Watch Trailer

Saw II (2005) Sinhala Subtitles | ජීවිතය උදෙසා මියයාම 2. (18+) [සිංහල උපසිරසි සමඟ]

ඉතින්, ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔන්න අපි ඔයගොල්ලන්ට පොරොන්දු උන විදිහටම SAW 2 චිත්‍රපටයත් අරගෙන ඔයාල හම්බවෙන්න ආවා. සුන්දර දර්ශන තල වලින් තොර වුවත් මෙවැනි චිත්‍රපටවලටද බොහෝ අයගේ කැමැත්ත ඇති බව පළමු චිත්‍රපටයට ලැබුණු ප්‍රතිචාර වලින් අපට වැටහුනා. එම ප්‍රතිචාරම තමයි දෙවන චිත්‍…

Saw 2 (2005)
ඉතින්, ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔන්න අපි ඔයගොල්ලන්ට පොරොන්දු උන විදිහටම SAW 2 චිත්‍රපටයත් අරගෙන ඔයාල හම්බවෙන්න ආවා. සුන්දර දර්ශන තල වලින් තොර වුවත් මෙවැනි චිත්‍රපටවලටද බොහෝ අයගේ කැමැත්ත ඇති බව පළමු චිත්‍රපටයට ලැබුණු ප්‍රතිචාර වලින් අපට වැටහුනා. එම ප්‍රතිචාරම තමයි දෙවන චිත්‍රපටය ඔබ වෙත ගෙන ඒමට උද්යෝගය ඇති කලේ. තමන්ගේ අවංක ප්‍රතිචාර පල කල සියලු දෙනාටමත් බයිස්කෝප් කණ්ඩායමටත් අපගේ හෘද්‍යාංගම ස්තූතිය පුද කරනවා.

IMDb 6.6/10 අගයක් ලබා ගත් මෙම චිත්‍රපටය සම්මාන 7කට නිර්දේශ වී ඉන් සම්මාන 2ක් ලබාගෙන තියෙනවා. Darran Lynn Bousman විසින් අධ්‍යාක්ෂණය කල මෙහි Tobin Bell, “JIG SAW” ලෙසත් Shawnee Smith, “Amenda Young” ලෙසත් Donnie Whalberg” Eric Mattews” ලෙසත් ප්‍රධාන චරිත නිරූපණය කරනවා. 2005 ඔක්තෝබර් 28 දින ධාවනය ඇරඹූ මෙම චිත්‍රපටය සඳහා
ඇමරිකානු ඩොලර් $ 4ක් වැය කොට තිබෙන අතර ඇමෙරිකාව තුල ප්‍රදර්ශනයෙන් පමණක් $ මිලියන 87ක් හා ලොව පුරා ප්‍රදර්ශනයෙන් $ මිලියන 144ක් උපයාගෙන තිබෙනවා.

එරික් මැතිව්ස් ඇමරිකාවේ උසස් පොලිස් නිලධාරියෙක්. නමුත් ඔහු තම පෞද්ගලික තරහා පිරිමසා ගනිමින් අත්අඩංගුවට ගැනීම් සිදු කරයි. මෙවර ඡිග්සෝගේ ගොදුර වන්නේ එම අත්අඩංගුවට ගත් පුද්ගලයින් හා එම පොලිස් නිලධාරියාගේ පුතා ඩැනියෙල්ය. ඩැනියෙල් එරික් ගේ පුතා බව අනෙක් පිරිස නොදනී ඩැනියෙල් එරික්ගේ පුතා බව අනෙක් අය දැන ගනීද…? ඩැනියෙල් හා අනෙක් අයට කුමක් සිදුවෙයිද…? ඔවුන් ඡීවත් වීම උදෙසා කොතරම් ලේ වගුරවයිද…?

මෙම සියලු ප්‍රශ්න වලට පිලිතුරු මිනිත්තු 91ක් පුරා දිවෙන මෙම චිත්‍රපටය නැරඹීමෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙම චිත්‍රපටයේ සිදුවීම් සියල්ල වටහා ගැනීම සඳහා මෙහි පලමු කොටසද නැරඹිය යුතු බව සිහිපත් කරමින් මීලඟ කොටසින් ලඟදීම හමුවන තුරු ඔබ සැමට මෙම චිත්‍රපටය නරඹා එහි ගුණ දොස්ද පවසන මෙන් ඉල්ලා සිටිනවා…
එහෙනම් හැමෝටම ජය.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

2,555 downloadsDownload Saw-II-2005.zip67 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මලිත් ඩයස්” සහ “ප්‍රසාන් පෙරේරා” යන සොහොයුරන් හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,555 downloadsDownload Subtitles67 KB

39 comments

  1. tharindu

    Elazz...dabalatama thankss..meka fattama kathavaa...maxxahh...ekath baluva mekath balanavaa..anith evath ikmnatama denna...onna ehenam bagaththa..thankss sub ekatahh..

  2. Dila

    නියමයි මචන්.. මේ කතා මාලාවේම මම දකින විදියට එකිනෙකට සම්බන්ද වුන ලොකු අරුතක් තියෙනවා මචන්.. රටවල් වල තියෙන නීති වලට අනුව මිනිහෙක් වරදක් කලාම එයාලව සිර දඩුවමකින් පස්සේ ආපහු සමාජයට මුදාහරිනවා මිස පුනුරුත්තාපනයක් වෙන්නේ නැහැ.. නමුත් කතාවෙ ජිග්සෝ එහෙමත් නැත්නම් ජෝන් කියන විදියට එයාගේ ක්‍රමය නිසා එහෙමත් නැත්නම් එයාගේ ගේම් එක නිසා මිනිස්සුන්ට ලැබිල තියෙන ජීවිතයේ වටිනාකම තේරෙනවා.. නීති වලට අනුව දෙයක් කරන විදිය කියල දෙනව.. ඇත්තටම කියනවානම් ඒ පුද්ගලයා පුනුරුත්තාපනය වෙනවා... ඒත් මේකේ තියන දරුනු කම තමයි මේ සෑම ගේම් එකක් ම සිද්ද වෙන්නේ ජිවිතයත් මරනයත් අතර තියන තරාදියක.. නමුත් අපිට මේ කතාවම බැලුවොත් තේරෙයි මිනිස්සුන්ට ජිවිතයේ වටිනාකම දැනෙන්න නම් එයාලට මරනය පෙන්වන්නම වෙනවා කියන දේ..

  3. lk

    pattayi saho 3th denna

  4. supun dilshan

    maru machan denakan unne

  5. ccnp

    Thanks

  6. hasitha

    elane katha set akama demu saho

  7. jana

    elazzz macho

  8. dinidu madushanka

    ela ela sahola dennatama thanks meke ithuru films walatath sub denna jaya wewa

  9. හර්ෂ ලහිරු

    නියමයි සහෝලා මේකෙ ඔක්කොම ටික බාගත්තා :P :P
    දැන් සබ් ටික ගන්න විතරයි තියෙන්නෙ
    තුනත් ඉක්මනටම දෙමු :D ජය

  10. darshana

    super film ekak macho... ilaga ewth ikmanta denna..
    good luck

  11. priyan

    ස්තුති සහෝදරයා .....බාගෙන බලමු ...

  12. Kanchana Indunil

    Thanks මචන්. තවම ‍ෆිල්ම් එක බැලුවෙ නෑ. ඒ උනාට මචන් මේක මම හොය හොය හිටපු ‍ෆිල්ම් සීරීස් එකක්. මේකෙ ඉතිරි ‍ෆිල්ම්ස් ටිකත් දාන්න මචන්.
    ජය වේවා...!!!

  13. Dhanushka

    ikmanata anith tikath danda plzzzz

  14. රොයිලි

    බොහොම ස්තූතියි දෙදෙනාටම සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. DAMER

    එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම..! 👍

  16. Sanjaya

    Thanks Saho...

  17. තරිඳූ පෙරේරා

    meka fatta sahoola....me dan balala ivarauneee.....anith tikath sahola dennama dennakooooo puluvan ikmanin.....

  18. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය.................

  19. දිමුතු තරංග ඉලුක්කුඹුර

    දෙදෙනාටම බොහොම ස්තුතියි, තුන්වෙනි කොටස දෙනකම් බලන් ඉන්නවා,ජයවේවා.

  20. නලින්

    ස්තුතියි දෙන්නටම

    ජය වේවා!

  21. Chathura Madusanka

    thanks dennatama....me set ekama bassamu neda? ela ela

  22. nuwan

    ela 3 weni eka danakal me inne

  23. Dhanushka

    SAW 3 danaddaaaa ? hurry up soon

  24. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  25. malinda

    saw 3,4,5,6,7, කොටස් වල sinhala subtitel දාන්න පුලුවන්ද?.. පට්ට කතාවක් මෙක නම්

  26. Dulan Randika

    Saw.II.2005.720p.BRRip.x264.AAC-ETRG me link eke thiyena film ekata sub eka gelapenne nene Saw 2 [2005] DvdRip XviD-Xult.srt

  27. Mahesh

    Subtitle eka nan melo rahak ne. Time ganata set wenne ne.. hadanawa nan hariyata sub hapan. Api mewa ganne data kapagena. Saw 1 ehemai. Mekath ehemai

  28. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝල දෙන්නටම

  29. bb

    උත්සහය අගය කරනව. ඒත් සබ්වල කිසිම රසයක් දැනෙන්නේ නැහැ වෙන ඒවයේ වගේ. "ඵයා.. මෙයා.. අරය.. අතන.. මෙතන.. ඒක.. මේක... " හැම තැනටම මෙහෙම දාපුවාම මෙලෝ රහක් නැහැ.. ඊලග ඒවා රසවත්ව කරන්න. ජය වේවා !

  30. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සබ් එකට

  31. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  32. Jayawikrama

    Thanks suba....

  33. Dewadithya

    Thanks for Sub!

  34. Gayan_madushanka_

    Thanks bro

    1. dineshsuranga

      film aka dounlod link aka awannako bro

  35. Shihan

    Tnx sub ekata

  36. Minidu

    $4 ➡️ $4M

  37. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️

  38. nilanka

    thanks....