Snoopy Come Home (1972) Sinhala Subtitles හොහ් හොහ් හෝ.. මගෙ රත්තරන් යාලුවනේ.. ඔන්න එහෙනම් මම ආයෙත් ආවා මගෙ 7 වැනි සිංහල උපසිරැසි පරිවර්තනයත් අරගෙන. මේ වතාවේ මම අරගෙන ආවේ Peanuts Comic strip එක පාදක කරගෙන හදපු දෙවනි ඇනිමේෂන් චිත්‍රපටයයි. “හෑ Peanuts කිව්වා. ඒ මොකද්ද ඒ” ඔයාටත් ඒ ප්‍රශ්නය ආවානම් මම ද…
Snoopy Come Home (1972) Sinhala Subtitles
හොහ් හොහ් හෝ.. මගෙ රත්තරන් යාලුවනේ.. ඔන්න එහෙනම් මම ආයෙත් ආවා මගෙ 7 වැනි සිංහල උපසිරැසි පරිවර්තනයත් අරගෙන.
මේ වතාවේ මම අරගෙන ආවේ Peanuts Comic strip එක පාදක කරගෙන හදපු දෙවනි ඇනිමේෂන් චිත්‍රපටයයි.
“හෑ Peanuts කිව්වා. ඒ මොකද්ද ඒ”
ඔයාටත් ඒ ප්‍රශ්නය ආවානම් මම දෙන්නම් ඒකට උත්තරෙත්. ඔයාලා මේ චාලි බ්‍රවුන් කියන කාටුන් චරිතය මීට කලින් අහලා දැකලා තියනවද? නැත්තම් ස්නූපි කියන කාටුන් බලු පැටියාගේ චරිතය හමුවෙලා තියනවද? ඔයාගේ පිලිතුර “නැත” යන්න නම් මම ඒ ගැන සම්පූර්ණ සවිස්තරාත්මක ලිපියක් ලියලා තියෙනවා මෙන්න මේ A boy named charlie brown 1969 චිත්‍රපටයට අදාලව. ඉතින් ඒ චිත්‍රපටයට අදාල මගෙ ලිපිය කියවලා බලන්න මේ ගැන වැඩි විස්තර දැනගන්න ආසනම්.
Peanuts comic strip එකට අදාලව දැනට ඇනිමේෂන් චිත්‍රපට 5 ක් ඇවිත් තියනවා.
1. A boy named charlie brown 1969 ( මම මේකට සබ් කරලා තියෙන්නෙ)
2. Snoopy come home 1972 (මේකට තමයි අද සබ් දුන්නෙ)
3. Race for Your Life, Charlie Brown 1977 (කරන්න බලමු ඉස්සරහට)
4. Bon Voyage, Charlie Brown and don’t come back!! 1980 ( වෙලාවක් තිබ්බොත් ඒකත් කරන්න බලමු)
5. The Peanuts Movie 2015 (බයිස්කෝප් එකේ සහෝදරියක් මේකට සබ් දීලයි තියෙන්නෙ)
ඉතින් මම ඔය පලවෙනි එකට සබ් දුන්නා.. මේක තමයි ඒකෙ දෙවනියට ආව චිත්‍රපටය. ඒත් චිත්‍රපට එකිනෙකට කිසිම සම්බන්ධයක් නෑ. කැමති කට්ටිය අරගෙන බලන්න.
මේ චිත්‍රපටය ගැන කියනවා නම් මේක release වෙලා තියෙන්නේ 1972 අගෝස්තු 9 වෙනිදා. ඔව් මේක ඇවිල්ලා පරණ ඇනිමේෂන් චිත්‍රපටයක්. Animation, Comedy, Musical, family, Drama යන ශානර වලට අයත් මෙය IMDB මීටරේ 7.4 ට කරකවලා තියනවා. කුණු තක්කලි දර්ශකේ 93% ක් හා 84% ක audience score එකකුත් මේ චිත්‍රපටයට ලැබිලා තියෙනවා.
1973 Cinema Writers Circle Awards, Spain චිත්‍රපට උලෙලේ හොදම ළමා චිත්‍රපටය ට (Best Children’s Film) හිමි සම්මානය දිනලත් තියනවා.
කලින් චිත්‍රපටය බලපු අය දන්නවා ඇති මේ චරිත සෙට් එක කවුද කිංද මන්ද කියලා… ඉතින් මේකෙ වෙන්නෙ ස්නූපි බලුපැටියා අපේ චාලි බ්‍රවුන්ව දාලා කොහේදෝ තොලොංචි වෙලා මිසින් වෙන සීන් එකක්. හැබෑටම මේකා කොහෙද ගියේ.. ආයෙ එන එකක් නැද්ද.. ඇයි ගියේ.. මොකටද ගියේ.. චිත්‍රපටය නරඹන්න කියලා ආරාධනා කරනවා. කලින් චිත්‍රපටය බලපු නැති අයට ඒකත් බලන්න කියලා ආරාධනා කරනවා. හැබැයි මේකෙයි ඒකෙයි කිසි සම්බන්ධයක් නෑ කතාවල.
අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මේකෙ මහලොකු සීන් බලාපොරොත්තු වෙන්න එපා.. මේක හැමෝටම සෙට් වෙන එකක් නෑ… ගොඩක් අය මේක බලන එකකුත් නෑ. මොකද මේක “පරණයි පරණයි යැයි යැයි යැයි” ඇත්ත.. හැමෝටම සෙට් වෙන එකක් නෑ ආයෙත් කියනවා. මොකද මේකේ ඔය මහා ලොකු විලම්භීත ඇනිමේෂන් නෑ. සරල සුගම හරිම නිස්කලංක සුන්දර සහ ආදර්ශයක් සහිත හරිම ආතල් ෂෝක් ලමයින්ගේ චිත්‍රපටයක් මේක. ලිපිය අන්තිම වෙනකල් කියෝපු ඔයා නම් අනිවා මේක අරන් බලයි කියලා මං හිතනවා..
මම ආයෙත් කියනවා මම සවිස්තරාත්මක ලිපියක් කලින් ලියලා තියෙනවා මේ Peanuts comic strip එක ගැන. (A boy named charlie brown 1969 ට අදාල ලිපිය) ඒකත් කියවලා බලන්න කැමති අය.
වෙලාවක් ලැබෙන හැටියට තමයි මම සබ් එකක් කරන්නෙ ඉතින් ෂේපට…
ඉතින් හැමදාමත් වගේ මගෙ ලිපිය අන්තිම වෙනකල් කියෙව්වට ඔයාට බොහොම ස්තූතියි. හැමදාමත් මම අන්තිමට කියනවා වගේ…
කැමැත්ත ඇත්තෝ නරඹත්වා.. ඒස්වා ක්‍රෑහ්.. තුහ්.
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරස WEB පිටපත් සඳහා ආදාළ වේ.
815 downloadsDownload Snoopy-Come-Home-1972.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුදර්ශන (king suu)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2023-11-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Snoopy Come Home (1972) Sinhala Subtitles
Subtitles by
සුදර්ශන (King Suu)
Subtitles
- #Must Watch
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Snoopy Come Home
- #Snoopy Come Home (1972) Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
- #සුදර්ශන (King Suu)
4 comments
Anonymous
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Ishan Madusha
බොහෝම ස්තූතියි...
සුදර්ශන (King Suu)
බොහොම ස්තුතියි කමෙන්ට් එකක් දාලා සප් එකක් දෙන සුපුරුදු යාලුවෝ හැමදෙනාටම…
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![Snoopy Come Home (1972) Sinhala Subtitles | අඩේ කෝ ස්නූපි [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/05/Snoopy-Come-Home-2.jpg)
බොහොම ස්තූතියි සහෝ සිංහල සබ් එකට. ජය වේවා...