Watch Trailer

Renfield (2023) Sinhala Subtitles | අන්ධකාරයේ කුමාරයාගේ සේවකයා! [සිංහල උපසිරැසි]

UPDATE -> BLURAY ලෝකයේ වඩාත්ම ජනප්‍රිය ප්‍රබන්ධිත හොල්මන් කතා චරිතය කවුද කියලා මම ඇහුවොත් ඔයාලා මොකද කියන්නේ ? සැකයක් නෑ වයස් බේදයකින් තොරව ලොව පුරා වැඩිහිටි පොඩිහිටි සැවොම භීතියට පත් කල ඒ අසහාය චරිතයේ නම තමයි “ඩ්‍රැකියුලා.” එදා මෙදා තුර ප්‍රබන්ධිත ග්‍රන්ථ, වේදිකා නාට්‍ය, නිහඬ සිනමා පට, නවීන චිත්‍ර…

UPDATE -> BLURAY

ලෝකයේ වඩාත්ම ජනප්‍රිය ප්‍රබන්ධිත හොල්මන් කතා චරිතය කවුද කියලා මම ඇහුවොත් ඔයාලා මොකද කියන්නේ ? සැකයක් නෑ වයස් බේදයකින් තොරව ලොව පුරා වැඩිහිටි පොඩිහිටි සැවොම භීතියට පත් කල ඒ අසහාය චරිතයේ නම තමයි “ඩ්‍රැකියුලා.” එදා මෙදා තුර ප්‍රබන්ධිත ග්‍රන්ථ, වේදිකා නාට්‍ය, නිහඬ සිනමා පට, නවීන චිත්‍රපට සහ රූපවාහිනි කතාමාලා යන සියල්ලටම පාදක උන මෙතෙක් ලෝකයේ සිටින වඩාත්ම බලගතුම දුෂ්ටයා කියලත් ඩ්‍රැකියුලාව හදුන්වන්න පුළුවන්. ඉතිං අද මේ අරගෙන ආවේ ඩ්‍රැකියුලා චරිතය පාදක කරගෙන නිපදවපු සලරුවයි. ඒත් මේකේ තියෙන විශේෂත්වය තමයි මේ කතාවේ ප්‍රධාන චරිතය ඩ්‍රැකියුලානම් නෙමෙයි. මේ කතාව පාදක වෙන්නේ ඩ්‍රැකියුලා සිටුවරයගේ සේවකයා වෙන “රෙන්ෆීල්ඩ්” වටා බව ඔයාලා දැනටමත් දන්නවා ඇති.

1897 දී අයර්ලන්ත ජාතික ගත්කතුවරයෙක් වෙන ඒබ්‍රහම් ස්ටෝකර් එහෙනම් නැත්තම් හැමෝම දන්න විදියට බ්‍රෑම් ස්ටෝකර් තමයි ප්‍රථම වරට ඩ්‍රැකියුලා චරිතය ආශ්‍රයෙන් ග්‍රන්ථයක් රචනා කරන්නේ. ඒ වගේම ලොව පුරා ඩ්‍රැකියුලා උන්මාදයක් ඇති වෙන්න හේතුවෙන්නෙත් ස්ටෝකර් මහත්මයගේ මේ පොත තමයි. ඩ්‍රැකියුලාට අමතරව ජොනතන් හාකර්, මීනා මරේ, වෑන් හෙල්සින්, ජෝන් සේවඩ්, කුවෙන්සි මොරිස්, ආතර් හෝම්වුඩ්, ලූසී වෙස්ටෙන්රා සහ රෙන්ෆීල්ඩ් යන චරිතත් ලොව පුරා සීග්‍රයෙන් ජනප්‍රිය උනා. අපේ රටෙත් මේ පොත ඇසුරින් කල පරිවර්තනයන් ගොඩක් ප්‍රසිද්ධ උන නිසා හැමෝම වගේ ඩ්‍රැකියුලා නවකතාව කියවලා ඇති බව මම හිතනවා. ඉතිං මේ රෙන්ෆීල්ඩ් කියන අතුරු චරිතය ඇසුරු කරගෙන නිර්මාණය කරපු නවතම සිනමාපටය නරඹන්න කලින් මේ චරිතය ගැන දැනගන්න ආස අයට සංක්ෂිප්ත විස්තරයක් කිව්වොත් හොඳයි කියලා හිතුනා.

“ආර්. එම්. රෙන්ෆීල්ඩ්, වයස අවුරුදු 59යි. ප්‍රාණ ඝාතනය ගැන චිත්ත අදහස් ඇත්තෙකි, අති විශාල කාය ශක්තියකින් හෙබිය. තැතිගන්නා සුළුය, කම්පනයට පත් වෙයි, කල්පනාවකට වැටී යම් ස්ථාවර අරමුණක් ඇති බව පෙන්වයි. මම උපකල්පනය කරන පරිදි ඔහුගේ මෙම ස්වභාවය යම් කරදරකාරී බලපෑමක් නිසා සිදුවෙන මානසික සිදුවීමකී. ඔහු භයානක, ආත්මාර්ථකාමී මිනිසෙක් විය හැක.”

 

  • වෛද්‍ය ජෝන් සේවඩ්

බ්‍රෑම් ස්ටෝකර් රචිත ඩ්‍රැකියුලා කතා පොතේදී අපිට ආර්. එම්. රෙන්ෆීල්ඩ් නොහොත් රොබට් මොන්ටේගු රෙන්ෆීල්ඩ්ව හමුවන්නේ ආචාර්ය ජෝන් සේවඩ් විසින් අධීක්‍ෂණය කරන උමතු රෝහලක සිටින රැඳවියෙකු විදියටයි. එකල උන්මන්තකාගාරවල විසූ රුධිරය පානය කිරීමට දැඩි කැමත්තක් දැක්වූ රෝගින්ව අධ්‍යයනය කර බ්‍රෑම් ස්ටෝකර් මේ චරිතය නිර්මාණය කර ඇති බවටත් පැවසෙනවා. රෙන්ෆීල්ඩ් කියන පුද්ගලයගේ සත්‍ය රැකියාව තමයි දේපල වෙළඳාම් අලෙවිකරණය. ට්‍රාන්සිල්වේනියාවේ තියෙන ඩ්‍රැකියුලා මන්දිරය ගැන ආරංචි වෙන රෙන්ෆීල්ඩ් ඒක නරඹන්න යන්නේ මන්දිරය අයිති ඩ්‍රැකියුලා සිටුතුමා එක්ක ගනුදෙනුවකට එලබෙන්නයි. පුද්ගලයෙක් දිහා බලලා ඒ පුද්ගලයාගේ මනසෙ තියෙන ගැඹුරුම ආශාව දැනගැනිමේ අපූරූ හැකියාවක් ඩ්‍රැකියුලට තියෙනවා. රෙන්ෆීල්ඩ්ගේ මනස දකින ඩ්‍රැකියුලා දැනගන්නවා රෙන්ෆීල්ඩ්ගේ පරම ආශාව තමයි ඔහුගේ ජීවිත කාලය දිගු කර ගන්න එක බව. එතකොට තමයි ඩ්‍රැකියුලට තේරෙන්නේ තමන්ගේ අතවැසියාට සුදුසුම පුද්ගලයා තමයි රෙන්ෆීල්ඩ් කියලා. ඉතිං තමන්ගේ අණ පිළිපැද්දොත් රෙන්ෆීල්ඩ්ට අමරණීයත්වය ලබා දෙන බවට ඩ්‍රැකියුලා පොරොන්දු වෙනවා. ඒකට කැමති වෙන රෙන්ෆීල්ඩ්ට ඩ්‍රැකියුලා තමන්ගේ රුධිරය පානය කරන්න දෙනවා. ඒ හේතුව නිසා ඩ්‍රැකියුලට රෙන්ෆීල්ඩ්ගේ මනස පාලනය කරන්න පුළුවන් වෙනවා වගේම ඩ්‍රැකියුලාගේ ලේ නිසා රෙන්ෆීල්ඩ්ටත් ප්‍රබල කාය ශක්තියක් ලැබෙනවා.

රෙන්ෆීල්ඩ් කියන චරිතය ගැන අපිට දැනගන්න තියෙන හොඳම විදිය තමයි දොස්තර ජෝන් සේවඩ්ගේ දිනපොත. රෙන්ෆීල්ඩ් කියන්නේ මායා දර්ශනයන් පේන, ගුප්ත අරමුණු වලින් පෙළෙන මානසික රෝගියෙක්. රෝහලේ හැමෝම මෙයාව හැඳින්වුවෙ “මැසි මිනිහා”, “මැසි රෝගියා” එහෙමත් නැත්තම් “සත්වකාමියා” කියන අන්වර්ථ නම් වලිනුයි. එහෙම හඳුන්වපු හේතුව මම දැන් ඔයාලට කියන්නම්. රෙන්ෆීල්ඩ් විශ්වාස කරපු දරුණුම සහ පිළිකුල්ම කල්පිතය තමයි වෙනත් ජිවීයෙක්ව තමන් ආහාරයට ගත්තොත් ඒ ජීවීයාගේ ජීව කාලයත් තමන්ට ලැබිලා එයාගේ ජීවිත කාලය දික් වෙනවා කියන එක. ඒ කියන්නේ මැස්සෙක්ගේ ජීවිත කාලය දවස් 30නම් මැස්සෙක්ව කෑවොත් තමන්ගේ ජීවිතය දවස් 30කින් දික් වෙනවා කියලා රෙන්ෆීල්ඩ් විශ්වාස කලා. ඒ නිසා සමහර අවස්ථාවල එයා දකින ඕනම කෘමි සත්තු අහුරු පිටින් ආහාරයට ගන්න රෙන්ෆීල්ඩ් මැලි උනේ නෑ. ඒ වගේම කෘමින්ව ආහාරයට අරන් තමන්ගේ ජීවිතය දිගු වෙයි කියලා උපකල්පනය කරපු දින වකවානු සටහන් කරලා තියාගන්නත් මෙයා අමතක කලේ නෑ. රෙන්ෆිල්ඩ්ගේ මේ දුර්වල මානසික අස්ථාවර බවින් ප්‍රයෝජන ගන්න ඩ්‍රැකියුලත් විවිධ පොරොන්දු මත රෙන්ෆීල්ඩ්ගෙන් වැඩ ගන්නවා. පස්සේ රෙන්ෆීල්ඩ්ගේම සාක්ෂි වලින් දොස්තර සේවඩ්ට හෙළිවෙනවා ඩ්‍රැකියුලා ඔහුට කෘමීන් එවන බවට පොරොන්දු වෙලා රෙන්ෆීල්ඩ්ව බළල් අතක් කරගෙන තියෙන බව.

මේ පුදුමාකාර උමතුව නිසා රෙන්ෆීල්ඩ් මුලින්ම මැස්සන් අල්ලලා එකතු කරන්න පටන් ගන්නවා. මැස්සන්ව අල්ලන්න තමන්ගේ කෑම වේලෙන් බාගයකට වඩා වැය කරන බවත් දොස්තර සේවඩ්ගෙ දින පොතේ තියෙනවා. ඒ වගේම දොස්තර සේවඩ් ඉදිරිපිටම කෑම කෑල්ලකට වහන මැස්සෙක් අල්ලගෙන කන රෙන්ෆීල්ඩ් මැස්සෝ කෑවම ලැබෙන පෝෂන ගුණය ගැන සේවඩ්ට දේශනයක් දෙන්නත් පසුබට වෙන්නේ නෑ. ඊට කාලෙකට පස්සේ රෙන්ෆීල්ඩ්ට හැදෙන පිස්සුව තමයි මකුළුවෝ ඇති කරන එක. වැඩියෙන් මකුළුවෝ එකතු කරන්න ඕන නිසා තමන් එකතු කරපු මැස්සන්ව මකුළුවන්ට ආහාර විදියට දෙන්නත් රෙන්ෆීල්ඩ් කටයුතු කරනවා. මේ මකුළු පිස්සුවෙන් පස්සේ රෙන්ෆීල්ඩ් කුරුල්ලෝ ඇති කරන්න පටන්ගන්නවා. කලින් වගේම කුරුල්ලන්ට කන්න දෙන්නෙත් එයා කලින් එකතු කරපු මකුළුවොම තමයි. කුරුළු සෙල්ලමෙන් පස්සෙ රෙන්ෆීල්ඩ්ට පූස් පැටියෙක් ඇති කරන්න ඕන වෙනවා. ඒත් දොස්තර සේවඩ් ඒ අදහස ප්‍රතික්ෂේප කලාට පස්සේ කලහකාරිව හැසිරෙන රෙන්ෆීල්ඩ් අවධාරණය කරන්නේ තමන්ගේ ගැලවීම තියෙන්නේ පූස් පැටියගේ මත බවයි. ඒත් ඊට පස්සේ දවසේ රෙන්ෆීල්ඩ්ගේ කොට්ටෙ යට කුරුළු පිහාටු සහ ලේ පැල්ලම් තිබූ බවත් ඔහු අසනීපව කුරුළු පිහාටු කීපයක් වමනය කල බවත් සාත්තු සේවකයෙක් දොස්තර සේවඩ්ට දැනුම් දෙනවා. සේවඩ් විසින් රෙන්ෆීල්ඩ්ව හැඳින්වුනේ “zoophagous maniac” හෙවත් මාංශ භක්ෂක උන්මන්තකයෙකු ලෙසයි. එක් අවස්ථාවක රෙන්ෆීල්ඩ් විසින් දොස්තර සේවඩ්ගේ කාර්යාලයට ඇවිත් ඔහුට පිහියකින් පහර දීලා ඔහුගේ අත තුවාල කරනවා. ඒ වෙලාවේ සේවඩ්ගේ අතෙන් බිමට වැටුන ලේ බිංදු කිසි හිරිකිතයක් නැතුව ලෙවකන්නත් රෙන්ෆීල්ඩ් කටයුතු කල බව සේවඩ්ගේ දිනපොතේ තියෙනවා.

රෙන්ෆීල්ඩ් ඩ්‍රැකියුලාට ඉතා පක්ෂපාතීව වැඩ කලේ කෘමීන් ලැබෙන පොරොන්දුව මත උනත් එයාට මීනා හාකර්ව මුණ ගැහුනම ඔහුගේ ආත්මාර්ථකාමී ගති පොඩ්ඩක් අඩු උනා කියලා කියන්නත් පුළුවන්. තමන්ගේ ස්වාමීයාගෙන් ඇයට තියෙන තර්ජනය ගැන ඉව වැටුනට පස්සේ මීනාට අනුකම්පා කරන රෙන්ෆීල්ඩ් ඇයට රෝහලෙන් පිට වෙන්න කියලා ආයාචනා කරත් මීනා ඒ ගැන ගණන් ගන්නේ නෑ. ඒ නිසා වෛද්‍ය සේවඩ්ටත් වක්‍රව ඒ ගැන පවසලා මීනාව රෝහලෙන් යවන්න රෙන්ෆීල්ඩ් උත්සහ කරත් ඒකත් ව්‍යර්ථ වෙනවා. සත්තු මවලා පෙන්නලා රෙන්ෆීල්ඩ්ව රවට්ටගෙන කොහොමහරි රෝහල ඇතුලට එන්නත් කෛරාටික ඩ්‍රැකියුලා සමත් වෙන්නේ මේ අස්සේ තමයි. තමන්ගේ පොරොන්දු ඉටු නොකර ඩ්‍රැකියුලා විසින් මීනාව ගොදුරු කරගන්න උත්සහ කරන නිසා රෙන්ෆීල්ඩ් ඒක ගැන ඩ්‍රැකියුලත් එක්ක අමනාපයකින් ඉන්නේ. අන්තිමේදී ඉවසලා බැරිම තැන තමන්ගේ හෘද සාක්ෂියට අනුව ඩ්‍රැකියුලගේ මේ දුෂ්ට ක්‍රියාවට විරුද්ධ වෙන්න රෙන්ෆීල්ඩ් තීරණය කරනවා.

තමන්ගේ ප්‍රබල කාය ශක්තිය ගැන විශ්වාස කරන රෙන්ෆීල්ඩ් තමන්ගේ ස්වාමියාව පරාජය කරන්න පුළුවන් කියලා හිතුවත් අන්ධකාරයේ කුමාරයා රෙන්ෆීල්ඩ්ව බොහෝම පහසුවෙන් පරාජය කරනවා. මීදුම අතරින් සැඟව එන ඩ්‍රැකියුලව තදින් ග්‍රහණය කරගන්න රෙන්ෆීල්ඩ් උත්සහ කලත් ඒ ග්‍රහණයෙන් මිදිලා රෙන්ෆීල්ඩ්ව ඔළුවට උඩින් උස්සලා පොළවේ ගහන්න දුෂ්ට ස්වාමියාට හැකි වෙනවා. ඒ සිදුවීමෙන් රෙන්ෆීල්ඩ්ගේ කොන්ද කැඩිලා, හිස් කබල පැලිලා මොළයටත් හානි වෙනවා. දොස්තර සේවඩ් සහ මහාචාර්ය වෑන් හෙල්සිංගෙ ප්‍රතිකාර වල උදව්වෙන් රෙන්ෆීල්ඩ්ගේ තත්වය යහපත් අතට හැරුන වහාම ඔහු හැමදෙයක්ම ඔවුන්ට පවසනවා. රෙන්ෆීල්ඩ්ගේ තොරතුරු අනුව මීනාව බේරගන්න වෛද්‍ය සේවඩ් ඇතුළු පිරිස යද්දි මීනාව ගොදුරු කරගත්ත ඩ්‍රැකියුලා ආපහු ඇවිත් රෙන්ෆීල්ඩ්ගේ බෙල්ල කඩලා මරලා දාලා යන්නත් අමතක කරන්නේ නෑ. උන්මන්තකයෙක් විදියට ජීවත් උනත් අන්තිමේදී දුෂ්ට පිසාචයෙක්ට එරෙහිව සටන් කරලා වීරයෙක් වගේ මියයන්න රෙන්ෆීල්ඩ්ට හැකිවෙනවා. පසු කාලයේ 1992දී පමණ මනෝ විද්‍යාඥ රිචඩ් නෝල් විසින් ලේ පානයට මිනිසුන්ගේ ඇති ආශාව Renfield syndrome එසේත් නැත්තම් “රෙන්ෆීල්ඩ් සංකූලතාවය” ලෙස නම් කරන්නත් කටයුතු කරලා තිබෙනවා.

නිකලස් හෝල්ට් සහ ඩ්වයිට් ෆ්රයි රෙන්ෆීල්ඩ් ලෙස

ඔන්න ඕකයි රෙන්ෆීල්ඩ් චරිතයේ කතාව. චිත්‍රපටයේ විස්තර ගැන බැලුවොත් මේ ලිපිය ලියද්දි IMDb 6.7 ක ඉතාම හොඳ අගයකුත්, 91% ක ගූගල් පරිශීලක මනාපත් ලබාගෙන තියෙනවා. Horror / Comedy කාණ්ඩයන්ට වර්ගීකරනයට ලක්වුන මේ නිර්මාණය අධ්‍යක්ෂනය කරන්නේ Chris McKay විසින්. ඒ වගේම චිත්‍රපටය බෙදා හරින්නේ Universals Pictures ආයතනය මගිනුයි. මෙම සලරුවට කලින් අවස්ථා 13කදී විවිධ නිර්මාණ ඔස්සේ මේ රෙන්ෆීල්ඩ් චරිතය නිරූපනය වෙලා තියෙනවා. 1931දී Dwight Frye තමයි ප්‍රථම වරට රෙන්ෆීල්ඩ් චරිතය රඟ දක්වලා තියෙන්නේ. මෙවර 2023දී රෙන්ෆීල්ඩ්ට පණ පොවන්නේ හැමෝම දන්න Nicholas Hoult කොළුවා තමයි. Warm Bodies (2013), Mad Max: Fury Road (2015) සහ X-Men චිත්‍රපට මාලාවේ හෑන්ක් මැකෝයි නොහොත් බීස්ට් ලෙසත් ඔහු රංගනයට එක්වුනා ඔයාලට මතක ඇති. ඒ වගේම ඩ්‍රැකියුලා ලෙස එක්වෙන්නෙත් තවත් නිකලස් කෙනෙක් තමයි. වර්තමානය වෙද්දි ගොඩක් අවතක්සේරුවට ලක්වෙලා ඉන්න සුපිරි නළු Nicolas Cage රෙන්ෆීල්ඩ්ගේ දුෂ්ට ස්වාමියා හෙවත් ඩ්‍රැකියුලා ලෙස එකතු වෙනවා. ඊට අමතරව Awkwafina රෙබෙකා ලෙසත්, Ben Schwartz ටෙඩී ලෙසත්, Adrian Martinez ක්‍රිස් ලෙසත් සහය රංගනයෙන් දායක වෙනවා.

සංක්ෂිප්තව කියන්නම් කිව්වට ලිපිය පොඩ්ඩක් දික් උනාද මන්දා. ඒ නිසා චිත්‍රපටයේ කතාව ගැන මුකුත්ම නොකිය ඔයාලට රස විඳින්න ඉඩ දෙන්නම්. ෆිල්ම් එක ගැන අදහසක් ගන්න ඕනනම් පූර්ව ප්‍රචාරක පටය නරඹලා ඉන්න කියලා ඉල්ලනවා. ලිපිය හදිසියෙ ලියපු නිසා අඩුපාඩු තියෙන්නත් පුළුවන් ඒ නිසා වැරදි තැන් තියෙනවනම් පහළින් කියාගෙන යන්න. මට මේ ෆිලුම වෙන් කරලා දීලා, වීඩීයෝ සහ උපසිරසි පිටපත් නිකුත් උන ගමන් දැනුවත් කරපු අපේ ශාන් විමුක්ති සහෝට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. එහෙනම් තවත් උපසිරසියකින් ඉක්මනට හමුවෙමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BLURAY පිටපත් සඳහා පමණක් අදාළ වේ.

19,623 downloadsDownload Renfield.2023-Blu-Ray-Update.zip90 KB

 

  • WEB පිටපත සඳහා උපසිරසි ලබාදුන් දිනය : 2023 මැයි මස 02 වැනිදා.
  • BLURAY පිටපත සඳහා උපසිරසි යාවත්කාලින කර Republished කල දිනය : 2023 සැප්තැම්බර් මස 20 වැනිදා.

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

යුරාන් ධනුක

Subtitles

19,623 downloadsDownload Subtitles90 KB

35 comments

  1. Ravindra

    Thanks

  2. Dasun

    Sub Ekata Thanks

    Dungeons & Dragons: Honor Among Thieves okath Ikmanata Ona

  3. Anonymous

    Sub ekata Thanks

  4. Dasun

    Sub ekata Thanks

    Dungeons & Dragons: Honor Among Thieves Mekath Denna

  5. Dasun

    Sub Ekata Thanks

    Dungeons & Dragons: Honor Among Thieves Okath denna

  6. Naveen Mbr

    බොහෝම ස්තූතියි අයියේ!

  7. Dasun

    Sub Ekata Thanks

    Dungeons & Dragons: Honor Among Thieves Okath denna

  8. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  9. Anonymous

    සුපිරි බන්, ගින්දර වගේ එල කොල්ලෙක්
    සබ් මැෂිමක්!
    dungeons & dragons: honor among thieves එකත් ඕනා..

    1. Anonymous

      yes

  10. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  11. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  12. Anonymous

    Nicolas cage ge film balana eka nawatwala thibune
    E tharamatama gon porage film

  13. Vishwa

    Dungeons and dragon ekatath ikmnata sub ghla one kollo ♥️

  14. viraj

    thanks...................

  15. Bimsara Yashan(ඔලිව)

    සුපිරී ඈ, වෙබ් ආවහම බලන්නම හිටපු ෆිල්ම් එකක්. මෙච්චර ඉක්මන්ට සබ් එක දුන්නටත් වටිනා ලිපියටත් බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  16. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  17. Anonymous

    Me naluwa nm set wennema na

  18. Anonymous

    Dungeons and dragons honor among thieves එකට සබ් ඔනි

  19. Anonymous

    The tomorrow job sinhala subtitles dwnnako

  20. Kavi

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  21. sao so se

    thanks

  22. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  23. Hashan

    Tnx for the sub bro❤️

  24. Kavindu

    The Last Kingdom - Seven Kings must die (2023) සබ් එක දෙන්න. පුළුවන් නම්

  25. Anonymous

    ගුනේරු කියා කියා අරුන්ට බැන්නට මුනුත් ගුගල් ටාන්ස්ලේට් කරනවද කොහෙද
    නැත්නම් කොහොමද මුන් මේ ලගකදී ඉඳල මෙහෙම සබ් දෙන්නේ.

  26. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  27. Dewadithya

    Thanks for Sub!

  28. SUNI

    1080p WEB & Blu-Ray WALATATH SUB DENAWANAM THAMAI NEDA HODA?

  29. lakshan

    thanks ..............................

  30. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. Shamal Manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    The Tag Along 3: The Devil Fish - 2018
    movie එකටත් සබ් දෙන්න පුළුවන්ද?

  32. මාලික් (මලියා)

    Vacation friends 2 සිංහල සබත් දාම්

  33. Malith samarawickrama

    Thanks so much bro

  34. nilanka

    thanks....