බයිස්කෝප් සිංහලෙන් වෙබ්පලට ගොඩවන හැමදෙනාවම ආයුබොවන් කියලා පිළිගන්නවා! අද නම් ගෙනාවේ ඇනිමේශන් සලරුවක්. එසේ මෙසේ ඇනිමේශන් සලරුවකුත් නෙමෙයි. පෝස්ටරේ දැක්ක ගමන්ම ගොඩක් දෙනා අඳුරගන්න ඇති මොකක්ද මේ කතාව කියලා. මට මතකයි ITN නාලිකාවේද කොහේද..මේ චිත්‍රපටය කිහිප සැරයක්ම විකාශය වුණා. ඒ නිසාම දැනටමත් විශාල පිර…

බයිස්කෝප් සිංහලෙන් වෙබ්පලට ගොඩවන හැමදෙනාවම ආයුබොවන් කියලා පිළිගන්නවා!
අද නම් ගෙනාවේ ඇනිමේශන් සලරුවක්. එසේ මෙසේ ඇනිමේශන් සලරුවකුත් නෙමෙයි. පෝස්ටරේ දැක්ක ගමන්ම ගොඩක් දෙනා අඳුරගන්න ඇති මොකක්ද මේ කතාව කියලා. මට මතකයි ITN නාලිකාවේද කොහේද..මේ චිත්‍රපටය කිහිප සැරයක්ම විකාශය වුණා. ඒ නිසාම දැනටමත් විශාල පිරිසක් මේ චිත්‍රපටය නරඹලා ඇති. දවසක් මාත් මේ ෆිලුම download කරලා සිංහල උපසිරැසියත් බාගත කරන්න හදද්දියි තේරුනේ මෙච්චර ජනප්‍රිය වෙලාත් සිංහල උපසිරැසියක් නෑ නේන්නම් කියලා… ඒ නිසාම වෙන කවුරුහරි වෙන් කරගන්න කලින් සිසිල සහෝ ලවා මේක වෙන් කරවා ගත්තේ චිත්‍රපටියේ රහ හොඳට මතක නිසායි.
Everyone’s Hero කියන්නේ අධ්‍යක්ෂකවරුන් සිව්දෙනෙකුගේ සාමූහික ප්‍රයත්නයක්. ඔවුන් තමයි Christopher Reeve,Dan st. Pieree,Colin Bready සහ Daniel st. Pieree කියන්නේ. Robert Kurtz,Jeff Hand සහ Bob kartzගේ තිර පිටපතකට අනුව තමයි මේ නිර්මාණය හැඩගැන්විලා තියන්නේ. 2006 සැප්තැම්බර් 15 වනදා ලොව පුරාම තිරගත වුණත්, ප්‍රථම වරට තැටිගත වෙන්නේ 2007 මාර්තු 20 වනදා. මිනිත්තු 87ක ධාවන කාලයකින් යුත් මෙහි ආදායම ලෙස සටහන් වෙන්නේ $14 497 591ක්. ආසන්න වශයෙන් ඩොලර් මිලියන පහලොවක්. ලොවම හඳුනන 20th century foxහි සජීවීකරණ දායකත්වයෙන් නිර්මාණය වූ මේ සිනමා සිත්තම අයත් වන්නේ Animation,Action,Comedy ගනයට. Jake T. Austin (යැංකි) Raven simone (මාර්ටි) Whoopi Goldburg (ඩාලින්) Rob Riener (ස්කෘව්) හා William M. Macay (ලෙෆ්ටි) වැනි ප්‍රවීන,දක්ෂ නලු නිලියන් පිරිසක් තමයි හඬකැවීම සඳහා දායක වෙලා තියන්නෙත්.
අපේ කතානායකයා තමයි පුංචි යැංකි අර්වින්! යැංකි කියන්නේ බේස්බෝල්වලට පුදුම විදිහට ආදරේ කළත්, බේස්බෝල් ගහන්න බැරි කෙනෙක්. එයා කොච්චර උත්සාහ කළත් එයාට බැහැ ඒ සෙල්ලමට දක්ෂ වෙන්න. ඒ නිසාම එයාගේ යාලුවෝ පවා එයාට කතාකරන්නේ “පරාජිතයා” කියලා. මේ පරාජිත යැංකි අතින් සිද්ධ වෙන අත්වැරදීමක් නිසා ලෝකේ ඉන්න හොඳම බේස්බෝල් ක්‍රීඩකයාගේ පිත්ත අතුරුදහන් වෙනවා. හරියටම කිවුවොත්, යැංකිගේ අත්වැරදීම නිසා වෙනකෙනෙක්ට පුලුවන්කම ලැබෙනවා පිත්ත හොරකම් කරන්න! මේ වැරුද්දට දඬුවම් විඳින්න සිද්ධ වෙන්නේ යැංකිගේ තාත්තාට. ඔහුගේ රස්සාව අහිමි වෙනවා. යැංකිට පාරට බහින්න සිද්ධ වෙනවා. වෙන විදිහකට කිවුවොත්, යැංකිගේ මුලු පවුලටම දඬුවම් විඳින්න සිද්ධ වෙනවා.
“ තමන්ගේ වැරැද්ද නිසා මුලු පවුලටම සිදුවුනු මේ අකරතැබ්බිය හමුවේ යැංකිගේ හැඟීම මොන වගේ වෙයිද?
කවුද එතකොට පිත්ත හොරකම් කළේ?
මොකක්ද මේ පිත්තේ විශේෂත්වය?
බේබ්ට පිත්ත නැවතත් හමුවෙයිද? “
මේ හැමදේකටම පිළිතුරු තියන්නේ Everyone’s Hero (2006) සලරුව ඇතුළේ…ආ! කියන්න අමතක වුණානේ.. IMDb අගය 5.8කුත්, Rotten Tomatoes ප්‍රතිශතය 41%කුත් ලබගන්න හැකිවුණු මේ නිර්මාණයට ප්‍රේක්ශකයින් 76 590කගේ මනාප අනුව 44%ක ප්‍රේක්ශක ප්‍රතිචාරත් ලැබිලා තියෙනවා. පෞද්ගලිකවම මම නම් මේ ප්‍රතිචාර ගැන සෑහීමකට පත්වෙන්නේ නැහැ. චිත්‍රපටය බලලාම මේ පිළිබඳ තීරණයක් ගන්නකෝ කට්ටියම! නැත්නම් ඔන්න IMDb අගය ගැන හිත හිත ඉන්න ගිහිල්ලා හොඳම චිත්‍රපටයක් තමයි මඟහැරගන්න හදන්නේ.
කතා කළා මදෑ…
දැන් ඉතින් බාගෙනම බලමු.
තමන්ගේ අදහසත් යටින් කොටන් යයි කියලා හිතනවා හැම සහෝදරායම සහෝදරියම!! 🙂

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
2,132 downloadsDownload Everyones-Hero-2006.zip47 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවිනු වීරක්කොඩි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-08-25
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිනු වීරක්කොඩි
Subtitles
16 comments
Kulanjana Maduranga
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි කවිනු සහෝ.
ජයෙන් ජය.D.Chamara
bohoma sthuthi sahooo
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Tharaka
Thanks..........
jstar
super brother thanks a lot more
PasinduDeshan
Sub ekata ස්තූතියි
sanjeewa-gunarathna
sub eka ela.....
SP
Thanx
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Udara Damith Dissanayaka
itn එකේ තමයි ගියේ මත බලලා තියෙනවා
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ......!
supershiwa
thanks for the sub
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
yeshu
tnx
Advertisement

subata thanks.....