Watch Trailer

Joram (2023) Sinhala Subtitles | පළායන්නා [සිංහල උපසිරැසි]

JORAM (2023) Sinhala Subtitles පිට පිට දෙවැනි වතාවටත් මම නැවතත් අළුත්ම හිංදි ෆිල්ම් එකක උප සිරැසියක් ඔබ හමුවේ තබනවා. මීට පෙර ගෙන ආ සෑම් බහදූර් මෙන්ම මේකත් 69 වන ෆිල්ම් ෆෙයාර් උළෙලේ කතා බහට ලක් වූ චිත්‍රපටයක්.නොමිනේශන් තුනකින් ජයග්‍රහණ දෙකක් එනම් හොඳම චිත්‍රපටයට හිමි විචාරක සම්මානය සහ හොඳම කතාවට හිම…

JORAM (2023) Sinhala Subtitles

පිට පිට දෙවැනි වතාවටත් මම නැවතත් අළුත්ම හිංදි ෆිල්ම් එකක උප සිරැසියක් ඔබ හමුවේ තබනවා. මීට පෙර ගෙන ආ සෑම් බහදූර් මෙන්ම මේකත් 69 වන ෆිල්ම් ෆෙයාර් උළෙලේ කතා බහට ලක් වූ චිත්‍රපටයක්.නොමිනේශන් තුනකින් ජයග්‍රහණ දෙකක් එනම් හොඳම චිත්‍රපටයට හිමි විචාරක සම්මානය සහ හොඳම කතාවට හිමි සම්මානය දිනා ගනිද්දී මෙහි ප්‍රධාන නළුවා මනෝජ් බජ්පායි හොඳම නළුවාට හිමි විචාර ක සම්මානයට නිර්දේශ උනා.IMDB 7 ක අගයක් ගත් මේ චිත්‍රපටය ඉතා සරල එහෙත් ඉතා සංවේදී කතාවක් රැගත් චිත්‍ර පටයක්.ඉන්දියාවේ අති දක්ෂ චරිතාංග නළුවන් අතලොස්සෙන් කෙනෙක් වන වන මනෝජ් බජ්පායි ගෙ බොන්ස්ලේ චිත්‍රපටයට මම මීට කලින් උපසිරැසි රැගෙන ආවා. එහි අධ්‍යක්ශක දේවශිශ් මකිජා සහ බජ්පායි සුසං‍යෝගය මෙම චිත්‍රපටයත් ගෙන එනවා. දෙබස් වලට වඩා රඟපෑමට මෙහිදීත් මුල් තැන ලැබෙන මේ ච්ත්‍රපටය බජ්පායි රසිකයින්ට තවත් ඔහුගේ විශිෂ්ඨ රංගනයක් දැක ගන්න පුළුවන් .

Sam Bahadur (2023) Sinhala Subtitles

ඉන්දියාවේ ජාර්කන්ඩ් ප්‍රාන්තයේ වනය ආශ්‍රිත දුෂ්කර ආදිවාසීන් ජීවත් වන ගමක්. එහි සිදුවන සංවර්ධනය ඔවුන්ට බලපාන්නේ හොඳටද නරකටද? ඔවුන්ගේඉඩම් ගස් වැල් ගංගා ඇලදොළ ගොවිතැන් යකඩ පතල් සහ ෆැක්ටරි බිලි වෙද්දී කඩදාසි වල නොලියවුනු දෑත් වල තිබූ ඔවුන්ගේ උරුමය අහිමි වෙද්දී , ඔවුන් දුනු හීතල වෙනුවට ආයුධ අතට ගන්නවා. ගස්වැල් ගොවිතැන් වියළී යද්දී ගංගා මිය යද්දී, ඔවුන්ගේම නායකයින් ඔන්න ගමට අධිවේග,ආරෝග්‍යශාලා, සිනමා හල්, ශොපින් මෝල් ගෙන ඒමට පිඹුරුපත් සැකසෙනවා ඒ තමයි සංවර්ධනය, එහෙත් තුවක්කුවට අකමැතිව කැරළි කන්ඩායම් වලින් ඉවත් වී සිය බිරිඳ සමග මුම්බාය බලා යන එක්තරා තරුණයෙක්.ඔහුගේ මරණය පතා පසු පස ලුහු බඳින ඔහුගේම බියකරු අතීතය හා සම්බන්ධ ඔවුන්ගේ ගෝත්‍රයේම දේශපාලන නායිකාවක් සහ ඒ තුල සිරවී ඔහු පසු පස පන්නන පොලිස් නිලධාරියෙක්.

JORAM (2023) Sinhala Subtitles

ජීවිතය බේරා ගැනීම සඳහා නැවත සිය ළදරු දියණිය සමග උපන් ගමට පැමීණෙන ඔහුට යහතින් වසන්න හැකි වෙයිද?

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය WEB DL පිටපත් සඳහා වලංගු වේ.

6,091 downloadsDownload Joram-2023.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

JORAM (2023) Sinhala Subtitles

Subtitles by

BANDULA K

Subtitles

6,091 downloadsDownload Subtitles25 KB

9 comments

  1. Buddhika Lakmal

    සබට තැන්ක්ස් කිව්වා ඔන්න

  2. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  3. Kasun Widusha

    බොහෝම ස්තූතියි උපසිරසියට

  4. Thilina

    බොහොම ස්තූතියී සබ් එකට...
    පුළුවන නම්
    Warrior season 3 සබ් දෙන්නකො...

  5. Gayan

    තෑන්කූ

  6. Chamith

    Hindi kerala story film එකේ sub එක දෙන්න .ඒක block buster උන එකක්.

  7. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Anonymous