අදත් ටිකක් වෙනස් “තායි” Horror film එකක් අරගෙන ආවා. අපි කලින් දවසකත් කතාකල විදිහට ආසියානු Horror බයිස්කොප් සාහිත්‍යය හැමදාමත් නැවුම් අදහස් වලින් පිරි පවතිනවා. ඒ නිසාම මෙම චිත්‍රපටයත් අපි නරඹා ඇති සියලුම හොල්මන් කතාවලට වඩා වෙනසක් ගන්නවා. මුලින්ම කිවයුතු වන්නේ මේ චිත්‍රපටය හොල්මන් කතා, විද්‍යා ප්‍රබන…

අදත් ටිකක් වෙනස් “තායි” Horror film එකක් අරගෙන ආවා. අපි කලින් දවසකත් කතාකල විදිහට ආසියානු Horror බයිස්කොප් සාහිත්‍යය හැමදාමත් නැවුම් අදහස් වලින් පිරි පවතිනවා. ඒ නිසාම මෙම චිත්‍රපටයත් අපි නරඹා ඇති සියලුම හොල්මන් කතාවලට වඩා වෙනසක් ගන්නවා. මුලින්ම කිවයුතු වන්නේ මේ චිත්‍රපටය හොල්මන් කතා, විද්‍යා ප්‍රබනධ, රහස් පරික්ෂණ කතා වැනි කතා රටා කිපයකම සංකළනයක් බවයි. අධ්‍යක්ෂවරයා මෙම කථා ආකාර සියල්ලටම සාදාරණය ඉශ්ටවන ආකාරයට තමන්ගේ සිනමාව භාවිතා කර තිබෙනවා.

කතාව ආරම්භ වන්නේ තායි රජයේ අනුග්‍රහය මත ක්‍රියාත්මක වෙන භුත විද්‍යා පරික්ෂක කණ්ඩායමකට, තායිපේ නුවර මහල් නිවාසක අත හැර දැමු කාමරයක සිටින කුඩා දරැවෙකුගේ අවතාරයක් හමුවීමත් සමගින්. විද්‍යාඥ කණ්ඩායමේ නියමුවා වන “හශිමොටෝ” තමාගේ නවතම නිපැයුමවන, ඕනෑම ශක්ති ප්‍රභවයක් රදවා තබාගත හැකි Menger Sponge ආදාරයෙන් මෙම හොල්මන කොටු කර ගැනිමට සමත් වෙනවා. මෙම දරුවා නොකඩවා යමක් මුමුණන බව නිරික්ෂණය කරන විද්‍යා කණ්ඩායම තොල් කියවිමේ විශේෂඥයෙක් වන අපරාද පරික්ෂක “තුංග්” ව කණ්ඩායමට සම්බන්ධ කර ගන්නවා.

එතැන් සිට ඇරඹෙන්නේ ළමයාගේ පිටුපස ඇති අභිරහසයි. දරැවා මරණයට පත් වුනේ කෙසේද?, අවතාරය සතු ශක්තිය කාලයත් සමග හීනවී නොයන්නේ මන්ද? යන අභිරහස් විසදා ගැනීමට මොවුන් උත්සහ කරනවා. දරුවාගේ අවතාරය සැම දිනකම නිශ්චිත වෙලාවක කාමරයෙන් පිට විමට උත්සහ දරණ ආකාරය නිරිශණය කරන මොවුන් දිනක් අවතාරයට කාමරයෙන් පිටවිමට ඉඩදී “තුංග්”ව ඔහු පහුපස යාමට යොදවයි. මෙහිදී ඔහු විසින් අනාවරණය කරගන්නා රහස් ප්‍රේක්ෂකයා කම්පාවටත්, භීතියටත් පත් කරයි. තව දුරටත් කරුනු සොයා බලන ඔහුට රොහලක මරණාසන්නව සිටින දරැවාගේ මවද සොයා ගැනීමට හැකිවෙයි.

හොල්මන් කතාවක් සතුවිය යුතු ප්‍රේක්ෂකයා බියට පත්කල හැකි ගුණය නොඅඩුව තිබෙන මෙම කතාවේ ඇතැම් රුපරාමු දින කිපයක් යනතෙක්ම හිතෙන් බැහැර කිරීමට නොහැකි වනු ඇත. බොහෝ මිළ අධික දුෂ්‍ය ප්‍රයෝග භාවිතා නොකලත් අවස්ථාවට උචිත අයුරින් නාද රටා හා ආලෝකය භාවිතා කර කතාවේ තීව්‍රතාවය වැඩි කිරීමට අධ්‍යක්ෂක සමත්ව ඇත.

කතාවේ අවසානයට වන්නට තමන් වැය කරන මුදලට සමාන ප්‍රතිලාභ භුත විද්‍යා පරික්ෂණ ඔස්සේ නොළැබෙන බව වටහා ගන්නා රජය සියලු පරික්ෂණ නැවැත්වීමට නියෝග කරයි. මෙයින් කොපයටත්, උමතුවටත් පත්වෙන හශිමොටෝ අවතාර දරැවාද රැගෙන පලා යයි. හශිමොටෝගේ අවසන් අරමුණ කුමක්ද? දරැවාගේ මවට මෙහි ඇති කාර්යය කුමක්ද? වැනි ප්‍රශ්න ඔස්සේ දෝළනය වන අවසාන භාගය කිසිවෙකුත් අපෙක්ෂා නොකල අරැම පුදුම ආකාරයට අවසන් වෙයි.

එදිනෙදා නරඹන ඒකාකාරී කතා රටාවෙන් මිදී වෙනස් රටවල චිත්‍රපට නැරඹීමට කැමති අයටත් හොද හැටි බයවෙන්න පුලුවන් Horror film සොයමින් ඉන්න හැමටත් මේ බයිස්කොප් එක ප්‍රයෝජනවත් වේවි.

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය ගනුශ්ක රණසිංහ සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

37 comments

  1. akalanka seneviratne

    thank you

  2. Thara

    elazzzz maxxa filam ekak wage ada mama 2

  3. චරිත

    නියමයි. මම අාසම ජාතිෙය් ඒතත්. ස්තූතියි.

  4. NEEL

    mamath banawaaaaaaaaaaaaaaaa

  5. චින්තක

    onna math banawa balala comment dannam.

  6. NEEL

    seeds ne ne

    6A788CB0CFE84DD96D713926524335953A231066

  7. AL1717

    Holman Nam Itin Loweth Ne Thai Nam.
    Onna Henama Kollo Mamath Banawa.

    Balamuko Balama Kohomada Kiyala.

    Jaya Wewaa...

  8. dinesh

    එල,එල මම ආසම ජාතියෙ එකක්.අද නිවාඩු දවසෙ බලන්න පුළුවන්.ඔන්න බෑවා....

  9. sunanda

    එල එල.ඔන්න අපිත් බැවා............

  10. Ramraj

    මෙන්න මගේ ටයිප් එකට ෆිලම් එකක්.

  11. chanaka

    horro purola neda?
    ba dannamko

  12. handa

    ela ela. me comment 1 wat danna. honada kiyana comment witharane danne.

  13. සංකල්පනා - රුවන්

    මම මේක බලලා තියෙනවා. නියම චිත්‍රපටයක්.... රෑ තනියම බලන්න එපා අර කොලපාට හොල්මන කරෙන් එනවා පෙනෙයි!! :P

  14. sandaru

    elakiri wage ,thanksssssssssss sahooooooooooooo

  15. මාරයාගේ හෝරාව...

    සිංහල නැති එක ගැන මාගේ බලවත් විරෝධය...
    හුග දවසක ඉඳන් බලන්න හිටිය එකක්..

  16. radi

    kiyawanakotath kikak bayai wage.......

  17. Viraj

    වෙනස් ආකාරයේ චිත්‍රපටයක් වන මෙම චිත්‍රපටය අරන් එන්න වෙහෙසුණු හැමෝටම බොහොම ස්තූතියි

  18. Udaya සාලින්ද

    thanks saho....

  19. heshanhhh

    elaz, patta movies ne denne maxxa.

  20. Anonymous

    bohoma pin jaya wewa

  21. chamila

    ela thanks......

  22. uda

    එළකිරි මස්සිනා, මං අදයි සයිට් එක පැත්තේ ආවේ, මේක මමනං දැක්කෙ මේ දැං; අනිත් අය කොමෙන්ට් නොකළට මේ වගේ එකකට කොමෙන්‍ටුවක් නොදා කොහොමද?
    දිගටම මේ වගේ ඒවා තව තව දෙන්න. අපි දිගටම ඉන්නවා, ජය

  23. AMBARELLA

    ALA

  24. ashan kandy

    Horror film ammo epa..

  25. Akalanka Yapa

    බොහෝම ස්තුතියි..

  26. Priyantha De Silva

    ඔන්න එහෙනම් මමත් ගන්නවා

  27. Anonymous

    niyamaeeeeee

  28. RaZoR

    sinhala sub naththath banna hithuna .---------THANKS BRO--------------

  29. Navod Vidumina

    mamath baya wannada?????

    I like horror film.I m New to your web.

    Digatama Web akata Horror film danna.

    Good Luck

    NAVOD VIDUMINA

  30. ruchcha

    bayaaaaaiiiiiii

  31. Bellla

    ammooooooooo allllllllllla

  32. rkkasun

    meka lassanai
    bohoma thanks

  33. supun madusanka

    maru harida

  34. Thisara Neo

    නියමයි සහෝ.......
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ....... :)
    ජයවේවා....
    උපසිරැසියට තුති....... :) :)

  35. Manoj rukshan

    Niyamai

  36. Manoj rukshan

    නියමයි ඔන්න එහනම් මත් ගත්තො........

  37. oshan

    super