Watch Trailer

Shin Godzilla (2016) AKA Shin Gojira with Sinhala Subtitles | ගොඩ්සිලා ටෝකියෝවට [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තවත් අලුත් ෆිලුමක් අරගෙන මම ආයෙත් ආවා.මේ පාර නම් අරගෙන ආවේ ජපන් අයිතමයක්.ඉස්සර TV එක ඉස්සරහට වෙලා බොහොම ආසාවෙන් Anaconda,Jurassic Park,Godzilla වගේ චිත්‍රපටි බලපු සුන්දර අතීතයක් ඔයාලා බොහෝමයක් දෙනාටත් ඇති කියලා හිතනවා.ඒ මතකයන් මේ ෆිලුමෙන් අලුත් කරගන්න පුළුවන් වේවි.මේකෙත් තියෙන්නේ ගොඩ්සිලාගේ කත…

ඔන්න තවත් අලුත් ෆිලුමක් අරගෙන මම ආයෙත් ආවා.මේ පාර නම් අරගෙන ආවේ ජපන් අයිතමයක්.ඉස්සර TV එක ඉස්සරහට වෙලා බොහොම ආසාවෙන් Anaconda,Jurassic Park,Godzilla වගේ චිත්‍රපටි බලපු සුන්දර අතීතයක් ඔයාලා බොහෝමයක් දෙනාටත් ඇති කියලා හිතනවා.ඒ මතකයන් මේ ෆිලුමෙන් අලුත් කරගන්න පුළුවන් වේවි.මේකෙත් තියෙන්නේ ගොඩ්සිලාගේ කතාවක්.ගොඩ්සිලා මේ පාර ඇවිල්ලා තියෙන්නේ ජපානයට !

ජපානයේ වෙරලක් ආසන්නයේ ලොකු අනතුරක් සිද්ද වෙනවා.ඒකෙන් ඒ ආශ්‍රිතව තියෙන උමඟක් කඩා වැටිලා ලොකු හානියක් සිද්ද වෙනවා.මේ ගැන කතා කරන්න කැබිනට් රැස්වීමක් තියෙනවා.ඒකෙදි මේකට හේතුව විදියට එක එක දේවල් ඉදිරිපත් වෙනවා.ඒ අතර එක්කෙනක් විශ්වාසයෙන් කියනවා මේකට හේතුව මුහුදෙන් මතුවුන විශාල ජීවියෙක් කියලා.නමුත් අනිත් හැමදෙනාම හිතන්නේ මේක විහිළුවට කාරණයක් කියලා.ඒත් පස්සේ හැමෝම දැනගන්නවා මේක විහිළුවක් නෙවෙයි,ඇත්තටම සිද්දවෙලා තියෙන්නේ ඒ දේ කියන එක.මෙහෙම මතුවෙන සත්ත්වයා මුලින් වතුරෙන් විතරයි ගමන් කරන්නේ.ඒත් පස්සේ හැමෝම පුදුමකරමින් මේ සතා ගොඩබිමටත් ඇවිල්ලා ලොකු විනාශයක් කරමින් නගරය පුරා ඇවිදිනවා.ජපාන අගමැති හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරලා මේ සතාව විනාශ කරන්න හමුදා බලය යෙදෙව්වත් ඒක සාර්ථක වෙන්නේ නෑ .ඊට පස්සේ ටික වෙලාවකට මේ සතා සැඟවෙනවා.මේ අතර ගොඩ්සිලා(ජපන් බසින්-ගොජිරා)කියන නම මේ සතාට භාවිතා කරන්න ඕනේ කියලා තීරණය කෙරෙනවා.පස්සේ මේ ගොඩ්සිලා ශරීර ප්‍රමාණයෙන් තවත් විශාල වෙලා,ශක්තිමත් වෙලා නැවත මුහුද ඇතුලෙන් මතුවෙනවා.ජපානය තීරණය කරනවා ඇමෙරිකාව සමඟ එකතුවෙලා ගොඩ්සිලාව විනාශ කරන්න.ජපානයට ගොඩ්සිලාගෙන් මේ විදියට සටන් කරලා බේරෙන්න පුළුවන් වෙයිද? එහෙම නැත්නම් තව අමතර උපක්‍රම ගොඩ්සිලාව මෙල්ල කරන්න ඕනේ වෙයිද?එහෙමනම් ඒ මොනවද?ඒවා ෆිලුම බලද්දී ඔයාලා දැන ගනීවි!

ඇත්තටම මේ ෆිලුමේ මුල් සබ් පිටපත විදියට තිබ්බේ ස්පාඤ්ඤ බසින් කරපු සබ් එකක ගූගල් ට්‍රාන්ස්ලේෂන් එකක්.ඒක නිසා පරිවර්තනයේදී ගොඩක් අපැහැදිලි තැන් අහුවුනා.ඒවා පුළුවන් තරම් නිරවුල් කරලා සබ කරන්න උත්සාහ කලා.ඒත් සමහර තැන්වලදී ඒ වෙනස ඔයාලට සමහර විට තේරේවි.ඒත් ඒක ෆිලුම රස විඳින්න බාධාවක් නොවේවි කියලා හිතනවා.මේ මගේ අටවැනි උපසිරැසි නිර්මාණය ! ෆිලුම බලලා සබ ගැන අදහසක් යටින් දාගෙන යන්න කියලත් වෙනදා වගේ මතක් කරනවා ! ඒ වගේම මලයාලම් ෆිලුම් වලට උපසිරැසි කරන එක නවත්තලා නෑ කියලත් මෙතන මතක් කරන්න ඕනේ ! ඉතින්,තවත් ෆිලුමකින් අපි ආයෙත් හමුවෙමු.

එතෙක් ඔබට ජය !

NEW

Shin Godzilla (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Shin.Godzilla.2016.720p.BRRip.x264.Japanese.AAC-ETRG

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,799 downloadsDownload Shin-Godzilla-2016.zip63 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/TharinduRRasanga1-e1485642059118.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු රසාංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles by

තරිඳු රසාංග

Subtitles

1,799 downloadsDownload Subtitles63 KB

27 comments

  1. stranger

    Thnx

  2. mithun

    තැන්ක්ස් සබ් එකට ලිපිය කියෙව්වාට පස්සෙ නොබා බෑ
    ස්තුතියි සහෝ උපසිරැසි දැම්මට

  3. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  4. Udara Damith B/K

    ගොද්සිලනම් මොනා උනත් කමක් නෑ

  5. prabodha

    Thank bro sub walata.....

  6. KAVINDA GAMAGE

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන . අනේ මේ වගේම kong skull island සිංහල සබ් ලබාදෙන්න . හැකිනම් KING KONG පරන ෆිල්ම් වලටත් සබ් ලබා දෙන්න.
    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. ඉෂාන් මදුෂ

    නියමයි සහෝ.මේකට සබ් දෙනකම් හිටියේ.ගොඩක් ස්තූතියි
    ජය වේවා!

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa…

  10. praneeth madu

    ස්තුතියි සහෝ උපසිරසියට

  11. Tharidu Sagara

    ස්තුතියි සහෝ උපසිරසියට
    ලබන්වූනා නව අවුරුද්ද කිරියෙන් පැණියෙන් යසඉසුරෙන් ඉතිරි ගොස් කරන වැඩ සාර්ථක වන බලාපොරොත්තු ඉටුවන සාමය සතුටු පිරි සුභ නව වසරක වේවා ඔබ සැමටම..!!

  12. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

  13. අසිත

    ade patta saho thanks

  14. pinsara

    thani gon athal film

  15. Gayan

    Sub ekata thank's saho. Jayawewaa!

  16. Chathura Widuranga

    Sub ekta thanks

  17. Hemal

    thank you :D GODZILLA BACK AFTER LONGTIME

  18. LAKSHAN

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි

  19. sameera

    thanks bro subta.
    good luck

  20. lakindu sadumina

    AO haru ride
    kyou koi wo hajimemansu
    lupin the 3rd
    say i love you kiyana japanese live action movies tikakath sub dennako puluvannam. pattama lassana kata tikak oya. me sub ekata thanks asian film vala tiyanava pattama rasayak.

  21. srimytest

    Thanks oyata budu saranai

  22. Shihan

    Tnx..sub ekata...jaya wewa..

  23. DULWAN.C.K

    Aye ithin sinhala subs baiscope thamai...Budu saranai..!!!

  24. Anonymous

    thank u bro

  25. Anonymous

    thnx bro

  26. Bimbisha Adithya

    උපසිරැසියට ස්තුතියි ♥️

  27. viraj

    thanks...........