Watch Trailer

Salaam Venky (2022) Sinhala subtitles | සුබ ගමන් වෙන්කි! [සිංහල උපසිරසි]

අළුත්ම අළුත් චිත්‍රපටයක් අරගෙන තමා ආවේ… සුපුරුදු පරිදි හින්දි චිත්‍රපටයක්, චිත්‍රපටයේ නම තමා Salaam Venky, මේ චිත්‍රපටය තිරගත වුණේ ගිය වසරේ අවසන් මාසයේ… අද තමා සී5 නාලිකාව ඔස්සේ OTT අවකාශයට මුදාහැරුණේ. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රවීණ ඉන්දීය නිළි රේවතී විසින්. චිත්‍රපටයේ ප්‍රධාන රංගනයෙන් දායක වෙ…

අළුත්ම අළුත් චිත්‍රපටයක් අරගෙන තමා ආවේ… සුපුරුදු පරිදි හින්දි චිත්‍රපටයක්, චිත්‍රපටයේ නම තමා Salaam Venky, මේ චිත්‍රපටය තිරගත වුණේ ගිය වසරේ අවසන් මාසයේ… අද තමා සී5 නාලිකාව ඔස්සේ OTT අවකාශයට මුදාහැරුණේ.

චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රවීණ ඉන්දීය නිළි රේවතී විසින්. චිත්‍රපටයේ ප්‍රධාන රංගනයෙන් දායක වෙන්නේ කාජල් සමඟ විශාල් ජේත්වා… කාජල් ගැන නම් අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍යය නැහැ… විශාල් ජේත්වා ගැන කිව්වොත් රාණි එක්ක හතුරා විදිහට මර්දානි 2 චිත්‍රපටයේ හරි හරියට රඟපෑවේ විශාල් තමා. ඔවුන් දෙදෙනාට අමතරව රාහුල් බෝස්, ප්‍රකාශ් රාජ්, ප්‍රියාමනී, රජීව් කන්දෙල්වාල්, අහනා කුමාර් සමඟ අමීර් ඛාන් සුවිශේෂී රංගනයකින් දායක වෙනවා. කෞසර් මුනී තිරපිටපත ලිවීමෙන් දායක වෙනවා.

කතාව ගැන කිව්වොත් මේක ඉන්දියාවේ වුණු සත්‍යය කතාවක්, කොලවෙන්නු ක්‍රිශ්ණන් සහ ඔහුගේ මව වුණු කේ. සුජාතාගේ ජීවිත අන්දරය ඇසුරින් ශ්‍රීකාන්ත් මූර්ති විසින් ලියැවුණු The Last Hurrah කෘතිය පාදක කරගෙන තමා මේ චිත්‍රපටය නිපදවෙන්නේ.

වෙන්කටේෂ් ක්‍රිශ්ණන් නොහොත් වෙන්කි ඔහුට වැළඳිලා තියෙන්නේ දුර්ලභ රෝගයක්… ඒ රෝගය වැළඳුණාම ක්‍රම ක්‍රමයෙන් මාංශපේෂීන් ක්‍රියා කරන එක නවතිනවා… ඉතිං වෛද්‍යවරුන්ගේ අනාවැකිය වෙන්නේ මේ රෝගය වැළඳුණු අයට වයස අවුරුදු 17, 18ට එන එකත් අමාරු දෙයක් බව. නමුත් වෙන්කිගේ අම්මා සුජාතාගේ අප්‍රතිහත ධෛර්‍යය නිසා වෙන්කි අවුරුදු 24ක් වෙනකන් ජීවත් වෙනවා… ඒත් දැන් වෙන්කිට ඕනේ අනික් අයට යහපතක් වෙනගමන් මේ ජීවිතයට සමු දෙන්න…

මේක සංවේදී කතා පුවතක්… කාජල්ටම ලියැවුණු පිටපතක්… කාජල් වගේම විශාල් ජේත්වාගේ රංගනය විශිෂ්ටයි… මේක ඔබ අනිවාර්‍යයෙන් නැරඹිය යුතු චිත්‍රපටයක් ලෙස නම් කරන ගමන්… නැවතත් සබක් සමඟ හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නවා.. එහෙනම් ගිහින් එන්නම්.

මේ චිත්‍රපටයේ ලයින් එහෙම ගහලා දුන්නු ෆීනික්ස් උතුමාණන්ව ආදරයෙන් මතක් කරනවා.

 

“හම්හේ රහී ප්‍යාර් කේ, ෆීර් මිලේන්ගේ, චල්තේ චල්තේ”

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති SRT උපසිරසි HQ HD පිටපත් සඳහා ගැළපේ.

4,648 downloadsDownload Salaam-Venky-2022.zip52 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සිසිත සමරතුංග

Subtitles

4,648 downloadsDownload Subtitles52 KB

23 comments

  1. පීනික්ස්

    සබට තුති මහතාණෙනී

  2. Anonymous

    Farzi series එකට සබ් ඕනී

  3. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි සිසියා ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  4. Anonymous

    Farzi tv series sub plz

  5. heshan

    meke download links tica ganne kohmada
    subtitle link eka vitharane thiyenne

  6. Kushan

    Sub akta thanks

  7. Idunil Weerasinghe

    Thanks brother

  8. Anonymous

    thnx bro. kajollll

  9. ජප්පා

    තැන්ක්ස් සිසියා

  10. මිනුල

    සබට තැන්ක්ස් සහෝ

  11. Naveen Mbr

    බොහොම ස්තූතියි අයියේ!

  12. Buddhika laKMal

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  13. Naveen

    උපසිරසියට තුති

  14. පෝර්නික්ස්

    තමන්ගෙ පුද්ගලික වැඩ රාජකාරි මැද ඒවා නොකර මේ සබ් කොටන්න උඹට පිස්සුද අයිසේ

    1. පෝර්නික්ස් ගේ තාත්තා

      කාටවත් පේන්න කලින් ගිහින් අං දෙක කපාගනින්

  15. Anonymous

    Thankkk uuuuuuu

  16. naara

    thanks

  17. Anonymous

    Elaz

  18. indika 75

    thanks..

  19. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  20. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  21. Manu

    Godak sthuthi..Jaya wewa.

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P