Watch Trailer

Ready (2011) | මැර මහත්වරු… [සිංහල උපසිරසි සමඟ]

ඉතින් යාළුවෝ හැමෝටම ආයුබෝවන් කියලා පටන් ගන්නවා, ඔන්න ඉතින් මම තවත් ලස්සන චිත්‍රපටියක් අරන් ආවා. මේක මගේ හතරවෙනි උපසිරසි ගැන්වීම හින්දි චිත්‍රපටියක්, ෆුල් ආතල් චිත්‍රපටියක් කිව්වොත් නිවැරදියි, ක්‍රියාදාම, කොමඩි සහ සංගීතමය ගනයට අයත් වෙන මේ චිත්‍රපටයට IMDB මීටරය 4.6 කට කරකැවිලා තියෙනවා මේකේ ගොඩක් ජනප්…

Ready(2011)

ඉතින් යාළුවෝ හැමෝටම ආයුබෝවන් කියලා පටන් ගන්නවා, ඔන්න ඉතින් මම තවත් ලස්සන චිත්‍රපටියක් අරන් ආවා. මේක මගේ හතරවෙනි උපසිරසි ගැන්වීම හින්දි චිත්‍රපටියක්, ෆුල් ආතල් චිත්‍රපටියක් කිව්වොත් නිවැරදියි, ක්‍රියාදාම, කොමඩි සහ සංගීතමය ගනයට අයත් වෙන මේ චිත්‍රපටයට IMDB මීටරය  4.6 කට කරකැවිලා තියෙනවා මේකේ ගොඩක් ජනප්‍රිය සින්දු කිහිපයක්ම තියෙනවා

චිත්‍රපටය ගැන තවත් විස්තර කරනවානම් මේකේ රංගනයෙන් යෙදෙන්නේ  සල්මන් කාන් සමගින් අසීන් විසින් සල්මන් කාන් ගැන ඉතින් කියන්න දෙයක් නෑනේ, අසීන් ගැන කියනවානම් ඉස්සර මෙයා රඟපෑවේ දමිල චිත්‍රපට, පස්සේ ගජිනි චිත්‍රපටියෙන් තමයි බොලිවුඩ් ක්ෂේත්‍රයට පිවිසෙන්නේ , පස්සේ බොලිවුඩ් වල මෙයා ගොඩක් ජනප්‍රියත්වයට පත් වෙනවා ඒ දෙන්නට අමතරව  Paresh Rawal, Arbaaz Khan, Sunjay Dutt, Ajay Devgan ද මේ සඳහා රංගනයෙන් දායක වෙලා තියෙනවා. චිත්‍රපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ සල්මන් කාන්ගේ සහෝදරයෙක් වන සොහෙල් කාන් (Sohel Khan) විසින් චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Anees Bazmee දැන් අපි කතාව මොකද්ද කියලා පොඩ්ඩක් බලමු

ඔයාලා දන්නවනේ අද කාලේ ඉන්න මැරයෝ, මාෆියා කාරයෝ, ඉස්සර වගේ සාමාන්‍ය පෙනුමට නෙවෙයිනේ ඉන්නේ අද කාලේ මැරයෝ ඉන්නේ ටයි කෝට් දාලා, මිල අධික සපත්තු දාලා රාජ්‍ය නායකයින්ටත් වඩා ආරක්ෂාව තියාගෙන එහෙමනේ, ඒත් මොනවා ඇන්දත් හොරා හොරාමයි කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ මේකෙත් අර ඉස්සර අය වගේ වගේ මිනි මරණ හොරකම් කරන, මුදල් වෙනුවෙන් තමන්ගේ පරම්පරාව වුනත් විකුණන ජාතියේ  මැරයෝ පිරිසක් ගැන කියවෙන කතාවක්.මුලින්ම පටන් ගන්නවානම්, ප්‍රේම් කියලා දඟකාර තරුණයෙක් ඉන්නවා එයා ගොඩක් කපටි චරිතයක් මෙයාගේ විසේ අඩු කරන්න කියලා ගෙදරින් මෙයාට කසාදයක් කරලා දෙන්න තීරණය කරනවා  මෙයාගේ ගෙදර කිව්වට මෙයාගේ පවුල ගොඩක් ගොඩක් සාමාජිකයින්ගෙන් පිරුණු පවුලක් නැන්දලා, මාමලා, ආච්චිලා, සීයලා, ඔක්කොම එක ගෙදර ඉන්න ගෙදරක තමයි එයා ඉන්නේ, තව කියනවනම් අල්ලපු ගෙදර අය ඉන්නෙත් මෙයාලගේ ගෙදර, ඉතින් පවුලේ අය තීරණයක් ගත්තොත් ආයේ එච්චරම තමා.  මෙයාගේ පවුලේ අයට පුජකතුමෙක් විසින් ප්‍රේම්ට විවාහ කරලා දෙන්න ගෑනු ළමයෙක්  හොයලා දෙනවා. ඒ තමයි පූජා. එයා ඉන්නේ රට. එයා එයාගේ වැඩකට ඉන්දියාවට එන වෙලාවක ප්‍රේම්ගේ ගෙදර අය ප්‍රේම්ව යවනවා පුජා එක්කන් එන්න, ඒත් ප්‍රේම්, පූජා ඕනෑකමින් මග හරිනවා ඒ අතරේ සංජනා(Asin) කියලා තවත් ගෑනු ළමයෙක් විවාහයකින් පැනලා යන ගමන් එයාපෝට් එකේදී ප්‍රේම් දකිනවා. සන්ජනගේ මාමලා දෙන්නා ඒ පළාතේ ප්‍රසිද්ධ මැරයෝ දෙන්නෙක්, දෙන්නම සහෝදරයෝ උනාට ඔවුන් එකිනෙකා මරාගන්න කණ්ඩායම් සංජනාගෙ කෝටි දෙසීයක දේපලක් වෙනුවෙන් සංජනාව තමන්ගේ පුතාලට බන්දලා දෙන්න තමයි ඔවුන්ට ඕන. ඒත් සංජනා ඒ එක්කෙනෙකුටවත් කැමති නැති නිසා තමයි පැනලා එන්නේ, සංජනා එයාපෝට් එකේදී ප්‍රේම් කතා කරන දේවල් අහගෙන ඉඳලා එයා පුජා විදිහට ප්‍රේම්ගේ ගෙදරට යනවා. එහෙම යන්නේ ඇයට දවස් දහයක් දොළහක්  නවතින්න තැනක් හොයාගෙන ඊට පස්සේ වෙන රටකට මාරු වෙන්න හිතාගෙන ඒත් ප්‍රේම් ඇයට ඒ ගෙදර සතුටින් ඉන්න දෙන්නේ නෑ කොහොමහරි එලවන්නමයි උත්සහා කරන්නේ ඒ අතරේ ප්‍රේම් දැනගන්නවා සංජනා, පුජා විදිහට තමන්ගේ ගෙදරට ඇවිත් සියලුම දෙනා රවට්ටනවා කියලා. ප්‍රේම් ඔක්කොම එයාගෙන් අහගන්නවා ඇයගේ මාමලාගෙනුත් ඇයට කිසිම ගැලවීමක් ලැබෙන්නේ නෑ හැමතැනම හොයනවා… ඔහොම ඔහොම යනකොට සංජනා සහ ප්‍රේම් ආදරය කරන්න පටන් ගන්නවා  ඊට පස්සේ ඉතින් ගොඩාක් දේවල් වෙනවා ඒ ඔක්කොම  කිව්ව්වොත් හරියන්නේ නෑනේ  ඔයාලට චිත්‍රපටිය බලාගෙන යනකොට හැම දේකටම පිළිතුරු ලැබේවි 

නිදිමත නැතුව හිනා වේවි ඉවර වෙනකන්ම බලන්න පුළුවන් චිත්‍රරපටියක් කියලා විශ්වාසයෙන් කියන ගමන් අවසාන වශයෙන් සබ් බාගෙන යන හැමෝටමත්, ලොස් නැතුව කමෙන්ට් එකක් දාගෙන යන පිංවතුන්ටත් හදවතින්ම ස්තුති කරමින් තවත් චිත්‍රපටියක් සමගින් හමුවෙන බලාපොරොත්තුවෙන් මම සමු ගන්නවා. ඔබට ජය…….

Ready (2011) on IMDb

 

 

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

592C9A03B9ACDE91BBF4AD325D43F663FC8DE0BB ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,619 downloadsDownload Ready-2011.zip91 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/තාරක-නුවන්-දිල්හාර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

තා‍ර‍ක ‍නු‍වන්‍

Subtitles

5,619 downloadsDownload Subtitles91 KB

37 comments

  1. නලින් පෙරේරා

    ස්තුතියි තා‍ර‍ක සහෝ... දිගටම සබ් කරමු..

    ජය වේවා!

    1. Lahiru Ruwanga

      ela ela

  2. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  3. SaDuN dAnUsHkA (ධනූ)

    සුපිරි මචෝ
    නියමෙට කරනවා
    එල එල....!

  4. asiri

    meyka lanakwe shoot karala thiyena aka songs akaka savoy aka laga shoot kale

  5. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය……

  6. chathurazeez

    Sub ekata godak tnx. Sub eka BRRIP ekata hadala dennako.

  7. Saketha Pulasthi

    මේක සිංහල සබ් එක්ක බලන්න ගොඩක් කල් ඉදන් බලන් හිටිය.ලස්සන සිංදු ටිකකුත් තියෙනවා.උපසිරසියට බොහොම ස්තූතියි :)
    Ready 2011 Hindi 720p BRRip CharmeLeon Silver RG කොපියට සබ් ගැලපෙනවද?

  8. thisal

    එල එල මෙක මම බලලා තියෙනවා එත් ආයෙත් බලන්න ඔනි අනිවා බැමක් ට්හම තැන්ක්ස් සබට

  9. ශාමල් මනෝජන්.

    සබට තෑන්ක්ස්. ෆිල්ම් සබ් කරනකොට 720p Blu ray copy ගැනත් හිතලා බලන්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා.

    1. තාරක නුවන් දිල්හාර

      BR Rip වලට සීඩ් ටිකක් අඩුවෙන් තිබුනේ මචෝ එකයි දැම්මේ නැත්තේ
      එපාර බාගයක් බාලා ඉතුරු ටික බාගන්න බැරි වුනාම ඉබේම අපේ දෙමවුපියන් මතක් වෙනවනේ බං
      ඒකයි එහෙම කරේ,
      ඊළඟ පාර බලමු.....

  10. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි.
    මාත් තාම මේ ෆිලුම බලා නැත.
    සිංහල සබ් එකට ගොඩාක් ස්තුතිය සහෝ.
    දිගටම සබ් දෙන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!
    ජයෙන් ජයම වේවා!!!!!!

  11. Jack

    ස්තුතියි මචෝ.
    දිගටම සබ් දෙන්න.
    ජය.

  12. Kulanjana Maduranga

    niayamai…thanks THARAKA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  13. sanjeewa

    Thanks for sub

  14. Kasun Dhannushka

    PK sub den naddoooo ??????

  15. rejith

    thanks

  16. “චූටී මල්ලි”

    එල
    dinka chika dinka chikaa :D
    සබට තුති
    ඔබට ජය.........

  17. වරුණ රංගජිත් (වරූ)

    නියමයි තාරක..
    සබට තුති..
    ඔබට ජය..

  18. ශාන්ත

    නියමයි සහෝ
    ජය ශී............

  19. රොයිලි

    බොහොම ස්තූතියි තාරක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. yasi

    එල කොල්ලෙක්නෙ ඔයා!! thanks a lot for your hard work..

  21. shanuka

    supirima wadak machn thankz a lot sinhala sub dunnadta

  22. පොඩි මෑන්

    Thanks saho sabata.

  23. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  24. Yenu

    Thank You.............

  25. thiwankaya

    niyamai
    thank you very much

  26. Vimu

    අපෙ අප්පෝ අසින් අක්ක ඉන්න පිලුමක් නම් නොබල කොහොමෙයි හිටං....සාලු අයියත් ඉන්නවලුනෙ...දැන්ම දානවා බාන්න..
    තාරක නුවන් සහෝ පට්ට හොඳේ...මේ වගෙ එලකිරි බඩුම ගේන්න....
    තැන්කූ....

  27. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

    1. Sachintha

      Meka blu ray walara update karannako

  28. Sanju

    Thanks ayye.oyalata sub karana eka digatama karagena yanna lebewa.

  29. kasun

    i like this

  30. chalana

    supiri bro thank

    1. RavinduDap

      Thanks bn

  31. r.s.samantha

    thank you macho sub ekata onna mamath banawooo...

  32. Prasanna lys

    Hama film ekata sinhala sub eka denawata Oyalata godaaaaak sthuthi. Thawath punchi deyak karannako. Oyala sub eka dena (srt) file ekata match wena film eke link ekath dennako. Aluthin add karana ' srt ' file ekata match wena film eke link ekath mekenma denna. Api kamathi Samahara film free download karaganna baa.

  33. kasun tillnha

    ෆීඩි