ආයුබෝවන් හැමෝටම! ඉතින් මේ තමයි මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. පළවෙනි උපසිරැසිය විදියට මන් තෝරගත්තේ 2021 අවුරුද්දේ නිකුත් වෙච්ච Spiritwalker කියන කොරියන් චිත්‍රපටිය. Action, Thriller, Mystery, Supernatural කියන ශානරයන්ට අයත් වෙන මේ චිත්‍රපටියේ තිර රචනය වගේම අධ්‍යක්ෂණයත් කරලා තියෙන්නේ Yoon Jae Keun විස…

ආයුබෝවන් හැමෝටම!
ඉතින් මේ තමයි මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. පළවෙනි උපසිරැසිය විදියට මන් තෝරගත්තේ 2021 අවුරුද්දේ නිකුත් වෙච්ච Spiritwalker කියන කොරියන් චිත්‍රපටිය. Action, Thriller, Mystery, Supernatural කියන ශානරයන්ට අයත් වෙන මේ චිත්‍රපටියේ තිර රචනය වගේම අධ්‍යක්ෂණයත් කරලා තියෙන්නේ Yoon Jae Keun විසින්. 2021 නොවැම්බර් 24වෙනිදා නිකුත් වුනු මේ චිත්‍රපටිය නිකුත් වෙලා සති 2ක් පුරාවට කොරියානු බොක්ස් ඔෆිස් ලැයිස්තුවේ උඩින්ම ඉන්න පුළුවන් වෙලා තියෙනවා, US$ මිලියන 6.63ක ආදායමක් උපයලා 2021 නිකුත් වුනු සියලු කොරියානු චිත්‍රපටි බොක්ස් ඔෆිස් ලැයිස්තුවේ 7වන ස්ථානයේ රැදෙන්නත් Spiritwalker චිත්‍රපටියට පුළුවන් වුනා.
20වන නිව් යෝර්ක් ආසියානු චිත්‍රපට උළලේදී විශිෂ්ටතම ක්‍රියාදාම චිත්‍රපටියට හිමි ඩැනියෙල් ක්‍රාෆ්ට් සම්මානය දිනාගන්නත් මේ චිත්‍රපටියට පුළුවන් වුනා. ඒවගේම මේකේ හොලිවුඩ් රීමේක් එක G.I. Joe සහ Transformers වගේ අතිශය ජනප්‍රිය චිත්‍රපටි නිෂ්පාදනය කළ Lorenzo di Bonaventura විසින් සිදු කරනවා කියලා දැනුම් දීලා තියෙනවා. මිනිත්තු 108ක් පුරාවට දිවයන මේ චිත්‍රපටිය අනිවාරෙන් කම්මැලි නැතුව කුතුහලයෙන් නරඹන්න පුළුවන්.

CAST – රංගන දායකත්වය –
Yoon Kye Sang – කන්ග් යී අන්
Park Yong Woo – අධ්‍යක්ෂක පාර්ක්
Im Ji Yeon – මුන් ජින් ආ
Plot Synopsis – කතා සාරාංශය –
කාර් ඇක්සිඩන්ට් එකකට මුහුණ දීලා නැගිටලා බලද්දි ඒ ඉන්නේ තමන් නෙවේ, ඒකියන්නේ එයා දැන් ඉන්නේ වෙන කෙනෙක්ගේ ඇගක. ඒත් එයා කවුද කියලා එයාටවත් මතක නෑ, හැබැයි එයාට තේරෙනවා ඒ ඉන්නේ එයා නෙවේ කියලා. ඉතින් එයාට ඕනවෙනවා ඇත්තම තමන් කවුද, ඒවගේම මොකක්ද වුනේ කියලා හොයාගන්න. එහෙම යද්දි මෙන්න එකපාරටම ආයෙමත් ඇග වෙනස් වෙනවා. මෙහෙම පැය 12කට වතාවක්ම ඒකියන්නේ දවල් 12ටයි රෑ12ටයි දවසට දෙපාරක් වෙන ඇගකට එයාගේ ආත්මේ හුවමාරු වෙවී යනවා. එහෙම එයා පැය 12න් 12ට වෙනස් වෙන්න හේතුව ඇත්තටම මොකක්ද? එයාට ඇත්තම එයා කවුද කියලයි, එයාගේ ශරීරයයි හොයාගන්න පුළුවන් වේවිද? ඒක දැනගන්නනම් අනිවාරෙන් මේ චිත්‍රපටිය බලන්න කියලා ආරාධනා කරනවා.
කුතුහලය නැති වෙන හින්දා මන් වැඩිදුර දේවල් කියන්න යන්නේ නෑ. සබ් එක කොහොමද කියලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න කියලා ඉල්ලනවා, එහෙනම් හැමෝටම සුභ දවසක්! තවත් උපසිරැසියකින් හමුවෙමු..
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HD සහ BR පිටපත් සඳහා අදාළ වේ.
4,484 downloadsDownload Spiritwalker-2021-2.zip70 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නයන බුද්ධික ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2023-01-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නයන බුද්ධික
Subtitles
59 comments
Shan
Nayana Buddhika
Welcome Bro
Anonymous
Digatama korean denna
Dinushka Udara
thada thada sahoo
Nayana Buddhika
❤️
Anonymous
පට්ටයි මචෝ
බයිස්කෝප් එකෙන් කොරියන් එකක් වැටෙනකන් බලන් හිටියේ
ඉදිරියටත් කොරියන් සබ් දෙමු
ජය වේවාNayana Buddhika
අනිවා සහෝ
Madu
thanks
Nayana Buddhika
Welcome ❤️
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Nayana Buddhika
Welcome ❤️
Buddhika laKMal
පළවෙනි සබට සුබ පැකුම් සහෝ.. ඉස්සරහටත් වෙලාවක් ලැබුනුගමන් තවත් ලස්සන ෆිලුමකට සබ් අරං එන්න පුලුවන්කම ලැබේවා.......
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Nayana Buddhika
Welcome Brother❤️
Kantha_DLA
පළවෙනි වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
ගොඩක්ම ස්තූතියි නයන සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Nayana Buddhika
Welcome❤️
kosala
thanks mcho..digtma sub hadanna..
Nayana Buddhika
Aniwa, Welcome saho❤️
J.kaushalya
Good job ✌ sub ekath hodai film ekath hodai
Nayana Buddhika
Thank You❤️
J.kaushalya
sachintha
පලමුවන උපසිරැසියට හදවතින්ම සුභ පතනවා
ජයNayana Buddhika
Thank You❤️
Anonymous
තෑම්ක්ස් බොම්ක❤
Nayana Buddhika
Welcome Bro❤️
විමා
පලවෙනි වැඩේට සුභපැතුම් සහෝ.
දිගටම කොරියන් ඒවම කරමු.Nayana Buddhika
තෑන්ක්ස් අයියේ❤️
Asanga kb
jayama wewaa
Nayana Buddhika
❤
dylan
Thanks subata
Nayana Buddhika
Welcome❤️
Sheron
Congratz for your 1st attempt
Also thanks for this sub
Keep goingNayana Buddhika
Welcome❤️
ප්‍රදීප්
පට්ට ෆිල්ම් එක.තව මේ වගේ ෆිල්ම් වලට සබ් දෙන්න සහෝ.
Nayana Buddhika
Aniwa saho❤️
යුරාන් ධනුක (දනුවා)
පලවෙනි උපසිරසියට සුබ පැතුම් සහෝ
දිගටම වැඩේ කරමුNayana Buddhika
Thanks Bro❤️
මිනුල
කොරියන් දෙන එක නවත්වලම තිබුනේ බයිස්කෝප්
එහෙම කරන්න එපා දිගටම කොරියන් ෆිල්ම් ,සීරීස් දෙන්න
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට
දිගටම කොරියන් කරමුNayana Buddhika
අනිවා දිගටම දෙනවා, Welcome සහෝ
Anonymous
Alice in borderland season 2 sub plz
හිරන්ත සිල්වා
සුබ පැතුම් සහෝ. චිත්‍රපටියකට උපසිරස කරනව කියන්නෙ වෙනම "ඇබ්බැහිවීමක්". ඒ වගේ දේකට යොමු වෙන එක නියමයි. ඒ වගේම සයිට් එකේ අපේ උපසිරස යනව කියන්නෙ ඒක වෙනමම සතුට්ක්!
Nayana Buddhika
ඒක නම් ඇත්ත සහෝ, Thank You
සංජන චමෝද්
පළවෙනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම්.
දිගටම උපසිරැසි දෙන්න හැකියාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව. 🤗Nayana Buddhika
Thank You❤️
Anonymous
සුබපැතුම් ලොක්කා
Nayana Buddhika
Thank You❤️
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
Nayana Buddhika
Thanks Bro❤️
Bimsara Yashan(ඔලිව)
පලවෙනි උපසිරැසියට සුබපැතුම් සහෝ. දිගටම සබ් දෙමු. ජයවේවා!
Nayana Buddhika
Thank You Bro❤️
එල්. සී. දමැල්
පළමු වැඩේට උණුසුම් සුභ පැතුම් සහෝ.
සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් උපසිරස කණ්ඩායමට!
දිගටම සබ් කරමු. :)
ජය! ✌Nayana Buddhika
Thanks saho❤️
Rajitha
Thanks brother
Hasitha
පලමුවන උපසිරසියට සුබපැතුම් සහෝ ..!!
Ruchira
Thanks for the sub!!
Malith
Thanks bro sub ekata
Anonymous
niyamai
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Krishani
Thank you ️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Supirima Film ekak wage. Thanks bro