යුද්ධයට යන සෙබළෙක් කීවරක් මියයනවා ඇද්ද? එකවරද? ඊට වැඩිද? මරණය කියන්නේ සිරුර මියයාම පමණක්මනම් ඒ එක්වරක් වියහැකියි. නමුත් සෙබළෙක් මියයන්නේ සිරුරින් පමණක්ද? මනසින් කීවරක්නම් මියයනවා ඇද්ද? ඒ කාරණාව කෙසේ-වෙතත් “සේවය වෙනුවෙන් සිය දිවියම කැපකරන සෙබළෙකුට තමනට හිමි මරණයවත් රජයේ මැදිහත්වීමකින් තොරව භුක්තිවිඳ…

යුද්ධයට යන සෙබළෙක් කීවරක් මියයනවා ඇද්ද? එකවරද? ඊට වැඩිද? මරණය කියන්නේ සිරුර මියයාම පමණක්මනම් ඒ එක්වරක් වියහැකියි. නමුත් සෙබළෙක් මියයන්නේ සිරුරින් පමණක්ද? මනසින් කීවරක්නම් මියයනවා ඇද්ද?
ඒ කාරණාව කෙසේ-වෙතත් “සේවය වෙනුවෙන් සිය දිවියම කැපකරන සෙබළෙකුට තමනට හිමි මරණයවත් රජයේ මැදිහත්වීමකින් තොරව භුක්තිවිඳින්න ලැබෙනවාද?” කියන එක ගැටළු සහගතයි. සෙබළෙකුගේ මරණය පවා දේශප්‍රේමයේ නාමයෙන් මව්බිමේ සුභසිද්ධිය උදෙසා යොදාගත හැකිනම් ඒ වෙනුවෙන් ඔවුනගේ මරණය ඔවුනට අහිමි කිරීමට වුවත් රජයක් පසුබට වන්නේ නැහැ. එවන් සෙබළෙකු පත්වන තත්ත්වය කෙබඳුද? මරණයටවත් උරුමයක් නැතිව මව්බිම වෙනුවෙන් කැපවන්නට වීම; තමන්ගේ පැවැත්ම කෙබන්දක්දැයි යන්න පවා වටහාගත නොහැකිව පත්වන අසරණභාවය දරාගන්නට සෙබළෙකුටවත් හැකියාවක් තිබිය හැකිද?
පරිගණක තාක්ෂණයේ මහිමයෙන් බිහි වූ අතථ්‍ය ලොවක් තුළ; වෛද්‍ය තාක්ෂණයේ මහිමයෙන් ලබා ගත් අන්‍යයෙකුගේ මතකයකට පිවිසෙමින් මිනිත්තු 8ක කාලයකදී යළි යළිත් පිපිරෙන්නට වීම මොළයේ කොටසක් පමණක් ක්‍රියාකාරීව පවතින මිනිසෙකු කෙසේ දරාගන්නද? ජාතියේ නාමයෙන් මානුෂිකත්වය වෙනුවෙන් තම දිවියම පුදදෙන සෙබළෙකුට මානුෂික ලෙස නොසැලකීම; ඔහුට ජීවිතය අහිමිව තිබියදී මරණයත් අහිමි කිරීම කෙතරම්නම් යුක්තියුක්තද?
ඒ සම්බන්ධ මගේ මතයනම් මිනිසෙකුට හිමි අවසාන උරුමය වන මරණයවත් රජයේ මැදිහත්වීමකින් තොරව නිදහසේ භුක්ති විඳීමේ අයිතිය ඔවුනට තිබිය යුතු බවයි. ඔබේ මතය? ඔබේ මතය කුමක් වුවත් ඒ පිළිබඳ තීරණය කිරීමට පෙර මේ සිනමාව නරඹා සිටින්නැයි මා ඔබට ආයාචනය කරනවා. මෙයට සිංහල උපසිරැසි යෙදීමට මා පෙළඹූ එක් හේතුවක් වූයේද එයයි.
මෙම වසරේ අප්‍රේල් මාසයේදී නිකුත් වූ මෙම සිනමා පටය ඔබව පුදුමයටත් චකිතයටත් පත්කරනු ඇති. මෙයට මේ වනවිටත් 7.7ක අගයක් IMDbහි හිමිව තිබෙනවා. ඉතිං මෙය තාක්ෂණයේ බලමහිමයත් සහ ඒ උදෙසා මානව අයිතිවාසිකම් නොසලකා හැරීමත් ගැන කියැවෙන නිර්මාණයක් වන නිසා මනා අවබෝධයකින් මෙය රසවිඳ පමණක් ඔබේ මතයට එළඹෙන ලෙසටත් ඉල්ලා සිටිනවා.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010-11-22
Subtitles by
උදා
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
183 comments
MARK
නිෂූ
ජයවේවා ! මේක පට්ට ෆිල්ම් එකක්. මම බැලුවා ! ඒත් ආයෙත් සිංහල එක්ක බලනවා ජයවේවා ! නියමයි !
Hashan Sankalpa
පට්ට ෆිල්ම් එක .සිංහල සබ් දුන්නට තෑන්ක්
shabri
සිරා ෆිල්ම් එක නම්
MARK
MAHA AAdambara torrent ekak....dwnlord wenne himin...mokada manda..
kte
thanks.........good luck...
හසිතා
සිංහල සබ් දුන්නට තැන්ක්ස්
dark angel
ele ele maxaaaaaa.
amith
sub dunnata godak pin..........
darshi
Thanks
Tharindu Chat
thanks alot machan.. xD
nirush
Thanks machan..... meka pattama parak....
chamila
:)
Niranjan
balaga hitiya godak kal mekata.
sinhala sub ekka dnnata godak sthuthi
maxxa....................විකියා
බොහොම ඉස්තූතියි සහෝදරයා...මේක දෙනකම් බලාගෙන හිටියෙ... :)
මේකෙ වීඩියෝ කොලිටි එක කොහොමද දන්නේ නෑ...තව තවත් උපසිරස යෙදීමට ශක්තිය ලබේවා....
chandima
නියම ෆිල්ම් එකක් වගේ....
kenny
කාලෙකින් මොලේ කොලොප්පන් වෙන ෆිල්ම් එකක් දුන්නට තෑන්ක්ස්.ජය වේවා.
THUSITHA
සිංහල සබ් දුන්නට තැන්ක්ස්....
700MB copy එකක් නැද්ද??praveen
පට්ට ෆිල්ම් එක.තෑන්ක්ස්.ජය වේවා.
Sha
Ela ela. onna damma down wenna. nobala kohomada me wage awa ;) Thankzzzzzzzz sinhala sub 1ta :D
Jaya wewaaaaaaaaaaaaaaaaa :)
mark
meke VIDEO quliti eka hodai...ound ehemat hodai...
samee
thank you so much machan... wadi wadiyen labenna one... :)
Edgar
Thanks bro.
වා.මු. නිලන්ත පියසිරි
බොහොමත් ම පිං මල්ලී, මමත් මේකට සිංහල උප සිරැසි දාන්න ආසාවෙන් හිටියේ. කෙසේ වෙතත් ඔයා දාපු එක හොඳයි. නැතිනම් තාමත් මට ඒක දෙන්න වෙන්නේ නැහැ. අනිත් එක "උදා"ගේ වදන් වැල හරිම පොහොසත් බව සිංහල උප සිරැසි බලන අය හැමෝම දන්න කාරණයක් නොවැ. තව තවත් සිංහල උප සිරැසි දැමීමට දිරිය විරිය ලැබේවා.
cc
ado macho thnkz bang. meka balanna asawen hitiye. dan sub tiyanawa nisa adama balanawa. thnkuu
boralu
mama balapu supirima film walin ekak.. mara lassana kathawak.. sub dunnata thanks.. thawath film walata sub danna..
mamath exam eken passe sub danna set wennam ko.
Pavith Vihanga
ගොඩ කාලෙක ඉදන් බලාගෙන හිටපු film එකක්
බයිස්කොප් වලට එනකන් හිටියෙ
Thank You වෙන්න ඔනෙ......
ජය ශී......sameera
film aka kohama unath adas teka 200% watenawa s.sub akta thanks...
deeps
බාන්න දානවා :) ස්තුතියි මේ ගැන කිව්වට
Praසන්ன
එල.
උදාර
තෑන්ක්ස් මචං.සිංහල සබ් එක්ක මෙගාබයිට් 331 ක කොපියක් දුන්න එක හුඟක් වටිනවා.
mudiya
එල එල උදා සහෝ.මං මේකෙ 1ජීබී කොපියක් බෑවෙන්ඩ දාල තිබ්බෙ.මේක දැක්ක ගමන් ඒක අයින් කරල මේක දැම්ම බෑවෙන්ඩ.පිං අයිති වෙන්ඩ ඕනි සිංහල සබ් දාල මේ කරන කුසල කර්ම වලට.බොහෝ.............ම ස්තූති වේවා!!!!
උදය J G
බොහොම ස්තුතියි උදා සහෝ... ජය වේවා බයිස්කොප්.......
rohan
jayawewa. hoda film ekak. sub walata godaak thanks..... :) :) :D
LloYD
:)Tnks bro
Kasun Nimantha
Thanks bro I was waiting for this movie.
Amil
Thanks Bro...
Viraj
බොහොමත්ම ස්තූතියි උදා සහෝ!!!!
thusharagdr
banna damma,thanks sub ekka dunnata.
NM
great thanks for the පට්ට effort ......
ishara
සිංහල සබ් දුන්නට තැන්ක්ස්
Tharanga Darshana Ekanayaka
බොහෝම ස්තුතියි movie එකට. මම මේක download කරේ නැත්තේ මේක list එකේ දාලා තිබුන නිසා..........
chathurabuddi
thankz brother
sajith
හොද කතාවක්.. දැන්ම බානවා... තැන්කු කීවා එහෙනම් සහෝ ඕන් ඈ... දැන් බානවා කීවට ගෙදර ගිහිල්ලා තමා... වැඩ කරන ගමන්නේ මන් ඉන්නේ...
asitha
thanks meka apita dunnata sinhala sub ekka
sameera
thanxxxxxxxxxxxxx
ashan suranga
thanks machan
denakan balagena hitiye........Lahiru
ලොවෙත් නැති maxxxxxxxx කතාව....Christina Warren ට මම කැමතිය් එකී නියමය්
PRASAD>>>
godaak sthoothie.. sinhala sub valatath godaak sthoothie... balanna asaven hitiya film ekak. onna mamath banavoo...
ish
trailer eka nam mama baluwa.patta wagee.thnks mahansi wela me wage patta films apita denawata.......
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
mama itin 1st unot wenne me wage ewwagen tama...thankz UDA..oya meka denakam tama balagena hitiye..god blz u