ඔන්න මම මෙදා පාර ඔයාලා හමුවට අරගෙන ආවේ අපි කව්රුත් කුඩා කාලෙ ඉදලා දන්න හදුනන විනී ද පූ ගැන කියවෙන සිනමාපටයක්.හැබැයි ගැටළුව තමා මේ සිනමාපටයේ ඉන්නෙ අපි කුඩා කාලෙදි දුටු ඒ පූ මද කියන එක.මේ සිනමාපටයේ ඉන්නෙ නම් අපිට කවදත් දැකලා පුරුදු ඒ සුන්දර පූ නම් නෙමෙයි.ඊට වඩා හාත්පසින්ම වෙනස් රුධිරු චරිතයක්.කොටින්…

ඔන්න මම මෙදා පාර ඔයාලා හමුවට අරගෙන ආවේ අපි කව්රුත් කුඩා කාලෙ ඉදලා දන්න හදුනන විනී ද පූ ගැන කියවෙන සිනමාපටයක්.හැබැයි ගැටළුව තමා මේ සිනමාපටයේ ඉන්නෙ අපි කුඩා කාලෙදි දුටු ඒ පූ මද කියන එක.මේ සිනමාපටයේ ඉන්නෙ නම් අපිට කවදත් දැකලා පුරුදු ඒ සුන්දර පූ නම් නෙමෙයි.ඊට වඩා හාත්පසින්ම වෙනස් රුධිරු චරිතයක්.කොටින්ම කියුවොත් ලේ පිපාසයෙන් උමතු වැටුනු පූ කෙනෙක්.ඉතිං ඒ හින්දා මේ සිනමාපටය බලනවනම් ඔයාලට ඒ හැමදාමත් දැකලා පුරුදු පූ චරිතය පැයයි විනාඩි හතලිහකට ඔළුවෙන් අයින් කරලා දාන්නම වෙනවා.
හරි මේ සිනමාපටය නිකුත් වුනේ මේ වසරේ මාර්තු 10 වනදා.ඒ වගේම මේ සිනමාපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Rhys Waterfield නම් පුද්ගලයා විසින්. Horror / Slasher යන කාණ්ඩයට අයත් වන මේ සිනමාපටයට ගූගල් පරිෂීලිකයන් විසින් 57 % ක කැමැත්තක් ලබා දීලා තියෙනවා. රොටැන් ටොමැටෝස් හා IMDB යන වෙබ් අඩවි වලින්නම් මේ සිනමාපටයට එතරම් යහපත් ප්රතිචාර ලැබී නොතිබුණත් ඔබ සල්සර් හොරර් රසිකයෙක්නම් මේක නරඹන එකනම් ඔබ මග හැර ගන්න කොහොමටවත් හොද නෑ කියලයි මටනම් හිතෙන්නෙ. Natasha Tosini, Amber Doig Thorne, May Kelly, Craig David Dowsett යන නළු නිලියන්ගෙ රංගනයෙන් හැඩ වූ මෙම සිනමාපටය 100000 USD තරම් අඩු ආයාදමකින් නිෂ්පාදනය කරලා ඇමරිකානු ඩොලර් මිලියන 5 ක ආදායමකුත් උපයන්න සමත් වෙලා තියෙනවා.
ඒ වගේම මේ සිනමාපටයේ කතාව ගැන පොඩියට කියුවොත් අපි කව්රුත් දැනගෙන හිටිය විනී ද පූ හදිසියේම මේ වගේ රුධිරු චරිතයක් බවට පත්වෙන්නෙ ඔහුගෙ හොදම මිතුරා ක්රිස්ටෝපර් රොබින්ගෙ හදිසි හැරයාමත් එක්ක.එතැන් පටන් ඔහුත් ඔහුගේ වටේ ඉන්න පිරිසත් සුන්දර චරිත බවට පත්වෙන්නෙ නම් නෑ.ඉතිං ඒ ඔස්සෙ ගලා යන සිදුවීම් දාමයක් වටා තමයි මේ සිනමාපටයේ කතාව ගලා යන්නෙ. එහෙනම් අපි කව්රුත් දන්න විනී ද පූ ගේ වෙනස් පැතිකඩක් දැක බලා ගන්න මේ සිනමාපටය අනිවාර්යයෙන්ම නරඹන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා.ඒ වගේම තවත් වැදගත්ම දෙයක් තමයි මේ සිනමාපටයේ තරමක් දරුණු දර්ශන ඇතුලත් වෙනවා.ඒ නිසා කුඩා ළමයින්ටනම් මේක කොහෙත්ම ගැලපෙන්න නෑ කියලත් කියන්නම ඕනා.එහෙනම් හැමෝටම ජය වේවා!
Due to copyright issues, We do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය Blu-Ray පිටපත් සඳහා ලබා දී ඇත
8,403 downloadsDownload Winnie.the_.Pooh_.Blood_.and_.Honey_.2023.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-12-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු
Subtitles
5 comments
Buddhika Lakmal (laKMal)
Suranjan
Thanks ....jayawewa....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
Ishan Madusha
බොහෝම ස්තූතියි...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Winnie the Pooh: Blood and Honey (2023) Sinhala Subtitles | වියරු වැටි පූ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/06/Winnie-the-Pooh_-Blood-and-Honey-2023-A.jpg)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥