Watch Trailer

Brother of the Year (2018) Sinhala Subtitles | කිසිදා නොමියෙන සොදුරු පෙම.. [සිංහල උපසිරසි]

ඔව්, මේකත් එක්තරා ආදර කතාවක් තමයි හැබැයි වෙනස්ම විදිහක ආදර කතාවක්. කොල්ලෙක් කෙල්ලෙක්ට “I Love You” කියන ආදර කතා ඔයා ඕන තරම් බලල ඇතිනෙ. එතකොට අම්ම කෙනෙක් තමන්ගෙ දරුවට දක්වන ආදරය ගැන කියවෙන කතා, පියෙක් තමන්ගෙ දරුවට දක්වන ආදරය ගැන කියවෙන කතා ඔයාල බලල ඇතිනෙ, ඒත් සහෝදරයෙක් හා සහෝදරියක් වටා දිවෙන කතා කීය…

ඔව්, මේකත් එක්තරා ආදර කතාවක් තමයි හැබැයි වෙනස්ම විදිහක ආදර කතාවක්. කොල්ලෙක් කෙල්ලෙක්ට “I Love You” කියන ආදර කතා ඔයා ඕන තරම් බලල ඇතිනෙ. එතකොට අම්ම කෙනෙක් තමන්ගෙ දරුවට දක්වන ආදරය ගැන කියවෙන කතා, පියෙක් තමන්ගෙ දරුවට දක්වන ආදරය ගැන කියවෙන කතා ඔයාල බලල ඇතිනෙ, ඒත් සහෝදරයෙක් හා සහෝදරියක් වටා දිවෙන කතා කීයක් ඔයාල බලල තියෙනවද. ගොඩක් දුරට එකක්වත් නැතුව ඇති නේද..? මේ තියෙන්නෙ එහෙම කතාවක්.

මේක IMDB 6.7 ක තායි චිත්‍රපටියක්. තායි චිත්‍රපටියක් කිව්වම ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. ආදර කතා නම් ඒකෙ උපරිමේටත්, ඇග කිලිපොලා යන ජාතියේ චිත්‍රපටියක් නම් ඒකෙ උපරිමේටත්, සටන් ජවනිකා සහිත චිත්‍රපටියක් නම් ඒකෙ උපරිමේටත් යන්න තායි චිත්‍රපටි කර්මාන්තයට තියෙන්නෙ අමුතුම හැකියාවක්. උදාහරනයක් විදිහට මම කරපු The Teacher’s Diary 2014 චිත්‍රපටිය ගන්න පුලුවන්. (ඔව්ව් ඔව්ව්, ඒකත් බලල නැත්නම් බලන්න කියල තමයි කියන්නෙ.)

සෑහෙන කට්ටක් කාල වැඩ රාජකාරි දහසකුත් අස්සෙ ඔයාලට බලන්න ගෙනාපු මේ චිත්‍රපටිය සුපිරියක් කියල කිසිම චකිතයක් නැතුව කියන්න පුලුවන්. මම ඉතින් කවද්ද ඔයාලට නරක ෆිල්ම් එකක් ගෙනාවෙ නේද.. මේ චිත්‍රපටියෙ ඉන්නෙ උඩින් කිව්ව වගේ අයිය කෙනෙක් සහ නංගි කෙනෙක්. නංගි, ජේන්(urassaya Sperbund) හා චූට් ( Sunny Suwanmethanont) කියන චරිත දෙක වටා තමයි මේ කතාව ගලාගෙන යන්නෙ. අයිය, චූට් කිසිම බරපතලක් නැති ඉගෙන ගන්නත් කම්මැලි ජීවිතය සැහැල්ලුවෙන් ගත කරන සෙල්ලක්කාර චරිතයක්. ඒත් නංගි ජේන් ඊට හාත්පසින්ම වෙනස්. හොදට ඉගෙන ගන්න, හොද රැකියාවක් කරන ජේන් තමන්ගෙන් ගෙදරට වෙන්න ඕන යුතුකම් උපරිමයටත් චුට්ටක් වැඩියෙන් ඉටු කරන චරිතයක්. මේ දෙන්න ජීවත් වෙන්නෙ එක ගෙදරක. අම්ම තාත්තත් ළග නෑ. කොහොම තියෙයිද නේ. ආ.. ජේන් තමන්ගෙ අයියට ආදරේට කතා කරන්නෙ “පූසි” කියල. ඒකට චූට්ට නම් යකා නගිනව. එහෙම කතා කරන්න හේතුවත් ඔයාලට මේ කතාව ඇතුලෙන්ම හොයාගන්න පුලුවන්.

මේ චිත්‍රපටයේ ජේන් චරිතය රගපෑ urassaya Sperbund ට තායිලන්තයේ චිත්‍රපට හා සම්බන්ධ හොදම නිළියට පිරිනැමෙන ජාතික සම්මානය එම වසරේදි ලැබෙනව වගේම චූට් ව හොදම නළුවා සම්මානයටත් නිර්දේශ වෙනව. මේ දෙන්නගෙ මේ අලකලංචි මැද්දෙන් දිවෙන අපූරු කතාව කට කනේ තියාගෙන හිනාවෙන්න පුලුවන් සිදුවීම් වලින් වගේම ඇහැට නොදැනී කදුළු වැටෙන දර්ශන වලිනුත් හරි පොහොසත්. ඉතින් කොහොමද ඔයා මේ වගේ චිත්‍රපටියක් මගහැරගන්නෙ.

අහ්, තව පොඩි දෙයක් කියන්න තියෙනව. ඔයාට ඉන්නෙ අයියෙක් හරි නංගියෙක් හරි නම් මේ ච්ත්‍රපටිය මගහැරගන්න එපා, මේකෙන් ඔයාලගෙ තරහ මරහ ඔක්කොම අමතක කරලදායි. හැබැයි ඉතින් පවුලෙ ඉන්න එකම ළමය ඔයා නම් කරන්න දෙයක් නෑ, පොඩි දුකක් හිතට දැනෙයි.. එහෙනම් ඉතින් ඔයාලට හිතෙන හැමදේම පහල කමෙන්ට් බොක්ස් එකේ කොටල යනකන් මම බලාගෙන ඉන්නව. කවුරුත් නොදැකපු කාගෙවත් ඇස නොගැටුනු ලෝක සිනමාවෙ තවත් අපූරු නිර්මාණයක් අරගෙන ඔයාලව බලන්න එන පොරොන්දුව පිට මම සමුගන්නව. මේ අමාරුකාලෙ ඔයත් පරිස්සමෙන්, සතුටින් ඉන්න. ඒක තමයි ගොඩක්ම වැදගත්. මම ඉෂාන්.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEBRip පිටපත් සඳහා ලබා දි ඇත.

2,336 downloadsDownload Brother-of-the-Year-2018.zip48 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,336 downloadsDownload Subtitles48 KB

23 comments

  1. Gayanith

    නියමයි බොසා
    මේ වගේ වෙනස් නිර්මාන දිගටම දෙන්න

    1. ishan

      Thx saho

  2. Kushan

    Sub akta thanks

    1. ishan

      THxx

  3. kavinda gamage

    බොහොම ස්තුතියි සහෝ නියම වැඩක්

  4. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  5. naara

    thanks

  6. Anonymous

    patta

  7. Anonymous

    එලකිරි සගෝ

  8. Buddhika laKMal

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  9. lalith

    me wage lassana film sub denwta thanks

  10. Anonymous

    තායි හොරර් ටිකක් දෙන්නකෝ

  11. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  12. Anonymous

    thanks

  13. indika 75

    thanks..

  14. Anonymous

    පට්ට ෆිල්ම් එකක්
    කාලෙකින් බැලුවේ මේ වගේ ෆීල් වෙන ෆිලුමක්
    බොහොම ස්තුතියි සහෝ මේ වගේ ෆිල්ම් සබ් ගේනවට
    හොලිවුඩ් ෆැන්ටසි වලින් බොලිවුඩ් මසාලා වලින් මිදිලා හෑමෝම මේ වගේ ෆිල්මුත් බලන්න

    1. ishan

      බොහොම ස්තූතියි සහෝදරය අදහසට. මහන්සියේ තරමට ප්‍රතිචාර නැතත්, ෆිල්ම් එකේ තරමට ප්‍රතිචාර නැතත් ඔයාල වගේ අයගෙ අදහස් බොහොම අගය කරනව.

  15. Anonymous

    Sub eka maru

    1. ishan

      Thnx saho

  16. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

    1. ishan

      Thnx brother

  17. Madusha

    තෑන්ක්ස් බ්‍රෝ

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.