මම ජීවත්වෙන්නේ මට උවමනා විදියටයි… එහෙම නැතුව වෙන කිසිම එකෙක්ට උවමනා විදියට නෙමෙයි… ඒ වගේම මම කිසිම කෙනෙක්ගේ බිල්ලක් නෙමෙයි, වෙන එවුන් වෙනුවෙන් මගේ ජීවිතේ බිල්ලට දෙන්න… මේක තමයි අපි ඉපදුණු භූමිය… අපි හැමෝම ජීවත් වෙන්නේ මේ භූමිය තුලයි… මේ භූමිය තමයි අපි හැමෝටම තියෙන ධනය… මේ භූමිය අපි හැමෝටම අයිති දෙය…

මම ජීවත්වෙන්නේ මට උවමනා විදියටයි…
එහෙම නැතුව වෙන කිසිම එකෙක්ට උවමනා විදියට නෙමෙයි…
ඒ වගේම මම කිසිම කෙනෙක්ගේ බිල්ලක් නෙමෙයි,
වෙන එවුන් වෙනුවෙන් මගේ ජීවිතේ බිල්ලට දෙන්න…
මේක තමයි අපි ඉපදුණු භූමිය…
අපි හැමෝම ජීවත් වෙන්නේ මේ භූමිය තුලයි…
මේ භූමිය තමයි අපි හැමෝටම තියෙන ධනය…
මේ භූමිය අපි හැමෝටම අයිති දෙයක්…
මිනිස්සු කියනවා මං අතේ නවගුණ වැලක් තියාගෙන,
සාන්තුවරයෙක් වගේ ඇඳ පැළඳගෙන ඉන්නවා කියලා…
ඒත් මගේ එක අතක නවගුණ වැල තියෙනවා වගේම,
අනිත් අතේ තියෙන්නෙ හෙල්ලයක්…
සාන්තුවරයෙක් වගේ ඇඳ පැළඳගෙන හිටියට,
ඇතුලතින් අසාධාරණය නොඉවසන රණ ශූරයෙක්…
අනිත් මිනිස්සු යහපතෙහි හැසිරෙනවා නම්,
මාත් එයාලට බොහොම හොඳ මනුස්සයෙක්…
ඒත්, එකෙක් හරි වැරදි වැඩක් කරනවා නම්,
අන්න එදාට මගේ නියම ස්වරූපය කාට කාටත් බලාගන්න පුළුවනි…
මගේ කෝපය අවුස්සගන්න නම් කොහෙත්ම හිතන්න එපා…
මොකද මේක මගේ කෝපය විතරක්ම නෙමෙයි…
අසාධාරණය කෙරෙහි සාමාන්‍ය ජනයාගේ හිතේ තියෙන කෝපය තමයි මගෙන් පිටවෙන්නේ…
අහිංසක මිනිසුන්ගේ හිත් තුල කැකෑරෙන්නා වූ තරහව තමයි,
චණ්ඩ මාරුතයක් විදියට මං හරහා පිටවෙලා අසාධාරණයට එරෙහිව නැගීසිටින්නේ…
ඊට අමතරව මේ සර්කාර් වෙන කිසිම දෙයක් නෙමෙයි…
අනිත් හැමෝම වගේම බොහොම සාමාන්‍ය මනුස්සයෙක්…!!!
ලෝකය බොහොම වෙනස් වෙලා. ධනය, බලය හමුවේ මිනිසුන්ගේ හිත් දූෂණය වෙලා ගිහිල්ලා. හැම කෙනෙක්ම බලන්නේ කොහොමහරි තමන්ගේ මඩිය තරකරගන්න. අනිත් එකා මරලා දාලා හරි කමක් නැහැ, තමන්ගේ කාරිය කෙරෙනවා නම් එච්චරයි. දේශයක් පාලනය කරන්නා වූ නායකයින් අධර්මයෙහි හැසිරෙනවා. දේශයක් සාමකාවීව පවත්වාගෙන යන්නා වූ නීතියේ හස්තය අන්ධ වෙලා. දෙනෝදාහක් දෙනා ඉදිරිපිට මහ දවාලේම, අහස පොලව උසුලනු නොහැකි අන්දමේ අපරාධ කිරීමට තරම් පව්කාර දේශයක් බිහිවෙලා. එනමුදු දේශයේ කුමන හෝ පිං බලමහිමයක් නිසාවෙන්, අවනීතිය රජකරවමින්, සාරධර්ම පිරිහෙමින්, ඝනාන්ධකාරයෙන් වෙලෙමින් තිබූ සමාජයක්, ආලෝකය කරා රැගෙන යාමට නායකයෙක් බිහිවුණා. අපරාධකරුවන්ගේ පහසින් දූෂණය වී තිබූ නීතියේ හස්තය ඉක්මවා යමින්, අසාධාරයට ලක්වූවන් හට සාධාරණත්වයක් ඉෂ්ට කර දීම සඳහා බලවේගයක් ඉපදුණා. බලයට, ධනයට හිස නොනමන්නා වූද, කිසිඳු නීතියකට අවනත නොවන්නා වූද, තමන්ටම ආවේණික ශෛලියකින් සමාජයට ශාන්තිය උදාකරවන්නා වූද, යුක්තියේ හස්තය… සර්කාර්!!!
දශක ගණනාවක් මුළුල්ලේ හින්දි සිනමාවේ යුග ගණනාවක් එකිනෙක යා කරමින්, අදටත් මහා ප්‍රාකාරයක් මෙන් සියලු දෙනාවම අභිබවමින්, සියල්ලටම ඉහලින් වජඹෙන්නා වූ, බොලිවුඩ් සිනමාවේ සදාතනික තරුණයා යන ආදරණීය නාමයෙන් හඳුන්වන්නා වූ Amitabh Bachchan ගේ අති විශිෂ්ට ප්‍රධාන රංගන දායකත්වයෙන් සහ, දශක ගණනාවක් පුරාවටම තමන් සතු අද්විතීය හැකියාවන් උපයෝගී කර ගනිමින්, කිසිදා අමතක කල නොහැකි සිනමා නිර්මාණ රාශියකින් බොලිවුඩ් සිනමාව හැඩ වැඩ ගැන්වූ, රාම් ගෝපාල් වර්මාගේ අද්විතීය අධ්‍යක්ෂණය සමගින් මුසුවී පැමිණෙන මෙම සිනමා නිර්මාණයෙහි, බොලිවුඩ් සිනාමවේ තවත් පතාක යෝධයින් දෙපලක් මෙන්ම, අද්විතීය රංගධරන් වන Manoj Bajpayee සහ Jackie Shroff සිය රංගන ප්‍රතිභාව මැනවින් නිරූපණය කරනු ලබනවා. එමෙන්ම, Kaabil (2017) චිත්‍රපටය තුලින් ප්‍රේක්ෂක සිත් සතන් හි සදා නොමැකෙන මතකයක් ඉතිරි කල, Yami Gautam විසින්ද මෙම සලරුව තුල රංගනයෙන් දායක වනු ඇත.
එසේනම්, Crime සහ Drama යන කාණ්ඩ නියෝජනය කරමින් 2017 වර්ෂයේ මැයි මස 12 වන දින තිරගතවීම ආරම්භ කරන ලද මෙම සිනමා සිත්තම, සුවහසක් බයිස්කෝප් රසික රසිකාවියන් වෙත මේ අයුරින් පුද දීමට සියලු දෙනාගෙන්ම අවසරයි…
කොහොමද කස්ටිය? අදුනනවද මංදා අපිව දැන්. හරි. වැඩි කතා ඕනේ නෑ. මේ තමයි Sarkar ෆිල්ම් සෙට් එකේ තුන්වෙනි එක. කලින් දෙකත් මමම කරපු නිසා මේකත් මමම ගෙනාව. කලින් ෆිල්ම් දෙකේ සුපිරිබව ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ. මේක ගැන විස්තරේ අපේ සිසිල මස්සිනා උඩ ගානට ලියලා තියෙනවා. වැඩ කෝටියක් අස්සේ තමයි මේ සබ් එක කලේ. ෆිලුමේ හොද කොපියක් ඇවිත් දැන් සති දෙකක් විතර ඇති. ඒත්, ඒ සති දෙකෙන්ම දවස් දෙකක් වගේ තමයි මේකට කැප කරන්න වුනේ. ඒකයි මෙච්චර පරක්කු වුනේ. එහෙනම් ඔන්න ෆිල්ම් එක බලාගෙන කමෙන්ටුවක් එහෙම දාගෙනත් යන්න ඉතිං. අපි ගියා. ජයවේවා!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය DVD පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.
10,124 downloadsDownload Sarkar-3-2017.zip48 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/07/Asiri-New-e1501058867134.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේවා ලුණුවිලගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-07-25
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හේවා ලුණුවිලගේ
Subtitles
40 comments
lahiru
prabodha
Thank u brother ...
Dinuka Sudara
thanksss..... for sub
Sasitha
Congratulations for your 5th anniversary
shasith sandaruwan
බොහොම ස්තූතියි ආසිරි සිංහල උපසිරැසියට...
මේක දෙන්න හෙන කට්ටක් කෑවා නෙහ්. :P
දිගටම සබ් දෙමු ආ....
ඔබට ජය!Janaka
Mata me film eke link ekak dennako
සචින් කෙවින්
°°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
°°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා....°°°°°°°
Good Luck. Keep Subtitling :-)
Elzzzzzzzzzzzz..Kulanjana Maduranga
niayamai…kalekin ne...ela...thanks HEWA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Jack
හම්මේ පට්ටයි මචෝ...
මේකට සබ් එක දෙනකම්මයි හිටියේ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය....kasun
සබට ස්තූති!
ජයින් ජෙයම වීවාgihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
muditha
good job bro....
Tharindu
thanx sub eka dunnata broooooooo....
විමා
අම්මටසිරි, සබ් කරන අලුත් පොරක්
එල මචන් එල
දිගටම සබ් කරමු ඈ
මේ නමින්ම කලින් එකෙක් උන්නා
උව හොයාගන්නවත් නෑ දැන්
උබත් ඌ වගේ වෙන්න එපාරයන් ද සිල්වා
සිංහල උපසිරැසියට ස්තුතියි සහෝ
මේ වගේ පට්ටම ෆිලුමකින් නැවත හමු වෙමු...
#ජය වේවාඩිලාන් හසිත
සබ් එකට තුති සහෝ
එලමඋදාර දිල්ශාන්
මේකට සබ් දෙනකල් තමයි බලන් හිටියේ
තෑන්ක්ස්...කවීන් ලහිරු
සබ් එකට ස්තූතියි ආසිරි සහෝ
ඊලග උපසිරැසි නිර්මානයෙන් ඉක්මනට හමු වෙමුHimaru
Thanks For Sub
Sachintha
:) ** Tnx ** :)
:) ** Bro ** :)
:) ** Elz ** :)
Dinidu
thnkz bn,digatama sub karapan
chameera
sthuthi saho...
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 වසරවල දමිල ඉංග්‍රීසි හින්දි චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.dana
thnks saho sub ekata. niyama wedak. jayawewa....
Kasun
බොහොම ස්තූතියි සහෝ......
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Charli Max
thanks sub ekata, sarkar 1 sub ekata hariyana link ekak dannako
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
mindika
Thanks !!!!!!
dimithri
thanx saho..keepit up...
kaveen
Thanks bro
C. R. ජයලත්
Niyamai Asiri Aiya Jaya Wewa!!!!!
Tiyara widanagamage
me sub eka mge video ekt support krnne na. koyu watenwa. mokakda ayye cz eka? mokd mama krnna ona?
sameera
tnx sabata
mindika
Thanks
yasas
thanks brother thanks baiscope team
gayan
ela
madushangamage
thankes ...bro...
opsthero
sub file eka download karanna bane. update karanna puluwana
Sanupa Ranmeth
ෆික්ස් කළා සහෝ.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Good Machan