Watch Trailer

Shambhala: A Mystical World (2025) Sinhala Subtitles | ශම්භාලා ගම්මානයේ අදුරු යක්ෂ ශාපය [සිංහල උපසිරැසි] [HQ HDRIP Update]

Shambhala: A Mystical World (2025) Sinhala Subtitless මේ කතාව පාදක වෙන්නේ ශම්භාලා කියන ගමක් ආශ්‍රයෙන්. 1980 අවුරුද්දේ ඇතුලේ ලොකු උල්කාපාතයක් ඒ ගම ලග කඩාගෙන වැටෙනවා. එවලේ ඉදන් අද්භූත දේවල් වෙන්න ගන්නවා. ඔය දේ වෙන අතරවාරයේ ශම්භාලා ගමට අමුත්තෙක් එනවා. ඒ තමයි වික්‍රම්. වික්‍රම් කියන්නේ අමු පහේ මෝඩයෙක්.…

Shambhala: A Mystical World (2025) Sinhala Subtitless

මේ කතාව පාදක වෙන්නේ ශම්භාලා කියන ගමක් ආශ්‍රයෙන්. 1980 අවුරුද්දේ ඇතුලේ ලොකු උල්කාපාතයක් ඒ ගම ලග කඩාගෙන වැටෙනවා. එවලේ ඉදන් අද්භූත දේවල් වෙන්න ගන්නවා. ඔය දේ වෙන අතරවාරයේ ශම්භාලා ගමට අමුත්තෙක් එනවා. ඒ තමයි වික්‍රම්. වික්‍රම් කියන්නේ අමු පහේ මෝඩයෙක්. (මං එහෙම කිව්වේ ඇයි කියලා ෆිල්ම් එක බැලුවම තේරෙයි.) එයා විද්‍යාව ගැන විශ්වාසය තියාගෙන ඉදපු කෙනෙක්.

මේ ගමේ ඉන්න අය අමුතු විදිහට හැසිරෙනවා. සමහරි තමන් තමන්ටම රිද්දගන්නවා. ගොඩක් දෙනෙක් ප්‍රචණ්ඩකාරී විදිහට සියදිවි නසා ගන්නවා. මිත්‍යා විශ්වාසවලින් පිරිච්ච ගම්මු හිතන්නේ මොකක්හරි නපුරු දෙයක් ඇවිල්ලා කියලා.

වික්‍රම් උල්කාපාතය පිලිබදව විමර්ශනය කරද්දී එක්තරා රහසක් හෙලිකරගන්නට සමත් වෙනවා. මේකේ අතරමැදි කතාව වෙන්නේ ඒ උල්කාපාතය ගැටුනට පස්සේ හෙළි වෙච්ච රහස, ශම්භාලා ගමේ ඉතිහාසය, ඒ ගමේ දෙවියන් ගැන කතාව වගේම වික්‍රම්ගේ පිටුපස ඉදගෙන තමන්ට උදව් කරපු කෙනා හොයන එක..

ඔව්.. බයිස්කෝප් වාසි ඔයාලා හැමෝම වගේම මාත් නොසිතු මොහොතක මේ චිත්‍රපටයේ ඔරිජිනල් පිටපත් 21 වෙනිදා (ඊයේ) නිකුත් වුණා. මං දන්නවා ගොඩක් අය මේක එනකල්ම බලන් ඉන්න ඇති කියලා. මොකද සමහරක් අය මේ වෙද්දී HQ PreDVD (කැම්) පිටපතෙන් තමා බලන්න ඇත්තේ. (ඇත්තටම මේ චිත්‍රපටය තිරගත වෙලා තිබිලා තියෙන්නේ දින 19ක් හෝ 20ක් වගේ සුළු කාලයක්.)  

කාලම්කාවල් එකට ලැබිච්ච හොද ප්‍රතිචාර හින්දම මං ආසම කරන කැටගරියක් වෙච්ච හොරර් මිස්ටික් ත්‍රිලර් ගනයේ චිත්‍රපටයක් ගේන්න මං කල්පනා කළා.

සායිකුමාර්ගේ පුතා වුනු ආදි සායිකුමාර් කියන්නේ නළුවෙක්. මේ මං උපසිරැසි අරගෙන එන්නේ ආදිගේ 2025 අවුරුද්දේ රගපාන දෙවන චිත්‍රපටය. ඒ කියන්නේ ‘ශන්මුකා’ කියන තෙලිගු චිත්‍රපටයට පස්සේ තමයි මේ චිත්‍රපටයේ රගපාන්නේ.

උගන්ධර් මුනි අධ්‍යක්ෂණය කරන ගිය අවුරුද්දේ දෙසැම්බර් 25 නැත්නම් නත්තල් සමයේදී තිරගත කරපු මේ චිත්‍රපටයේ නම තමයි Shambhala (එහෙමත් නැත්නම් Shambhala: A Mystical World). මේක අයිති වෙන්නේ මිස්ටික් ත්‍රිලර් ගණයට. හැබැයි මේක හොරර් ගනයටත් වැටෙනවා මොකද මේකේ හොරර් කෑලි එහෙම තියෙන හින්දා මං දැක්ක විදිහට නම්.

මේකේ රචනය උගන්ධර් මුනිමයි කරන්නේ. නිෂ්පාදනය මහිධාර් රෙඩ්ඩි සහ රාජශේකර් අන්නභිමොජුගෙන්. සංගීතය ශ්‍රීචරන් පකාලාගෙන්. (මෑඩ් දෙවැනි චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කලේ එයාමයි. ඒ වගේම Sathayabhama, Bhairavam, Goodachari, Ugram, major වගේ චිත්‍රපටවලත් සංගීතය සැපයුවේ එයාමයි)

* <i>මේ චිත්‍රපටය තිරගත වෙන්න කලින් ට්‍රේලර් 2ක් නිකුත් වුණා. ඒ Official Trailer සහ Mystical Trailer කියලා දෙකකින්. මං හිතන විදිහට මෙහෙම දෙකක් නිකුත් කරන්න හේතුව තමයි කතාවේ තියෙන අන්තර්ගතය ඉතාමත් සරලව, නමුත් චිත්‍රපටිය බලන කෙනාට කුතුහලයක් ඇතිකරවන්න සමත් වෙන විදිහටයි මෙහෙම දෙකක් නිර්මාණය කරවන්න ඇත්තේ.

ආදි සායිකුමාර්ට අමතරව අර්චනා අයියර්, ස්වාසිකා විජේ, රවී වර්මා, රාමරාජු, ශිජු මෙනන්, හර්ෂ වර්ධන් වගේ කාස්ට් එකක් රංගනයෙන් දායක වෙනවා.


caption: ශම්භාලා චිත්‍රපටයේ ප්‍රධාන චරිත තුන (ආදි සායිකුමාර්, අර්චනා අයියර්, ස්වාසිකා විජේ)

මේ චිත්‍රපටයේ වියදම ගැන මොකුත් සදහනක් නැතත් මේ වෙද්දී කෝටි 20.7ක් හොයාගෙන තියෙනවා. අනිත් විශේෂම දේ තමයි තිරගත කිරීමට පෙර නිකුත් කිරීමේදී (Pre-Screen Preview Shows) වලදී හොද ප්‍රතිචාර ලබාගෙන තියෙනවා.

* මේ ලිපිය ලියන මොහොතේ මේ චිත්‍රපටයේ හින්දි අනුවාදයත් නිකුත් කර අවසන්. (මේක තෙලිගු හින්දි ද්විභාෂා චිත්‍රපටයක්.)

ආදිගේ මීලග චිත්‍රපට අතර Sub Inspector Yugandhar, Kirathaka, Amaran in the City: Chapter 1, Jungle යන ඒවා ඇතුලත්.

මේ චිත්‍රපටය වෙනුවෙන් IMDB දර්ශකය 8.1/10 කුත් ගුගල් පරිශීලක අගය 94%කුත් ලබාදීලා තියෙනවා.

මේකේ OTT ගැන කිව්වොත් කලිනුත් කිව්වා වගේ නොසිතු මොහොතක Aha හරහා ජනවාරි 21 වෙනිදා මේ චිත්‍රපටයේ OTT නිකුත් කරනවා.

එහෙනං ඉතින් දැන් ඔරිජිනල් එකත් එක්කම දැන් බලමු.

එහෙනම් තව සබකින් ආයේ හමුවෙමු. 

Shambhala: A Mystical World (2025) Sinhala Subtitless

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය HQ PreDVD(කැම්)/HQ HDRIP  පිටපත් සඳහා පමණක් වලංගු වේ.

4,158 downloadsDownload Shambhala-2025-HQ-HDRIP-Update.zip78 KB

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඕෂද එරංග (Era Boy)” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2025-12-30

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Shambhala: A Mystical World (2025) Sinhala Subtitles

Subtitles by

ඕෂද එරංග (Era Boy)

Subtitles

4,158 downloadsDownload Subtitles78 KB

5 comments

  1. Buddhika laKMal

    තෑන්ක්ස් මචං සබ් එකට
    ඔරිජිනල් ආපුහම අප්ඩේට්එක ඕනේ

    1. Oshada Eranga

      ගොඩක්ම ස්තුතියි සහෝ... ❤️

  2. Buddhika laKMal

    අප්ඩේට්එකට තෑන්ක්ස් මචං....
    ආපුගමන්ම දීලා ...........
    ❤️❤️

  3. Sahan Gayantha

    thanks a lot Era Boy sub ekata

  4. Tharidu Sagara Sadalu

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤