සුභ දවසක් වේවා සියලු දෙනාටම, අද ඔයාලා වෙනුවෙන් ගෙන එන්න හදන්නේ 2017 සැප්තැම්බර් 22 තිර ගත වීම ආරම්භ කල තවත් සුන්දර බොලිවුඩ් සිනමා සිත්තමක්. නමින් Haseena Parkar වන මෙම චිත්‍රපටය සුවහසක් බොලිවුඩ් රසිකයන් ආදරයෙන් වැලඳගත් බව විශේෂයෙන්ම සිහිපත් කළ යුතුයි.වඩාත් වැදගත් කරුණ නම් මෙය සැබෑ සිදුවීමක් අලළා නි…

සුභ දවසක් වේවා සියලු දෙනාටම, අද ඔයාලා වෙනුවෙන් ගෙන එන්න හදන්නේ 2017 සැප්තැම්බර් 22 තිර ගත වීම ආරම්භ කල තවත් සුන්දර බොලිවුඩ් සිනමා සිත්තමක්. නමින් Haseena Parkar වන මෙම චිත්‍රපටය සුවහසක් බොලිවුඩ් රසිකයන් ආදරයෙන් වැලඳගත් බව විශේෂයෙන්ම සිහිපත් කළ යුතුයි.වඩාත් වැදගත් කරුණ නම් මෙය සැබෑ සිදුවීමක් අලළා නිර්මාණය වූවක් වීමයි. මෙහි කතාවට පදනම්ව ඇත්තේ 1993 දී මුම්බායි මහා පිපිරුමෙන් පසු ඉන්දියාවේ දරුණුතම ත්‍රස්තවාදියෙකු ලෙස සැලකෙන Dawood Ibrahim ගේ සහෝදරියගේ ජීවිත කතාවයි. මොවුන් දෙපළම ඉන්දියාවේ රජ කල මැරයන් ලෙස හැදින්වීමේ වරදක් නෑ.හසීනා පාකර්ව ආමන්ත්‍රනය සදහා ඉන්දියානු ජනතාව Lady Don යන නාමය යොදා ගැනීමෙන්ම එය වඩාත් පැහැදිලි වෙනවා.
මේ සිනමා සිත්තම සදහා Imdb දර්ශකයේ 4.1 අගයක් ලැබී තිබෙනවා.ඒවගේම මෙය අයත් වෙන්නේ Drama, Crime කියන ගණයට. මුල සිට අවසානය දක්වා එක දිගට නැරඹීමට හැකි චිත්‍රපටයක් බවත් මතක් කරන්න ඕනේ .මෙහි ප්‍රධාන චරිතය නොහොත් හසීනා පාකර්ගේ චරිතයට පණ පොවන්නේ සුරූපී ශ්‍රද්ධා කපූර් විසින්.ඒ වගේම හසීනාගේ සොහොයුරා නොහොත් Dawood Ibrahim ගේ චරිතයට පණ පොවන්නේ සිද්ධාන්ත් කපූර් විසිනුයි.චිත්‍රපටයේ කතා පුවත කෙටියෙන් මෙහෙමයි.
මුම්කා යන කුඩා ගමේ ළමයින් දොලොස් දෙනෙකුගෙන් සමන්විත මුස්ලිම් පවුලකට දාව උපත ලබන හසීනා පාකර්ගේ ප්‍රියතම සහෝදරයා තමා Dawood Ibrahim. හසීනාගේ පියා Ibrahim kaskar මුම්බායි පොලිස් ස්ථානයේ ප්‍රධාන කොස්තාපල්වරයා වශයෙන් සේවය කරනවා .තාත්තා කොතරම් ගරු කටයුතු ලෙස පොලිස් රාජකාරියේ නියැලුනත් ඔහුගේ ලොකු පුතුන් දෙදෙනා තාත්තාගේ ආදර්ශයට සපුරා වෙනස් මාර්ගයේ යමින් හොර බඩු ජාවාරම් කරමින් මුදල් හරි හම්බ කරනවා. ඉතින් මෙයාලගේ ගෙදර ප්‍රශ්නයක් නැති වෙලාවක් නැතිම තරම්.කොහොම වුනත් තාත්තා කොච්චර නොසැලකුවත් හසීනා තමාගේ අයියට ගොඩක් ආදරය කරනවා.මේ සිනමා සිතුවම පුරාවටම මෙයාලා දෙන්නගේ සහෝදර ප්‍රේමය ලස්සනට විස්තර කරනවා.කොහොමහරි අන්තිමට හසීනගේ ලොකු අයියලා දෙන්නම පොලීසියට පිං සිද්ධ වෙන්න රටටම ඕන කරන අපරාධකරුවන් වෙනවා. (ඉන්දියාවේ පොලීසියේ දූෂණ වගේම අක්‍රමවත් වැඩ පිලිවල එහෙමත් මෙහි අපූරුවට විග්‍රහ කර තිබෙනවා) . කෙසේ නමුත් අවාසනාවන්ත ලෙස හසීනාගේ දෙවනි අයියා මැරයන් අතින් මිය යනවා.ඉන් කෙටි කලකට පසු මැර ඉතිහාසයේ හිණි පෙත්තටම ළගා වෙන Dawood Ibrahim 1993දී බොම්බායේ මහා පිපුරුමක් සිදු කරනවා.එයින් ඔහු මුලු රටටම අවශ්‍ය කරන ත්‍රස්තවාදියෙකු බවට පත් වෙනවා. කෙසේ නමුත් ඔහුගේ වැරදි වලට මිනිසුන් ඔහුගේ සහෝදරියට දෝශාරෝපණය කරන විට හසීනා ඒවායෙන් නොසැලී මුලු මුම්බායි ප්‍රදේශයම තමන්ට ගරු කරන තැනට පත් කර ගන්නවා.ඉතින් ඒ කොහොමද කියලා නරඹන්නට ඔබ සැමට ආරාධනා කරනවා. මේ චිත්‍රපටය තෝරා දීම වෙනුවෙන් සිසිල ප්‍රසාද් සහෝදරය විශේෂයෙන්ම ස්තූති වන්ත වෙනවා. තවත් ලස්සන සිනමා සිත්තමකින් හමු වන තුරු මම සමු ගන්නවා. ඔබ සැමට සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB-HD පිටපත් සඳහා අදාළ වේ.
7,202 downloadsDownload Haseena-Parkar-2017.zip46 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/02/Benuka-Nimhan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බේනුක නිම්හාන් සේනාධීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-02-28
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
බේනුක නිම්හාන් සේනාධීර
Subtitles
37 comments
R.chandimal
shan840
sub akata tnx
Thamoth Kavinda
ස්තුතියි බ්‍රෝ
rangika Kariyawasam
බෝම ස්තුතීයි සහෝ.පෞද්ගලිකව හිංදි නොබැලුවත් මේක නම් බලනවා...ජයහෝ
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
fish
thank
Thisal
ස්තුතීයි
gihan perera
Thanks bro...good job and god bless you...thawa hindi aluth movie sub danne...thanks so much...
Isurusky
patta film 1k..thnks saho subata..jaya.
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!D.Chamara
bohoma sthuthi sahooo
ඒෂාන් කාංචන
tnx sub ekata jaya weva.
sachintha
Sub ekata thanks sahoo
Joniya
thanks saho
Saranga J. Liyanagama
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
chandu_silva
THANKZ SAHOOO
Kanchaka
Thanks bro.......
gayan215
bohoma sthuthi saho...
jagath55
Thanks
ranga11112
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ
asankabalage
thanks thawa ekak karamu
Gandhaka Indrajith
Thanks for the subtitle
හසිත මධුෂාන්
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…….!
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි බේනුක සහෝ.
ජයෙන් ජය.supun bro
godak thanx bro hindi film ekakata sub eka dunnata.
thawath aluth hindi film ekakata sub eka ikmanatama demu..dilan indika
Thanks....brooo
Damithmadu
තැන්කු හොදේ
Kaveeshanethmal
Nice work... Thnx for the sub..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Prazad
බොහොම ස්තූතියි මචන්..
Pramukmili
thanxx saho...
anidithialahakoon
Thnx...
N_R
Thanks.
Wicki
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි
tharakat
සබට තැන්කු සහෝදරයා....
sampath n perera
thanks
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ela tnx.