Watch Trailer

No Reservations (2007) | ආදරයයි, ආහාරයි..

මේ චිත්‍රපටිය ගැන මම දැනගත්තෙ අහම්බෙන්. ඉතාමත් සුරූපී ඇමරිකානු නිලියක් වන Catherine Zeta-Jones ගේ බයිස්කෝප් එකක් බලන්න ආස හිතිලා, අන්තර්ජාලය පීරද්දී තමා මට මේක හම්බවුනේ. චිත්‍රපටිය ගැන මෙලෝ දෙයක් දන්නෙ නැතිව, “යන පැත්තකින් පල” කියල හිතාගෙන බෑවා. කියන්න තරම් වැරැද්දක් නැති, ජීවිතේට යමක් එක් කරගන්න ප…

මේ චිත්‍රපටිය ගැන මම දැනගත්තෙ අහම්බෙන්. ඉතාමත් සුරූපී ඇමරිකානු නිලියක් වන Catherine Zeta-Jones ගේ බයිස්කෝප් එකක් බලන්න ආස හිතිලා, අන්තර්ජාලය පීරද්දී තමා මට මේක හම්බවුනේ. චිත්‍රපටිය ගැන මෙලෝ දෙයක් දන්නෙ නැතිව, “යන පැත්තකින් පල” කියල හිතාගෙන බෑවා. කියන්න තරම් වැරැද්දක් නැති, ජීවිතේට යමක් එක් කරගන්න පුළුවන්, භයානක අතුරුඵල (රැට හීනෙන් බය වීම වගේ..) නැති, ලස්සන ප්‍රේම කතාවක් විදියට තමයි මම මේක දකින්නේ.

කතාව කෙටියෙන් කිවුවොත් මෙහෙමයි. සුපිරි ආපන ශාලාවක ප්‍රධාන කෝකියා විදියට කටයුතු කරන Kate (Catherine Zeta-Jones), සාමන්‍ය ජීවිතයත් ගෙවන්නේ බොහෝම ජේත්තු ක්‍රමයකට. ඇය බොහෝම දක්ෂ කාර්‍‍යශූර කෝකියෙක් වුනත් තමන් වටේ ඉන්න අනෙක් අය ගැන වැඩි තැකීමක් නැති විදියට තමා හැසිරෙන්නේ.

ඔය අතරේ නොසිතූ විරූ අයුරින් Kate ගේ සහෝදරිය සහ ඇගේ දියණිය රිය අනතුරකට මුහුණ දෙනවා. Kate ව බැලීමට එන අතරමගදී සිදුවන මේ අභාග්‍යසම්පන්න සිදුවීමෙන් Kate ගේ සහෝදරිය මිය යනවා. එහෙත් සහෝදරියගේ දියණිය (Zoe) අන්තුරෙන් ගැලවෙනවා. ඉතින් Zoe තම නැන්දා සමඟ ජීවිත් වෙන්න එනවා.

අනපේක්ෂිත සිදුවීම් රැසකට මුහුණ දෙන Kate ට, ඇගේ ප්‍රධානියා සුමානෙකට නිවාඩු දෙනවා. (බලෙන් වගේ දෙන්නේ, අනේ අපිටත් බලෙන් නිවාඩු දෙනවනම් කියල මට හිතුනා..) සුමානෙන් පස්සේ නැවතත් රාජකාරියට එන Kate ට දකින්න ලැබෙන දෙයින් ඈ පුදුමයට පත් වෙනවා. Kate ගේ රාජධානිය වුන මුළුතැන්ගේ දැන් පාලනය කරන්නේ, බොහෝම උද්යෝගිමත්, ක්‍රියාශීලී පට්ට කූල් කෝකියෙක් (Nicholas). මුළු ආපනශාලාවෙම කට්ටියගේ හිත දිනාගන්න ඔහු සමත් වෙනවා. Kate ට මේව දැකලා 84,000ට තද වෙනවා. ඔය අතරේ මාපිය කටයුතු ගැන කිසිම වැටහීමක් නැති නිසා Kateගෙයි Zoeගෙයි අතරෙත් ප්‍රශ්න ඇතිවෙනවා.  Kate ට රැකියාවේ පරණ තත්වයම ලැබේවිද? අළුත් කෝකියා ඇයට අභියෝගයක් වේවිද? Zoe ගේ ආදරය ලැබේවිද? මේ කතාවේ කොහෙන්ද “ප්‍රේමය” ඇරඹෙන්නේ? අවසානයේ මොනව වේවිද? බාගෙනම බලන්නකෝ.

32 comments

  1. marvelTracker

    Banna oneeee....

  2. maneesh

    Romeo+Juliet(1996) http://www.imdb.com/title/tt0117509/) wage wenas widihe love story ekak baiscope fanz lata denna....meka mam asama film ekak...

    best love stories i seen...WALK TO REMEMBER and Romeo+Juliet(1996)...

    I DNT AB THIS FILM...LOOKS LIKE ORDINARY ONE...

  3. kathu

    Mmmmmmm nice story...!! මං අාස කතාවක්... ෙගාලතුමා බලලා තියෙද P.S.I love you.. film එක. බලලා කියන්න..

  4. kolla :)

    thanks Goolayoo :P banawoo

  5. සුභාෂ්

    මේ ෆිල්ම් එක මම හරි ආසාවෙන් සල්ලි දීල ගත්තා දවසක් . .

    අනේ අවාසනාවට මේකෙ තිබුනේ වෙන භාෂාවක් . . . ඩීවීඩී එක මාරු කර ගන්න අවස්ථාවත් උනෙත් නෑ . .

    හොඳයි ඔයා මේක දාපු එක මලේ . .දැන් මගේ ආසාව ඉෂ්ඨ කර ගන්න පුලුවන් වෙයි . .

  6. Anura

    එල විස්තරේ. බලන්නම ඕන

  7. රංබංඩා

    කැතරීන් සීටා-ජෝන්ස් ට දැන් ටිකක් වයස වුනත් ගිනි කිරිල්ලි වගේ ඉන්නවා, නේද ගෝලයෝ..

  8. චමි.දේ.වා.

    ඇත්තටම ලස්සනයි.....මම මේක ඊයේ බැලුවේ....

  9. සහන්

    මම කැමති භයානක අතුරුඵල (රැට හීනෙන් බය වීම වගේ..) චිත්තර පටි වලට ඒ උනත් කමක් නෑ කියල ඔන්න බානවා

  10. ගෝලයා

    @marvelTracker : ලස්සන කතාවක්, බාලම බලහන්.

    @maneesh : බයිස්කෝප් එක්ක රැඳී ඉන්න. විවිධ රසඤතාවන් ඇති පාඨකයෝ රැසක් අපි එක්ක ඉන්න නිසා හැකි අයුරින් චිත්‍රපටි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.

    @kathu : හ්ම්ම්... P.S. I Love You බලලා තියෙනවා. වෙනස් විදියක ප්‍රේම කතාවක්, ලස්සනයි. :)

    @kolla : එල එල :)

    @සුභාෂ් : අනේ හෆොයි අයියේ. දැන් ඉතින් අත පය දිග ඇරලා රස විඳින්න පුළුවන්නේ. :)

    @Anura : බොහෝම ස්තූතියි මචං. බාපන් බාපන්.

    @රංබංඩා : අඩෙ අප්පා, මෙයාගෙ ලස්සනට මම වහ වැටිලා ඉන්නේ. ;) මෙතුමියගේ මුල් කාලේ චිත්‍රපටි එහෙම බලද්දී, මගේ මොලේ ෆුල් කචල් යනවා. හික්z... :D

    @චමි.දේ.වා. : එල මචං.

    @සහන් : විවිධ ආකාරයේ භයානක අතුරුඵල තියෙන චිත්‍රපටි බයිස්කෝප් තුලින් දෙනවා. කැතරීන් සීටා-ජෝන්ස් වගේ සුරූපී නිලියෝ ඉන්න චිත්‍රපටි බලන එකෙත් භයානක ප්‍රතිඵල නැතුවාම නෙවෙයි. ;)

  11. HANDY

    hodada kiyala kiyannam dwn karala

  12. රොයිලි

    @ ගෝලයා,

    /////අඩෙ අප්පා, මෙයාගෙ ලස්සනට මම වහ වැටිලා ඉන්නේ. මෙතුමියගේ මුල් කාලේ චිත්‍රපටි එහෙම බලද්දී, මගේ මොලේ ෆුල් කචල් යනවා. හික්z… ////

    අනේ අම්මෝ එහෙනම් එතුමියගේ පරණ ෆිල්ම් නම් බලන්න එපා. නැත්තම් මෙතන උඹවත් හොයාගන්න නැතිවෙයි. :-P

  13. Suvin

    Hmmmmmmm.... Danne nathi ekak! ahalath naha! eth ahala nathi, eth lassana films kochchara nam athida... ne??? mekath ehema ekak wenna athi! maath baanawa.....

  14. maneesh

    aniwarr yenma radi innawa...........

  15. Hiroshi

    sounds interesting...Lets DL and see...thnks anyway.....Kp up the good work....

  16. ගෝලයා

    @HANDY : එළ එළ..

    @රොයිලි : හී හී හී... ;)

    @Suvin : කතාව නම් ඇත්ත සහෝ. මෙච්චර බයිස්කෝප් බලන අපිටත් මඟහැරුණු හොඳ නිර්මාණ තියෙනවා. මේක ලස්සන කතාවක්, බාල බලහන්කෝ.

    @maneesh : :)

    @Hiroshi : ලස්සන කතාවක්. බලලා විස්තරේ කියන්න.

  17. AL1717

    Mekath Banna hithenawa Hithenawa wage....

    Balamuko...

  18. lakan girl

    mage priyathama niliyak cathrine zeta jones ;-) me film ekatth lassanai..mama nam meka beluwe cathrine inna nisamai, beluwata paduwak nehe ithing ...

    podi confession ekak thiyeanwa...hemadama wagema, michael douglas ta irsiya kara kara thamai cathrine inna me film ekakth beluwe..hik hik :-D

  19. ගෝලයා

    @AL1717 : හිත හිත හිත ඉන්න එපා. බාන්න. ලස්සන කතාවක්.

    @lakan girl : හික්z... මමත් ඉතින් මේ චිත්‍රපටිය බෑවෙ කැත්‍රීන් මහත්මිය ඉන්න නිසාමයි. එයගෙ රූප සොබාවට මම වහ වැටිලා ඉන්නේ. ;) ඇත්තටම අපූර්ව රංගන හැකියාවක් තියෙන නිලියක්. :)

  20. Ramraj

    රොයිලියාගේ කථාව අහලා මේ ෆිල්ම් එකත් බැලුවා.පරිගනක තිරයට නිලියගේ රූපයත් ඔබා ගත්තා. හික් හික්.

  21. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    තුති……. :)

  22. Achini

    බයිස්කොප් වෙබ් අඩවියෙන් උපසිරැසි බාගත කිරීම පෙර මෙන් පහසු නැත. පෙර තිබූ ක්‍රමය වඩා හොදය

    1. Kavindujayamal97

      kohomada download kare

  23. Kasun392351KKK

    download krnn bene sub eka

  24. Kavindujayamal97

    Kohomada download krnne

  25. Emi

    Thank you

    1. rome36855

      Download karanna be ne
      :::

  26. hgbmadushan

    Meke sub eka nadda bn?

  27. thanushka banis

    kohomad sub aka ganne

  28. Asaranaya

    Aiyo mage data tika.. Download karala baladdi ...download link eka naha. :(

  29. kalindu

    hena gahanawa chamuditha

  30. Shakthi sangeeth devinda

    Ko sub ek

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.