Parking (2023) Sinhala Subtitles ඊෂ්වර් තොරතුරු තාක්ෂණ අංශයේ සේවකයෙක්. රැකියා ස්ථානය චෙන්නායි වලට මාරු කළ නිසා ඊෂ්වර් ඒ අසලින්ම පදිංචියට කුලී නිවෙසක් බලනවා. කොහොම හරි ඊෂ්වර්ගේ හිතට ඇල්ලුව ගෙදරක් තෝරා ගෙන බඩු මුට්ටු අරගෙන පදිංචියට එනවා. මේ ගෙදර උඩ තට්ටුව තමයි ඊෂ්වර්ලා පදිංචියට ගියේ. ඊෂ්වර්ගේ බිරිඳ ආ…
Parking (2023) Sinhala Subtitles
ඊෂ්වර් තොරතුරු තාක්ෂණ අංශයේ සේවකයෙක්. රැකියා ස්ථානය චෙන්නායි වලට මාරු කළ නිසා ඊෂ්වර් ඒ අසලින්ම පදිංචියට කුලී නිවෙසක් බලනවා. කොහොම හරි ඊෂ්වර්ගේ හිතට ඇල්ලුව ගෙදරක් තෝරා ගෙන බඩු මුට්ටු අරගෙන පදිංචියට එනවා. මේ ගෙදර උඩ තට්ටුව තමයි ඊෂ්වර්ලා පදිංචියට ගියේ. ඊෂ්වර්ගේ බිරිඳ ආතිකා, ගර්භනී මවක්. එයා ආතිකා ගැන ගොඩක් සැළකිලිමත් වුණා. මේ ගෙදර පහල තට්ටුවෙ ඉලම්පරුදියි, එයාගේ බිරිඳ සහ දියණිය එක්ක පදිංචි වෙලා හිටියා. ලබන වසරේ විශ්‍රාම යන්න සූදානමින් ඉන්න ඉලම්පරුදි නගර පන්චායත් කාර්යාලයේ සේවය කරන විධායක නිළධාරියෙක්.
Parking (2023) Sinhala Subtitlesඊෂ්වර් හා ඉලම්පරුදි දෙදෙනා සුහද ආශ්‍රයක් ගොඩ නගා ගන්නවා. මේ ඉලම්පරුදිට රැකියාවට යන්න බයික් එකක් තිබුණා. ඒත් ඊෂ්වර් රැකියාවට ගියේ කුලී රථයකින්. ඊෂ්වර්ටම කියලා වාහනයක් නැති එක ලොකු පාඩුවක් වුණා. මොකද එයා බිරිඳගේ සුව පහසුව ගැන නිතරම හිතුවා. ඒ නිසාම ආතිකා කැමති පාටින්ම අලුතෙන් කාර් එකක් මිලදී ගත්තා. කාර් එකයි බයික් එකයි නතර කරන්න තරම් ගෙදර ඉඩකඩ ප්‍රමාණවත් වුණේ නැහැ. ඉලම්පරුදි ටිකක් පිරිමහගෙන එයාගේ බයික් එක පැත්තකින් කරලා කාර් එක නතර කරන්න ඉඩ හදලා දුන්නා. ඒත් ඉලම්පරුදිට තිබුණ ඉඩ කොටසින් එයාගේ බයික් එක ඇතුලට ගන්න, එලියට දාගන්න අපහසු වුණා.
Parking (2023) Sinhala Subtitlesඑක දවසක් ඊෂ්වර්ගේ කාර් එකේ සීරීමක් වෙලා තිබුණා. අලුතෙන්ම ගත්ත කාර් එකේ සීරීමක් වෙලා තියෙනවා දැක්කම ඊෂ්වර්ට තදින්ම කේන්ති ගියා. සීරුම ගැන හොයලා බලද්දි ඒක ඉලම්පරුදිගේ බයික් එකට හීරිලා කියලා හොයාගන්නවා. කේන්ති නිසා ඊෂ්වර්, ඉලම්පරුදිට ටිකක් සැරෙන් කතා කරනවා. ඒකට ඉලම්පරුදිටත් කේන්ති යනවා. පස්සෙ, ඊෂ්වර් දෙන්නටම මේක අමතක කරලා දාන්න කියලා ඉලම්පරුදිට අරක්කු ටිකක් බොන්න කතා කරනවා. අමතක කරලා දානවා වෙනුවට වෙරි වෙලා හිටිය ඉලම්පරුදි කතා බහ අතරෙදි කේන්ති අරගෙන එතනින් යනවා. මොකද මැදි වයසේ ඉලම්පරුදිගෙත්, තරුණ වයසේ ඊෂ්වර්ගේ අදහස් ගැලපුණේ නැහැ.
Parking (2023) Sinhala Subtitlesප්‍රශ්නෙ එතනින් ඉවර වෙනවා වගේ පේන්නෙ නම් නැහැ. පහුවදා ඉලම්පරුදි රැකියාවට යන්න ලැහැස්ති වෙලා ගෙදරින් එලියට බහිද්දි බයික් එක එලියට ගන්න බැරිවෙන විදියටම කාර් එක හරස් වෙලා. ඉලම්පරුදි, ඊෂ්වර්ගෙ ගෙදරට ගිහින් කාර් එක ගන්න කියලා කියනවා. ඒත් ඊෂ්වර් කෑම කන ගමන් හිටිය නිසා ටික වෙලාවක් ඉන්න කියලා ඉල්ලනවා. දැන්මම කාර් එක එහාට කරන්න කියලා ඉලම්පරුදි කියනවා. ඊෂ්වර් කෑම කාලා තමයි එන්නෙ කියලා මුරණ්ඩු වුණා. ඒකෙන් හොඳටම කේන්ති ගිය ඉලම්පරුදි පයින්ම රැකියාවට යනවා. එදා හවස ඊෂ්වර් වැඩ ඇරිලා ගෙදර එද්දි ඉලම්පරුදිගේ බයික් එක පාර්කින් එක මැදම නතර කරලා තිබුණා.
Parking (2023) Sinhala Subtitlesඊෂ්වර් බයික් එක පැත්තකට කරලා කාර් එක පාර්කින් එකෙන් දාගන්නවා. ස්ටෑන්ඩ් එක හරියට ගහලා තිබුණෙ නැති නිසා රෑ ජාමෙදි බයික් එක පැත්ත වැටෙනවා. කවුරුවත් මේ ගැන දන්නෙ නැහැ. පසුවදා උදේ ගෙදර දොර අරින ඉලම්පරුදිට දකින්න ලැබුණේ බිම වැටිලා තියෙන බයික් එක. ඉලම්පරුදි ඊෂ්වර් පහලට එක්කගෙන ඇවිත් මේක පෙන්නලා එයාට චෝදනා කරනවා. ඔය අතරෙදි වාද කිරිල්ල දුර දිග ගිහින් රණ්ඩු කරගන්නත් ලැහැස්ති වෙනවා. කොහොමින් හරි පවුල්වල අය මැදිහත් වෙලා දෙදෙනාම වෙන් කරනවා. එදා රෑම ගෙදර අයිතිකාරයා මේ ප්‍රශ්නෙ විසඳුමක් කරන්න ගෙදරට එනවා.
Parking (2023) Sinhala Subtitlesඅයිතිකාරයගේ විසඳුම වුණේ පාර්කින් එක තියෙන්නෙ කාර් පාර්ක් කරන්නත්, බයික් එකක් තියෙන ඉලම්පරුදිට ඉඩ පිරිමහගන්න කියන එකයි. මේ ඔක්කොම අහගෙන හිටිය අහංකාර ඉලම්පරුදිගේ කේන්තිය නිවුනේ නම් නැහැ. තව තවත් වැඩි වුණා. පාර්කින් එක තියෙන්නෙ කාර් පාර්ක් කරන්න කියලා අයිතිකාරයා කිව්ව නිසා ඉලම්පරුදි අලුතෙන්ම කාර් එකක් මිලදී ගන්නවා. කාර් එකයි බයික් එකයි නතර කරන්න ඉඩ මදි වුණ පාර්කින් එකේ කාර් දෙකක් නතර කරන්නෙ කොහොමද? මේ ප්‍රශ්න කොහෙන් කොහෙන් කෙළවර වේවිද?
Parking (2023) Sinhala Subtitlesපසුගිය වසරේ දෙසැම්බර් මස 1 දා නිකුත් වුණ මේ චිත්‍රපටය රාම්කුමාර් බාලක්‍රිෂ්ණන්ගේ මංගල සිනමා අධ්‍යක්ෂණයක්. හරීෂ් කල්‍යාන්, MS බාස්කර්, ඉන්දුජා රවිචන්ද්‍රන් ප්‍රධාන චරිත රඟ දක්වනවා. ඒ හැර රාමා රාජේන්ද්‍රා, ඉලෛවරසු, ප්‍රතනා නාදන් යන අයද චරිත නිරූපණය කරනවා. ඒ හැමෝගෙම රඟපෑම උපරිමයෙන් මීට ලබා දී තිබුණා. චිත්‍රපටයේ සංගීතය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ සෑම් C.S. විසින්. ඒ වගේම පාර්කින් 2023 වසරේ හොඳම දෙමළ චිත්‍රපට 10 අතරට ඇතුලත්. 2023 කොලිවුඩයට නවක අධ්‍යක්ෂකවරුන් වැඩි වශයෙන් පිවිසුණ වසරක්. Dada – ගනේෂ් බාබු, Ayothi – මන්දිර මූර්ති, Good Night – විනායක් චන්ද්‍රසේකරන්, Por Thozhil – විග්නේෂ් රාජා, Parking – රාම්කුමාර් බාලක්‍රිෂ්ණන්, Joe – හරිහරන් රාම් ලෙසින් නවක අධ්‍යක්ෂක වරුන් මේ වසරේදී සිනමාවට අවතීර්ණ වුණා.
Parking (2023) Sinhala SubtitlesMS බාස්කර්, සිනමාවට ලැබුණ මැණිකක්. හාස්‍ය චරිත වගේම භාවාත්මක චරිත රංගනයත් ප්‍රගුණ කළ කෙනෙක්. Mozhi, 8 Thottakkal (2017), Oh My Kadavule (2020) චිත්‍රපටවල වගේම Tamil Rockerz (2022) වෙබ් කතා මාලාවේත් ඔහුගේ විශිෂ්ඨ භාවාත්මක රංගනය දකින්න පුළුවන්. ඔහු Maragatha Nanayam (2017), Thamizh Padam (2010), Malaysia to Amnesia (2021) වගේ හාස්‍යජනක චිත්‍රපට බොහෝ ගණනකම රඟපා තිබෙනවා. ඒ අතරින් A1 (2019), Sabhaapathy (2021) චිත්‍රපටවල සන්තානම් එක්ක තිබුණ සුසංයෝගය ගැන නම් කියන්න වචන නැහැ. ඒ නිසාම වෙන්න ඇති, සන්තානම්ගේ මීළඟ චිත්‍රපටය Vadakkupatti Raamasamy (2024) චිත්‍රපටයේත් සන්තානම්ගේ පියාගේ චරිතය බාස්කර් විසින් නිරූපණය කරනවා.
Parking (2023) Sinhala Subtitlesහරීෂ්ගේ පාර්කින් චිත්‍රපටයට පෙර තිරගත වුණ LGM (2023) චිත්‍රපටයට බොහෝ සෘණාත්මක ප්‍රතිචාර ලැබුණා. මේ LGM චිත්‍රපටය ලෝක් ප්‍රසිද්ධ MS දෝණි විසින් නිෂ්පාදනය කරනු ලැබූ චිත්‍රපටයක්. දිගින් දිගට හොඳ නිර්මාණ ලබා දුන්න හරීෂ්ගෙන් LGM වගේ චිත්‍රපටය ප්‍රේක්ෂකයින් බලාපොරොත්තු වුණේ නැහැ. කොහොම වුණත් පාර්කින් චිත්‍රපටයෙන් එය පියවාගන්න සමත් වෙනවා. හරිෂ් කල්‍යාන්ගේ ලැයිස්තුවේ Diesel, Lubber Panthu, Kanni Vedi, Nooru Kodi Vaanavil නම් චිත්‍රපට පැමිණිමට නියමිතයි.
Parking (2023) Sinhala Subtitlesප්‍රෙක්ෂක, විචාරක ධණාත්මක ප්‍රතිචාර මධ්‍යයේ සාර්ථක ලෙස සිනමාහල් වල ධාවනය කෙරුණා. මීට ලැබී තිබෙන Imdb රේටින් අගය 8.1/10ක්. ඒ වගෙම TOI විසින් 4/5ක්, Times Now විසින් 3/5ක් වශයෙන් රේටින් අගයක් හිමි වුණා. තවද සිනමා විකටන් පුවත් පතෙන් මීට 44ක සාපේක්ෂව ඉහළ ලකුණක් ලබා දී තිබෙනවා.
පරම්පරා වලට සාපේක්ෂව ඒ ඒ අය සිතන පතන විදිය වෙනස් වෙනවා. අපිට සමාජයේ මේ හැමෝම එක්ක කටයුතු කරන්න වෙනවා. ඒත් අසම වයස්වල අය එක්ක කටයුතු කරද්දි හරි අපහසුයි. ඒ වගෙම ඒ ඒ පරම්පරා වල අය අනෙක් පරම්පරා වල අය ගැන බොහෝ වෙලාවට තියෙන්නෙ අප්‍රසාදයක්. තමන් විතරයි හරි කියලා හිතන මමංකාරයක්. හැමෝටම ගරු කරන්න. පිරිමහගෙන ජීවත් වෙන්න පුරුදු වෙන්න. කොහොම වුණත් අවසානයේ අපි හැමෝම මැරෙන මිනිස්සු.
Parking (2023) Sinhala Subtitlesඉතින් සිනමා ලෝලීන්ගේ 100%ක් රසවින්දනය වෙනුවෙන් ගීත සියල්ලටම උපසිරැසි කර තිබෙනවා. මතක තියාගන්න ලංකාවේ විවිධ වෙබ් අඩවි වලින් වගේම ෆේස්බුක් චිත්‍රපටි බලන්නන්ගේ ගෲප් වලින් සොරාගන්නා හොඳම ගුණාත්වයෙන් යුත් සිංහල උපසිරැසි ලැබෙන එකම තැන Baiscope.lk. උපසිරැසිය විතරක් ද, මේ ලිපිය, උඩින් තියෙන කවර් පික් එක පවා උස්සනවා.
අපේ උපසිරැසි මහගෙදර බයිස්කෝප් වෙබ් අඩවියේ කිසිම උපසිරැසි කරුවෙක් වෙනත් වෙබ් අඩවිවලට උපසිරැසි ලබා දෙන්නෙ නැහැ වගේම ලිපිය ඒ ඒ වෙබ් අඩවි වලට ගැලපෙන විදියට කපා කොටා පළ කරන්නේ ද නැහැ. මුලදි නම් ඉස්සුවෙ කතාව විතරයි. දැන් දැන් අමතක විස්තර ඡේදත් එක්කම උස්සනවා. කෙටි විරාමයකින් පසුව නැවතත් හමුවෙන්නම්. අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න
අමතක කරන්න එපා. හැමදාම වගේ අදහස් දක්වන සහ බයිස්කෝප් සිංහලෙන් අපිත් එක්ක එකතුවෙලා ඉන්න හැමෝටම ආදරෙයි!
බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HQ HDRIP පිටපත් සඳහා ගැළපේ.
8,115 downloadsDownload Parking-2023-Sinhala-Subtitles.zip58 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Parking (2023) Sinhala SubtitlesSubtitles by
රවිඳු නවින්
Subtitles
- #Editor's Pick
- #Harish Kalyan
- #Indhuja Ravichandran
- #Indian Box Office Hits
- #M.S. Baskar
- #MaxxA
- #Must Watch
- #Parking
- #Parking (2023)
- #Parking (2023) Sinhala Sub
- #Parking (2023) Sinhala Subtitles
- #Sam C.S.
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #subtitle
- #රවිඳු නවින්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
7 comments
Buddhika Lakmal
Priyankara Aponso
Thank you details and sub.
Also please check why still not updated to https://baiscopedownloads.co/
Good luck !!!!!!Achintha Udayanga
සබට තුති මලේ!
palitha de silva
thankyou very much.
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි රවි ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

හම්මෝ බං.. සබ් දෙනකං හිටපු ෆිලුමක් මේක...
තෑන්ක්ස් මචෝ සබට.....