ජැකී චෑන් ගැන අහල නැති එක්කෙනෙක් මේ ලෝකෙ නැති තරම්. ඒ තරම් මේ නළුවා බාල මහළු හැම කෙනෙක්ගෙම මනසේ රැඳිල ඉන්නවා. ඉතින් අද මේ අරන් ආවෙ මේ අසහාය නළුවගේ අලුත්ම සිනමාපටයට උපසිරැසිය අරගෙන. ජැකී චෑන් කිව්වම තව දෙයක් මතක් වෙන්නෙ නැද්ද? ඔව් ඒක තමා තමන් රඟපාන හැම සිනමාපටයකම ස්ටන්ට් දර්ශන වෙනත් කිසිම කෙනෙක් යොද…

ජැකී චෑන් ගැන අහල නැති එක්කෙනෙක් මේ ලෝකෙ නැති තරම්. ඒ තරම් මේ නළුවා බාල මහළු හැම කෙනෙක්ගෙම මනසේ රැඳිල ඉන්නවා. ඉතින් අද මේ අරන් ආවෙ මේ අසහාය නළුවගේ අලුත්ම සිනමාපටයට උපසිරැසිය අරගෙන. ජැකී චෑන් කිව්වම තව දෙයක් මතක් වෙන්නෙ නැද්ද? ඔව් ඒක තමා තමන් රඟපාන හැම සිනමාපටයකම ස්ටන්ට් දර්ශන වෙනත් කිසිම කෙනෙක් යොදා ගන්නෙ නැතුව තමන් විසින්ම රඟපාන එක. එහෙම කරන්න ගිහින් අත්, කකුක්, බෙලි කඩාගන්න සිද්දි ඕන තරම් වෙලා තියනව කියල හොඳට බලාගන්න පුළුවන්. ඇත්තටම ජැකී චෑන් ගැන කතා කරනව නම්, ලියනවා නම් දවස් ගණන්, පිටු ගණන් කතා කරන්න, ලියන්න තියනවා. ඒව දැනට පැත්තක තියල අපි මේ ෆිලුම ගැන පොඩ්ඩක් බලමු.
මේක චීනයේ තිරගත වෙන්නෙ මේ අව්රුද්දෙ අප්‍රේල් මාසෙ 07 වෙනිදා. adventure/comedy ගණයට වැටෙන ෆිලුම අධ්‍යක්‍ෂණය කරන්නෙ Larry Yang කියන අධ්‍යක්‍ෂවරයා. IMDB අගය 6.3/10ක් වගේම My Drama List එකේ 7.7/10ක අගයක් ලබා ගන්නත් මේක සමත් වෙනවා. මේක අධ්‍යක්‍ෂණය කරන Larry Yang ජැකී චෑන්ගෙ සුපිරිම රසිකයෙක්. කුංෆු ස්ටන්ට් කියන වාර්තා චිත්‍රපටිය බැලුවට පස්සෙ තමා Larry ට අදහසක් එන්නෙ කුංෆු ස්ටන්ට් කෙනෙක් ගැන චිත්‍රපටියක් හදන්න. ඉතින් ආයෙ හිතන්න දෙයක් නෑනෙ. තිරපිටපත ලියල බලන්න දෙන්නෙ ජැකී චෑන්ට තමා. ජැකී මේකෙ අඩු පාඩු පෙන්නලා දීල Larry ට දෙනව මාසයක් ඇතුලත ආයෙ තිර පිටපත හදල අරන් එන්න කියල. Larry ට ඒකෙ අඩු පාඩු හදල ආයෙ ජැකීට දෙන්න යන්නෙ දවස් පහයි. ඊට පස්සෙ තමා මේකෙ නිෂ්පාදන කටයුතු ආරම්භ වෙන්නෙ.
ස්ටන්ට් අනතුරක් නිසාම ස්ටන්ට් ජීවිතෙන් විශ්‍රාම ගිහින් ඉන්න ලූඕ සහ එයාගෙ රෙඩ් කියන අශ්වයාගේ ජීවිත දෙකට එල්ලවෙන දුක් කම්කටොළු බාදක, සිනහව සහ ආදරය පාවිච්චිකරල බිඳගෙන ජීවිතය ඉස්සරහට ගෙනියන්න දරණ වෑයමක් අපිට මේ ෆිලුමෙන් බලාගන්න පුළුවන්. කතාව ලොකුවට විස්තර කරන්නෙ නෑ එතකොට වැඩක් නෑනෙ. ජැකී චෑන්ගෙ රසිකයෙක් නම් අනිවාර්යෙන් මේ ෆිල්ම් එක බලන්නම ඕනෙ. මොකද දැන් කාලෙ ස්ටන්ට් කියන දේ VFX තාක්ෂනය සහ පරිගණක තාක්ෂනය මගින් කිසිම ජීවිතයක් අවදානමේ දාන්නෙ නැතුව ලේසියෙන්ම හදල ගන්න පුළුවන් (රඟපානවට වඩා). ඒත් ජැකී චෑන් වගේ අය රංගන ජීවිතය පටන් ගත්ත කාලෙ ඔය මොනවත් නැතුව ඒ හැම ස්ටන්ට් එකක්ම ඇත්තටම රඟ දක්වලා ප්‍රේක්ෂකයන්ට දැන් කාලෙ විදියටම රසවින්දනයක් දෙන්න පුළුවන් උනා. ඒත් ඒ වෙනුවෙන් එයාලට කැපකරන්න උන දේවල්, ඒව කැපකරල විඳින්න උන වේදනාවල් වගේ හැමදෙයක්ම මේ සිනමාපටයේ ගැබ් වෙලා තියනවා. මේක තනිකරම ස්ටන්ට් මෑන් කෙනෙක්ගෙ ජීවිත කතාවක් වගේ.
එහෙනම් දැනට මෙතනින් නවතින්නම්. ෆිලුම කරන්න ඕකේ එක දුන්න රවිඳු හේෂාන් සහෝට ස්තූති කරනවා. සබ බාගෙන යන ගමන් කොමන්ටුවක් හලාගෙන යන්නෝ එහෙනම්. හැමෝම පරිස්සමින් ඉන්නෝ!
Name – Ride On 2023
Catagory – Adventure/Comedy
IMDB – 6.3/10
Director – Larry Yang
Starring – Jackie Chan, Liu Haocun, Guo Qilin
Box office – $3.6 Million
Running Time – 126m

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි Bluray පිටපත් සඳහා අදාළ වේ.
14,789 downloadsDownload Ride.On_.2023.zip40 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුජිත් ප්‍රියංකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුජිත් ප්‍රියංකර
Subtitles
- #Editor's Pick
- #Guo Qilin
- #Jackie Chan
- #Liu Haocun
- #Ride On (2023) Sinhala Sub
- #Ride On (2023) Sinhala Subtitles
- #Ride On Sinhala Sub
- #Ride On Sinhala Subtitles
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #You Decide
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
- #සුජිත් ප්‍රියංකර
12 comments
Ravindu_Heshan
විමා
උපසිරසියට බොහොම ස්තුතියි සහෝ.
Buddhika Lakmal (laKMal)
සබ් දෙනකං බලං හිටපු ෆිලුමක් මචං.... තැන්ක්ස් මචෝ සබට.....
shanuka
thanks
DineshT
Thank you
Anonymous
thank you
Shan
Superb. Thanks for sub
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Lasantharathnasirirox
බොහෝම ස්තුතියි සුජිත් සහෝදරයා මේ සිනමාපටය වෙනුවෙන්.ඔබට ජය !!
Dewadithya
Thanks for Sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
SUNI
THANKS
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහොම ස්තූති සහො