Pookkaalam (2023) Sinhala Subtitles ආයුබෝවන්. 2023 නිකුත් කරපු වැඩිය කතා බහට ලක් නොවුනු ලස්සනම ලස්සන කතාවක් සහිත මලයාලම් කොමඩියක් සඳහා බයිස්කෝප් වෙනුවෙන් විශේෂයෙන්ම මම මේ උපසිරැසිය කලා. මේක IMDB 7.4ක් ගත්තු මේ සිනමා පටයේ තිබෙන්නෙ අපූරු කතාවක්. ආනන්දම් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු ගනේෂ් රාජ්ගෙ දෙවන අධ්…

Pookkaalam (2023) Sinhala Subtitles

ආයුබෝවන්. 2023 නිකුත් කරපු වැඩිය කතා බහට ලක් නොවුනු ලස්සනම ලස්සන කතාවක් සහිත මලයාලම් කොමඩියක් සඳහා බයිස්කෝප් වෙනුවෙන් විශේෂයෙන්ම මම මේ උපසිරැසිය කලා. මේක IMDB 7.4ක් ගත්තු මේ සිනමා පටයේ තිබෙන්නෙ අපූරු කතාවක්.

ආනන්දම් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු ගනේෂ් රාජ්ගෙ දෙවන අධ්‍යක්ෂණය තමයි මේ. මම දන්නෙ නෑ මොහු මේ කතාවට වස්තු බීජ ගත්තෙ කොහෙන්ද කියල. ඒත් මම කියවල තියෙනව 2011 දි ඉතාලියෙ 99 හැවිරිදි පුද්ගලයෙක් සිය 96 හැවිරිදි බිරිඳව දික්කසාද කරනවා අවුරුදු 70කට පෙර ඇයගෙ සම්බන්ධයක් අසු වීමෙන්. දැන් ඒ දෙපළම සමාදානෙ සැතපිලත් ඇති. ඒත් ගනේෂ් රාජ් පූක්කාලම් තුලින් ගේන්නෙත් මේ වස්තු බීජයමයි.

දැන් මම කතාව ස්වාභාවය එළි කලානේ. ඉතින් මේ චිත්‍රපටය ඒ වස්තුබීජය ඉතා ලස්සනට ඉදිරි පත් කරනවා කොමඩියක් ආකාරයෙන්. ඒත් විටෙක ඇසට කඳුලක් නංවන අවස්ථාද නැතුවා නොවේ. මෙහි විශේෂය මා දකින්නෙ ප්‍රධාන නළු නිළි යුවල මත. ඔවුන් දෙපළම චරිතයට අනුව අවුරුදු 90 ඉක්මවපු මහල්ලන්.ප්‍රවීන නළු නිළි යුවලක් වන විජයරාඝවන් සහ කේ පී ඒ සී ලීලා ඔවුන්ගේ වයසට වඩා මහල්ලන් ලෙස කරනු ලබන රංගනයත්, ඔවුන් සඳහා කරන ලද වේශ නිරූපණයත් චිත්‍රපටය වගේම Underrated වීම මට ගැටළුවක්. ඊට අමතරව බැසිල් ජෝශප් සහ විනීත් ශ්‍රීනිවාසන් දෙපළ අපූරු නීතිඥයෙක් සහ විනිසුරෙකු ලෙස ලස්සන කැමියෝ දෙකක් කරනවා. අනූ ඇන්තනි, ජොනී ඇන්තනි, රොශාන් මැතිව්, ජග්දීශ් වැනි නළු නිළියන්ද මෙහි චරිත නිරූපණය කරනවා.

එහෙනම් බලන්න සීයගෙ ආච්චිගෙයි දික්කසාද නඩුව.

එසේ නම් තවත් නව උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය HQ HDRIP පිටපත් සඳහා වලංගු වේ.

1,786 downloadsDownload Pookkaalam-2023.zip61 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Pookkaalam (2023) Sinhala Subtitles
Legend badge

Subtitles by

BANDULA K

Legend

Subtitles

1,786 downloadsDownload Subtitles61 KB

2 comments

  1. Buddhika Lakmal

    ස්තූතියි බන්දුල සහෝ උපසිරැසියට

  2. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!