ඔන්න එහෙනම් මේ පාර අරගෙන ආවෙ අතිසාර්ථක වුණ හොරර් චිත්‍රපටයක් අරගෙන. ඒත් උපසිරැසිය කරන්න සතියකට වඩා කල් ගියා මොකද මගේ එක්සෑම් වැඩකටයුතු නිසා ගොඩක් කාර්ය බහුල වෙලා හිටියේ. කෙසේ හෝ ඒ වැඩ ටික ඉවරවුණ ගමන්ම උපසිරැසිය කරල ගෙනාව. එහෙනම් අපි ඒ කතා නවත්තලා ෆිල්ම් එක පැත්තට හැරෙමු. මේක Paramount Pictures ඔස්ස…

ඔන්න එහෙනම් මේ පාර අරගෙන ආවෙ අතිසාර්ථක වුණ හොරර් චිත්‍රපටයක් අරගෙන. ඒත් උපසිරැසිය කරන්න සතියකට වඩා කල් ගියා මොකද මගේ එක්සෑම් වැඩකටයුතු නිසා ගොඩක් කාර්ය බහුල වෙලා හිටියේ. කෙසේ හෝ ඒ වැඩ ටික ඉවරවුණ ගමන්ම උපසිරැසිය කරල ගෙනාව. එහෙනම් අපි ඒ කතා නවත්තලා ෆිල්ම් එක පැත්තට හැරෙමු. මේක Paramount Pictures ඔස්සේ ලොව පුරා තිරගතවීම ආරම්භ කරනවා 2022 සැප්තැම්බර් 30 වෙනිදා. එසේ නිකුත් වී නොහිතූ ලෙස සති හයක් ගතවන විට මෙහි ආදායම ඩොලර් මිලියන 200 සීමාව පහු කරන්න හැකිවෙනවා. ඒ අනුව මෙම චිත්‍රපටය ඩොලර් මිලියන 17ක වියදමකින් නිෂ්පාදනය කොට ඩොලර් මිලියන 204 අති සාර්ථක මුදලක් ඉපැයීමට හැකිවෙනවා. මේ ෆිල්ම් එකට එවැනි බොක්ස් ඔෆිස් ආදායමක් ඉපැයීමට හැකිවුණේ මෙයාලගේ ප්‍රචාරන කටයුතු නිසා වියයුතුයි. මොකද මේ ෆිල්ම් එකේ ප්‍රධාන නළු නිළියො ඇමරිකාවෙ ප්‍රධාන පෙලේ ක්‍රීඩා තරග නරඹන ප්‍රේක්ශකයො අතරට ගිහින් මේ චිත්‍රපටයේ විදිහට සිනහ වී එයාල අමුතු විදිහකට මේ චිත්‍රපටය ප්‍රචාරන කටයුතු කරල තියෙනවා. එසේ මේ වෙනකොට ෆිල්ම් එකට ලැබුණු ප්‍රේක්ශක ප්‍රතිචාර වශයෙන් IMDb 6.8 හොඳ අගයකුත් කුණු තක්කාලි 79%කුත් අරගෙන තියෙනවා. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරන්නේ Parker Finn විසින්. ඒ වගේම මේක ඔහුගේ පලමු වන චිත්‍රපට අධ්‍යක්ෂණයද වෙනවා. තවද මෙම ස්මයිල් චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ Parker Finnම 2020දි නිපදවපු කෙටි චිත්‍රපටයක් වන Laura Hasn’t Slept ඇසුරිනි. මෙයට රංගනයෙන් දායක වෙනවා Sosie Bacon / Caitlin Stasey / Kyle Gallner / Jessie T. Usher / Rob Morgan / Gillian Zinser යන අය. එහෙනම් අපි මේකෙ කතාව පැත්තට හැරෙමු,
මෙහි ප්‍රධාන කතානායිකාව වන රෝස් කාටර් මනෝ චිකිස්සක වෛද්‍යවරියක්. මෙයා ලොකු පීඩනේකින් ඉන්නෙ මොකද මෙයාගෙ අම්ම පොඩිකාලෙදි මැරෙනවා. යම් ආකාරයකින් රෝස්ට හැකියාවක් තිබුනා අම්මව බේරගන්න ඒත් ඇයට බැරිවෙනවා ඇය පොඩි වයසක හිටපු නිසා. ඒ වරදකාරී හැගීම රෝස්ට නිතරම වදදෙනවා. ඒ නිසා රෝස් ජීවිතේ වැඩි කාලයක් ගතකරන්නේ වෛද්‍යවරියක් හැටියට මිනිස්සුන්ගේ ජීවිත බේරගෙන සහනයක් දීලා. මේ විදිහට ගියපු ඇගේ ජීවිතේ කණපිට ගහන්නේ ලෝරා නම් සිසුවියක් ඇගෙන් ප්‍රතිකාර ගන්න ආපු වෙලාවෙයි. ලෝරා කියන්නේ තමන්ගෙ ගුරුවරයෙක් එයා ඉස්සරහ සියදිවි නසාගෙන ඒකට කම්පනේට පත්වෙලා රෝහලට ඇතුලත් කරපු රෝගියෙක්. මෙසේ රෝස් ලෝරට ප්‍රතිකාර කරමින් ඉද්දි ලෝර කියනව ඇයට දේවල් පේනවා, ඒ දේවල් ඇයට තර්ජනේ කරනව කියලා. ලෝර ගොඩක් කලබලෙන් ඉන්නේ, ඒක කොච්චරද කියනවා නම් ඇය නවතින්නේ තමන්ගේ ජීවිතේ නැතිකරගෙන. හැබැයි ඇය ජීවිතේ නැතිකරගන්නේ හිනාමූනකින් යුතුවයි. ඒ සිද්ධිය දකින්නේ රෝස් විතරයි. එතැන් පටන් රෝස්ගෙ ජීවිතේ වෙනස් වෙනවා. ඇයටත් දේවල් පේන්න ගන්නවා. මොනවද මේ දේවල්? කොහොමද මේක වෙන්නේ? රෝස්ට හැකිවෙයිද මේකෙන් බේරෙන්න? ඒව දැනගන්න නම් මේක බලන්නම වෙනවා.
එහෙනම් එතැන් පටන් චිත්‍රපටය රසවිදින එක ඔයාලට ඉතිරි කරලා මං නවතිනවා. ඒ වගේම මේ චිත්‍රපටයේ සාර්ථකත්වය නිසාම මේකෙ තව කොටසක් නිකුත් වුණොත් හොඳයි කියල හිතනවා. මොකද මට නම් මේක ප්‍රමානවත් මදි. මොකද කිව්වොත් මේකෙන් නොකියුවුණු කරුණු කීපයක් තියෙනවා. බැලුවාම ඔයාලටත් තේරේවි. ඒ වගේම කියන්න ඕනෙ මේ උපසිරැසි අරන් ඇවිත් තියෙන්නෙ කලින් ලීක් වුණ වෙබ් පිටපතකට. කොලිටියේ නම් කිසිම ප්‍රශ්නයක් නෑ. අවුලකට තියෙන්නේ මෙහි කොරියන් සබ් එකක් ඇතුලත් වෙනවා. හදිස්සි අය ඉන්නවා නම් මේ කොපිය අරන් බලන්න. නැත්තම් ඔරිජිනල් වෙබ් පිටපත් ආවහමම බලන්න. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙනකල් මං සමුගන්නවා. ජයවේවා!
Due to copyright issues, We do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB / Blu-Ray පිටපත් ද්විත්වය සඳහා අදාළ වේ.
16,779 downloadsDownload Smile-2022-Blu-Ray.zip5.6 MB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
- #2022
- #Bimsara Yashan (ඔලිව)
- #Box Office Hits
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #Subtitla
- #Subtitles
- #You Decide
- #උපසිරසි
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්
- #සබ්ටයිටල්ස්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
- #සිංහල සබ්ස්
26 comments
සංජන චමෝද්
isitha prasad
thanks bro sub ekata
isitha prasad
Macherla Niyojakavargam 2022 Telugu film ekatath sub dendako
Sanjeewa2010
Pattaaaaaaaaaaaaaaaaaaaaaaa
Ruwan Kariyawasam (රුවන් කාරියවසම්)
මේකට හරියන්නේ 'සිනහව අතරින්!' නෙවේ 'සිනා බෝ වේවා!' කියලා :D
Kasun Shamika
LOL
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Ravindra
Thanks sub ekata
Anonymous
The greatest beer run ever, Amsterdam 2022 subtitles plz upload
indika 75
thanks..
Kushan
Sub akta thanks
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Anonymous
සහෝ ඔයාලා දෙන ඉංග්‍රීසි ෆිල්ම් වල සබ් එක yts එකේ කොපිවලට සෙට්වෙනවද?
ඔයාලා ගොඩක් දෙන්නේ galaxy web කොපියනේ මන් අහන්නේ yts එකේ තියන yify web කොපියටත් සබ් සෙට්ද කියලා?
කියපන් මචෝ !Bimsara Yashan(ඔලිව)
ගැලපෙන්න ඕනෙ. සබ් එක කරල තියෙන්නෙ PSA කොපියට. හැම වෙබ් කොපියකටම ගැලපෙනවා.
Aravinda Fernando
Thanks.
ඒත් මචං මේ idx Sub වැඩ කරන්නේ නෑනේ.....
Km player ගියත්, VLC ගියත් පෙන්නන්නෙ නෑ...Kantha_DLA
ගොඩක්ම ස්තූතියි..
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!Anonymous
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
Malith samarawickrama
Thanks saho sub ekata
Dewadithya
Thanks for Sub!
drk
MEKE BR SUB UPDATE KARANNA !!!!!
Sahan
Bro apita( hell house llc 2015) sinhala subtitles denawada.eke kisima sinhala subtitle ekak ne. Eka kattiyatama miss wela Eka masterpiece ekak.❤️
Nuwan Rasika
18+ dala thiyenne ai danne,,,,
Anonymous
thank you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤
Ishan Madusha
බොහොම ස්තූතියි.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
හොල්මන් ෆිලුමක් නම් සබ් බිම්සර අයියගෙන් තමා. 🐯
උපසිරැසියට ස්තූතියි
අයියෙ. 🤪