ආයුබෝවන් ! මේ චිත්‍රපටිය අසංක ප්‍රදීප් රණතුංග සහෝදරයාගේ ඉල්ලීමකට අනුව තමයි සබ් කරන්න පටන් ගත්තේ. ඒ වගේම Shan Vimukthi(විමා) සහෝටත් විශේෂ ස්තුතිය පුදකරන්න ඕනි කරපු දිරිගැන්වීම් වලට. 2016 ජනවාරි 22 , තිරගතකිරීම් ආරම්භ කරපු මේ චිත්‍රපටිය අයත් වෙන්නේ Drama වර්ගීකරණයට, පුරා පැය 1 කුත්, මිනිත්තු 45 ක ධාව…

ආයුබෝවන් ! මේ චිත්‍රපටිය අසංක ප්‍රදීප් රණතුංග සහෝදරයාගේ ඉල්ලීමකට අනුව තමයි සබ් කරන්න පටන් ගත්තේ. ඒ වගේම Shan Vimukthi(විමා) සහෝටත් විශේෂ ස්තුතිය පුදකරන්න ඕනි කරපු දිරිගැන්වීම් වලට.
2016 ජනවාරි 22 , තිරගතකිරීම් ආරම්භ කරපු මේ චිත්‍රපටිය අයත් වෙන්නේ Drama වර්ගීකරණයට, පුරා පැය 1 කුත්, මිනිත්තු 45 ක ධාවන කාලයකින් සමන්විත මේ චිත්‍රපටියට IMDb රේටින්ග්ස් 6.5/10 ක් හිමි වෙලා තියනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Maggie Greenwald විසිනුයි. ප්‍රධාන චරිතය වන Sophie Willis ගේ චරිතයට පනපොවන්නේ ඇමරිකානු නිලි Julianne Nicholson සහ Grover Ohta ගේ චරිතයට පණපොවන්නේ The Last Samurai (2003), Letters from Iwo Jima (2006) යන චිත්‍රපටි වලට රංගනයෙන් දායක වුන ජපන් ජාතික නළු Takashi Yamaguchi විසින්.
කතාව ගැන කියනවා නම්, මේක පටන් ගන්නේ 1941 සරත් සමයේ ඇමරිකාවේ දකුණු කැරොලිනා වල කුඩා ධිවර ගම්මානයක් වුන සල්ටි ක්‍රීක් (Salty Creek) වල සිදුවීමකින්. එක දවසක් ඒ නගරෙට නිව්යෝර්ක් වල ඉදලා එන බස් එකක ආසියානු ජාතිකයෙක් සිහිනතුව ඉන්නවා. එයාගේ අනන්‍යතාවය සම්බන්ද කිසිම ලියකියවිල්ලක් වත් නෑ වගේම එයා හොදටම තුවාල ලබලා ඉන්නේ. ගමේ කට්ටිය හිතන්නේ ඒ චීන ජාතිකයෙක් කියලා. එයාට සනීප වෙනකල් එයාව ගමේ ගෙදරක නවත්තනවා. ඉතින් මේ චීන ජාතිකයට සනීප වුනාට පස්සේ, එයා ගෙදර අයිතිකාර Anne Morrison මහත්මියගේ මල්වත්තේ වැඩකරලා ඒක ලස්සනට හදනවා. ඒ හින්දා එයා ඒ ගෙදර උයන්පල්ලා විදිහට ඉන්නවා. හැබැයි එයා එයාගේ විතර අනිත් අයට කියන්නෙත් නෑ.ඒ වගේම් එයාට Anne Morrison මහත්මියගේ යාලුවෙක් වෙන Sophie Willis මෙනවිය අදුරගන්න ලැබෙන්නේ. ඔය අතරේ ජපානය ඇමරිකාවේ පර්ල් වරායට බෝම්බ දාලා, ඇමරිකාවට විරුද්දව යුධ ප්‍රකාශ කරනවා. ඕකට කුපිත වෙන ඇමරිකන් ජනතාව ඇමරිකාවේ ඉන්න ජපන් ජාතිකයන්ට හිරිහැර කරනවා. ඉතින් ගමේ අයට මෙයා ගැනත් සැක හිතෙනවා. ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ?
ඔබට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
1,830 downloadsDownload Sophie-and-the-Rising-Sun-2016.zip35 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/08/Asitha-Jayasinghe-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසිත ජයසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-08-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අසිත ජයසිංහ
Subtitles
17 comments
AsithaDilruwan
Udara Damith Dissanayaka
කොහොමද ඒක
JackJill
Thanks
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!malith
Ela ela
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
bLack_sNow
Thank you bro
ranga11112
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ
Sajiya99
Thanks bro sub ekata
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
හසිත මධුෂාන්
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…….!
Thilina Chamara
thank you...
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි අසිත සහෝ.
ජයෙන් ජය.රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ricadodamien
lovely movie enjoy it very much, Thank You Asitha brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team........
Nidi
අසිත,
අපූරුයි, හැඩයි, රහයි, ලස්සනයි.
ෆිලුමයි සබ්ස් ටිකයි දෙකම.............
බාගෙන නම් ගොඩක් කල්.
බැලුවේ ළඟදී. හැබැයි දුකයි මෙච්චර හොඳ ෆිලුමකට
කමෙන්ට්ස් වැටිලා නැත්තේ ඇයි කියලා!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Lassana Drama film ekak wage
thanks saho