Sajini Shinde Ka Viral Video (2023) Sinhala Subtitles ආයුබෝවන්, කාලෙකට පස්සෙ හිංදි ෆිල්ම් එකක් ගෙන එනවා.ලොකු හිට් එකක් නොවුනත් IMDB අගය 6.5 වගේ ගත්ත ඉතා සංවේදී කතා පුවතක් සහිත චිත්‍රපටයක්. මෑතදී නිකුත් වූ ඇක්ෂන් හිංදි චිත්‍රපට අත අරියම බලන්න සුදුසු වෙනත් ශානර වල චිත්‍රපට වලින් ඉහලින්ම තියන්න පුළුවන…

Sajini Shinde Ka Viral Video (2023) Sinhala Subtitles
ආයුබෝවන්, කාලෙකට පස්සෙ හිංදි ෆිල්ම් එකක් ගෙන එනවා.ලොකු හිට් එකක් නොවුනත් IMDB අගය 6.5 වගේ ගත්ත ඉතා සංවේදී කතා පුවතක් සහිත චිත්‍රපටයක්. මෑතදී නිකුත් වූ ඇක්ෂන් හිංදි චිත්‍රපට අත අරියම බලන්න සුදුසු වෙනත් ශානර වල චිත්‍රපට වලින් ඉහලින්ම තියන්න පුළුවන්.
Sajini Shinde Ka Viral Video (2023) Sinhala Subtitlesතාක්ෂනය දියුණුවත් සමග බිහි වුන විවිධ සමාජ මාධ්‍ය ජාලාවන් මිනිසාගේ පෞද්ගලිකත්වය සෑහෙන දුරකට පාලනය කරලා තිබෙන යුගයක ඉන්දියානු ගුරුවරියකගේ වීඩියෝවක් ලීක් වීමකින් සිදු ඇයට මුහුණ දෙන්න සිදුවෙන අවාසනාවන්ත ඉරණම මෙයට පාදක වෙලා තිබෙනවා.කොතරම් සමාජය ඉදිරියට ගියත් ඉන්දියානු සමාජය තවමත් විශ්වාස කරන්නේ පවුලක ගෞරවය තනිකරම රඳා පවතින්නේ පවුලේ කාන්තාවන් මත කියලායි.
Sajini Shinde Ka Viral Video (2023) Sinhala Subtitlesසජිනි ශින්ඩේ නම තරුණ පාසල් ගුරුවරියක් ඉතාම පෞද්ගලිකව සිය මිතුරියන් කීප දෙනෙකු සමග විදේශ චාරිකාවකදී සිය උපන්දිනය සමරනවා.වැරදීමකින් එහි දර්ශනයක් යෙහෙළියක් අතින් අන්තර්ජාලයට මුදා හරිනවා.මෙය එතරම් ගණන්ගත යුතු තත්වයක් නොවුනත් ඇය ගුරුවරියක් වූ නිසාම සමාජයට මෙය විශාල අපරාධයක් ලෙස සලකා ඇය වෙත ඇඟිලි දික් කරනවා.ඉතා දැඩි පවුල් පසුබිමක හැදී වැඩුනු ඇයට ඇගේ පවුල. පෙම්වතා පමණක් නොව රැකියාවත් අහිමි වන අවස්ථාවක ඇය සිය දිවි හානි කර ගැනීමේ සටහනක් සමාජ මාධ්‍යට මුදා හැර අතුරු දහන් වෙනවා.ඇයට මොකද උනේ? ඇය මියගිහින්ද? සැඟවුනාද? වැරදි කරුවෝ කවුද? පොලිසිය මෙය විමර්ෂනය කරද්දී විවිධ පාර්ශවයන්ට ඇඟිල්ල දිගු වෙනවා.
Sajini Shinde Ka Viral Video (2023) Sinhala Subtitlesදියණියගේ අතුරුදහන් වීමට වඩා පවුලේ ගෞරවය වදගත් සේ සලකන පියෙක්. පෙම්වතියගේ අතුරුදන් වීමට සැකයට බඳුන් වීම නිසා ඉන් මිදීමට දඟලන ආත්මාර්ථකාමී පෙම්වතෙක්, සිය ගෞරවය වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලන විදුහල්පතිනියක්. තම අත්වැරදීම වසා ගනිමින් සිය යෙහෙළියගේ ඉරණම තුලින් කාන්තා විමුක්තිය සඳහා සටන් කරන සමාජ මාධ්‍ය ක්‍රියාකාරිණියක්, අහිංසක ගැහැණීයක් ගල් ගැසූ එහෙත් ඇයගේ අතුරුදහන් වීමත් සමග එකිනෙකාට ඇඟිලි දික් කරමින් ආතල් ගන්නා සමාජයක්.
Sajini Shinde Ka Viral Video (2023) Sinhala Subtitlesමේ සියල්ල මැද ඇයට සිදු වූයේ කුමක්ද? අපි සොයමු.
Radhika Madhan, Nimrath Kavur,Soham Majumdar , ප්‍රධාන චරිත රඟන මෙහි අධ්‍යක්ෂනය Mikhil Musale ගෙන් . මෙය නරඹන්නට ආරාධනා කරමින් නව උපසිරැසියකින් හමු වන තෙක් සමු ගන්නවා.
Sajini Shinde Ka Viral Video (2023) Sinhala Subtitlesනැවත හමුවෙමු. ආයුබෝවන්!
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය HQ HDRip පිටපත් සඳහා වලංගු වේ.
7,363 downloadsDownload Sajini-Shinde-Ka-Viral-Video-2023.zip64 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Sajini Shinde Ka Viral Video (2023) Sinhala Subtitles

Subtitles by
BANDULA K
Subtitles
8 comments
Achintha Udayanga
Anonymous
නම හින්දම ගොඩ දෙනෙක් අත ඇරගන්න, ඒත් බලන්නම ඕන එකක්.
සබට බොහොම තුති බන්දුල.A S H
Thanks Subtitles
Thank You Very Much For Spending Your Valuable Time And Giving Us The Correct Subtitles
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි බන්දුල සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Sahan Gayantha
thanks a lot brother sub ekata
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Sajini Shinde Ka Viral Video (2023) Sinhala Subtitles | සියල්ලෝම විත්ති කරුවන් [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/01/Sajini-Shinde-Ka-Viral-Video-2023-Cover-01.jpg)

බොහෝම ස්තූතියි