ආයුබෝවන්.. සුබ දවසක් වේවා හැමෝටම. ඉතින් අදත් බයිස්කෝප් සිංහලෙන් අඩවියට ආවා තවත් පැරණි චිත්‍රපටයකට සිංහල උපසිරසි අරගෙන. මේ චිත්‍රපටය කාලෙකට ඉස්සෙල්ලා රූපවාහිනී නාලිකාවක පෙන්නුවා මතකයි. Jason and the Argonauts (1963) තෙසලි රාජ්‍යයේ ඇරිස්ටෝ රජුව මරා දමමින් පිලායස් තම බලය පතුරවනවා. එහිදී රජුගේ සේවකයෙක්…

ආයුබෝවන්.. සුබ දවසක් වේවා හැමෝටම.
ඉතින් අදත් බයිස්කෝප් සිංහලෙන් අඩවියට ආවා තවත් පැරණි චිත්‍රපටයකට සිංහල උපසිරසි අරගෙන. මේ චිත්‍රපටය කාලෙකට ඉස්සෙල්ලා රූපවාහිනී නාලිකාවක පෙන්නුවා මතකයි.
Jason and the Argonauts (1963)
තෙසලි රාජ්‍යයේ ඇරිස්ටෝ රජුව මරා දමමින් පිලායස් තම බලය පතුරවනවා. එහිදී රජුගේ සේවකයෙක් විසින් ඇරිස්ටෝ රජුගේ සිඟිති පුතා ජේසන් රැගෙන පලා යනවා. අවුරුදු විස්සකට පස්සේ ජේසන් තම පියාගෙන් තමන්ට උරුම රාජ්‍ය බලය ලබාගන්න තෙසලි වලට එනවා. එහිදී නොදැන හමුවන පිලායස්, ජේසන්ට කියන්නේ ලෝකයේ කෙලවර තියන රන් ලොම් සහිත හිස්කබල රැගෙනවිත් තමන්ගේ දේශය නැවතත් සශ්‍රීක කරන ලෙසයි. ඔහුගේ සහයට පිලායස් ගේ පුත් ඇකස්ටස් එවන්නේ යම් හෙයකින් ජේසන් මේ රන්වන් ලොම් සහිත හිස්කබල ලබාගත්තොත් ජේසන්ව මරා රන්වන් ලොම් තමාවෙතට ලබා ගන්නයි. ඔලිම්පස් කන්දේ හේරා දේවතාවියගේද සහය ඇතුව ජේසන් මහා මුහුදු ගමනකට සැරසෙනවා. ඔහුගේ සහයට හර්කියුලිස් සමඟ කණ්ඩායමක්ම එකතු වෙනවා.
ක්‍රි.පූ. 3 වන සියවසේ Apollonius Rhodius විසින් රචිත The Argonautica යනු ග්‍රීක වීර කාව්‍යයකි. එය පදනම් කරගෙන Beverley Cross සහ Jan Read ගේ තිර රචනයෙන්, Charles H. Schneer ගේ නිෂ්පාදනයෙන් සහ Don Chaffey අධ්‍යක්ෂනයෙන් 1963 වසරේ නිපදවූ චිත්‍රපටය තමයි Jason and the Argonauts.
මෙහි ජේසන් ලෙස Todd Armstrong, මෙඩියා ලෙස Nancy Kovack, ඇකස්ටස් ලෙස Gary Raymond රංගනයෙන් එකතු වේ. ඊට අමතරව Laurence Naismith, Niall MacGinnis, Michael Gwynn, Douglas Wilmer, Jack Gwillim, Honor Blackman, John Cairney, Patrick Troughton, Andrew Faulds, John Crawford, Ferdinando Poggi සමඟ හර්කියුලිස් ලෙස Nigel Green ද රංගනයෙන් එකතු වේ.
Columbia Pictures බෙදාහැරීමක් වන මෙම චිත්‍රපටය 1963 ජූනි 19 වන දා මුලින්ම තිරගත වී ඇත. විනාඩි 104 ක ධාවන කාලයකින් යුත් මෙම චිත්‍රපටයේ නිෂ්පාදන පිරිවැය ඇ. ඩොලර් මිලියන 3කි.
Jason and the Argonauts චිත්‍රපටය සඳහා IMDb දර්ශකයේ 7.3ක් සහ Rotten Tomatoes 89%ක අගයක් ලැබී ඇත. Google පරිශීලිකයින්ගෙන් 86%ක කැමැත්ත මෙම චිත්‍රපටයට ලැබී ඇත.
එහෙනම් අදට මං ගිහින් එන්නම්. ආපහු දවසක මේ වගේම තවත් චිත්‍රපටයකට සිංහල සබ් අරන් එනකන් ඔයාල හැමෝටම නිරෝගිමත් සුබ දවසක් වේවා…
~ ජය වේවා ~
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
2,011 downloadsDownload Jason-and-the-Argonauts-1963.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොෂාන් ශමීර ජයසිංහ
Subtitles
20 comments
Sohan Jayasooriya
jagath55
Thanks
Shamal manojan
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
පරණ ෆිල්ම් දිගටම දෙන්න.
මේ වගේම තව බලපු ෆිල්ම් එකක් තියනවා. පුලුවන් නම් ඒකටත් සබ් දෙන්න.
Clash of the Titans -1981
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ සබ් එකට
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට :) :) .. මාත් මේක ඒ දවස්වල tv එකෙන් බලල ආයෙ සැරයක් බලන්න ඕනෙ නිසා සබ් එකත් ඉල්ලුවා ඔයා පරණ filmවලට සබ් කරන නිසා..
ජය වේවා.!!UDARA DAMITH
ela
Priyantha Dayakeerthi
රොෂාන් ජයසිංහ සොයුර,
අහලා තිබෙන සිනමාපටයක්. සිංහල උපසිරැසිය ලබා දුන්නට ඔබට ස්තුතියි, ඔබ මීට පෙර සිංහල උපසිරසි ලබාදුන් Spartacus 1960 සිනමාපටයට ටිකක් සමාන එකක් වගේ. ඔබගේ වටිනා කාලය වැය කරමින් මේ කරනා මහඟු සේවයට මාගේ ස්තුතිය පුද කරමි, ඔබට ජය!සංජන චමෝද්
පොඩි කාලේ ITN එකේ බලලා තියෙනවා.
මේ ෆිලුම ආයෙත් බලන්න නම දන්නෙත් නැතුව ඉදියේ..උපසිරැසියට ස්තූතියි අයියේ... ♨️Anonymous
Thank you very much
Suranjan
Thanks jayawewa.....!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Janith Sachintha
poදී කලේ බැලුව මතකයි බොහොම ස්තුතියි
raviz
Thank you very much.......!
Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
lahiru
mara filuma oka itn eke issara beluwa. den apahu balanna ona
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
p {
color:#ff00ff;
}
උපසිරැසියට ස්තූතියි අයියේ.Anonymous
උපසිරැසියට ස්තූතියි අයියෙ.
Chandika
Thank you for subtitles.please keep up.
Thisara Prabhath Senarathne
Thanks bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සබ් එකට ගොඩක් ස්තූතියි අයියේ