Retta Thala (2025) Sinhala Subtitles සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි,සුපුරුදු ලෙසින් අද මම අරගෙන ආවේ දමිළ සිනමා රසිකයෝ ආසාවෙන් බලාගෙන හිටපු සුපිරිම දමිළ චිත්‍රපටයකට සිංහල උපසිරැසි නිර්මාණය කරගෙනයි. Action Thriller චිත්‍රපට බලන්න ආස කරන අයට නම් මේක නියම චිත්‍රපටියක් කියලා මුලින්ම ක…

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි,සුපුරුදු ලෙසින් අද මම අරගෙන ආවේ දමිළ සිනමා රසිකයෝ ආසාවෙන් බලාගෙන හිටපු සුපිරිම දමිළ චිත්‍රපටයකට සිංහල උපසිරැසි නිර්මාණය කරගෙනයි. Action Thriller චිත්‍රපට බලන්න ආස කරන අයට නම් මේක නියම චිත්‍රපටියක් කියලා මුලින්ම කියන්න ඕනේ. 2025 දෙසැම්බර් මාසේ 25 වෙනිදා තිරගත වීම ආරම්භ වුනු මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Kris Thirukumaran විසින්. Action Hero කෙනෙක් විදිහට දමිළ සිනමාවේ තමන්ගේම කියලා තැනක් හදාගෙන ඉන්න Arun Vijay තමයි මේකේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ. එයාට අමතරව Siddhi Idnani, Yogesh Samy වගේම වගේම අපිට නිතරම දමිළ සිනමාවෙන් හමුවන John Vijay වගේ දක්ෂ නළු නිළියන් රැසක්ම මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඉතින් Arun Vijay ගේ ෆිල්ම් එකක් කිව්වම ආයේ Action ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ, Thadam 2019,Mafia: Chapter චිත්‍රපටි මේකත් ඒ වගේම කුතුහලය පිරුණු නියම කතාවක්.
දැන් අපි කතාව පැත්තට ටිකක් හැරුනොත්, මේ කතාව ගලාගෙන යන්නේ එකම වගේ පෙනුම තියෙන චරිත දෙකක් වටා. ගෝව වල පාතාලේ රජ කරන දරුණු මැරයෙක් ඉන්නවා මල්පේ උපේන්ද්‍ර කියලා. අනිත් පැත්තෙන් පොන්ඩිචෙරි වල සාමාන්‍ය විදිහට ජීවත් වෙන තවත් මනුස්සයෙක් ඉන්නවා කාලි කියලා. මේ දෙන්නගේ රූපේ එක වගේ වුනාට ගතිගුණ නම් අහසට පොළොව වගේ. දවසක් දේශපාලඥයෙක්ගේ පුතෙක් මරලා දාන සිද්ධියක් එක්ක මේ කතාව උඩු යටිකුරු වෙනවා. පොලිසිය හිතාගෙන ඉන්නේ මේ මිනීමැරුම කරේ උපේන්ද්‍ර කියලා. හැබැයි ඇත්තටම එතන මොකක්ද වුනේ? මේ ඉන්නේ ඇත්තටම උපේන්ද්‍රද නැත්තම් කාලිද? මේ දෙන්නා මාරු වුනාද? එහෙමත් නැත්තම් මේ සේරම එකම එක්කෙනෙක්ගේ මාස්ටර් ප්ලෑන් එකක්ද? අන්න ඒක දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා. චිත්‍රපටය පටන් ගත්ත වෙලාවේ ඉඳන් අන්තිම වෙනකන්ම ප්‍රේක්ෂකයාගේ කුතුහලය රඳවාගන්න අධ්‍යක්ෂකවරයා සමත් වෙලා තියෙනවා කියලා බය නැතුව කියන්න පුළුවන්.
මේ වෙද්දී IMDb දර්ශකයේත් හොඳ අගයක් ලබාගන්න වගේම ප්‍රේක්ෂකයන්ගෙන් සහ විචාරකයන්ගෙන් ඉතා ඉහළ ප්‍රතිචාර දිනාගන්නත් මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම Arun Vijay ගේ ද්විත්ව රංගනය සහ Fight Scenes ගැන හැමෝම කතා වෙනවා. ඉතින් Action, Thriller, Crime කියන වර්ගයේ ෆිල්ම් වලට ආස ඔයාලට මේක මගහැරගන්න එපා කියලා මතක් කරනවා. උපසිරැසිය ඩවුන්ලෝඩ් කරගෙන යනින් ගමන් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් මේ වගේම උපසිරැසියකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.
ඔබ සැමට කඳසුරිඳු පිහිටයි!
Retta Thala (2025) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent link.
ලබා දී ඇති උපසිරැසි Proper HDRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,795 downloadsDownload Retta-thala-2025.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Retta Thala (2025) Sinhala SubtitlesSubtitles by
M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
Subtitles
- #M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
- #Offbeat
- #Retta Thala (2025) Sinhala Sub
- #Retta Thala (2025) Sinhala Subtitles
- #Retta Thala Sinhala Sub
- #Retta Thala Sinhala Subtitles
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Vijay
- #You Decide
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Tharidu Sagara Sadalu
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤