ඔටෝ ප්‍රිමින්ගර්, ජීන් නෙග්ලෙස්කෝ අධ්‍යක්ෂණය කරන රිවර් ඔෆ් නෝ රිටර්න් සිනමාපටය ලුවිස් ලාන්ස්ලේ ගේ කතාවක්. ෆ්රෑන්ක් ෆෙන්ටන්ගේ විසින් තිර රචනයෙන් හැඩවන මෙහි ආදායම ඩොලර් ලක්ෂ 21 ඉක්මවනවා. දර්ශක අගය 6.7 ලබාගත් මෙයට රොබර්ට් මයිචම්, මැරලින් මොන්රෝ,රෝරි කැල්හෝන්, ටොමී රෙට්ටින් රංගනයෙන් දායක වෙනවා. ඇමරිකාව…

ඔටෝ ප්‍රිමින්ගර්, ජීන් නෙග්ලෙස්කෝ අධ්‍යක්ෂණය කරන රිවර් ඔෆ් නෝ රිටර්න් සිනමාපටය ලුවිස් ලාන්ස්ලේ ගේ කතාවක්. ෆ්රෑන්ක් ෆෙන්ටන්ගේ විසින් තිර රචනයෙන් හැඩවන මෙහි ආදායම ඩොලර් ලක්ෂ 21 ඉක්මවනවා. දර්ශක අගය 6.7 ලබාගත් මෙයට රොබර්ට් මයිචම්, මැරලින් මොන්රෝ,රෝරි කැල්හෝන්, ටොමී රෙට්ටින් රංගනයෙන් දායක වෙනවා. ඇමරිකාවේ රත්තරං ඉල්ලම් සෙවීමේ මුල් කාලය කතාවට පාදක වෙනවා.
මැට් කැඩ්ලර් තමන්ගෙ පුතත් එක්ක පිටිසර ප්‍රදේශයක ගොවිපලක් කරගෙන ජීවත් වෙන්න තීරණය කරනව. ප්‍රදේශය පුරාම රත්තරං සොයන සුදු මිනිස්සුත් ස්වදේශික රතු ඉන්දියානුවනුත් පිරිල. මෙ අතර දවසක තමා තම ගොවිපල අසලින් ගල බසින ගංගාවේ දෙදෙනෙකු සමග පාවී එන පහුරක් අනතුරට පත් නොවී බේරාගන්නෙ. නමුත් ඉත්තෑවගේ ගෙට කබල්ලෑව රිංගුවා හා සමාන වැඩක් තමා කැඩ්ලර්ට වෙන්නෙ.
වෘතියෙන් සූදු ක්‍රීඩකයෙක් වෙන වෙස්ටන් ඉතා හදිසියෙන්ම ජීවිතයත් පරදුවට තබා ගඟ දිගේ තම පෙම්වතියත් සමග පහලට යන්නෙ තමා සූදුවෙන් දිනාගත්ත රත්තරං නිදියක අයිතිය තමාට පවරා ගැනීමට අදාල ලියවිලි සකස් කිරීමට. නමුත් කැඩ්ලර්ගෙ උපදෙස් නිසා ගඟ දිගේ යාමට බියවන වෙස්ටන් කැඩ්ලර්ගේ අශ්වයා හා රයිෆලය බලෙන්ම රැගෙන යනවා. ඒ කැඩ්ලර්ට පහරදී තුවාල කිරීමෙන් පසුව. තම පෙම්වතිය පවා එහි මා යන්නෙ ඉකමනට ගොස් ඉක්මනින් ආපසු ආ හැකි බව පවසමින්.
රතු ඉන්දියානු බලප්‍රදේශයක් රයිෆලයක් නැතුව වාසය කිරීම දිවිනසාගැනීමක් බව දන්නා කැඩ්ලර් තම පුතාව ඒ සමග ගෙන යන ලෙස ඉල්ලුවත් එය ප්‍රතික්ෂේප වෙනව. මේ අතර දින කීපයක් සිට කුරුමානම් ඇල්ලූ රතු ඉන්දියානුවන් කැඩ්ලර්ගේ වාඩියට පහර දෙනව. තුවක්කුවත් අශ්වයත් නැති කැඩ්ලර් වෙස්ටන්ට යා නොහැකි යයි කියූ ගඟ දිගේ බිහිසුණු ගමනක් ආරම්භ කරනව. ඒ තම පුතාගෙ පමනක් නොව වෙස්ටන්ගේ පෙම්වතියගේත් ජීවිත බේරාගතයුතු නිසා.

Due to copyright issues, we do not provide any torrent links.
River Of No Return (Otto Preminger – Marilyn Monroe, Robert Mitchum)
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
922 downloadsDownload River-of-No-Return-1954-1.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බුද්ධික නුවන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-07-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
බුද්ධික නුවන්
Subtitles
11 comments
Kantha_DLA
Kulanjana Maduranga
subata thanks..keep it up...
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි බුද්ධික සහෝ.
ජයෙන් ජය.Priyantha Dayakeerthi
බුද්ධික නුවන් සොයුර,
මෙම සබ් එකට අදාළ වීඩියෝව ලබාගන්නේ කොහොමද? සබ් කළ වීඩියෝවේ ධාවන කාලය සහ එහි මෙගා බයිට් ප්‍රමාණය හැකිනම් මෙහි කමෙන්ටුවක් ලෙස දමන්න. ස්තුතියි!A Mune Munasinghe
isthuthyi..
Bandara 1976
Old is Gold...
Udara Damith Dissanayaka
මරු
දසිත චාමික
උපසිරැසි ගැන්වීමට බොහොම ස්තූතියි! ජය!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ......!
Sasanka Madhumal
Genius 2018 film එකටත් උපසිරැසි දෙන්න සහෝ....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!