Watch Trailer

Searching for Bobby Fischer (1993) Sinhala Subtitles | චෙස් කියන්නේ ගේම් එකක් විතරක් නෙමේ [සිංහල උපසිරැසි සමඟ]

ආයිමත් ඔන්න ඉතින් ආයුබෝවන් කියලා පටන්ගන්නම්කෝ. මේක තමා මගෙ දෙවෙනි සබ් එක. මේ සැරෙත් වෙනම ගේමක් දුන්නා සබ් නැති ෆිලුමක් හොයන්න. අන්තිමට හොයලා හොයලා 1900 බර ගනන්වල ෆිලුමක් හම්බුනා. අහල තියෙනවද දන්නෙත් නෑ. ෆිල්ම් එක තමා Searching For Bobby Fischer මේක පාදක වෙලා තියෙන්නෙත් සත්‍ය කතාවක් ඇසුරින්. මුළු කත…

ආයිමත් ඔන්න ඉතින් ආයුබෝවන් කියලා පටන්ගන්නම්කෝ. මේක තමා මගෙ දෙවෙනි සබ් එක. මේ සැරෙත් වෙනම ගේමක් දුන්නා සබ් නැති ෆිලුමක් හොයන්න. අන්තිමට හොයලා හොයලා 1900 බර ගනන්වල ෆිලුමක් හම්බුනා. අහල තියෙනවද දන්නෙත් නෑ. ෆිල්ම් එක තමා Searching For Bobby Fischer මේක පාදක වෙලා තියෙන්නෙත් සත්‍ය කතාවක් ඇසුරින්. මුළු කතාවම චෙස් ගැන තමා. චෙස් ග්‍රෑන්ඩ් මාස්ටර් කෙනෙකුයි ග්‍රෑන්ඩ් මාස්ටර් කෙනෙක් වෙන්න ඉන්න කෙනෙකුයි ගැන තමා කතාව.

කතාව පැත්තට හැරුණොත්, බොබී ෆිස්චර් කියන්නේ විවාදාත්මකව එතෙක් මෙතෙක් බිහිවූ අතිදක්ෂම චෙස් ක්‍රීඩකයා. එයා කොච්චර දක්ෂද කියනවනම් එයා එයාටම විරුද්ධව ඒ කියන්නේ තනියම චෙස් ගහනවා බෝඩ් එකේ දෙපැත්තම එක හා සමාන ලෙස බැලන්ස් කරන්. හැබැයි කතාව නම් එයා ගැන නෙමේ. කතාව යන්නේ දෙවෙනි බොබී ෆිස්චර් ලෙස හඳුන්වන ජොශ් වයිට්ස්කින් ගැන. බොබී ෆිස්චර්යි ජොශ් වයිට්ස්කින් දෙන්නම කුඩා කළ සිටමයි චෙස් දක්ෂතා පෙන්නුම් කරන්නේ. ඒ වුණාට මේ දෙන්නා අතරෙ ලොකූ අසමානකමක් තියෙනව. කතාව බලලාම දැනගන්නකෝ.

ඔය එක එක ක්‍රීඩාවල යෙදෙන අපේ සහෝදර සහෝදරියන්ට මේ කතාව නම් ගොඩක් වටිනවා. ගොඩක් ආදර්ශ ලබාගන්න පුළුවන් . රංගනය ගැන කිව්වොත් ප්‍රධාන චරිතය වන ජොශ් වයිට්ස්කිනගෙ චරිතය රඟපාන්නේ Max Pomeranc කියන ළමා නළුවා. තව Laurence Fishburne, Joe Mantegna, Ben Kingsley, Joan Allen යන නළු නිළියෝ රංගනයෙන් දායක වෙනවා.

තව දෙයක් කියන්නම ඕනේ. මේ ෆිල්ම් එක පුරාවටම බොහෝ දෙබස්වල චෙස් ක්‍රීඩාවේදී පමණක් භාවිත වෙන වචන තියෙනවා. මන් හැම එකක්ම වගේ හොයලා හොයලා වරහන් ඇතුලේ අමතර දැනුම ලෙස ටයිප් කරලා තියෙන්නේ. මට වෙනම මහන්සියක් ගියා ඒ වචනවල ගම්‍ය වන අරුත් සෙවීමට. ඉතින් මන් සමහර තැන්වලදී වැරදි වෙන්නත් පුළුවන් . ඒ වුණාට මන් උපරිම සාධාරණයක් ඉෂ්ට කලා. කරුණාකර වැරදි තියෙනවා නම් සමාව දෙන්න .එහෙනම් ඉතින් ෆිල්ම් එක රසවිඳින්න. තවත් සබ් එකකින් ළඟදීම මුණගැසෙමු.

True Story
Year -1993
Director – Steven Zaillian
Imdb – 7.4
Budget -12 Million USD
Box Office – 7.2 Million USD
Rotten Tomatoes – 100%
2 Awards

ප.ලි. – මේ ෆිල්ම් එක IMdb යෙන් Must Watch ෆිල්ම් එකක් ලෙස නම් කර තිබේ.

https://en.wikipedia.org/wiki/Searching_for_Bobby_Fischer

 

 

Due to copyright issues, we do not provide any torrent link. 

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,010 downloadsDownload Searching-For-Bobby-Fischer-1993.zip47 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුජය සංකල්ප” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2020-05-16
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ධනුජය සංකල්ප

Subtitles

2,010 downloadsDownload Subtitles47 KB

13 comments

  1. Anonymous

    නියමයි සහො ස්තූතියි උපසිරැසියට

  2. Shamal manojan

    මේ උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    Patriot Games 1992
    Clear and Present Danger 1994

    යන ෆිල්ම් දෙකට උපසිරැසි ලබාදෙන්න පුලුවන්ද?

    1. Dhanujaya

      එළ අයියේ ඉක්මනට දෙන්නම්.

  3. Madhusanka

    thanks.

    The miracle season (2018) SUB katawath denda maga eruna film ekk

  4. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට

  5. Udara Damith Dissanayaka

    elaaaaaaaaa

  6. indika75

    thanks..

  7. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  8. AshenTM

    ඔබගේ මහන්සියට අපගේ උත්තමාචාරය. ස්තූතියි සහෝ....

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Wicki

    සිංහල උපසිරසට බොහොම ස්තූතියි

  11. Dewadithya

    Thanks for sub!

  12. Anonymous

    a grate work. keep it up.