Watch Trailer

Puss in Boots: The Last Wish (2022) Sinhala Subtitles | අවසන් ප්‍රාර්ථනය! [සිංහල උපසිරැසි]

කොහොමද හැමෝටම? සුවදායක සති අන්තයක් ප්‍රර්ථනා කරනවා. මේ අරගෙන ආවේ සූට් බූට් පූසාගේ දෙවැනි වික්‍රමය. මතකද පලවෙනි එක ? මතක නැත්නම් අනිවාර්යෙන්ම බලන්න. මොකද ඒක මගහැරගෙන නම් සුපිරිම ෆිල්ම් එකක් මගහැරගෙන තියෙන්නෙ. අනිවා ඒක බලන්න. මේකත් බලන්න 😀 ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන මේ තමයි ශ්‍රෙක් සිනමා විශ්වයේ අලු…

කොහොමද හැමෝටම? සුවදායක සති අන්තයක් ප්‍රර්ථනා කරනවා. මේ අරගෙන ආවේ සූට් බූට් පූසාගේ දෙවැනි වික්‍රමය. මතකද පලවෙනි එක ? මතක නැත්නම් අනිවාර්යෙන්ම බලන්න. මොකද ඒක මගහැරගෙන නම් සුපිරිම ෆිල්ම් එකක් මගහැරගෙන තියෙන්නෙ. අනිවා ඒක බලන්න. මේකත් බලන්න 😀

ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන මේ තමයි ශ්‍රෙක් සිනමා විශ්වයේ අලුත්ම ෆිල්ම් එක. ඒ වගේම පූස් ඉන් බූට්ස් මුල් සිනමපටයේදී මේකේ එන චරිත සහ ස්ථාන යම් ප්‍රමාණයක් ගැන ඊස්ටර් එග්ස් වශයෙන් දක්වල තිබ්බ. ඒ වගේම Spider-Man: Into the Spider-Verse (2018) ඇනිමේෂන් සිනමාපටයේ ස්වරුපයට තමයි මේකේ සජීවීකරණ කටයුතු සැලසුම් කරලා තියෙන්නෙත්. මුල් සිනමාපටයේ සහ දෙවැනි සිනමාපටයේ ඇනිමේෂන් වෙනස ඔයාලට සැහෙන හොඳට දැනේවි.

අධ්‍යක්ෂණයෙන් මුල් සිනමාපටයේ අධ්‍යක්ෂණ කටයුතු කරපු අය නම් නෙමෙයි මේකෙදි සම්බන්ධ වෙන්නේ. මේ සිනමාපටය නිමවෙන්නේ Joel Crawford සහ Januel Mercado සම අධ්‍යක්ෂකවරුන් දෙදෙනා අතින්. ඒ වගේම හඬකැවීම් සඳහා මුල් සිනමාපටයේ හඬ නළු නිලියන් සියල්ලම වගේ සහභාගි වෙලා තියෙනව. ප්‍රධාන වශයෙන් පූස් ඉන් බූට්ස් සඳහා Antonio Banderas සහ කිටි සොෆ්ට්පෝස් සඳහා Salma Hayek Pinault දායක වෙනවා. ඩොලර් මිලියන 90ක වියදමින් නිර්මාණය කරපු මේ සිනමාපටය වෙනුවෙන් ඩොලර් මිලියන 220+ ආදායමක් ලැබිල තියෙනව. ඒ අනුව මේක ඉතාම සාර්ථක සීක්වල් එකක්. ඒ වගේම imdb අඩවියේ 7.8ක අගයකුත්, ටොමැටෝ මීටරයේ විචාරක අගය 96%කුත්, ප්‍රේක්ෂක අගය 93%කුත් ලබාගෙන ඉහලින්ම ඉන්නවා.

කතාව දිවයන්නේ පූසෙකුට තියෙන පණ නවය ගැන. පූස් ඉන් බූට්ස් මේ වෙනකොට එයාගේ පණ නවයෙන් අටක්ම නැති කරගෙන ඉන්නේ. දැන් ඉතුරු වෙලා තියෙන්නෙ අන්තිම පණ..

විශේෂයෙන්ම කියන්න ඕන මේකේ ඉන්න දුෂ්ඨ චරිතය ගැන. ඩ්‍රීම් වර්ක්ස්ලා කියන්නේ සුපිරිම දුෂ්ඨ චරිත නිර්මාණය කරන තැනක්. මේකෙදිත් ඔයාලට ඒක තේරෙයි. එහෙනම් සිනමාපටය රසවිඳින්න. මාත් එක්ක මේකට එකතු වෙච්ච රංග සහෝදරයටත් බොහොම ස්තුතියි. තවත් උපසිරසියකින් නැවත මුණගැහෙමු.

 

Director: Joel Crawford, Januel Mercado.

Writers: Tommy Swerdlow, Tom Wheeler.

IMDB Ratings : 7.8

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

24,526 downloadsDownload Puss.in_.Boots_.The_.Last_.Wish_.2022-1.zip4.0 MB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට සහ “රංග ප්‍රසන්න” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

24,526 downloadsDownload Subtitles4.0 MB

41 comments

  1. Anonymous

    Amsterdam 2022
    The greatest beer run ever 2022, subtitles plz upload

  2. Bimsara Yashan(ඔලිව)

    සබ් එක දානකල් බලන් උන්නෙ. සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි. ජයවේවා!

    1. saman

      idx sub walin kohomada sub ekka balanne???? sub demmmata weda nane

    2. Bimsara Yashan(ඔලිව)

      Pot player eken balanna.

  3. Naveen Mbr

    ගොඩක් ස්තූතියි අයියේ!

  4. Hasiya KG

    උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️

  5. රංගශාන්

    තෑන්ක්ස්..ඉව්

  6. Visal Ashintha

    Villan nm Next Level

  7. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට දෙන්නටම...☺☺♥♥

  8. Dhananjaya Gamage

    Thanx වේවා බ්‍රෝ !

  9. Sandeep Madushan

    Thanx saho sub ekata

  10. saman

    idx sub walin kohomada sub ekka balanne???? sub demmmata weda nane

    1. chinthaka_priyadrshana

      කරුණාකරල මේ sub title බලන විදිහ කියනවද? Down load කලාම The zip may be dangerous , so chrome has blocked කියල එනව.

    2. සංජන චමෝද්

      Chrome browser එක යල් පැනල දැන් තියෙන්නෙ.ආතල් දෙන්නෙ ගොඩක් වෙලාවට. Opera එක නම් හොදයි. ඒක යූස් කලා නම් හරි.

  11. saman

    idx sub walin kohomada sub ekka balanne???? sub demmmata weda nane

    1. විමා

      වෙනද බලන විධියටමයි සහෝ. වෙනසක් නැහැ.

    2. Anonymous

      thanks machoo

  12. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  13. Sham

    සබ් එක දුන්නට බොහොම ස්තූතියි

  14. sahangayantha

    Thanks a lot saho sub ekata

  15. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  16. chinthaka_priyadrshana

    කරුණාකරල මේ sub title බලන විදිහ කියනවද? Down load කලාම The zip may be dangerous , so chrome has blocked කියල එනව.

    1. විමා

      ක්‍රෝම් එකේ නම් ඩව්න්ලෝඩ්ස් යන්න
      කීප් ඩේන්ජරස් ෆයිල් දෙන්න
      කීප් එනිවේ දෙන්න.

      මේක අපේ වෙබ් අසයිට් එක ගුගල් ඇඩ් සෙන්ස් නොදමා වෙනත් පොප් අප් ඇඩ් දැමීම නිසා
      ගුගල් ක්‍රෝම් එකෙන් කරන දෙයක්. තව මාසෙකින් දෙකකින් හරියාවි.

    2. Achintha kavindu

      thanks

  17. Movie පිස්සා

    Sub Ekata Thanks Bro Ane Puluwanna Witharak Isarahata Ena Thiyena
    Avatar 2 Ekai John Wick Chapter 4 Ekai Withark Idx Nathuwa Srt Denako

  18. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි

    අයියෙ. 🤪

  19. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි ශාන් සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  20. Anonymous

    wada na

  21. Udara Damith

    elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  22. Madushanka

    Thanks bro !

  23. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  24. Anonymous

    Blue ray walata update karanne netida?

  25. Anonymous

    gemmak bn aiye

  26. Anonymous

    tanks

  27. Anonymous

    hi

  28. Anonymous

    .sub විදිහට subtitles දෙන එකටනම් කිසිම කැමැත්තක් නෑ. අපිට ඕනි විදිහට සබ් එකේ font size, color, style, alignment කිසිම දෙයක් වෙනස් කරගන්න බෑ. srt විදිහට දෙනවනම් වටිනවා

  29. sao so se

    my favourite movie thanks

  30. Dill

    thank you very much....!

  31. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  32. viraj

    thanks.............

  33. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.