Watch Trailer

Schindler’s List (1993) Sinhala Subtitles | ජීවිතයක වටිනාකම [සිංහල උපසිරැසි සමඟ]

නාසි කදවුරු තුල සිදුවු යුදෙව් සංහාරය… මිලියන 6 කට අධික යුදෙව් ජාතිකයන් මෙලොවින් තුරන් කලේ කෙසේද ? හිතන්න.. මිලියන 6 ක්? මේ අමානුෂික නාසි හමුදාවෙන් එක් යුදෙව්වෙක් හෝ බේරගන්න පුලුවන් වුනොත්? එතකොට 1200 බේරගන්න පුලුවන් වුනොත්..? මේ මහා පුණ්‍යකර්මය කරපු මිනිසා කවුද ? එය කලේ කොහොමද යන්න දැනගන්න මේ පට්ටම…

නාසි කදවුරු තුල සිදුවු යුදෙව් සංහාරය… මිලියන 6 කට අධික යුදෙව් ජාතිකයන් මෙලොවින් තුරන් කලේ කෙසේද ? හිතන්න.. මිලියන 6 ක්? මේ අමානුෂික නාසි හමුදාවෙන් එක් යුදෙව්වෙක් හෝ බේරගන්න පුලුවන් වුනොත්? එතකොට 1200 බේරගන්න පුලුවන් වුනොත්..? මේ මහා පුණ්‍යකර්මය කරපු මිනිසා කවුද ? එය කලේ කොහොමද යන්න දැනගන්න මේ පට්ටම චිත්‍රපටිය බලන්න..

අතිවිශිෂ්ට නිර්මාණකරුවා Steven Spielberg අතින් නිමවුනු මේ නිමැවුම Imdb ratings 8.9/10 ලබාගන්නා අතර ලොව හොදම චිත්‍රපටි අතර 7 වන තැන උසුලයි. ඒවගේම ඔස්කාර් සම්මාන 7 ක් දිනාගෙන තියනවා. එම වසරේ හොදම චිත්‍රපටියට හිමි ඔස්කාර් සම්මානයත් ඒ අතර තියනවා..

Oskar Schindler යනු යුදෙව්වන්ගේ ශ්‍රමය මගින් ධනවතකු වු පුද්ගලයෙක්. ඇලුමිනියම් භාණ්ඩ නිශ්පාදනයෙන් පටන් ගන්නා මොහු උණ්ඩ නිශ්පාදනය දක්වා යයි… මේ අතර යුදෙව් සංහාරය ඇරෙබෙන අතර ඔහු තමා ඉපැයු මුදල් , තමන්ට ඇති ඉහල සබදතා මේ සියල්ල උපයෝගි කරගනිමින් තම යුදෙව් අයකැමි සමග එක්ව මිනිසුන් 1200 වෙනුවෙන් කරන මේ මෙහෙයුම.. මිනිසුන් බේරාගන්නා අයුරු.. ඔවුන්ට දක්වන මානුෂික දයාව… කිසිදු වැඩකට නැතැයි කියමින් මරණයට ගෙනයන අහිංසක දරුවන් බේරාගන්න අයුරු…අපූරුයි. මම කතාව කියන්නෙ නම් නෑ… මොකද ඒක රසවින්දනයට බාධාවක් වේවි…

නමුත් අවසන් භාගය ඇසට කදුලක් නංවනු නිසැකයි. රුසියාව නැවත ජර්මනිය ආක්‍රමනය කරන මොහොතේ Oskar පැනයන විට තමන්ගේ ජීවිතය බේරු තම ස්වාමියාට යුදෙව්වන් කෘතගුණ සලකන අයුරු…. Oskar තමන්ට තවත් ජීවිත බේරාගැනීමට තිබු අවස්ථා ගැන සිතමින් කම්පාවීම… ඇත්තටම විස්තර කල නොහැකි මොකක්දෝ හැගීමක් ඇතිවෙනවා…

ඇත්තටම මෙය මනුෂ්‍යත්වය හා අපි හැමෝම මිනිස්සු නේද ? කියා සිතීමට මිනිසා යොමු කරන අතිසාර්ථක නිර්මාණයක්.. කලු සුදු නිසා නොබල ඉන්න නම් හිතන්න එපා.. මොකද වර්ණ තාක්ෂණය තියන කාලෙක මේක කරලා තියෙන්නේ… කලු සුදු යොදාගැනීමෙත් විශේෂත්වයක් තියනවා… 100% ඇත්ත කතාවක් ඒ නිසා අනිවා බාගෙන බලන්න…

ඉල්ලීමයි : නිරුවත් දර්ශන බෙහෙවින් අඩංගු බැවින් පහත් ලිංගික ආශාවන් උදෙසා බාගන්න එපා..

ලිපිය – මනියා (මනීෂ කසුන් ගමගේ)

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

17,576 downloadsDownload Schindlers.List_.1993.Sinhala.Sub_.zip115 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් ප්‍රියංකර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය. 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2010/01/04

Subtitles

17,576 downloadsDownload Subtitles115 KB

155 comments

  1. රොයිලි

    මෙන්න මම කාලයක් ලියන්න හිතන් හිටපු ඒත් අතපසු වෙච්ච චිත්‍රපටිය. මනීෂ් සොහොයුරාට පිං මේ ලිපිය ලිවීම ගැන. මම මේකට පොඩි ඌණ පූර්ණයක් එකතු කරන්නම්.

    මේ චිත්‍රපටිය මම බලලා තියෙන සංවේදීම චිත්‍රපට වලින් හොඳම එක. පොඩ්ඩක් හිතලා බලන්න තමුන්ගෙම මිනිස්සු වෙන ජාතියක් පහත් කොට සලකලා ඔවුන්ට හිරිහැර කරනකොට, ඒකට මුකුත් නොකියන විට ඔවුන් වෙනුවෙන් හිත උණුවෙලා තම මුළු ධනයම ඔවුන් වැය කරන එක ලේසි වෙන්න ඇති කියලා හිතනවද? විශේෂයෙන් ම තම වර්ගයාගෙන්ම මේකට අහුවුනොත් ලැබෙන අපවාදයත් එක්ක ගත්තහම. කොහෙත්ම ලේසි වෙන්නෙ නෑ. ඔහුට මේ සඳහා අධික මිලක් ගෙවන්නට සිදු වෙනවා. ඒ වගේම ඔහුගේ බුද්ධියත් කතාබහත් උදව්වක් කර ගන්නවා.

    මට මේකේ තියෙන සංවේදීම තැන තමයි "මේ බලන්න මේ මගෙ මුද්දමේක විකුණුවනම් තව යුදෙව්වො දෙදෙනෙක් නිදහස් කර ගන්න තිබ්බා. මේ මගෙ වාහනේ විකුණුව නම් මට තව මිනිස්සු දහයක් බේරගන්න තිබ්බා...." කියමින් තමන් ඉදිරියේ ඉන්න පිරිසත් එක්ක කෑගහල අඬන කොටස. නමුත් ඒ වෙනකොටත් ඔහු මිනිසුන් 1200ක් බේරගෙන අවසන්..

    තව විශේෂ දෙයක්. මේ චිත්‍රපටය කළු සුදු වුනාට, ඔහුට මෙම අනුකම්පාදායක හැඟීම වැඩි පුරම දැකපු සිද්ධිය වර්ණ සමඟ තියෙනවා. ඒ තමා රතු කබායක් හැඳ ගත් කුඩා ගැහැණු දරුවෙක් ගෙදරකට දිව ගොස් සැඟවීම. බලන්න ඒ තැන අඳුන ගන්න පුළුවන්ද කියලා.

    මේ චිත්‍රපටයෙන් පස්සෙ මට එකම එක සිතුවිල්ලක් තදබල ලෙස දැනුනා. නිකන්ම නිකන් ජීවත් වෙලා මැරිලා යනවට වඩා මොනාහරි දෙයක් මම අනිකෙක් වෙනුවෙන් කරන්න ඕනා නේද?

    හැමෝටම බාගෙන බලන්න කියලා කියනවා. :) කමෙන්ට් එකකුත් දාලා යන්න අමතක කරන්න එපා.

  2. රනිල්

    බාලම බලන්නන්කො

  3. විශ්වජිත්

    ඔන්න මම බානවා... ස්තූති වේවා!
    මම මීට කලින් ප්‍රතිචාර දැම්මෙ නැති නිසා කස්ටියට මම අළුත්!

  4. චමිදේවා

    අනිවාර්යෙන්ම….
    මේ චිත්‍රපටිය එච්චර ගතියක් නෑ කියලා හිතෙනවනම් චිත්‍රපටි බලන එක අදම නවත්තන එක තමා හොඳම වැඩේ…. :D
    මොකද නියම චිත්‍රපටියක් ඒ කෙනාට රසවිඳින්න බෑ කියලයි මට හිතෙන්නේ…මේක ගොඩාක් අය බලලත් ඇති…නොබලපු අය අපි කියනවට බලන්න…නිසැකවම අවසානයේ, ඔබෙ හදවතත් හඩා වැටෙනවා…
    නැවත නැවතත් කියන්නනේ අනිවාර්යෙනම බලන්න

  5. රජිත ලියනගේ

    මේක සෑහෙන ගති ෆිල්ම් එකක්. ඇත්ත කතාවක් පසුබිම් කරගෙන හදපු එකක්. හැබැයි කළු සුදු. ටික වෙලාවක් බලනකොට පාට මැවිලා පෙනේවි.
    ඉතාම සාර්ථක චිත්‍රපටයක් කියන්න පුලුවන්.

    ස්පිල්බර්ග් මාම හැදූවොත් ඉතින් හොඳ එකක්නේ.... :D

  6. හෙළයා

    අනිවාර්යයෙන්ම බලනවා. හොය හොයා හිටියේ. ස්තූතියි මිත්‍රයා

  7. චරිත

    මෙවන් විශිෂ්ඨ චිත්‍රපට අපට ලබා දෙන ඔබලාට පිං. බයිස්කෝප් අඩවියට ජය වේවා.

  8. Suvin

    Thanx! baanawa apith onne ehenam.........

  9. අකිල

    මම බලපු හොඳම චිත්‍රපටය. අනිවාර්යයෙන්ම බැලිය යුතු එකක්.

  10. wiki

    onna dwn wenna damma...patta akak wagey...balama balamu...

  11. ඉන්දික

    හිට්ලර්ගේ අවධියේ ‍යුදෙව් සංහාරය අපි දන්නා කාලෙක මේ පොලොවේ සිදුවූ බිහිසුනුම අපරාධ වලින් එකක් විදිහට දකින්න පුලුවන් එම සිදුවීම් අලලා නිශ්පාදනය කරපු චිත්‍රපටි එකක් නෑර බලන්නේ මිනිසුන් ට මිනිසුන් විසින් දුන් කුරිරු වද හිංසා සංවේදී සිදුවීම් දකින්න වෙනත් ක්‍රමයක් නැති හින්දයි අනිවාර්යයයෙන්ම බලන්න ඔනෑ

  12. සෑම්

    balama balannmko roili aiyye.....

  13. ashan kandy

    "නිකන්ම නිකන් ජීවත් වෙලා මැරිලා යනවට වඩා මොනාහරි දෙයක් මම අනිකෙක් වෙනුවෙන් කරන්න ඕනා නේද?" රොයිලි haho math ekata ekagi. ela ela මනීෂ saho onna thanks kiuwa.. :D

  14. සෑම්

    රොයිලි අයියා මම ලිපියක් එව්වා..ඊමෙල් එකට හොදද බලන්න..

  15. gani01

    එල මචන් මැක්සා මුවි එකක්. අනිවා බලන්න.

  16. සුභාෂ් ගුණවර්ධන

    මමත් මෙතුවක් බලපු චිත්‍රපටි වලින් හොඳම කියන්න පුලුවන් වර්ගයේ චිත්‍රපටියක් මේක . . .

    රොයිලි කියපු තැන තමයි මටත් මේ ෆිල්ම් එකේ සංවේදීම තැන . . .

    හැබැයි මම නම් මේ ෆිල්ම් එක එක දිගට බැලුවේ නෑ . . .

    ටික වෙලාවක් බලනකොට පපුව හිරවෙනවා වගේ දැනෙනවා . . ඒක නිසා ටික වෙලාවක් අඬලා කෑ ගහලා ස්ට්‍රෙස් එක රිලීස් වුනාට පස්සේ තමයි ඉතුරු ටික බැලුවේ . . .

    ඇත්තෙන්ම මට දවස් දෙකක් ගියා මේ ෆිල්ම් එක බලන්න . . . හැමෝම බලන්න . ..

  17. ෂෙලින්ක - කටාර්

    බලලම කමෙන්ට් එකක් දාන්නම්...
    බොහොම ස්තූතියි වැඩේට..

  18. මනියා (මනිෂ කසුන් ගමගේ)

    හිතුවාට වඩා ප්‍රතිචාර හොදයි..
    ඔව් හැමෝම බලන්න....

  19. Randi

    math banawa, balla comment 1k dannam.

  20. රොයිලි

    @ සෑම්,
    මචෝ කොයි ලිපිනයටද මේල් එක දැම්මෙ. මට නම් තාම ඇවිල්ල නැහැනේ. ගුරාටද් එහෙම දැම්මෙ?

  21. nishantha

    maxxa film eka.meka ma laga thiyanawa.

  22. සසික නානායක්කාර

    එල...එල... ඔච්චරම හොදයි කියනවා නම් නොබලා කොහොමද...කොහොමත් හැදාම දෙන්නේ හොදම එවානේ...ඔන්න මමත් බානාවා...

  23. පොඩි මෑන්

    film එක maxxa නම් නොබලා කොහොමද මාත් බාන්න දැම්මා
    බොහොම ස්තූතී.

  24. Manula Nayanath

    Thanks..... Hoda film ekak... Mamat banawa.....

  25. Manula Nayanatharu

    Steven Spielberg kiwwama nobala kohomada.......... MAXXA................

  26. kathu

    මෙ film එක මම download කලෙ මීට අවුරුද්දකටත් කලින්.. මගෙ අවාසනාවකට මට බලන්න ලැබුනෙ නෑ.. දැන් නම් බලන එක බලනවම තමා... මනියට ස්තුතියි..!!!

  27. අනුරාධ

    ජීවිතේ සැබෑ අර්ථය ගැන, සංවේදී මනුස්සයෙකුට සිය දහස් වාරයක් හිතන්න පොලඹවන ලෝකයේ මෙතෙක් බිහිවූ අතිවිශිෂ්ඨතම නිර්මාණයක්, විචාරකයින්ට අනුව මේ නිර්මාණය ස්පිල්බර්ග් මහත්තයගේ නිර්මාණ ජීවිතයේ ලබපු උසස්ම ජයග්‍රහනය.....මේ නිර්මාණය කාට හරි රස විඳින්න බැරි නම්, කරුනාකරලා බයිස්කොප් බැලීම ජීවිතෙන් අත්හැරලා දාන්න.....මේවගේ තවත් නිර්මාණ සොයාගැනීමට බයිස්කෝප් කාර්යමණ්ඩලයට හැකිවේවා, "මනීෂ" සහ "රොයිලි" සහොදරවරුන්ට මේ විශිෂ්ඨ නිර්මාණයේ අගය කියාපෑම පිලිබඳ මාගේ ප්‍රණාමය.....තව පොඩි දෙයක්, අනේ තරහා ගන්ට එපා මේක බලපු නැති අය, මොකද...නොකියා ඉන්න බැරිම තැන තමයි මේ කියන්නෙ...."අර රෝස පාට ජැකට් එකක් ඇඟේ දවටගෙන ඉන්න පුංචි පැටික්කිව අයෙත් ඔහුට දකින්න ලැබෙන තැන, ඒ තැනට එන්න සිද්දවෙන්නෙ ඇයි? අහසින් වැටෙන්නෙ හිම කියලා හිතුවට ඇත්තටම ඒ හිම ද?"....මේ තැන් ඔයලා හොඳට බලන්න......ඊට පස්සෙ මුලු මනුෂ්‍ය සංහතියටම ආදරය කරන්න පටන් ගන්න......ජයවේවා

  28. GiHaN

    thanx machan

  29. hasa

    thank uu very much brother..

  30. සෑම්

    @ roili aiyya mama gurata wenna athi mail eka yawanna atthe...thama rep na.......oyata ewanna oyae mail eka denwada.....?

  31. Nirmal

    Seems to be lyk an epic movie from the extraordinary talented film veteran Steven Spielberg n also seems to be lyk a movie which will remain in your mind for a long time..
    should watch this definitly and my pleasure goes for the Baiscoop team for sharing such a film wit us
    Thanx

  32. රොයිලි

    @ සෑම්

    royly [at] baiscopelk [dot] com :P

  33. මහතුන්

    ඔන්න බාන්ඩ දැම්මා.

  34. kamal

    mi yooo loku wadine matath meka balanna oone nadda 700mb akak

  35. kitkat

    පෑය 3ක් බලන එකනෙ අවුල නින්ද යනව :D

  36. තිස්ස දොඩන්ගොඩ

    රොයිලි මල්ලියේ... මේක බලා තිබුණු නිසා උඹේ කමෙන්ට් එක හරියට හිතට වැදුනා... මටත් උඹ කිව් ඒ කාරණා ඒ විදිහටම හිතට වැදුණා...අපේ හිත් බොහොම සමාණයි මට හිතෙන්නේ... අන්තිම කාරණය තමා වැදගත්ම දේ උඹ කිව් සහ මම අදහන... ලොකුවට එපා පොඩියට හරි දෙයක්... ලෝකෙටම එපා ලඟම ඉන්න කෙනාටවත්... උඹට ජයවේවා... දෙව් මැණියෝ උඹ සමගයි....

  37. h

    හප්පා නියමයි නියමයි. මමත් බලපු හොඳම චිත්‍රපටි වලින් එකක් තමයි. මනීෂයි රොයිලියි අනිත් කට්ටියයි හොඳටම කියල තියෙනවාමේ ගැන. මේකේ අන්තිමට අර මිනිස්සු සේරම එකතු වෙන තැනදි චිත්‍රපටිය වර්ණවත් වෙනවා. ඒක මුළු චිත්‍රපටියෙම අර්ථය එක තැනකට ගේනවා වගේ නේද?

  38. Pathum

    පිස්සු හැදෙයි,, අනිවා බලනවා,, තැන්කිව් වේවා.. කලින් දීපු Saints And Soldiers එකත් කියල වැඩක් නෑ,, මැක්සා,,,,,,

  39. මනියා (මනිෂ කසුන් ගමගේ)

    ඉදිරියටත් සුපිරි ෆිල්ම් ටිකක් දෙනවා.. බලාගෙන ඉන්නකෝ....

  40. Dhanuka Pathinayake

    thanks machan
    bamuko ehenam.

  41. ගිශාන්

    මම ෆිල්ම් එක දැන් Download වෙන්න දැම්මා,ඒක බලලා ෆිල්ම් එක ගැන කියන්නම්.

  42. bandula WIthanage

    Thank you very much for biscope team

  43. Rotiya

    මන් මේ හෝ ගාල ජනෙල් 7 බානවනේ.මේක බාන්ඩ වෙන්නේ හෙට තමා...
    අනිව බානව මේක :D

  44. buratheno

    මේ ෆිල්ම් එක ගැනනං ඉතිං කතාකරන්න වචන දෙකක් නෑනෙ. පට්ටම පට්ටම පට්ට. ගොඩාක් කාලෙකට කලින් මේක බැළුවා...

    මේ හා සමානවම මාව සසල කරපු තව ෆිල්ම් එකක් තමා Savior. Similar theme එකක් තියෙන්නෙ නමුත් Bosnian conflict එක ගැන. පුළුවන්නම් හොයලා දාන්න...

  45. රවා

    කට්ටියම එකම පාරවල් වල ඇවිදපු අය නෙද ඔක්කොම.. මගෙ චිත්‍රපට එකතුවෙ .. උඩින්ම තියන චිත්‍රපටයක් තමයි මෙක.. තව The Boy In The Striped Pajamas තවත් ලස්සන කතාවක් දෙවන ලොක යුද්ධය පසුබිම් කරගත්.. මෙ මිනිස්සු පුදුමාකාර දක්ෂ මිනිස්සු ටිකක්... හරිම ලස්සනට මෙ කතාව ගලා ගෙන යනවා..

    ස්තුති ඉදිරිපත් කරපු යහලුවට..මනීශට.. අනිත් මිනිස්සු අතර මෙ දෙ බෙදාගත්තට...

  46. prami

    මෙන්න බාන්න දැමිමෝ..........

  47. chamath.

    onna banna damma.mat hithnawa adena kathawak kiyala meka.maxa
    balama balanam ko ok.aiya thwa hoda horror films tikka dannako apita ballanna...................jaya wewa/

  48. Akiyoshi

    me name akenma pothakuth thiyenawa...menna bevaaaaaa....thanks ........good effort....

  49. rohan

    හරිම සංවේදී කථාවක් බොහොම ස්තූතියි.හැකිනම් වියට් නාමයෙ යුද්ධය ගැන එන ෆිල්ම් එකකට සිංහල සබ් දාල දෙන්න.

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.