිසා මේකත් බාලා බලනවා....... :D
බයිස්කෝප් එකේ අලුත් සෙට් එකට සුභ පතනවා...... :)
panchaz
machan mama blackhawk down movie ekata hadala dennada
article ekak heta post karanawada ada mama dennamDareDevil87
අපොයි! මං මේක බලලා තාම සතියක් නෑනේ. දැන් මොකද කරන්නේ? සිරා film එකක්. කම්මැලි නැතිව බලන්න පුළුවන්. but ආයෙත් බාන්න කම්මැලියි :(
දිනුෂ්ක උදාර
ඔන්න ඉතින් වැඩක් කෙරුව.! ඉන්දල ඉන්දල සබ් එක දැම්මේ බලපු එකකටනේ. මේක බලලා දැන් ගොඩක් කල් නේ! නියම මූවි එක. මේක මම බැලුවෙ අපේ ගෙදර ඉන්න පොඩි එවුන් ටිකත් එක්ක. රොයිලි ප්‍රනාන්දු සහෝදරයට බොහොම ස්තුතියි.
දිනුෂ්ක උදාර
Schindlers List (1993)ෆිල්ම් එක මම බලපු විශිෂ්ට ගනයේ නිර්මනයක්,රොයිලි ප්‍රනාන්දු සහෝදරයට පුලුවන්නම් ඒකට සින්හල සබ් එකක් හැදුවොත් ගොඩක් අය බලයි. එහෙම කියන්නේ දැන් ඉන්න ගොඩක් අය සම්භාව්ය ගනයෙ ඒව බලන්නෙ නැති හින්දයි.
සහන්
"ඒ වගේම මම කට්ටියට ආරාධනා කරනවා උපසිරැසි දැම්මනම් හොඳයි කියලා හිතන තමුන්
කැමති ෆිල්ම් තියෙනවනම් මට දැනුම් දෙන්න කියලා"ඒක නම් නියමයි :-)
chathurarcrc
ඔප්ස් බලපු එකක්.හඉයො... මොනා කරන්නද..
සින්හලත් තියෙනවා. නොබ ඉන්නත් බැ වගේ.. අයිත් පරක් බානව.
රොයිලි අයියා වෙනුවෙන්.ජය වෙවා.අඛිල
වෙලාවට මකන්නැතුව තියන් හිටියේ
දැන් ඉතින් සිංහලෙන්ම බැලුවැකි
:)Up+++
නියම ෆිල්ම් එකක් තමයි. ඒත් තාම මට මේ සිංහල උප සිරැසි ටික බලන විධිය හොයාගන්න බැරි වුනානේ. අනේ කවුරු හරි ඒකත් කියල දුන්න නම් තෑන්ක්ස්....
ඉන්දික
ඔන්න මමත් බානවා මේක මගේ පොඩි දෝණිට නං දවස් ගණනක් බලලා හිනාවෙන්න පුලුවන් එකක් වගේ බබා හුගක් කැමතියි මේ වගේ ඇනිමේෂන් වලට බොහෝම ස්තුතයි
දිනුෂ්ක උදාර
@ Up+++ :- ඇයි ඔයගෙ පී.සී එකෙ සින්හල සබ් වෙඩ කරන්නේ නැද්ද?
VCL Player පවිච්චි කරද්දි මටත් ඔය ලෙඩේ තිබුන. නමුත් දැන් වින්ඩොස් කොඩැක් පැක් එක ඉන්ස්ටෝල් කරල තමයි වැඩෙ හරි ගියෙ!ප්‍රසාද් නයනජිත්
ටික දවසකට කළින් බැලුව. නියම විච්‍රපටයක්... ස්තූතියි!...
රොයිලි
@ chamila,
එක පාරක් බැලුවට මක් වෙනවද. ආයේ පාරක් සබ් එක්කම බලන්න. :)
රොයිලි
@ Wolveriŋe™,
අන්න එල වැඩේ. අපි ගේම් එක බලන් ඉන්නවා එහෙනම්.
රොයිලි
@ SirAj, Ramesh,
ස්තූතියි මචංලා,
රොයිලි
@ Uraj Deemantha,
ඒක තමයි පහුගිය ටිකේ ආවේ නැත්තෙ මොකද කියලා බල බල උන්නේ. මොකද බොසා වැඩ මවලා දෙනවද කරන්න. :)
රොයිලි
@ DareDevil87, දිනුෂ්ක උදාර,
අහ් ඒකත් එහෙමද? සමාවෙන්න ඕනා ඉතින්. මේකයි හැමෝම බලලා නැති ෆිල්ම් හොයන්න හරි අමාරුයි මචංලා. මොකක් දැම්මත් කවුරු හරි බලලා තියෙනවා. :(
Wolveriŋe™
@ රොයිලි අනිවා මචන් ආව ගමන් දෙන්නම්
රොයිලි
@ දිනුෂ්ක උදාර,
මම ඕක ගැනත් හිතුවා. ඉස්සරහට උත්සහයක් දරන්නම්. ඊලඟට දෙන්න යන ෆිල්ම් එකත් ඔයිට ටිකක් සමාන එකක්. බලන්නකෝ ඊලඟ සතියේ.
ඔන්න පොඩි ඉඟියක් දුන්නා. :)
රොයිලි
@ chathurarcrc,
ස්තූතියි මචෝ. ඇත්තටම කට්ටියටම මේ වැඩේ අල්ලලා යනවනම් තමයි දිගටම මේ වැඩේ කරන එකෙන් ප්‍රතිඵලයක් තියෙනවා කියල හිතෙන්නේ. :)
රොයිලි
@ අඛිල,
අන්න ඒකනේ. වෙලාවටම මකන්න කලින් මේක දුන්නේ. නැත්තම් ඉතින් ආයේ බාන්න වෙනවා එහෙම නැත්තම් නොබල ඉන්න වෙනවා.
රොයිලි
@ Up+++ ,
දිනුෂ්ක උදාර ඔයාගේ කමෙන්ට් එකට පහලින් කියපු එකත් හරි එහෙම නැත්තම් jet audio එකේ හරි media player එකේ හරි බලන්න අනිවා වැඩ කරනවා. හැබැයි සබ් තියෙන .srt ෆයිල් එකයි movie ෆයිල් එකයි එකම ෆෝල්ඩර් එකේ save කර ගන්න.
රොයිලි
@ ප්‍රසාද් නයනජිත්,
ස්තූතියි මචං
Suvin
aiyoooooo....... balapu ekakata sub daaaalaaaa......! aparaade..... saahena paadui pata!
Lahiru Randika
රොයිලියා දුන්නොත් ඉතින් අහන්න දෙයක් තියනවද... ආයි....
බාලම තමයි පස්ස බලන්නේ.. ;)කෝක් උනත් ටික කාලයක් යයි බාන්න මොකද මේ දවස් වල මට වැඩ ගොඩ දැහිලා... :(
රොයිලි
@ Suvin,
:( මක් කරන්නද මචෝ කවුරුවත් බලලා නැති ඒවා හොයා ගන්න අමාරුයි මචෝ.
රොයිලි
@ Lahiru Randika,
එල එල මචං. ඉතින් බාල තියාගෙන නිවාඩු පාඩුව බලන එකයි. :)
Rotiya
අඩො රොයිලියා පට්ට අහ්..
මෑxxA .
මාත් මේ දවස් දෙක තුනකින් ආවේ.ගෝලයා
අම්මෝ... අද සෑහෙන්න කට්ටිය බයිස්කෝප් එක්ට ඇවිල්ල වගේ. අද මම උදේ පාන්දරින්ම එල චිත්‍රපටියක් දුන්නනේ. :) රොයිලි සහෝදරයා හැමෝටම ප්‍රතිචාර දක්වලා තියෙන එකේ, මම පොදුවේ ප්‍රතිචාරයක් දෙන්නම්.
ඉස්සෙල්ලාම ස්තූති කරන්න ඕනේ රොයිලි සහෝදරයට, මනුස්සයනෙ ඉතින් වැඩේ කරන්නේ. :D ඒ වාගේම ප්‍රතිචාර දක්වමු හැමෝටම ස්තූතියි. කාලෙකට පස්සේ Uraj Deemantha බයිස්කෝප් පැත්තේ ඇවිල්ලා සිටිනව දැකීම සන්තෝසයට කාරනයක්. ;)
ඒ වගේම කට්ටිය බලලා තියෙන බයිස්කෝප් එකක් නැවත ලබා දීම ගැන සමාවෙන්න ඕනෙ. කොහොම උනත්, Ratatouille සිංහල උපසිරැසි එක්ක නැවතත් බලන එක නැවුම් අත්දැකීමක් වේවි. :)
බුධාජීව
බානෝ!
AL1717
Ela Ne machan Film Eka Nam Beluwa Sinhala Sub tihyana Nisa Ayeth Balanna one..
පොතේ ගුරා
ඔන්න රොයිලි සහෝගෙන් වෙනද වගේම අපි ඔක්කොටම එළ තෑග්ගක් ලැබිල තියෙනව මේ පාරත්..
සරදියල්
ගෝලය,රොයිලියා තැන්කු කිව්වා එහෙනම්
අහා ගුරත් එලි බැහැලා ඉන්නේ උබ ගෙට උනාලු නේද??
:Dmaneesh
menna gurath awith.....
පොතේ ගුරා
@සරදියල් !හික් හික්..ගෙට නෙවෙයි බන් ඔෆීස් එකට උනා..ඉතින් දැන් වැඩිය ජංජාලෙ පැත්තෙ එන්න ලැබෙන්නෙ නෑ! බලපන් ඒ අත‍්රෙ ගිහින් තියෙන දූශමාන ආරංචි ගොඩ! :P
@maneesh! ඔව් ඔව් බන් කාලෙකින් කමෙන්ට් එකක් දැම්මෙ..මේ ෆිල්ම් එකට නොදාන කමෙන්ට් වලින් වැඩක් නෑ කියල හිතුන! ෆිල්ම් එක මැක්සා!
Uraj Deemantha
@ ගෝලයා :- ගොඩාක් වැඩ වැටිලා හිටියේ.... :( හෙට ඉදන් free :D ඔෆිස් එකෙන් resign වෙලා ඉන්නේ..... :) බොසා එක්ක කරන්න බෑ..... :(
මෙන්න මේකට උදව්වක් කරනවා නම් ලොකු පිනක්..... :D
Please suggest a good name for our company.
Need a good name for the company, who gives all IT related services....Like Web design, hardware, networking, customize software design and etc.... :)
Send your suggestions to :- urajdrlk (at) elakiri (dot) com
Thanks. :)
රොයිලි
@ rotiya,
ස්තූතියි මචං.
රොයිලි
@ බුධාජීව,
එල එල බාලම කියහන් කෝ කොහොමද කියලා. :)
රොයිලි
@ AL1717,
එල එල වැඩියේ හිතන්න එපා. බාලම බලහන්.
රොයිලි
@ සරදියල්,
ඔව් ඔව් අද මෙයා එලියට බැහැලා තියෙන්නේ. :-P
රොයිලි
@ maneesh,
:)
රොයිලි
@ Uraj Deemantha,
උඹ resign වෙලා අලුත් එකක් දැම්මද? එල එල මචං මගේ සුබ පැතුම්....
රොයිලි
@ පොතේගුරා,
ස්තූතියි මචං අද මේ පැත්තේ ආවට. දිගටම එන්න බලහන්.
chathurarcrc
අනිවා.. රොයිලි අයියගේ වැඩෙ ගොඩක් වටිනවා.සින්හල සබ් තියෙන ෆිල්ම් එකක් එනකම් බලන් ඉන්නේ හැමොම වගේ..
ජයHANDY
meka mama balala tiyenawa.niyamai,oyalath balanna.gurata thanx
රොයිලි
@ chathurarc,
ස්තූතියි මචං,
Related
![Paw Patrol: The Dino Movie (2026) Sinhala Subtitles | ඩයිනෝසෝර ලෝකයේ මෙහෙයුම! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paw-Patrol_-The-Dino-Movie-2026-1.jpg)
Paw Patrol: The Dino Movie (2026) Sinhala Subtitles | ඩයිනෝසෝර ලෝකයේ මෙහෙයුම! [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Vishwanath & Sons (2026) Sinhala Subtitles | විශ්වනාත් සහ පුත්‍රයෝ [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Vishwanath-Sons-2026-1.jpg)
Vishwanath & Sons (2026) Sinhala Subtitles | විශ්වනාත් සහ පුත්‍රයෝ [සිංහල උපසිරසි]
2026TamilMovie
![Paw Patrol: The Mighty Movie (2023) Sinhala Subtitles | උල්කාපාතයෙන් ලැබුණු බලය [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paw-Patrol_-The-Mighty-Movie-2023-1.jpg)
Paw Patrol: The Mighty Movie (2023) Sinhala Subtitles | උල්කාපාතයෙන් ලැබුණු බලය [සිංහල උපසිරසි]
2023EnglishMovie
![Moana (2026) Sinhala Subtitles | සාගර දියණිය [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Moana-2026-1.jpg)
Moana (2026) Sinhala Subtitles | සාගර දියණිය [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![One Night Only (2026) Sinhala Subtitles | තනිකඩයින්ට රජයෙන් පැය දොලහක්… [සිංහල උපසිරසි] [100*]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/One-night-Only-2026-2.jpg)
One Night Only (2026) Sinhala Subtitles | තනිකඩයින්ට රජයෙන් පැය දොලහක්… [සිංහල උපසිරසි] [100*]
2026EnglishMovie
![Mayday (2026) Sinhala Subtitles | සතුරන් මැද තනිවූ නියමුවා! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Mayday-2026-1.jpg)
Mayday (2026) Sinhala Subtitles | සතුරන් මැද තනිවූ නියමුවා! [සිංහල උපසිරසි]
2026EnglishMovie
meka aka parak baluwa...... aiyo dan aith balanna wenawa......... :(