Watch Trailer

Some Like It Hot (1959) Sinhala Subtitles | IMDb වෙතින් නම් කළ ලොව මෙතෙක් බිහි වූ හොඳම සිනමාපට 250 තුළින් එකක්…! [සිංහල උපසිරසි]

අද මම “එකසිය දහතුන්වන සිංහල උපසිරසිකරණය” සඳහා තෝරා ගත්තේ IMDb 8.2 ක ඉහළ අගය කිරීමක් ලැබී තිබෙන, එසේම IMDb 250 අතර මෙතෙක් බිහිවූ සිනමාපට අතුරින් “ලොව 129 වෙනි” ස්ථානය ලබාගත් නිමැවුම ලෙසට සහ AFI හොඳම ඇමරිකානු සිනමාපට 100 ලැයිස්තුවේ 22 වෙනි ස්ථානයට දැනට නම්කර තිබෙන සිනමාපටයක්. මෙම සිනමාපටයේ පටන් ගැන්ම…

අද මම “එකසිය දහතුන්වන සිංහල උපසිරසිකරණය” සඳහා තෝරා ගත්තේ IMDb 8.2 ක ඉහළ අගය කිරීමක් ලැබී තිබෙන, එසේම IMDb 250 අතර මෙතෙක් බිහිවූ සිනමාපට අතුරින් “ලොව 129 වෙනි” ස්ථානය ලබාගත් නිමැවුම ලෙසට සහ AFI හොඳම ඇමරිකානු සිනමාපට 100 ලැයිස්තුවේ 22 වෙනි ස්ථානයට දැනට නම්කර තිබෙන සිනමාපටයක්. මෙම සිනමාපටයේ පටන් ගැන්ම වන්නේ චිකාගෝහි, “ජෝ” යනු සැක්සෆෝන් වාදකයෙකු වන අතර ඔහුගේ මිතුරා වන “ජෙරී” බ්‍රාස් වාදකයෙක්. ඔවුන් සේවය කරන්නේ මැර කල්ලියකට අයත් හෝටලයකයි. චාලි නම් තැනැත්තා දුන් ඔත්තුවට පොලිසිය මෙය වටලන ලදී. ජෝ සහ ජෙරී පලා යන අතරතුර පසුව ඔත්තුව දුන් චාලි ඇතුළු පිරිසක් වෙඩි තබා මරා දමනවා මොවුන් දෙදෙනා දකියි. මෙය දුටු නිසා ජෝ සහ ජෙරීටද කල්ලිය විසින් වෙඩි තබයි. නමුත් ඔවුන් දෙදෙනා එතැනින් බේරී පලා යයි. මේ නිසා ඔවුන් දෙදෙනා භීතියට පත්වෙයි. පසුව ජෝ සහ ජෙරී ජොසෆින් සහ ඩැෆ්නි නම් කාන්තාවන් ලෙස වෙස්වලාගෙන මියාමි වෙත යන කාන්තා සංගීත කණ්ඩායමක් සමඟ සම්බන්ධ වෙයි. දුම්රියේදී ජෝ සහ ජෙරී, එම සංගීත කණ්ඩායමේ සුන්දර ගායිකාවක් වන “සුගර් කේන්” සමඟ මිත්‍ර වෙති. ජෝ සහ ජෙරී, සුගර් වෙනුවෙන් උමතු වන අතර ඔවුන් වෙස්වළා ගනිමින් ඇයගේ සෙනෙහස සඳහා තරඟ කරති. නමුත් ඇය උපැස් යුවළක් පළඳින, මුහුදු යාත්‍රා හිමි කෝටිපතියෙකු සොයා ගැනීමට බලාපොරොත්තුවන බව ඔවුන් දෙදෙනා දැන ගනී.

ෂෙල් ඔයිල් සමාගමේ කෝටිපති උරුමක්කාරයා ලෙස පෙන්වාගෙන, ජූනියර් යන බොරු නම දෙමින් ජෝ විසින් සුගර් ආකර්ෂණය කරගනියි. සැබෑ කෝටිපතියෙක් වන විවාහක, වයසට ගිය, ඔස්ගුඩ් ෆීල්ඩින්, තරුණියක් ලෙස වෙස් වලාගෙන සිටින “ඩැෆ්නි” පසුපස එයි. ඔහු දිනක් යාත්‍රාවේ ෂැම්පේන් සමඟ රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහා ඇයට ආරාධනා කරයි. නමුත් ජෝ විසින් ප්‍රයෝගකාරී ලෙස ඔස්ගුඩ් සහ ඩැෆ්නිව වෙනත් තැනකට යොමු කරයි. පසුව සුගර්, ඔස්ගුඩ්ගේ යාත්‍රාවට ගෙන යයි. ජෝ එය ඔහුගේ යාත්‍රාවක් ලෙස හඳුන්වා දෙයි. ඔහු සුගර් හට පවසන්නේ තම ආදරවන්තිය මිය ගිය මානසික කම්පනය නිසා තමන්ට තරුණියන් කෙරෙහි ඇති කැමැත්ත හීනවී ඇති බවයි. එය සුව කළ හැකි අයෙකු සමඟ විවාහ වන බවයි. සුගර් ඔහුගේ හැඟීම් අවදි කිරීමට උත්සාහ කරයි. මේ අතර එම හෝටලයේ හිමිකරු වන “ලිට්ල් බොනපාට්” ගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලබන ජාතික අපරාධ සින්ඩිකේටයේ ප්‍රධාන රැස්වීමක් වන “ෆ්‍රෙන්ඩ්ස් ඔෆ් ඉතාලි ඔපෙරා” සඳහා සම්මන්ත්‍රණයක් පවත්වයි. ස්පාට්ස් සහ ඔහුගේ කල්ලියද මෙයට සහභාගී වීම සඳහා පැමිණෙයි. මෙහිදී ඔවුන් සොයමින් සිටි ඝාතනයේ සාක්ෂිකරුවන් ලෙස සිටි ජෝ සහ ජෙරී හඳුනා ගනී. මෙතැන් සිට ගැටළු රාශියක් පැන නඟියි. මෙය ඔබට කුතුහලයකින් නැරඹිය හැකි සිනමා පටයකි. මා විසින් සිංහල උපසිරසි නිර්මාණය කිරීමට බොහෝවිට තෝරාගන්නේ මෙවැනි සිනමාපටයි. ඒ අනුව, The Hole, The Cassandra Crossing, The Housemaid, The Bicycle Thief, M, Legacy Of Rage, The Third Man, Double Indemnity, එවැනි සිනමාපටයි. ඒවාද ඔබට නරඹන්නට ආරාධනා කරනවා.

මෙම වෙබ් එකේ මාගේ උපසිරසි සඳහා නිතර අදහස් දක්වන “ෂාමල් මනොජන් සොයුරාගේ” ඉල්ලීමක් තිබුණා හින්දි නොවන වෙනත් භාෂා සිනමාපට සඳහාද උපසිරසි ලබා දෙන්න කියලා. මෙයත් ඇත්තෙන්ම ලොව විවිධ රටවල ඉතා ජනප්‍රිය වූ සිනමාපටයක්. අන්තර්ජාලයේ yts වෙබ් අඩවියේ blue ray වීඩියෝව මේ සඳහා හොඳින්ම ගැළපෙන බව ද සලකන්න. ඒ වගේම මේවා බාගත කරගන්නා ඔයාලාට සරල යුතුකමක් තිබෙනවා. එනම් මේ උපසිරසියක් වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කිරීම සහ අවශ්‍ය සිනමාපට පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමයි. ස්තූතියි!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

ලබා දී ඇති උපසිරසිය BR පිටපත සඳහා අදාළ වේ

1,657 downloadsDownload Some-Like-It-Hot-1959.zip63 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015-03-31
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

විතානගේ ප්‍රියන්ත

Subtitles

1,657 downloadsDownload Subtitles63 KB

18 comments

  1. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොමත්ම ස්තුතියි මහත්මයා.

    ඉදිරියේදී තවත් මෙවැනිම IMDB 250 ලැයිස්තුවේ සිනමාපට ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි.

    එමෙන්ම ඇල්ෆඩ් හිච්කොක් සිනමාකරුවාගේ Murder 1930 සිනමාපටයටත් හැකිනම් උපසිරැසි ලබාදෙන මෙන් ඉල්ලමි.

  2. Nandana

    thank you!

  3. Anonymous

    මෙය 1948 නොව 1959 තිරගතවූ ෆිල්ම් එකක් බව සලකන්න. වැරදීමකින් 1948 ලෙස සටහන්ව ඇත. - විතානගේ ප්‍රියන්ත දයකීර ති.

  4. shevon perera

    thnx sub ekata saho.walking dead ekath demu ne?

  5. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!

  6. Anonymous

    Old is gold, Thanks!

  7. Wol

    We

  8. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  9. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  10. Sithum

    Baiscopelk eke user experience eka dan awul wegena enawa wage...
    Ads case..

  11. Anuruddha udaya

    Thank you!!!

  12. Udara Damith

    elaa

  13. Mohotti H

    බාගත්තා,
    ඔබේ මහන්සිය ට ස්තුතියි

  14. SHERON

    BLONDE 2022 MOVIE එකට SINHALA SUB එක දෙන්න පුළුවන්ද?

  15. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි දයාකීර්ති සොයුර …..

    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  18. Chandika

    Thanks for subtitle