Watch Trailer

Roohi (2021) with Sinhala Subtitles | එකම සිරුරක ආත්ම දෙකක් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මගේ 160 වැනි උපසිරැසි නිර්මාණය විදිහට, Maddock Horror-Comedy Universe එකට ඇලුම් කරන හැමෝම බලන්න ඕන චිත්‍රපටයක් අරගෙන ආවා. ඒ තමයි 2021 වසරේ තිරගත වුණු “Roohi” චිත්‍රපටය. මේ චිත්‍රපටය ගැන කතා කරනකොට වැදගත්ම දේ තමයි, මේක Maddock Horror-Comedy Universe (Stree, Bhediya, Munjya) එකට සෘජුවම සම…

ඔන්න එහෙනම් මගේ 160 වැනි උපසිරැසි නිර්මාණය විදිහට, Maddock Horror-Comedy Universe එකට ඇලුම් කරන හැමෝම බලන්න ඕන චිත්‍රපටයක් අරගෙන ආවා. ඒ තමයි 2021 වසරේ තිරගත වුණු “Roohi” චිත්‍රපටය.

මේ චිත්‍රපටය ගැන කතා කරනකොට වැදගත්ම දේ තමයි, මේක Maddock Horror-Comedy Universe (Stree, Bhediya, Munjya) එකට සෘජුවම සම්බන්ධ නොවූවත්, ඒ හා සමානම ගලායාමක් සහ අත්දැකීමක් දෙන චිත්‍රපටයක් වීම. මම මේ උපසිරැසිය කරන්න විශේෂම හේතුවක් තිබුණා. Maddock විශ්වයට අයත් චිත්‍රපට කිහිපයකම උපසිරැසි අපේ අඩවියේ අඩුවක්ව පවතින නිසා, ඒ අඩුව සම්පූර්ණ කරලා මේ වගේ සිනමා නිර්මාණ එකතුවක් රසිකයන්ට ලබාදීම මගේ අරමුණ වුණා.

කතාව ගෙතෙන්නෙ භව්රා සහ කට්ටන් කියන මිතුරන් දෙන්නෙක් වටා. ඔවුන් ජීවත් වෙන්නෙ අමුතු සම්ප්‍රදායන් තියෙන ගමක. දවසක් ඔවුන්ට සිද්ධ වෙනවා “රූහි” කියන තරුණියව පැහැරගෙන යන්න. හැබැයි මේ ගමන අතරතුර ඔවුන්ට තේරෙනවා රූහි කියන්නෙ සාමාන්‍ය තරුණියක් නෙවෙයි කියලා. ඇය තුළ “අෆ්සා” නමැති ප්‍රේත ආත්මයක් සැඟවී සිටිනවා. ඉන්පස්සේ මේ මිතුරන් දෙන්නා සහ රූහි අතර ඇතිවන පටලැවිල්ල, බය සහ හාස්‍යය මුසු කරලා හරිම අපූරුවට මේ චිත්‍රපටයෙන් ඉදිරිපත් කරනවා.

අවසානයේ රූහිට මොකද වෙන්නේ? ඇය තුළ ඉන්න ආත්මය ඇයව නිදහස් කරයිද? මේ ප්‍රශ්නවලට පිළිතුරු චිත්‍රපටය නරඹලම දැනගන්න.

රාජ්කුමාර් රාඕ සහ වරුන් ෂර්මාගේ සුපිරි රංගනයත්, ජාන්වී කපූර්ගේ දක්ෂ රංගනයත් නිසා මේක අනිවාර්යයෙන්ම නැරඹිය යුතු චිත්‍රපටයක්. මගේ මේ උපසිරැසිය රසවිඳින්න කියලා හැමෝටම ආරාධනා කරනවා!

පෙර චිත්‍රපට (Maddock Horror-Comedy Universe)

බුදු සරණයි….!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB/BR  පිටපත සඳහා අදාළ වේ.

401 downloadsDownload Roohi-2021.zip48 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

අසංක ප්‍රදීප් රණතුංග

Subtitles

401 downloadsDownload Subtitles48 KB

0 comments

No comments yet.