Smile 2 (2024) Sinhala Subtitles Sinhala Subtitles “කෙනෙක්ගේ සිනහවකට පුළුවන් තව කෙනෙක්ගේ හිතක් නිවන්න. හැබැයි සමහර සිනහවන් හිත් නිවන්නේ නැහැ. නිවන් යන්න පාර කපනවා” ඔන්න එහෙනම් අද ඔයාලට අරන් එන්නේ 2022 අවුරුද්දේ නිකුත් උන Smile චිත්‍රපටයේ දෙවැනි කොටසයි. මේකේ පළවෙනි කොටසට උපසිරැසි අරන් ආවේ නම් ඔලිව ම…

“කෙනෙක්ගේ සිනහවකට පුළුවන් තව කෙනෙක්ගේ හිතක් නිවන්න. හැබැයි සමහර සිනහවන් හිත් නිවන්නේ නැහැ. නිවන් යන්න පාර කපනවා”
ඔන්න එහෙනම් අද ඔයාලට අරන් එන්නේ 2022 අවුරුද්දේ නිකුත් උන Smile චිත්‍රපටයේ දෙවැනි කොටසයි. මේකේ පළවෙනි කොටසට උපසිරැසි අරන් ආවේ නම් ඔලිව මල්ලි. එයාගෙ ආරාධනාව උඩ මමයි මගේ අතිජාත උපසිරැසි මිතුරා යුරාන් මල්ලියි ඔයාලට මේක ඉක්මණටම අරන් එන්න තීරණය කරා. කෑමක් උනත් උණුවෙන් කනකොට නේ රස වැඩි.
මුලින්ම කියන්න ඕන Smile පළවෙනි චිත්‍රපටය බලපු නැති අය ඉන්නවා නම් කරුණාකරලා ඒක බලලා මේක බලන්න. නැත්නම් මේ මොකක්ද වෙන්නේ කියලා අදහසක් ගන්න බැරි වෙයි.
Smile 2 ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්කො. Skye Riley (Naomi Scott) තමයි මේ කතාවේ ප්‍රධාන චරිතය. එයා ජනප්‍රිය පොප් ගායිකාවක්. ඉතින් මෙයා ලොකු සංගීත සංදර්ශනයකට සූදානම් වෙනවා. නමුත් මේ අතරේ හදිසියේ Skye, Lewis (Lukas Gage) කියන එයාගේ මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ යාළුවාව මුණ ගැහෙන්න යනවා. Lewis කියන්නේ Smile සාපයේ වර්තමාන අයිතිකාරයා. ඉතින් මේ හමුවීම හරහා සාපය Lewis ගෙන් Skye ට මාරු උනාට පස්සේ වෙන විනාශයන් ගැන තමයි චිත්‍රපටයෙන් කියවෙන්නේ.
මේ නිර්මාණය සඳහා රංගනයෙන් දායක වෙන සෙසු ප්‍රධාන නළු නිලියන් වෙන්නේ Ray Nicholson, Kyle Gallner, Sosie Bacon, Dylan Gelula, Rosemarie DeWitt, Peter Jacobson සහ Raúl Castillo යන අයයි.
Smile 2 අධ්‍යක්ෂණය කරේ Parker Finn. Paramount Pictures හරහා බෙදා හැරුණු මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්න ඩොලර් මිලියන 28 ක් පමණ වියදම් වෙලා තියනවා. හැබැයි මේ වෙනකොට චිත්‍රපටයේ ආදායම ඩොලර් මිලියන 128 කට ආසන්නයි.
පැය දෙකකුත් විනාඩි 12 ක් පමණ ධාවනය වන Horror/Mystery කාණ්ඩයට අයත් මේ චිත්‍රපටය නරඹන්න ආරාධනා කරමින් මම නවතිනවා.
උපසිරැසියට සහය උන යුරාන් මල්ලිට ගොඩක් ස්තූතියි.
හැමෝටම ජය!
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
6,616 downloadsDownload Smile-2-2024-Sinhala-Subtitles.zip41 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුරාන් ධනුක” සොයුරාට සහ “චාමිකර විදානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Smile 2 (2024) Sinhala Subtitles
Subtitles
8 comments
Bimsara Yashan (ඔලිව)
Buddhika laKMal
බොහෝම ස්තූතියි යුරාන් ධනුක සොයුරාට සහ චාමිකර විදානගේ සහෝට මේකට සිංහල සබ් දුන්නට....
ජයවේවා..............Tharindu
Bohoma stuti.. jaya wewa
Prasad
Thanks for the sub bro..most awited film
Malith samarawickrama
Thanks malli sub ekata.
Hashan
Thanx for the sub bro....!!!!!
Sandaru Nimsara
Thanks❤
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
කිව්ව වගේම ආපු දවසෙම දීලනේ. ගැම්මක් තමා. උපසිරැසිය ගෙනාපු චාමිට වගේම යුරාන් සහෝටත් බොහොම ස්තූතියි. ජයවේවා!