දහවල් 12 පහුවෙලයි තිබ්බේ එළියේ හීන් පොද වැස්සක් වැටෙනවා පුරුදු පාළුව සහ නිස්සද්ද බව නිවස වෙලාගෙන. ඔහුගේ කාමරේ දොර බාගෙට ඇරලයි තිබුණේ ඇය ට්‍රේ එකේ තියාගෙන කෑම ගෙනාවා දොරට තට්ටු කරගෙනම ඇය ඇතුල් වුණා, ‘මහත්තයා, කෑම..’ ඔහු පරිගණකය හකුළුවා පැත්තකින් තබා හිරි ඇරියා දෑස් විපරමින් නතර උනේ ඈ ගාව ඈ නිහඬවම කෑ…

දහවල් 12 පහුවෙලයි තිබ්බේ
එළියේ හීන් පොද වැස්සක් වැටෙනවා
පුරුදු පාළුව සහ නිස්සද්ද බව නිවස වෙලාගෙන.
ඔහුගේ කාමරේ දොර බාගෙට ඇරලයි තිබුණේ
ඇය ට්‍රේ එකේ තියාගෙන කෑම ගෙනාවා
දොරට තට්ටු කරගෙනම ඇය ඇතුල් වුණා,
‘මහත්තයා, කෑම..’
ඔහු පරිගණකය හකුළුවා පැත්තකින් තබා හිරි ඇරියා
දෑස් විපරමින් නතර උනේ ඈ ගාව
ඈ නිහඬවම කෑම මේසය සකසන්න ගත්තා
ඔහුගේ දෑස් ඈ පිරික්සන්න ගත්තා.
පිලිවෙලින් ඇගේ පපුවත් නිරුවත් ඉඟටිය වෙතත් දිවගියා.
‘කෑම ලෑස්තියි මහත්තයා’, ඈ කීවා
එවෙලේ ඔහුට දැනී තිබුණේ නම්
බඩගින්නට එහා ගිය දෙයක්..
ඔඩු දුවපු අකීකරු හිතුවිලි වලට අවනත වෙලා
ඔහු ඇගේ ගමන් මග හරස් කළා
ඊළඟ මොහොතේ කාමරයේ දොර වැසී ගියා.
උඩ කතන්දරේ බලාපොරොත්තුවෙන් Sir බලන්න යනවා නම් කියන්න තියෙන්නේ, සමාවෙන්න මේ එහෙම කතාවක් නෙමේ. එහෙනම් කොහොම කතාවක්ද කියන ප්‍රශ්නේ ඉතුරු උනා නම් කියන්න තියෙන්නේ, හිත නිවාගෙන යන කවුරුත් බැලිය යුතු අපූරු කතාවක් කියලා. යූටියුබය දිග් විජය කරපු, සිනමා ශාලා පුරවලා උතුරවපු නිර්මාණයක් නම් නෙමේ මේක. හැබැයි ඉන්දියාවේ නිෂ්පාදනයක් උනත් ඉන්දියාවටත් වඩා ජාත්‍යන්තරයේ අවධානය දිනාගත්තු හොඳම චිත්‍රපටියක්. සැකයක් නැහැ ඉන්දියාවෙත් බහුතරයක් මේ චිත්‍රපටිය ගැන මේ වෙනකොටත් නොදන්නවා වෙන්න පුළුවන්. ඔවුන් හොයන සුපිරි නළු නිළියන්, වර්ණවත් පසුතලයන්, “ආතල්’ දර්ශනයන් තිබුණා නම් මේ චිත්‍රපටියත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් නරඹන්නට තිබුණා. තවත් උදාහරණ මොකටද, මේ ලිපියේ උඩම ජේදය රස කර කර කියවපු අපේ බහුතරයක් දෙනා මේ පරිච්ඡේදය කියවද්දී බලාපොරොත්තු කඩ කරගෙන ” අපෝ, මේවා බලන්නේ මොකටද?’ කියාගෙන වෙන පිටුවකට ගිහිල්ලත් ඇති. තවමත් කියවන ඔබට ස්තුතියි. ඉතින් ආදරයෙන් පිලිගන්නනවා මේ සිංහල උපසිරැසිය. නැතත් ඉංග්‍රීසි උපසිරැසිය සමඟ හෝ නරඹන ලෙසට ආරාධනා කරනවා. රස විඳින්න මේ අපුරු ආමන්ත්‍රණය. මේ වන විටත් ජාත්‍යන්තර සම්මාන උළෙලවල රැසක ප්‍රදර්ශනය වෙලා හොදම චිත්‍රපටය, හොඳම නිළිය ඇතුළු බරින් වැඩි සම්මාන වලට නිර්දේශ වෙලා, හිමිකම් කියපු Sir ඉදිරියේදී බොහෝ දෙනාගේ අවධානයට ලක් වේවි/ලක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් මං නිහඩ වෙන්නේ, හදවතින්ම නරඹන අයට ප්‍රතිචාර කවුළුව විවෘත බව මතක් කරගෙනමයි..

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD / BR පිටපත් සඳහා අදාළ වේ.
6,012 downloadsDownload SIR-2020.zip50 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
43 comments
Kantha_DLA
Udaya Saman
Eye film eka down kara witjrai.ස්තුතියි මයුර උපසිරසියට .....ඔන්න ගත්ත එහෙනමි
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :)
ජය වේවා.!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Lalani Maduwanthi
Thank you,,,godaak pin oyata
litus
thanks
Deshani
Thank you,
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
gihan perera
ස්තුතියි ස්තුතියි ස්තුතියි සහෝ...අමුතු කතාවක්.....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....
indika75
thanks..
rasanga
Film eka හිතට වැදුනා.Thanka...........
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
dushansf
Torrent download කරන්නෙ කොහොමද..??
Bandara76
Great Choice Bro..Hope u again such a great movie
SanjeewaELC
send a link to download this movie
Kavindaweer1998
Tnx bn
Bandara76
මේ සිනමා පටය ගැන කෙටියෙන් කියනවනම්... ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එලිය සේ අචින්ත්‍යයි පාරිශුද්ධයි සුරම්‍යයි....
DemonAkalanka
Supiri film ekak.
Sub ekata thanks.nuwan1234
ෆිල්ම් කියන්නේ මේවට ...දැකපු නියමම ෆිල්ම් එකක් කියලා වැඩක් නෑ..මාරම මාරයි..පටන් ගැනීමේ ඉදලා නියමෙට ගලා ගියා අපි වෙයි කියලා බලාපොරොත්තු වෙන දේ ආසන්නෙටම ආවහම අපරාදේ උනේ කියලා අපිටම හිතෙනවා..කෙල්ල ෆැශන් ඩිසයින වෙලා කොල්ලා බැන්දොත් ෆිල්ම් එකේ තිබ්බ භාවාත්මක බව නැතිවෙනවා ..අන්තිමට මොකද මේහෙම අවස්ථාවකට කල යුත්තේ කියලා අපිට එක එක දේවල් හිතාගන්ඩ, නෑ එක නෙවෙයි මෙහෙම උනොත් මොකද කියලා සිහින මවන්ඩ අවස්ථාවක් දෙනවා..සම්මාන ලැබිය යුතු නිර්මානයක් අතිවිශිටයි..ඔයාටත් පිං මේක කරාට..ස්තූති..
ආදරය කියන්නේ හිමිකර ගැනීමම නොවේ..ආදරේ නම් ඇයට ඒ වෙලාවේ කරන්ඩ පුලුවන් හොදම දේ ඔහු කරා අත්හැරීම.. "ආල වඩන යන තේරුම බෝසත් කම වැනි"nuwan1234
ෆිල්ම් කියන්නේ මේවට ...දැකපු නියමම ෆිල්ම් එකක් කියලා වැඩක් නෑ..මාරම මාරයි..පටන් ගැනීමේ ඉදලා නියමෙට ගලා ගියා අපි වෙයි කියලා බලාපොරොත්තු වෙන දේ ආසන්නෙටම ආවහම අපරාදේ උනේ කියලා අපිටම හිතෙනවා..කෙල්ල ෆැශන් ඩිසයින වෙලා කොල්ලා බැන්දොත් ෆිල්ම් එකේ තිබ්බ භාවාත්මක බව නැතිවෙනවා ..අන්තිමට මොකද මේහෙම අවස්ථාවකට කල යුත්තේ කියලා අපිට එක එක දේවල් හිතාගන්ඩ නෑ එක නෙවෙයි මෙහෙම උනොත් මොකද කියලා සිහින මවන්ඩ අවස්ථාවක් දෙනවා..සම්මාන ලැබිය යුතු නිර්මානයක් අතිවිශිටයි..ඔයාටත් පිං මේක කරාට..ස්තූති..ආදරය කියන්නේ හිමිකර ගැනීමම නොවේ..ආදරේ නම් ඇයට ඒ වෙලාවේ කරන්ඩ පුලුවන් හොදම දේ ඔහු කරා අත්හැරීම.. "ආල වඩන යන තේරුම බෝසත් කම වැනි"
සිනෙත් ගමාච්චිගේ
මේවට තම ෆිල්ම් කියන්නේ, හරිම සංයමයක් තියෙන, හිතට දැනෙන අමතක කරන්න බැරි කතාවක්, මැරෙනකම්ම මතකේ රැඳෙනවා. මට නම් කියන්න තියෙන්නේ බැලුවෙ නැත්තම් දැන්මම බලන්න. සම් එක දැම්මට බොහොම ස්තූතියි. බයිස්කෝප් නැත්තම් ඇත්තටම මේක මග ඇරෙනවා. කැම්පස් ඉන්න කලේ නම් එන හැම ෆිලිම් එක ගැනම අවදානෙන් හිටියේ. දැන් එහෙම බෑ. ඒක නිසා මේවාගේ ඒවා මග ඇරැනවා.
ricadodamien
බොහොම ස්තූති මයුර සහොදරයා සහා බයිස්කෝප් කන්ඩායමට සිංහල උපසිරස වේනුවේන්. හැමදාමත් වගේ ඉතාම වේනස් සහා සිත්ගන්නා සුලු සිනමාපටයක් තිලින කලාට බොහොම ස්තූති නැවතත් ❤️❤️
nish47
ස්තූතියි සහෝ
mindika
Thanks !!!
duel
හිතුවේ නැති අවසානයක් කරා ගිය හිතට වැදුණු නැවත නැවත බලන්න හිතෙන සුපිරිම ෆිලුමක්.
තැන්ක්ස් බ්‍රෝ. මෙවැනිම කලාත්මක ඇසින් දකින්න පුළුවන් ෆිලුමක් නැවත sub කිරීමට ලැබේවා කියා පාර්ථනා කරමි.D.Chamara
bohoma sthuthi sahooo jaya ...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kanchaka
Thanks bro
MaalB
Superb Movie, after a long time..... i know it's really difficult to do subs for this kind of movies.....any way thanks a lot...... wish you a more strength to do ......great job....!!!
mindika
Thanks !!!!!!!!!!!
saman97
මම ඊයේ බැලුවේ. හිතුනා comment එකක් දන්න, ඉතාම සුන්දර කතාවක්. මෙවැනි කතා වලට උපසිරිසි දමන අය අඩුයි. එවැනි පසුබිමක මේ කළ මෙහෙයට ඔබට බොහොමත්ම ස්තුතියි.
nuwanishalika
man thama film eka baluwe na, download kala witharai. hithena vidihata niskalanka nirmanayak. me wage niskalanka films thawa loke godak thinawa. ewa hoya gena sub karanna.eka loku sewayak. englisg. hindi tamil Malayalam oya hama sinamawema niskalanka nirmana bihiwenawa. thnks
Zoo
The best film i have ever seen . I can't believe .. what a acting is Tillotama Shole's ? Thanks you very much for your subtitles !
Great job Baiscope !!Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
anurumesh
it` an amazing film.... thanks 4 ur sub...
ශසිත් සඳරුවන්
සබට තුති වේවා!
පහරක්...අනිවා බැලිල්ලක්...
දිගටම සබ් දෙමු ආ...
ජය!ashan lankanath
Thanks ..................good luck ................
chathurika Liyanaarachchi
thanks
yohan
thanks... film eka nan hari lassanai .sammana denna watina filumak
Madhushani Gamage
උපසිරසියට බොහොම ස්තූතියි. ෆිල්ම් එක බැලුවා. කමෙන්ට් එකක් දාන්න ආපහු ආවා. ඒ තරම් හිතට දැනුන ෆිල්ම් එකක්.
Anonymous
උපසිරැසියට ගොඩක් ස්තූතියි!!
පුදුමාකාර විදිහට හිතට වැදුණ කතාවක්...
මම ෆිල්ම් එක බලලා කමෙන්ට් එක ලියන්නයි ආයෙත් ආවේ.
මට නම් මේ තරම් හිතට වැදුණ කතාවක් නෑ.
සමහරු කියන්න පුළුවන් අපෝ ඔයිට වඩා හොඳ කතා කොච්චර තියනවද කියලා.
මම හැමදාම බයිස්කෝප් වෙබ් අඩවියෙන් සබ් ගන්නවා,
හැබැයි කවදාවත් කමෙන්ට් එකක් දාන්න නතර වෙලා නෑ.
මේ තමයි පළවෙනි කමෙන්ට් එක,සමහර ෆිල්ම් වල අපිට පෙන්නන,
පාට පාට සීනි බෝල ලෝකෙට එහා ගිය..
ඇත්ත එක්ක ගනුදෙනු කරන කතාවක්.
බහුතරය කැමති සිදුවීම් බහුතරය හොයන අවසානය නැති කතාවක්.
අපිත් ආසාවෙන් හොය හොය සුරංගනා කතා බැලුවට.
මේ වගේ කතාවක් බැලුවම තමයි තේරෙන්නේ, ඇත්තටම අපේ කැමැත්ත මොකද්ද කියලා.
රාමුවකට හිරවෙලා පාට ලෝක වල හීන හෙව්වට
ඒ හීන අපේ සැබෑ ජීවිතේදි අපිව රවට්ටන මායාවක්ම විතරයි.
සමහරු ජීවිතේ වරද්දගන්නෙත් තමන්ගේ ජීවිතේ සුරංගනා කතාවක් කරගෙන ඒක ඇතුළේ රඟපාන්න ගියාම.
අන්තිමට ෆිල්ම් එකේ රඟපාල විතරයි අධ්‍යක්ෂණය කරල තියෙන්නේ වෙන කෙනෙක් කියල තේරෙද්දි පරත්තු වැඩියි.
ඒ වගේ සීනි බෝල ෆිල්ම් අස්සේ
මේ වගේ ජීවිතේ ඇත්ත පෙන්නන,
සැබෑ, අවංක, පරාර්ථකාමී ආදරය ගැන කියන චිත්‍රපටි..
අපේ හදවතට කතා කරන්නේ ඒ නිසයි.උපසිරැසියට ආයෙත් ස්තූතියි!! දිගටම මේ වගේ ෆිල්ම් වලට උපසිරැසි කරන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා
ඒ වගේම මේ වගේ ෆිල්ම් බලන පිරිසත් වැඩි වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.Anonymous
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
අචින්ත
හැටහුට හමාරක් වැඩ අස්සෙ දැන් ඉතිං නිවෙන්න බලනව ආපහු හැරිල මේව.. එහෙම මෙමරි ලේන් එකේ වටයක් ඇවිත් බලන්න හරි මයුර මේව ඒකාලෙ නොදෙන්න අපි දැනගන්නෙවත් නෑ..ඒක නම් ශුවර්.. ඒ කාලෙ ස්තූති කලෙත් නෑ දැන් කියලත් කොහොමද කරන්නෙ මයුර ඈ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!