ඔන්න අද මම ආවේ සුපිරි කොමඩියක් අරගෙනයි. නම දැක්කම පේනවනේ කොමඩියක් තමයි කියලා. ෆිල්ම් එක ගැන කිව්වොත් imdb දර්ශකයේ දැනට 7.5 ක් අරන් තියනවා. Paresh Rawal(රාධේශ්‍යාම් තිවාරි ), Akshaye Khanna(ජීතු), Rajpal Yadav(රාජා ), Rimi Sen(අංජලී ), Aftab Shivdasani (නන්දු ) රංඟනයෙන් දායක වෙනවා. කතාව වෙන්නේ මෙහෙම…
ඔන්න අද මම ආවේ සුපිරි කොමඩියක් අරගෙනයි. නම දැක්කම පේනවනේ කොමඩියක් තමයි කියලා. ෆිල්ම් එක ගැන කිව්වොත් imdb දර්ශකයේ දැනට 7.5 ක් අරන් තියනවා.
Paresh Rawal(රාධේශ්‍යාම් තිවාරි ), Akshaye Khanna(ජීතු), Rajpal Yadav(රාජා ), Rimi Sen(අංජලී ), Aftab Shivdasani (නන්දු ) රංඟනයෙන් දායක වෙනවා.
කතාව වෙන්නේ මෙහෙමයි, නන්දු කියන්නේ ගායකයෙක් වෙන්න හීන මවන තරුණයෙක්. ඒත් එයා සින්දු කියනකොට ඉන්න මිනිස්සුත් හැරිලා යනවා. අංජලී කියන්නේ රස්සාවක් හොයන් මුම්බායට පැනලා එන තරුණියක්. අංජලී ගමෙන් එන්නේ එයාගේ අම්මා, එයාව රාජා ට බන්ඳලා දෙනවට අකමැත්තෙනුයි. අංජලීටයි, නන්දු ටයි දෙන්නටම තියනවා එකම වුවමනාවක්. ඒ තමයි ලාබෙට නවාතැනක් හොයා ගන්නෙක. ලාබ තැනක් නම් හම්බ වෙනවා, ඒත් ගෙදර අයිතිකාරයා, ගේ දෙන්නේ බැඳපු ජෝඩුවකට විතරයි. ඔන්න ඔය නිසා නන්දුටයි, අංජලීටයි සැමියයි, බිරිඳයි වගේ රඟ පාන්න වෙනවා. ඒත්, මේ දෙන්නට දෙන්නා නයාට,අදුකොළ වගේ.
ජීතු කියන්නේ තමන්ගෙම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න, තමන්ගේ ධනවත් තාත්තගෙන් සල්ලි හිඟා කන තත්ත්වෙට පත් වුන පුතෙක්. අපරාදේ කියන්න බෑ ජීතු තමන්ගේ අරමුණ ඉෂ්ට කරගන්නවා. බලන්නකෝ ඒ කොහොමද කියලා.
රාධේශ්‍යාම් තිවාරි කියන්නේ කෝටිපතියෙක්. ඒත් බොහොම සරල ගැමියෙක්. වැඩේ කියන්නේ එයාගේ බිරිඳගේ නමත් අංජලී. එක හේතුවක් නිසා මේ දෙන්නා ගමෙන්, නගරෙට එනවා. ඔන්න එතන ඉදන් තමයි කතාවේ හොදම හරිය පටන් ගන්නේ.
මේ කතාවේ චරිත එකිනෙකාට බැඳෙන්නේ එතනින් එහාට. වැරදි වැටහීම් නිසා එකිනෙකා කා කොටා ගන්න හැටි තමයි කතාවේ යන්නේ. ඒ අතරේ ලස්සන සින්දු ටිකකුත් තියනවා. බොරු කියන්න ඕන නෑනේ. මං නම් මේ ෆිල්ම් එක බලලා සෑහෙන හිනා වුනා. ඔයාලටත් හිනා යයි කියලා හිතනවා.
ඇත්තට ම සමහර වෙලාවට අපිත් වැරදි වැටහීම් නිසා ගොඩක් මෝඩ වැඩ කරනවා, අනිත් අයගේ හිත් රිදවනවා. සමහරු, මෝඩ වැඩ වලින් නොනැවතී මහා අපරාධ පවා කරනවා. මේ ෆිල්ම් එක බලලා හිනා වෙන කොට මට හිතුනා මෙහෙම දේකුත්.
සමහර වැරදි වැටහීම් නිසා මිනිස්සු රණ්ඩු වෙනකොට,එයාලා සමාජෙට විහිලුවක් වෙනවා නේද කියලා. එහෙම බලනකොට අපි හිනා වෙලා තියෙන්නේ අපටමයි. අපේ වැරදි වලටමයි. අන්න ඒ නිසා විනිශ්චය කරන්න කලින් හොඳට හිතලා බලන්න. එහෙම නම් ඔයාලගේ ප්‍රතිචාරයක් දෙන්න අමතක කරන්නෙපා.
සුබ දවසක්! ආයුබෝවන්!

Due to copyright issues, we do not provide any torrent links.
Hungama 2003 Hindi 720p DvDRip CharmeLeon Silver RG
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
3,997 downloadsDownload Hungama-2003.zip81 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
20 comments
shasith sandaruwan
C. R. ජයලත්
නියමයි අක්කා සබට තෑන්ක්ස්
Prabuddha Kulatunga
elama :D
Oshan
අනේ නියම ි thanx
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 වසරවල හින්දි චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.Sanindu Lakkitha
:::::::::::::බොහෝම ස්තුතියි උපසිරැසට::::::::::::::
::::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::Chalana
thnx sis...
namika
Patta bn. Podi kale tv eke baluwa.
Dan ayith balanna puluwan oya nisa.
Thanx honde!vikum
akkata bohoma sthuthi.. thawath film ekakin hamuwemu..
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith B/K
බොහොම ස්තූතියි .........
සුබ රැයක් වේවාDilum Randika
ආජ් තුජ්සේ ජෝ කෙහෙනා හෙ කෙහෙනෙදේ
තෙරේ දිල් මෙරේ පාස් රැහෙනෙදේ....ඉස්සර ස්වර්ණවාහිනීයේ ආසවෙන් බලපු ෆිල්ම් එකක්..ඕකට සබ් එක කරන්න මං ඉල්ලගත්තත් වෙලාවක් නොතිබුන නිසා එහෙම්මම මගැරිලා ගියා.ස්තූතියි සබ් එකට..
පුලුවන්නම් Lakeer (2004) ෆිලුමට සබ් දෙන්න.සිරසෙ ඉස්සර ගිය ලස්සන ෆිල්ම් එකක්.
ජය වේවා....!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nipun
top hinayana film ekak
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....!
Anonymous
2021
Lasantharathnasirirox
බොහෝම ස්තූතී සිංහල උපසිරැසියට..ජයවේවා !!
danidu
subtitle cant download error 404
Sanupa Ranmeth
Fixed :)
nilanka
thanks....
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට...
තවත් හින්දි එකක් ගෙනාවානේ...
අන්න ඔහොම තව හින්දි ගේමුකෝ :P
දිගටම සබ් දෙමු ආ....
ඔබට ජය!