Slotherhouse (2023) Sinhala Subtitles කොහොම ද යාළුවනේ ඔයාලා හැමෝටම, මේ වසරේ මම මුලින්ම සබ් අරන් ආවේ ගිය අවුරුද්දේ දෙසැම්බර්වල බාරගත්ත චිත්‍රපටියක්. දෙසැම්බර් කියන්නේ ඉතින් වැඩ අධික මාසයක්නේ. අවුරුද්දේ අන්තිම බාරගත්තට මට ඒක සබ් කරන්න කාලේ මදි වුනා. ඉතින් මේ අවුරුද්දේ මුල්ම සබ් එක විදිහට ඔන්න මම අරගෙ…

කොහොම ද යාළුවනේ ඔයාලා හැමෝටම, මේ වසරේ මම මුලින්ම සබ් අරන් ආවේ ගිය අවුරුද්දේ දෙසැම්බර්වල බාරගත්ත චිත්‍රපටියක්. දෙසැම්බර් කියන්නේ ඉතින් වැඩ අධික මාසයක්නේ. අවුරුද්දේ අන්තිම බාරගත්තට මට ඒක සබ් කරන්න කාලේ මදි වුනා. ඉතින් මේ අවුරුද්දේ මුල්ම සබ් එක විදිහට ඔන්න මම අරගෙන ආවා Thriller, Comedy, Horror ගණයට අයත් වන Slotherhouse බිහිසුණු චිත්‍රපටිය.
slotherhouse 2023 අගෝස්තු 30වන දින Netflix විසින් නිකුත් කරනු ලැබුවා. පැයයි මිනිත්තු 33ක් පුරාවට දිවෙන මෙම චිත්‍රපටිය දැනට IMDB ශ්‍රේණිගත කිරීම් 4.7/10 අගයක් ලබා ගෙන තියෙනවා. කුතුහලයෙන් එක දිගට පවුලේ අයත් එක්ක බලන්න පුලුවන් බිහිසුනු චිත්‍රපටියක් කිව්වොත් මම හිතන්නේ වැරදි නෑ. මේ චිත්‍රපටියට Rotten Tomatoes අගය 58%ක් අරගන්න සමත් වෙලා තියෙනවා. ප්‍රධාන චරිත වශයෙන් Lisa Ambalavanar, Bianca Beckles-Rose, Andrew Horton, Sydney Craven, Sydney Craven, Olivia Rouyre ජර්මන් ජාතිකයෙක් වන Stefan Kapičić රංගනයෙන් දායක වෙනවා.
ඔයාලට කතාව ගැන කෙටි හැඳින්වීමක් කලොත්,
මේ චිත්‍රපටිය මිනීමරු සිලෝත් කෙනෙක් වටා තමයි ගෙතෙන්නේ. කැලෑවක ඉන්න හුරුබුහුටි පෙනුමක් තියෙන ස්ලෝත් කෙනෙක්ව ඔලිවර් කියන දඩයක්කාරයෙක් එයාගේ ගෙදරට අරගෙන එනවා. ඉතින් මේ ඔලිවර්ට ෂොපින් මෝල් එකේදී අහම්බෙන් මුණ ගැහෙන එමිලි කියන ගෑණු ළමයට මෙයා මේ ස්ලෝත්ව විකුණන්න හදනවා.
එමිලි මුලින් මේ දේට අකමැති උනත් පසසේ එයා ඉන්න sorority එකට මේ ස්ලෝත්ව එක්කගෙන එන්න එයා හිතාගන්නවා. ඒ හැබැයි එක අරමුණක් වෙනුවෙන්. එමිලිට ඕන වෙනවා මේ වසරේ Sigma Lambda Theta (SLTH) sorority හි සභාපතිනිය වෙන්න. ඉතින් එමිලි යන්ග් සොරොරිටි සභාපති ලෙස තේරී පත් වෙන්න ඡන්ද ලබා ගැනීමේ අරමුණින් මේ හුරුබුහුටි සිලෝත්ව එයා හදාගන්නවා. මුලින් හැමදේම සාමකාමීව තිබුණත් පස්සේ sorority එකම ලේ විලක් වෙනවා.
චිත්‍රපටිය තුල බිහිසුණු සංවේදී දර්ශන ඇතුලත් වන නිසා නැරඹීමේදී සැලකිලිමත් වෙන්න කියලා මතක් කරන්න ඕනේ.
ඉතින් horror වෙනස්ම කාතාවක් බලන්න ආසයි නම් ඔන්න එයාලට කිසිම කම්මැලිකමක් නැතිව බලන්න හොඳ චිත්‍රපටියක් කියලා කියන්න පුලුවන්. කතාව ගැන පොඩි අදහසක් දුන්න නිසා මීට වඩා යමක් කියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ.
චිත්‍රපටිය බලන ගමන් ඔයාලගේ අදහස් එහෙම තියෙනව නම් comment කරන්න.
මෙම චිත්‍රපටිය උපැසිරැසි කරන්න මට අවස්ථාව සලසා දුන් බයිස්කෝප් Admin මඩුල්ලට හදපිරි ස්තූතිය පුද කරමින් තවත් ලස්සන වෙනස් ම චිත්‍රපටියකින් නැවත මුණ ගැහෙමු! දෙවි පිහිටයි!
හැමෝටම සුභ දවසක්!
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය WEBRip පිටපත් සඳහා පමණක් වලංගු වේ.
3,224 downloadsDownload Slotherhouse-2023-Sinhala-Subtitles.zip44 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යමීනා ජොහාර් ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-03-11
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Slotherhouse (2023) Sinhala Subtitles, Slotherhouse (2023), Slotherhouse
Subtitles by
යමීනා ජොහාර්
Subtitles
- #2023
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Slotherhouse
- #Slotherhouse (2023)
- #Slotherhouse (2023) Sinhala Subtitles
- #Sub
- #Subs
- #You Decide
- #උපසිරැසි
- #යමීනා ජොහාර්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
5 comments
Buddhika Lakmal
Anonymous
සබ් එකට තෑන්ක්ස් බ්‍රෝ.
Anonymous
Thanks brother
Dewadithya
Thanks for Sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
...බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට….