Society of the Snow A.K.A. La sociedad de la nieve (2023) Sinhala Subtitles මේ කතාව ගොඩක් වෙලාවට කෙනෙකුට විශ්වාස කරන්න අමාරු විදිහේ කතාවක්. 1972 වසරේ ඕල්ඩ් ක්‍රිස්ටියන් කියන රග්බි කණ්ඩායම රැගත් උරුගුවේ ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් චිලී බලා යන අතරෙදි ඇන්ඩීස් කඳු වැටියේ ගැටෙනවා. ඒ වෙන කොට ඇන්ඩීස්…
Society of the Snow A.K.A. La sociedad de la nieve (2023) Sinhala Subtitles
මේ කතාව ගොඩක් වෙලාවට කෙනෙකුට විශ්වාස කරන්න අමාරු විදිහේ කතාවක්. 1972 වසරේ ඕල්ඩ් ක්‍රිස්ටියන් කියන රග්බි කණ්ඩායම රැගත් උරුගුවේ ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් චිලී බලා යන අතරෙදි ඇන්ඩීස් කඳු වැටියේ ගැටෙනවා. ඒ වෙන කොට ඇන්ඩීස් කඳු පන්තිය සම්පූර්ණයෙන්ම හිමෙන් වැහිලා. ඒ මදිවට ගුවන් යානය කඩා වැටෙද්දි කෑලි දෙකකට කැඩෙනවා. ඉතිං මේ ගුවන් යානයේ ඉන්න අය සම්පූර්ණයෙන්ම වගේ සීතලට නිරාවරණය වෙලා ඉන්නේ. තියෙන තත්වය අනුව දිවි ගලවගන්න එක කරන්න තියා හිතන්නවත් බෑ. මෙයාලට තියෙන්නෙත් දින කිහිපයකට පමණක් ප්‍රමාණවත් සීමිත කෑම ප්‍රමාණයක් විතරයි. හිම තියෙන නිසා වතුරෙන් අඩුවක් නෑ කියලා හිතුවත් හිමෙන් වතුර ගන්න එකත් පවතින දේශගුණය අනුව සෑහෙන්න අමාරු වැඩක්.
ගුවන් යානය කඩාගෙන වැටුනට පස්සේ උරුගුවේ ගුවන් හමුදාව මෙයාලව හොයාගන්න මෙහෙයුම් ගණනාවක් සිදු කරත් ඒවා එකක්වත් සාර්ථක වෙන්නෙ නෑ. මෙයාලා ගිය ගුවන් යානය කඩා වැටුන තැන උඩ ඉඳන් බලන කෙනෙකුට පේන්නෙ නැති තැනක්. ඉතිං ටික දවසක් මෙයාලව හොයන්න හදපු ගුවන් හමුදාවත් නත්තල් කාලය නිසා අන්තිමේදි වැඩේ අතඇරලා දානවා.
ඉතිං යාළුවනේ. මේ පාර ඔයාලට ගෙනාවේ පැබ්ලෝ විර්සි විසින් රචිත “Society of the Snow” පොත ඇසුරෙන් නිර්මාණය කරපු චිත්‍රපටියක්. හැබැයි මේ පොත ලියලා තියෙන්නේ ඒ කාලයේ උන ඇත්තම සිදුවීමක් ඇසුරෙන් කියලා තමයි අන්තර්ජාලයේ තියෙන්නේ. IMDb අගය 7.9/10 ක වැනි ඉහළ අගයක් සහ 91%ක කුණු තක්කාලි අගයක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය ඔස්කාර් සම්මාන 02ක් ඇතුළු සම්මාන 78ක් සඳහා නාම යෝජනා ලබලා තියෙනවා. එයින් සම්මාන 16ක් දිනාගන්නත් සමත් වෙලා තියෙනවා.
ඒ වගේම මේ වෙනකොට Netflix වල ඉංග්‍රීසි නොවන චිත්‍රපටි අතරින් වැඩිම දෙනෙක් නරඹපු චිත්‍රපටිය හැටියටත් වාර්තාගත වෙලා තියෙනවා. ඉතිං හිතාගන්න පුළුවන්නේ චිත්‍රපටිය ගැන.. මේ චිත්‍රපටිය ස්පාඥ්ඥ භාෂාවෙන් තියෙන පැය 02යි විනාඩි 24ක් දිවෙන චිත්‍රපටියක්. ඒ වගේම මේ චිත්‍රපටියේ තියෙන සුවිශේෂිත දේ වෙන්නේ මේ චිත්‍රපටිය තිරගත කරලා තියෙන්නේ ඇත්තටම ඇන්ඩීස් කඳුවැටියේ වීමයි. ඉතිං මේ ගුවන් අනතුරට පත් උන කී දෙනෙකුට මේකෙන් දිවි ගලවගන්න ලැබේවිද? නැත්නම් හිම කඳු අතරේ හැම දෙනෙක්ටම මිය යන්න සිදු වේවිද? කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජය වේවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEBRip පිටපත සඳහා පමණක් ලබා දි ඇත.
9,611 downloadsDownload Society-of-the-Snow-A.K.A.-La-sociedad-de-la-nieve-2023.zip40 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2012-06-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Society of the Snow A.K.A. La sociedad de la nieve (2023) Sinhala Subtitles
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
- #2024
- #Editor's Pick
- #La sociedad de la nieve
- #MaxxA
- #Must Watch
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Society of the Snow
- #Society of the Snow A.K.A. La sociedad de la nieve (2023) Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #උපසිරැසි
- #දිනිඳු සම්පත්
- #සබ්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
12 comments
Gee
Achintha Udayanga
ස්තූතියි කිව්වා
indika
thanks
Ruchira
Thanks for the sub!!!!
Buddhika Lakmal
සබට තෑන්ක්ස් මචෝ...
Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
Bimsara Yashan(ඔලිව)
මේ වගේ වටින ෆිල්ම් එකකට උපසිරැසි ගෙනාවට බොහොම ස්තූතියි දිනිඳු අයියේ. ජයවේවා!
Thilina
බොහෝම ස්තූතියී සහෝ....
පුළුවන් නම් Warrior season 3 එකට සබ් කරන්නකෝ..Akila Dilhara
Thanks for Sub...❤❤❤
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..nilanka1212
thanks....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Society of the Snow A.K.A. La sociedad de la nieve (2023) Sinhala Subtitles | හිම ගිරි අරණේ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/02/society-of-the-snow-2023-c.jpg)
Thank you so much!!!