Watch Trailer

The Elephant Whisperers (2022) Sinhala Subtitles | අලි හිත්, දත් ඇත්තා… [සිංහල උපසිරසි]

ඇකඩමි සම්මාන දිනූ මේ කෙටි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ කාර්තිකි ගොන්සාල්වේස් විසින්. මේ ඇයගේ මංගල අධ්‍යක්ෂණයයි. මේ කෙටි චිත්‍රපටය ප්‍රථම වරට Doc NYC Film Festival හිදී ප්‍රදර්ශනය කෙරුණා. නෙට්ෆ්ලික්ස් හරහා 2022 වසරේ දෙසැම්බර් 08දා මුදා හැරුණු මේ කෙටි චිත්‍රපටයේ ධාවන කාලය මිනිත්තු 41ක්. 95 වන ඇකඩ…

ඇකඩමි සම්මාන දිනූ මේ කෙටි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ කාර්තිකි ගොන්සාල්වේස් විසින්. මේ ඇයගේ මංගල අධ්‍යක්ෂණයයි. මේ කෙටි චිත්‍රපටය ප්‍රථම වරට Doc NYC Film Festival හිදී ප්‍රදර්ශනය කෙරුණා. නෙට්ෆ්ලික්ස් හරහා 2022 වසරේ දෙසැම්බර් 08දා මුදා හැරුණු මේ කෙටි චිත්‍රපටයේ ධාවන කාලය මිනිත්තු 41ක්. 95 වන ඇකඩමි සම්මාන උළෙලේදී හොඳම වාර්ථාමය කෙටි චිත්‍රපටයට හිමි සම්මාන හිමි කර ගත්තා. ඒ වගේම මේ වර්ගීකරණයෙන් තරඟ වැදුණු මුල්ම ඉන්දීය චිත්‍රපටය වන්නේද මෙයයි.

බෙලී සහ බොම්මන් ඇකඩමි සම්මානය අතැතිව.

බොම්මන් සහ බෙලී කාට්ටුනායකන් ගෝත්‍රයේ අලින් බලාගන්නා යුවලක්. මොවුන් මින් රඝු නම් අනාථ වූ අලි පැටවෙකු රැක බලා ගැනීම ගැන කතාව කියා පානවා. තුවාල ලබා අසාධ්‍යව සිටි රඝූ නම් අලි පැටවාගේ ජීවිතය බේරාගෙන නිරෝගී තරුණ අලියෙක් දක්වා උස් මහත් කිරීමට ඔවුන් මහත් වෙහෙසක් ගන්නවා. ඒ වගේම රඝූ හා ඔවුන් අතර ශක්තිමත් බැඳීමක් වර්ධනය වෙනවා. ඒ වගේම ඔවුන්ට තවත් අලි පැටවෙක් වුණ අම්මුකුට්ටිවත් හදා වඩා ගන්න සිද්ද වෙනවා. ඒත් එක්කම අවසානයේ ඔවුන් ඉතා ආදරයෙන් ඇති දැඩි කල රඝු අත්හැරීමට සිදු වෙනවා.

කාර්තිකි මේ කෙටි චිත්‍රපටය වෙනුවෙන් කාට්ටුනායකන් ගෝත්‍රයේ අලින් අතර දැඬි බැඳීමක් ඇති පවුලක් සමඟ අවුරුදු 5ක් ගතකරලා තියෙනවා. තමිල්නාඩු ප්‍රාන්තයේ මුඩුමලෛ ජාතික වනෝද්‍යානය තුළ රූගත කර තිබෙන මෙම වාර්තා චිත්‍රපටය එම ස්ථානයේ ස්වභාවික සුන්දරත්වය ද ඉස්මතු කර දක්වනවා. එය ස්වභාවධර්මයට අනුකූලව ගෝත්‍රික ජනයාගේ ජීවිතය ගවේෂණය කරවනවා. මෙම චිත්‍රපටිය සත්වයා සහ මිනිසුන් අතර ඇති බැඳීම සහ සහජීවනය පිළිබඳ හද සසල කරවන කතාවක් පමණක් නොවෙයි, ඉන්දියානු සංස්කෘතිය සහ පරිසර සංරක්ෂණ සම්ප්‍රදාය ද ප්‍රදර්ශනය කරනු ලබනවා.

මෙය ලබාගෙන ඇති Imdb රේටින් අගය 7.4/10ක්.
කුණු තක්කාලී මීටරයේ අගය 100% ක් හා ප්‍රේක්ෂක අගය 92%ක්.
ඒ වගේම Times Of India හි අගය කිරීම 4/5ක්.

මේ කෙටි චිත්‍රපටයට ඇකඩමි සම්මානය ලැබෙද්දී, මට මේක කරන්න කියලා යෝජනා කරේ අපේ ඇඩ්මින් විමා අයියා. බයිස්කෝප් එකෙන් ඇකඩමි සම්මාන නිර්දේශ වුණ හා ජයග්‍රහණය කරන ලද බහුතරයක් චිත්‍රපට වලට සිංහල උපසිරැසි ලබා දීලා තියෙනවා. 2023 වසරේ නිර්දේශිත හා ජයග්‍රාහක ලැයිස්තුවට මෙතනින් යන්න පුළුවන්. ඇත්තටම මේක දෙමළ භාෂා චිත්‍රපටයක් වුණත් ගෝත්‍රික භාෂාවක් වුණ ජෙන්නු කුරුම්බා භාෂාවත් ඇතුලත්. කෙටි කාලයක කෙටි චිත්‍රපටයක් වුණත් සිංහලයට හරවන්න සාමාන්‍ය වෘත්තාන්ත චිත්‍රපටයක තරම් වෙහෙසක් දරන්න වුණා. ගෝත්‍රික භාෂා දන්නෙ නැති නිසා ඉංග්‍රීසි උපසිරැසියේ තිබුණ දේ සිංහලට හරවන්න වුණා. ඒ නිසා ඔයාලගේ හිත අමනාප වෙන එකක් නැහැ කියලා හිතනවා. ඉතින් තවත් උපසිරැසියකින් හැකි ඉක්මනින්ම හමුවෙන්නම්. අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා. හැමදාම වගේ අදහස් දක්වන හැමෝටම ස්තූතියි!

බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB / HQ HDRip පිටපත සඳහා අදාළ වේ.

4,082 downloadsDownload The-Elephant-Whisperers-2022.zip14 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිඳු නවින්

Subtitles

4,082 downloadsDownload Subtitles14 KB

16 comments

  1. Ravindu_Heshan

    බොහොම ස්තූති මල්ලි

    1. Naveen Mbr

      ස්තූතියි අයියේ!

  2. අචින්ත

    ස්තූතියි රවිඳු.
    දෙයි කියල හිතුවෙ නැති එකක්..නියමයි.

  3. හේමන්ත

    ස්තුතියි රවිඳු...
    ස්තුතියි බයිස්..

  4. මයුර

    සබට බොහොමත්ම තුති මචෝ

    1. Naveen Mbr

      ස්තූතියි අයියේ!

  5. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  6. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

    1. Naveen Mbr

      ස්තූතියි සහෝ!

  7. යුරාන් ධනුක (දනුවා)

    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ

    1. Naveen Mbr

      ස්තූතියි සහෝ!

  8. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  9. Manu

    Godak sthuthi..jaya wewa!

  10. Anonymous

    Thanks

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති