Watch Trailer

Smiley Face Killers (2020) Sinhala Subtitle | මරු කැඳවන සිනහ මුහුණ [සිංහල උපසිරැසි සමඟ]

“1997 සිට, එක්සත් ජනපදයේ තරුණ උසස් අධ්‍යාපන ආයතන සිසුන් 150 කට වඩා, සැකසහිත තත්වයන් යටතේ දියේ ගිලී මියගොස් ඇත. සිදුවීම් වූ ස්ථාන අසල පින්තාරු කර තිබූ සළකුණු අනුව යමින්, මේ අනතුරු සැබවින්ම ශ්‍රේණි මිනීමැරුම් බවට සමහරු මත පළ කර ඇත. සමහරු මෙය නාගරික මිත්‍යාවකට වැඩි දෙයක් නොවන බවට තර්ක කළද, එසේ නොකරන අ…

“1997 සිට, එක්සත් ජනපදයේ තරුණ උසස් අධ්‍යාපන ආයතන සිසුන් 150 කට වඩා, සැකසහිත තත්වයන් යටතේ දියේ ගිලී මියගොස් ඇත. සිදුවීම් වූ ස්ථාන අසල පින්තාරු කර තිබූ සළකුණු අනුව යමින්, මේ අනතුරු සැබවින්ම ශ්‍රේණි මිනීමැරුම් බවට සමහරු මත පළ කර ඇත. සමහරු මෙය නාගරික මිත්‍යාවකට වැඩි දෙයක් නොවන බවට තර්ක කළද, එසේ නොකරන අයද සිටිති.”

Smiley Face Killers කියන්නේ Tim Hunter අධ්‍යක්ෂණය කල, Bret Easton Ellis ලියපු, Ronen Rubinstein, Mia Serafino, Crispin Glover, Garrett Coffey වගේ අය රංගනයෙන් දායක වුණු Horror, Thriller කාණ්ඩ වලට අයිති සිනමා නිර්මාණයක්. මේක මේ අවුරුද්දේ දෙසැම්බර් 8 නිකුත්වෙන්න තමයි නියමිතව තිබුණේ. හැබැයි හදිස්සියේම මීට දවස් දෙකකට කලින් 2020 නොවැම්බර් 27 වෙනිදා නිකුත් වුණා. ඉතින් මේ දවස් දෙකට IMDB එකේ අරං තියන ලකුණු ප්‍රමාණය 3.8 ක්.

Smiley face murder theory කියන්නේ නිව්යෝක් වල විශ්‍රාමික පරීක්ෂක වරුන් වන Kevin Gannon, Anthony Duarte සහ අපරාධ නීතිය පිළිබඳ මහාචාර්ය, අපරාධ කල්ලි පිළිබඳ විශේෂඥ ආචාර්ය Lee Gilbertson කියන අය ගොඩනගපු සිද්ධාන්තයක්. එයාල කියන විදියට, 90 දශකයේ අවසාන භාගයේ සිට 2010 දක්වා වගේ ඇමරිකාවේ බටහිර ප්‍රාන්ත කිහිපයක, ජලයේ තිබිල සොයාගත් තරුණ පිරිමි මළසිරුරු, මරණ පරීක්ෂණ වලදී තීන්දු වුණු විදියට දියේ ගිලීමෙන් සිදුවුණ ඒවා නෙවෙයි, ඒවා දාම මිනීමරුවෙකුගේ හෝ කල්ලියක ගොදුරු බවට පත්වූ අයගෙ කියල.

Gannon ගේ පරීක්ෂණ අනුව මේ මැරුණු අයගෙන් බොහෝ දෙනෙක් අධ්‍යාපන පැත්තෙන් හෝ ක්‍රීඩාව පැත්තෙන් දක්ෂ අනිත් සිසුන් අතර ජනප්‍රිය අය. ඒ වගේම මේ සිද්ධි කීපයකම ඒ සිරුරු වතුරට දැම්ම කියල සලකන තැන් ආසන්නයේ සිනහ මුහුණක් ☺ ඇඳලා තිබීම නිසා මේවා Smiley face murders කියල ජනප්‍රිය වෙනවා. කොහොම වුණත් මේක ඉදිරිපත් කරපු අදහසක් මිසක්, ඇත්ත කියල තහවුරු වෙලා නෑ. සමහරු විශ්වාස කරන, තවත් අය ප්‍රතික්ෂේප කරන දෙයක්.

ඉතින් මේ සිනමා නිර්මාණයත් ඔය කියන කතාව පදනම් කරගෙන ගොඩනගපු එකක්. ඒ කියන්නේ කතාව ගැන දැන් අදහසක් ඇති. මාත් පොඩ්ඩක් කියන්නම්.

ජේක් කියන්නෙ කඩවසම් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙක්. පිහිනීම බයිසිකල් පැදීම වගේ දේවලුත් කරනවා. හැබැයි මානසික අවපීඩනය නිසා හිටි ගමන් පිස්සු නටන්න, තරහ ගන්න පෙළඹෙන ගතියකුත් තියනවා. ඒ නිසා සමහර වෙලාවට මෙයා කියන දේවල් කෙල්ල වත්, යාළුවො වත් පිළිගන්නේ නෑ. ඉතින් මෙයාගෙ පස්සෙන් සුදු වෑන් එකක් එන්න ගන්නවා. ඔළුව වහගත්ත කෙනෙක් ඇවිත් කාමරේ සිනහ මුහුණු සළකුණු කරපු සිතියමක් තියල යනවා. ෆෝන් එකට නිර්නාමික මැසේජ් එනවා. “ජලයට ඔබව අවශ්‍යයි” කියල.

ඉතින් මොකද වෙන්නෙ කියල අරගෙනම බලන්න. එහෙනම් බයිස්කෝප් සෙට් එක ඇතුළු හැමෝටම කොරෝනා උවදුරින් තොර, සුවබර දිවියක් වේවා.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

2,301 downloadsDownload Smiley-Face-Killers-2020.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් මධුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-09-17
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දිල්ෂාන් මධුරංග

Subtitles

2,301 downloadsDownload Subtitles23 KB

10 comments

  1. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request :
    The Christmas Chronicles 2 (2020)

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  3. Anonymous

    මල ජරාවක්...තුක් විතරක්

  4. Suranjan

    Thanks jayawewa.....!

  5. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  6. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි ...

    Request ...

    Manhunter - 1986
    Hannibal - 2001
    Red Dragon - 2002
    Hannibal Rising - 2007

  7. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට...

  8. Chandima

    thank you bor

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Dewadithya

    Thanks for sub!