Watch Trailer

Sita Ramam (2022) Sinhala Subtitles | යුද්ධයකින් ලියවුනු ප්‍රේම කතාව ! [සිංහල උපසිරසි]

ආයුබෝවන් බයිස්කෝප්වාසී සියලුම දෙනාට. 2022 වසරේ අති සාර්ථකම ඉන්දියානු චිත්‍රපටයක් මෙන්ම ලස්සන ආදර කතාවක් සහිත කවුරුත් බලන්න ආසාවෙන් මග බලාගෙන හිටපු චිත්‍රපටයක් අරගෙනයි අද මම බයිස්කෝප් අඩවියට ගොඩ වදින්නේ. Bangarraju, DJ Tillu, RRR, Major, චිත්‍රපට සමගින් තෙලුඟු සිනමාව මේ වසරේ පලමු අර්ධය අති සාර්ථකව…

 

ආයුබෝවන් බයිස්කෝප්වාසී සියලුම දෙනාට. 2022 වසරේ අති සාර්ථකම ඉන්දියානු චිත්‍රපටයක් මෙන්ම ලස්සන ආදර කතාවක් සහිත කවුරුත් බලන්න ආසාවෙන් මග බලාගෙන හිටපු චිත්‍රපටයක් අරගෙනයි අද මම බයිස්කෝප් අඩවියට ගොඩ වදින්නේ. Bangarraju, DJ Tillu, RRR, Major, චිත්‍රපට සමගින් තෙලුඟු සිනමාව මේ වසරේ පලමු අර්ධය අති සාර්ථකව අරඹා දෙවන අර්ධයේදී යම් පසුබෑමකට ලක්වෙද්දී, තෙලුඟු සිනමාවට නව ජීවයක් ලබා දීමට සමත් වන්නේ Bimbisara 2022 සහ Sita Ramam 2022 චිත්‍රපට ද්විත්වයයි. ඉතිහාස කතාවක් රැගත් බිම්බිසාර චිත්‍රපටය සහ සංවේදී ආදර කතාවක් සහිත Sita Ramam චිත්‍රපටය එකම දිනයේ එනම් 2022 අගෝස්තු 05 දින තිරගත වීම ආරම්භ කලද කිසිදු ඝට්ඨනයකින් තොරව චිත්‍රපට දෙකම අති සාර්ථකව තිරගත වෙමින් බ්ලොක්බස්ටර් ගමනකින් අවසන් කරනවා.

එමෙන්ම චිත්‍රපට දෙකම විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර රැසකට සහ විචාරක පැසසුමකට ලක්වීමත් සමග වෙනත් භාෂා වලින්ද හඬ කවා ඉන්දියාවේ අනෙකුත් ප්‍රාන්ත වලද තිරගත කිරීම් පුළුල් වන්නට යෙදුනා. ඉතින් එතරම් සාර්ථක Sita Ramam චිත්‍රපටයේ උපසිරැසි කරන්න මම බාර අරගෙන තිබුනත් කැමරා පිටපතේ මිනිත්තු කිහිපයකින් පසු වැඩේ අතරමග ඇන හිටිනවා. හොඳ පිටපත් පැමිණියාට පස්සෙත් ඉන්ටවල් එක වෙනකන් උපසිරැසි කල පසු යෙදුනු වැඩ රාජකාරිත් එක්ක වැඩේ අල වෙලාම ගියා. මේ දවස් වල පොඩි විවේකයක් ලැබිලා තියෙන නිසාවෙන් බාරගත්තු වැඩේ ඉවරයක් කරලා අරගෙන එන්න වැඩේට අත ගැහුවා. ලයින් 3000ට අධික උපසිරැසිය ෆයිනලි අවසන් කරලා බයිස්කෝප්වාසී ඔබට අරගෙන ආවා ඔන්න. ලිපිය නං චිත්‍රපටිය තිරගත වෙන කාලෙම ලියපු එකක් නිසා සමහරවිට අතීතේ ඉඳන් ලියපු එකක් වගේ තියෙයි. ගණන් ගන්න එපා….

මලයාලම් සිනමාවේ කඩවසම් තරුව දුල්කර් සල්මාන් සමගින් බොලිවුඩ් නිලි මෘනාල් තාකූර් සහ ගීතා ගෝවින්දම් චිත්‍රපටයෙන් කාගේත් ජනාධාරයට පත් රශ්මිකා මන්ධානා ප්‍රධාන චරිත නිරූපණය කරන සංවේදී ආදර කතාවකින් සමන්විත Sita Ramam චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Padi Padi Leche Manasu, Andala Rakshasi වැනි සාර්ථක තෙලුඟු චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කල Hanu Raghavapudi විසින්.

Mahanati චිත්‍රපටය ඔබ වෙත ගෙන ආ තෙලුඟු සිනමාවේ නම ගිය ශ්‍රේෂ්ඨ නිෂ්පාදන ආයතනයක් වන Vyjayanthi Movies වෙනුවෙන් අශ්විනි දත් සමගින් Swapna Movies වෙනුවෙන් ස්වප්නා දත් විසින් මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලබනවා. සංගීතය තෙලුඟු සිනමාවේ තවත් අතිදක්ෂ සංගීත අධ්‍යක්ෂකවරයෙකු වන Vishal Chandrasekhar විසින් සිදු කර තිබෙන අතර ඔහු විසින් Hanu Raghavapudi මහතාගේම Padi Padi Leche Manasu චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය කල සංගීත ඇල්බමය අතිශය ජනප්‍රිය සහ ප්‍රේක්ෂක ආකර්ෂණයකට පත් වූවා. Sita Ramam චිත්‍රපටය වෙනුවෙන් ඔහු නිර්මාණය කල සංගීත ඇල්බමයද චිත්‍රපටය තිරගත වීමටත් පෙර සිටම එලෙසම සාර්ථක වන්නට වූවා.

දුල්කර්, මෘනාල්, රශ්මිකාට අමතරව සෙසු චරිත ලෙසින් තෙලුඟු සිනමාවේ අතිදක්ෂ නළුවකු වන සුමන්ත්, තරුන් බාස්කර්, දමිල චිත්‍රපට අධ්‍යක්ෂක ගෞතම් වාසුදේව් මෙනන්, වෙන්නිල කිෂෝර්, මුරලි ශර්මා සහ ප්‍රකාශ් රාජ් ඇතුළු නළු නිලියක් එක්වනවා. ඉන්දියානු රුපියල් කෝටි 30ක පමණ වියදමකින් තැනෙන මෙම චිත්‍රපටය පසුගිය අගෝස්තු 05 දින තෙලුඟු, දමිල, මලයාලම් යන් දකුණු ඉන්දියානු භාෂා ත්‍රිත්වයෙන්ම තිරගත වීම ආරම්භ කල අතර මේ වනවිටත් ඉන්දියානු රුපියල් කෝටි 100කට ආසන්න මුදලක් උපයමින්, ඉන් මසකට පමණ පසු හින්දි භාෂාවෙන්ද තිරගත කිරීම ආරම්භ කරමින් එහිදීද සාර්ථක ප්‍රතිචාර ලබමින් තවමත් බ්ලොක්බස්ටර් ගමනක නිරත වූවා

ලියුමක් වටා ගෙතෙන ලස්සනම ලස්සන සංවේදී ආදර කතාවකින් ගොඩනැගුනු සීතා රාමම් චිත්‍රපටය ඔබව වෙනස්ම ලෝකයකට රැගෙන යාවි කියල බලාපොරොත්තු වෙනවා. කතාවේ වචනයක්වත් කියල ස්පොයිල් කරන්නේ නැහැ. අනිවාරයෙන්ම අරගෙන නරඹන්න කියලා විස්වාසයෙන් හැමෝගෙන්ම ආරාධනා කර සිටිනවා. කිසිම සැකයක් නැතුව කතාව අතින්ද, විෂුවල් අතින්ද, සංගීතය අතින්ද ලස්සන චිත්‍රපටයක් කියල වචනයේ පරිසමාප්තියෙන්ම කියන්න පුළුවන් චිත්‍රපටයක් ලෙස නිර්දේශ කරන්න පුළුවන් චිත්‍රපටයක් ලෙසින් Sita Ramam චිත්‍රපටය මා හඳුන්වන අතර දෙවන බාගයේ දී චිත්‍රපටය ඔබව වෙනස්ම තැනකට සහ චිත්‍රපටයේ සංගීතය ඔබව වෙනස්ම ලෝකයකයට අරගෙන යාවි. ඉතින් අනිවාරයෙන්ම බලන්න කියල ආරාධනා කර සිටිනවා.

IMDB Ratings – 8.1/10
Times of India – 3.5/5
Google Users – 98%
Facebook – 3.5/5

ඉතින් නරඹන්නට කියා ආරාධනා කර සිටිනවා. පැය දෙකයි මිනිත්තු 40ක් දිවෙන මේ සුන්දර ආදර කතාව තෙලුඟු සිනමා රසිකයෙකු නම් මග හරින්න එපා කියා ඉල්ලා සිටිනවා. එහෙනම් යන්න අවසරයි. ආයෙත් මේ වගේම සොඳුරු බයිස්කෝප් එකක් සමගින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. මේ චිත්‍රපටය උපසිරැසි ගන්වලා ඔබ වෙත අරං එන්න ප්‍රමාද වීම ගැන සමාව ඉල්ලා සිටිනවා. බොහෝ විට ගොඩක් අය උපසිරැසි නැතුව හෝ අනෙත් සහෝදර උපසිරැසි වෙබ් අඩවි වල උපසිරැසි සමග මේ වනවිටත් චිත්‍රපටය නරඹා ඇති. ඉතින් ආයෙත් බලන්න කියල ආරාධනා කරනවා.

වගේම නොබලපු කෙනෙක් ඉන්නවා නම් බලන්න සහ බය නැතුව රෙකමන්ඩ් කරන්න කියල කියන්නත් කැමතියි. ඉතින් යන්න කලින් බයිස්කෝප් පවුලේ සහෝදර උපසිරැසිකරුවන් හැමෝමවත් මතක් කරන ගමන් හැමදාම අදහසක් පල කරන සැමට හෘදයාංගම ස්තුතිය පල කර සිටිනවා. ඒ වගේම විවේචනයක්, අගයකිරීමක්, බැනුමක්, දිරිගැන්වීමක්, වැරද්දක්, නිවැරදි කිරීමක් කියන්න තියේනම් අදත් පහල තීරුව විවෘතව තිබෙනවා. ඒ වගේම එතන කියන්න බැරි දෙයක් තියේ නම් [email protected] ඊමේලයට උනත් ඕනම දෙයක් එවන්න ඔබට හැකියාව තියෙනවා. වැරද්දක් තිබේ නම් ඒවා නිවැරදි කරගන්න අප ඕනම වෙලාවක සූදානම්ව සිටින බවත් සඳහන් කරන්න කැමතියි. ඔබට අප හා සමීප වන්නට තවත් ඉඩකඩ වෙන්ව පවතින තැන් කීපයක්ද පහලින් සඳහන් කරන ගමන් අපි සමුගන්නවා.

ඔබට ජයෙන් ජය…!!!

බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් පිටුව
බයිස්කෝප් සිංහලනේ නිල ෆේස්බුක් එකමුතුව

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි Telugu HQ HDRip පිටපත් සඳහා අදාළ වේ.

39,060 downloadsDownload Sita-Ramam-2022.zip100 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-11-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

තා‍ර‍ක ‍නු‍වන්‍

Subtitles

39,060 downloadsDownload Subtitles100 KB

24 comments

  1. Naveen Mbr

    බොහොම ස්තූතියි අයියේ!

  2. Bimsara Yashan(ඔලිව)

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. තාමත් ෆිල්ම් එක බලන්න බැරි වුණා. දැං බලන්න ඕනෙ. ජයවේවා!

  3. Sameera

    අනේ මංද බං.. මේකට සබ හදන වෙලේ අලුතින් ආපු වෙන එකකට හැදුවනම් කොච්චර වටිනවද....කමක් නෑ ඉතින් බොහෝම ස්තුති ..
    පුලුවන්නම් SAUDI VELLAKKA මලයාලම් එකට සබක් ඕං...වටිනව..

  4. Kushan

    Sub akta thanks

    1. Dhananjaya

      Mata sub eka mail karanna puluwanda. Protocol not supported kiyla wetenwa..

  5. බී ආර්

    meka hena late wela watenne me site ekata..lassana film ekak

  6. Anonymous

    Thanks

  7. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  8. Manoj

    සිංහල උපසිරසියට ස්තුතියි

  9. යුරාන් ධනුක (දනුවා)

    උපසිරසියට තුති සහෝ

  10. විමා

    උපසිරසියට බොහොම ස්තුතියි, ජය!
    නොදීම ඉන්නවට වඩා පමා වෙලා හරි දෙන එක වටිනවා.

  11. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  12. Tajma Erandi

    Pokkisham movie eke subtitles dennaako

  13. Anonymous

    Godak subs download wenne nene

  14. Mahen

    Thank you sago okkotama

  15. nilanka

    thanks

  16. Sahan Gayantha

    thanks wewa saho sub ekata

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති

  19. jack

    සිංහල Subtitle එක දුන්නට බොහොම ස්තුතියි!!!

  20. Dinesha shamali

    Thank you for your subtitles

  21. dhp

    Thank You...

  22. Ashka Lakshan

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ගොඩක් ලස්සනයි චිත්‍රපටිය

  23. baiscopelkISHU

    Sub ekta THX