Scary Movie 5 (2013) Sinhala Subtitles සුභ දවසක්! ඔන්න පොරොන්දු උනා වගේම මේ චිත්‍රපටයටත් ඉක්මනටම උපසිරැසිය අරගෙන ආවා. කලින් උපසිරැසි වලට අදහස් දක්වලා තිබුනු අයට ස්තූතියි. හරි එහෙනම් අපි මේ චිත්‍රපටය ගැන කතා කරමු. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ Scary Movie 5 චිත්‍රපටයයි. කලින් චිත්‍රපට වගේම සුපිරිම කොම…

සුභ දවසක්! ඔන්න පොරොන්දු උනා වගේම මේ චිත්‍රපටයටත් ඉක්මනටම උපසිරැසිය අරගෙන ආවා. කලින් උපසිරැසි වලට අදහස් දක්වලා තිබුනු අයට ස්තූතියි. හරි එහෙනම් අපි මේ චිත්‍රපටය ගැන කතා කරමු.
ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ Scary Movie 5 චිත්‍රපටයයි. කලින් චිත්‍රපට වගේම සුපිරිම කොමඩියක් කියලා කියන්න පුළුවන්. ඩොලර් මිලියන 20 කට ආසන්න වියදමකින් නිෂ්පාදනය වූ මෙම චිත්‍රපටය ඩොලර් මිලියන 78 කට ආසන්න ආදායමක් ලබාගන්න සමත් වී තිබෙනවා. ඒ වගේම චිත්‍රපට මාලාවේම අවම අදායමට හිමිකම් කියන්නෙත් මේ චිත්‍රපටයයි. ඒ වගේම IMDb අගය 3.6 ක් ලබාගෙන තිබෙනවා. මෙහි එවකට ජනප්‍රිය වී තිබුණු Mama (2013), Evil Dead (2013), Rise of the Planet of the Apes (2011), Paranormal Activity, Inception (2010) වැනි චිත්‍රපට රාශියක් හාස්‍යයට ලක් කරමින් නිර්මාණය කරලා තිබෙනවා. ප්‍රධාන නළු නිළියන් ලෙස Ashley Tisdale, Simon Rex සහ Erica Ash රංගනයෙන් දායක වන අතර, Charlie Sheen සහ Snoop Dogg ගේ විශේෂ රංගනයන් මෙහි ඇතුළත් වෙනවා. චිත්‍රපටයේ කතාව ගැන කෙටියෙන් කියනවා නම්, මෙවර කතාව ගෙතෙන්නේ අලුතින් නිවසකට පදිංචියට යන ජෝඩුවක් වටායි. ඔවුන්ට ඒ නිවසේදී අද්භූත බලවේගයකට මුහුණ දීමට සිදු වෙනවා. කැලෑව මැද තිබෙන ලී මන්දිරයකින් හමුවන “අද්භූත පොතක්” නිසා මුළු පවුලම අමනුෂ්‍ය භීෂණයකට ලක් වෙනවා. ඒ අස්සේ සිදුවන පිස්සු විකාර වැඩ බලන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා .ඉතින් යාලුවනේ, චිත්‍රපටය බලලා මේ උපසිරැසියේ ගුණ දොස් තියෙනවානම් ඒ ගැන පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඉක්මනින්ම තවත් සුපිරිම චිත්‍රපටයකින් හමුවෙමු. හැමෝටම ස්තූතියි!
( ඊළග ෆිල්ම් එකත් ලගදීම එනවානෙ ආපු ගමන් ඒකටත් සබ් එක ඉක්මනින්ම දෙන්න පොරොන්දු වෙනවා. ) Scary Movie 5 (2013) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any download links.
ලබා දී ඇති උපසිරැසි Bluray පිටපත් සඳහා පමණක් අදාළ වේ.
503 downloadsDownload Scary-Movie-5-2013.zip44 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් මදුකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2026-04-26
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Scary Movie 5 Sinhala Subtitles
Subtitles by
සචින් මදුකාන්ත
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Scary Movie 5 (2013) Sinhala Sub
- #Scary Movie 5 (2013) Sinhala Subtitles
- #Scary Movie 5 Sinhala Sub
- #Scary Movie 5 Sinhala Subtitles
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subhan
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #සචින් මදුකාන්ත
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Buddhika laKMal
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks