Imdb 7.3ක අගයක් ගත්ත පැය තුනකට ආසන්න කාලයක් දිවෙන මේ වසරේ තිර ගත උන සාර්ථකම මලයාලි ෆිල්ම් එකක්.පැය 3ක් උනත් මේක කම්මැලි නැතුව බලන්න පුළුවන් හිට් එකක් වෙන්න ප්‍රධානම හේතුව නම් මේකෙ ප්‍රධාන චරිතය වෙන්න ඕනෙ.ඒ කවුරුත් නෙමෙයි Fahadh Faasil. පාචු කියන්නෙ මුම්බායි වල පාමසියක් කරගෙන යන අහිංසක මලයාලි කොල්ලෙ…

Imdb 7.3ක අගයක් ගත්ත පැය තුනකට ආසන්න කාලයක් දිවෙන මේ වසරේ තිර ගත උන සාර්ථකම මලයාලි ෆිල්ම් එකක්.පැය 3ක් උනත් මේක කම්මැලි නැතුව බලන්න පුළුවන් හිට් එකක් වෙන්න ප්‍රධානම හේතුව නම් මේකෙ ප්‍රධාන චරිතය වෙන්න ඕනෙ.ඒ කවුරුත් නෙමෙයි Fahadh Faasil.

පාචු කියන්නෙ මුම්බායි වල පාමසියක් කරගෙන යන අහිංසක මලයාලි කොල්ලෙක්.එයාගෙ ව්‍යාපාරය දියුණු කරගෙන හොඳ කෙල්ලක් කසාද බැදල ලස්සන ජීවිතයක් ගත කරන එක එයාගෙ හීනය. අහිංසක උනාට ටිකක් විතර තියෙන අහංකාර කම නිසාද කොහෙද බලපු එකම කෙල්ලෙක්වත් මෙයාට සෙට් උනේ නෑ.දවස් තුනකට ගමට එන පාචුට ආපසු යන ගමනෙ මුල ඉඳලම අනපේක්ෂිත සිද්ධි ගණනාවකටම මුහුණ දෙන්න සිදු වෙනවා.එයාට ‘මැජික් පහණ’ ලැබෙන්නෙ ඒ ගමනෙදි.අනේ මන්ද මම නම් කියන්නෙ මේ ඔක්කොටම හේතුව මාළු කටුවක් කියල.

ෆෆා මේකෙ ප්‍රධාන චරිතය කරද්දි Viji Venkatesh ,Anjana Jayaprakash,Dhwani Rajesh, Mukesh Rajan සෙසු චරිත රඟපානවා. අධ්‍යක්ෂනය Akhil Sathyan. ඉල්ලීමකට අනුව මේ උපසිරැසිය කරන්න පටන් ගත්තත් මේක ඉතා දිග සිරැසි 3000කට ආසන්න චිත්‍ර පටයක්. ඒත් මේකෙ ලස්සන නිසාම කිසි කම්මැලි කමක් නැතුව ඒක කරන්න පුළුවන් උනා.ඇත්තටම උපසිරැසියක් කරන එක අමාරු දෙයක් උනත් ඒක කරන කොට අපිත් ඒකෙම කොටසක් වෙලා ඒකෙ ජීවත් වෙන්න ගන්නවා.ඒක මාරම තෘප්තියක්.මේ සඳහා මාව දිරිමත් කලාට ඇඩ්මින්ලාට ස්තූතියි.

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය HQ HDRIP පිටපත් සඳහා පමණක් වලංගු වේ.

13,525 downloadsDownload Pachuvum-Athbutha-Vilakkum-2023-1.zip73 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2023-09-10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Legend badge

Subtitles by

BANDULA K

Legend

Subtitles

13,525 downloadsDownload Subtitles73 KB

20 comments

  1. Ravindu_Heshan

    ලයින් 2000 ක් 3000 ඩයලොග් ගූගල් ට්‍රාන්ස්ලේට් නොකර අහ අහ සබ් කරනව කියන එක ලේසි පහසු වැඩක් නෙවේ. ඇත්තටම ගොඩාක් ස්තූති සහෝ මේ සබ් එක කලාට. තවත් වැඩි වැඩියෙන් මලයාලම් සබ් කරන්න වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  2. Anonymous

    ලයින් 3000ක් ඔහොම අහ අහා සබ් කරනවා කියන්නේ උබ සුපිරි වැඩ්ඩෙක් බන් ❤️ තව තවත් මලයාලම් චිත්‍රපට වලට සිංහල උපසිරසි ලබා දෙන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා !!! . බොහොම ස්තුතියි මචන් සබ් එකට ❤️✨️

  3. AKILA

    බොහොම ස්තුතියි බන් මේ වගේ ලයින් 3000ක විතර ලොකු සබ් එකක් කලාට ❤️. මලයාලම් රසිකයෙක් විදියට සබ් එක එනකම් බලන් ඉදිය ෆිල්ම් එකක් . දිගටම තව තව මලයාලම් සබ් දෙන්න හැකියාව ලැබේවා බන් ❤️

  4. Udaya Fdo

    Thank you

  5. Prasanna

    මේවනෙ ෆිල්ම්ස්.
    මෙන්න මේ නිසයි බයිස්කෝප් එක විශේෂ වෙන්නෙ.
    ගූගල් කර කර රැල්ලට සබ් දුන්නට වෙන කාටවත් බෑ මේ වගේ ඒව දෙන්න.
    බොහොම ස්තුතියි මේ වුණ මහන්සිය වෙනුවෙන්. පිං!

  6. chaminda

    Thanks Bro අපි වෙනුවෙන් මහන්සි වුනාට❤️❤️❤️❤️❤️

  7. මයුර

    සබ් එකක් නැති නිසාමයි මෙච්චර කල් නොබලා හිටියේ. අද බැලුවා.
    නියම ෆිල්ම් එක. වැඩේ නියමයි.
    දිගටම මේ වගේ සුපිරි ඒවට සබ් දෙමු. ජයෙන් ජයම වේවා.

  8. Buddhika Lakmal

    ලයින් 3000ක සබ් එකක් අහගෙන කරනවා කියන්නෙ ඉතිං පට්ට ගේමක් තමයි....
    ඔයාගෙ තියෙන හැකියාවන් තව තවත් දියුනු වේවා...
    ...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  9. Sujith

    ලයින් 3000ක සබ් එකක් කරනව කියල ඇහෙද්දිත් ඇඟ හිරි වැටිල යනවා. ඒත් ඒ අභියෝගය කොහොමහරි බාර අරගෙන අපි වෙනුවෙන් මේ උන මහන්සියට ගොඩක්ම ස්තූතියි.

  10. maduka

    Her 2023 Tamil Movie eka denna. plz

  11. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති

  12. Bimsara Yashan(ඔලිව)

    ලයින් 3000 කියන්නෙ ලේසි වැඩක් නෙවේ. සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. දිගටම මලයාලම් ෆිල්ම් ගේමු. ජයවේවා!

  13. අසේල

    බොහෝ ස්තූතියි සහෝදරයා ♥️

  14. Hemal

    Thanks Machan

  15. Asanka

    Thanks brother

  16. Asanka Ratnayake

    Thanks Brother

  17. viraj

    thanks...........

  18. Silva

    තැන්ක්ස් මල්ලි හොද නිර්මාණයක්‌ වෙනුවෙන්

  19. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P