ආයුබෝවන් යාලුවනේ. ඔන්න ඉතින් මම මගේ අනු හත්වන උපසිරැසිය අරගෙන ආව. මේ චිත්‍රපටයේ නම දැක්ක ගමන් ඉතින් ඔය පොත්පත් කියවන යාළුවන් නම් දන්නවා කතාව මොකක්ද කියල. එච් රයිඩර් හැගාර්ඩ් කියන සුප්‍රසිද්ද නවකතා කරුවා විසින් රචනාකරපු King Solomon’s Mines නවකතාව ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද චිත්‍රපටයක් මේක. ඔයාල දන්න…
ආයුබෝවන් යාලුවනේ. ඔන්න ඉතින් මම මගේ අනු හත්වන උපසිරැසිය අරගෙන ආව. මේ චිත්‍රපටයේ නම දැක්ක ගමන් ඉතින් ඔය පොත්පත් කියවන යාළුවන් නම් දන්නවා කතාව මොකක්ද කියල. එච් රයිඩර් හැගාර්ඩ් කියන සුප්‍රසිද්ද නවකතා කරුවා විසින් රචනාකරපු King Solomon’s Mines නවකතාව ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද චිත්‍රපටයක් මේක. ඔයාල දන්නවා මේ සොලමන් රජුගේ දියමන්ති ආකර කියන්නේ බොහෝ දෙනා අහල තියන ඇලන් ක්වාර්ටමේන් කියන චරිතය ලොවට බිහිකරපු නව කතාව කියල. ටාර්සන් චරිතය වගේම නවකතා රසිකයන් අතර ඇලන් චරිතය ජනප්‍රිය වෙලා තියනවා. අප්‍රිකාව මුල් කරගත් දඩයක්කාරයෙක් ගේ චරිතයක් වෙන මේ චරිතය ආශ්‍රයේන් මින්පසු පොත් ගණනක් රචනා උනා. චිත්‍රපටද දොළහක් මේ වනවිට නිර්මාණය වෙලා තියනවා. ඒ වගේම ඔයාලට මේ චිත්‍රපටයට සම්බන්ද නවකතාව පවා සිංහලෙන් කියවන්න අවස්ථාව තියනවා.
චිත්‍රපටය ගැන කතා කරනවා නම් මේකේ ඇත්තටම නවකතාවේ සුළු වෙනස් කමක් කරලා තමා නිර්මාණය කරලා තියෙන්නේ. ඒ උනත් දැනට නිර්මාණය වෙලා තියන ඇලන් ක්වාර්ටමේන් හොඳම චිත්‍රපට කිහිපයෙන් එකක් කියල හඳුන්වන්න පුළුවන් මේක. ඇත්තටම කොටස් දෙකකින් යුක්ත රුපවාහිනී කතාමාලාවක් විදියට පළමුව එළිදක්වුවත් පසුව කොටස් දෙක එකතු කරලා ඒක චිත්‍රපටයක් විදියට ආවා. මම මේ ඔයාලට උපසිරසි කරන්නෙත් අන්න ඒ කොටස් දෙක එකතු කර නිර්මාණය කරපු චිත්‍රපටයකට. ඒ හින්ද පැය එකහමාරක් ගියාම ඔයාලට අවසන් නම් ලිස්ට් එක දක්නට ලැබේවි. එත් නැවතත් අලුත් කොටස ඒ ගමන්ම පටන් ගනීවි. මම උපසිරැසිය හරියට ටයිම් ලයින් වලට නිර්මාණය කරලා තියන හින්ද ඔයාලට ඒක ගැටළුවක් වෙන්නේ නැ. ඉතින් මෙන්න IMDb 6 වෙච්ච මෙම චිත්‍රපටය දැන් ඔයාලට පලවෙනි වතාවට සිංහල උපසිරසි සහිතව බලන්න අවස්ථාව.
කතාව ගැන කියනවා නම් සොලමන් රජුගේ දියමන්ති ආකර සොයන්න යන මහාචාර්යවරයෙක් ඒක හොයා ගන්නවා. එත් රුසියානු කණ්ඩායමක් සහ අප්‍රිකානු ගෝත්‍රයක් ඒක පැහැරගන්න උත්සාහ ගන්නවා. ඒ හින්ද ඔහු කරන්නේ සිතියමක් ඇඳලා තමන්ගේ දුවට යවනවා. පස්සේ ඒ සිතියම ගන්න අප්‍රිකානු ගෝත්‍රිකයන් පිරිසක් ඔහුව පැහැරගන්නවා. ඉතින් එයාව හොයාගෙන එයාගේ දුව ඇලන් ක්වාර්ටමේන් සමග යන ගමන තමා මේ චිත්‍රපටයේ පෙන්වන්නේ. ඔවුන්ට මුහුණ දෙන්න වෙන කරදර සහ පොඩි ආදර අන්දරයක් තියනවා කියල කියන්නත් ඕන.
මම ඊළඟට අරන් එන්නේ ඇනිමේෂන් චිත්‍රපටයක්. ඉතින් එකත් අරගෙන එනවා කියන ගමන් සමුගන්නවා.
බුදු සරණයි…
Due to copyright issues, we do not provide any torrent links.
King.Solomon’s.Mines.2004.720p.BluRay.x264-[YTS.AG]
King.Solomon’s.Mines.2004.1080p.BluRay.x264-[YTS.AG]
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාළ වේ.
943 downloadsDownload King-Solomons-Mines-2004.zip94 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/AsankaGAP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
18 comments
ඉෂාන් මදුෂ
Udara Damith B/K
නියමයි
තව තුනයිඑල්.සී. දමැල්
ඊළඟට ඇනිමේශන් එකක්ලු, මම කාලෙකට කලින් කරපු ඉල්ලීමක් ඉටු වෙනවා ඒ කියන්නේ... නියමයි. දිගටම උපසිරස දෙමු...
ඉසුරු උපේන්ද්‍ර
එල සොහෝ නියමයි
Eranga Nayanajith
Thanks machan
Rusith nishen
Niyami bro
අසිත
elama machan
patta filumak ne.
bala thiyenne balanna waithrayi thyenne.....
jaya wewa!!!Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!JR
මේක අවුරුදු ගානකට කලින් බෑවා.. 2011 දී විතර, තාම බැලුවෙ නෑ. මේක දැක්කට පස්සේ මතක් උනේ :D
සිංහල සබ් එක්කම බලන්න ඕනේ... :)
ජයවේවා!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
stranger
Thnx
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!chalana
thnx bro...
Withanage Priyantha Dayakeerthi
ටාසන් කතා මාලාවන් බලලා තිබුණත් මීට පෙර ඇලන් චරිතයට අදාළ ඒවා නරඹා නැහැ. රයිඩර් හැගාර්ඩ්ගේ පොත් නම් කියවලා තිබෙනවා. මා සිතනවා මෙය හොඳ සිනමාපටයක් වේවි කියලා. ස්තුතියි!
Akalanka
Thnx Brooo.......
Dulanga
Thanks
podda
tnx bro!!! me wage film walata sub denawanam ithin oyama thamai
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie


බොහොම ස්තූතියි.සහෝ Shin Godzilla (2016) එකටත් සබ් දෙන්න බලන්න
ජය වේවා!