Watch Trailer

Right at Your Door (2006) | ගෙද‍රටම පැමිණි මාරයා!

Thriller චිත්‍රපටි බලන අය කැමති වෙන එකක් මේක. තරමක විද්‍යා-ප්‍රභන්ධ ලක්ෂණත් තියනවා. IMDB එකේ 6.3ක් තියන මේකට සම්මානයකුත් ලැබිලා තියනවා. ලොස් ඇන්ජලීස් නගරයේ කීප තැනක පුපුරා යන කුඩා න්‍යෂ්ඨික බෝම්බ කීපයකින් පසු ඇතිවන තත්ත්වයත්, තරුණ යුවලක් වන “බ්‍රැඩ්” සහ “ලෙක්සි” ඊට මුහුණ දෙන ආකාරයත් ගැන තමයි මේකෙන්…

Thriller චිත්‍රපටි බලන අය කැමති වෙන එකක් මේක. තරමක විද්‍යා-ප්‍රභන්ධ ලක්ෂණත් තියනවා. IMDB එකේ 6.3ක් තියන මේකට සම්මානයකුත් ලැබිලා තියනවා. ලොස් ඇන්ජලීස් නගරයේ කීප තැනක පුපුරා යන කුඩා න්‍යෂ්ඨික බෝම්බ කීපයකින් පසු ඇතිවන තත්ත්වයත්,  තරුණ යුවලක් වන “බ්‍රැඩ්” සහ “ලෙක්සි”  ඊට මුහුණ දෙන ආකාරයත් ගැන තමයි මේකෙන් පෙන්නන්නෙ. බ්‍රැඩ් ගෙදර ඉන්න, ලෙක්සි වැඩට ගිහිපු දවසක තමයි මේ බෝම්බ පුපුරන්නෙ. බ්‍රැඩ් ඉක්මනටම ගියත් ලෙක්සි ව හොයා ගන්න බැරි වෙනවා. පිපිරීමෙන් පස්සෙ එන දූවිල්ල ලොකු ප්‍රදේශයකට පැතිරිලා, බ්‍රැඩ් ල ගෙ ගෙදර පැත්තටත් එනවා. මේ දුවිල්ල එක්ක අලුත් වෛරස් එකකුත් අවිල්ල සමහරු ලෙඩ වෙනවා. මේක බෝවෙන ලෙඩක්. අලුත් එකක් නිසා තාම බෙහෙත් නැහැ. ලෙඩේ පාලනය කරන්න ඕන නිසා ලෙඩ්ඩුන්න්ට වෙඩි තියන්න පොලිසියට සිදු වෙනවා. මේ අතරේ ලෙඩේට ඉක්මනින් ම බෙහෙතක් හොයන්නත් බලධාරීන් ක්‍රියා කරනවා. එතකං හුලඟක් වත් ඇතුලට නොඑන්න ගෙවල් දොරවල් වහගෙන ඉන්න කියලා උපදෙස් ලැබෙනවා. පරහකට තියෙන්නෙ, ලෙක්සි සැහෙන්නෙ පරක්කු වෙලා ගෙදර එන කොට බ්‍රැඩ් ගේ air tight කරල ඉවරයි. ලෙක්සි ලෙඩ වෙලාද නැද්ද කියල දන්නෙ නැහැ. ලෙක්සි ව ගෙට ගන්න විදියක් නැහැ මොකද සමහර විට ලෙක්සිගේ ඇ‍ඟේ ලෙඩේ තිබ්බොත්, බ්‍රැඩ් ටත් හැදෙන්න පුළුවන්. ලෙක්සි ව එලියෙ තියලත් බැහැ මොකද දැනට ලෙඩේ හැදිල නොතිබුනත්, දිගින් දිගටම එලියෙ ඉන්න කොට  හැදෙන්නත් පුළුවන්. බ්‍රැඩ් බේරෙයි ද,  ලෙක්සි මැරෙයි ද, දෙන්නම බේරෙයි ද, නැත්තං මැරෙයි ද, ලෙඩේට බෙහෙත් හම්බ වෙයිද, වගේ කුතුහලය අවුස්සන කතාවකුත්, අනපේක්ෂිත සිදුවීමකුත් ඇතුලත් මේ චිත්‍රපටිය එක හුස්මට බලන්න පුළුවන්. බලල ඉවර වුනාම, තෲෂ්නිම්භූත වෙන්නත් ඉඩ තියනවා. 🙂

ලිපිය – රන්බංඩා

14 comments

  1. chathurarcrc

    ade meka adane dala thiyenne.eth thama
    Ratatouille udinma thiyenne.

    ah pothe gura dekka kal... :D

  2. Uraj Deemantha

    ඔන්න resign වෙලා ගෙදර ආව ගමන් මුල්ම කමෙන්ට් එක බයිස්කෝප් එකට... :D

    පහුගිය දවස් ටිකේ එන්න බැරි වුන නිසා, බාන්න දේවල් ගොඩායි.... :)

    ඊයේ රෑත් ලයිට් නැති වුනු නිසා එච්චර බාගන්න බැරි උනා......!!

  3. maneesh

    baalama balamu...

  4. ගෝලයා

    @chathurarcrc : පොඩි තාක්ෂණික වැරැද්දක් වුනා. දැන් වැඩේ හරි. පොතේ ගුරා හැමදාම බයිස්කෝප් පැත්තේ ඇවිල්ලා යනවා. :)

    @Uraj Deemantha : resign වුන එකෙන් උඹේ modem එකට නිවනක් නැති වේවි! නේද? ;)

    @maneesh : බලලා කියන්න කොහොමද කියලා.

  5. රොයිලි

    ඔන්න එහෙනම් මාත් බාන්න දැම්මා.රන්බංඩා සහෝදරයට ස්තූති වෙන්න ඕනා ලිපියට.

    @ Uraj Deemantha,

    හොඳම දේ අපේ ගුරු ගෝල දෙදෙනාගෙන් මෝඩම් එකට අනුග්‍රහයක් ඉල්ල ගන්න එකයි. ;)

  6. සහන්

    ‍ෆිල්ම් එකනම් හොඳයි අවසානෙ තමයි අවුල් O.o

  7. Uraj Deemantha

    @ ගෝලයා + රොයිලි :- අනිවා දැන් ඉතින් රවුටරේට අබසරණයි තමා..... :P

    මෙහේ බියගම හැමෝම complain කරනවලු SLT එකට නෙට් පට්ට slow කියලා..... :D

    අහන්නත් දෙයක්යෑ.... :P මම මේ බාන බෑමට අනිත් අයට දෙන්න තරම් නෙට් නෑ.... :D හික් හික්ස්..... :)

  8. HANDY

    hoda thi dwn karala balanawa........

  9. ගෝලයා

    @රොයිලි : ඇයි උඹ ඉස්පෙෂල් ද? ;) :D

    @සහන් : හම්ම්...

    @Uraj Deemantha : අනේ මන්දා බං, සමහර දවස් වලට හීනත් පේනවා. ගුරා, රොයිලි, උඹ, මම කම්බි ගනන් කර කර ඉන්නවා. හික්z... :D

    @HANDY : බලලා ගුණ දොස් විචාරපන්..

  10. AL1717

    Ela Ela thankssssss

  11. JD

    tora vada nane banzzzzzzzzzzzz :D

  12. YASITH

    TORRENT EKE WADA NAHA KARUNAKERA MEKE HADANNA

  13. Ramraj

    මේක නම් එළ එකක් වගේ.

  14. Hasitha8168

    ela